ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක්‍රිකට් තරුවක් වන මුත්තයියා මුරලිදරන්, ලොව අංක එකේ පංදු යවන්නෙකු ලෙස දඟ පන්දුවෙන් දස්කම් දක්වමින් තබන ලද ඇතැම් ලෝක වාර්තා අදටත් බිඳ දැමීමට කිසිවෙකු සමත්ව නෑ.

මුරලි විසින් ක්‍රීඩා කටයුතු වලට සමු දීමත් සමග තමන්ගේ ව්‍යාපාර වෙනුවෙන් වැඩිපුර නැඹුරු වුණු අතර අදටත් ලොව පුරා ක්‍රිකට වලට රුචියක් දක්වන බොහෝ දෙනෙකු මුත්තයියා මුරලිදරන් කෙරේ ඇල්මක් දක්වනවා. මුරලි සම්බන්ධව ඉන්දීය සිනමා අධ්‍යක්ශක වරයෙක් චිත්‍රපටයක් පවා නිශ්පාදනය කරනු ලැබුවා.

මේ ආකාරයෙන් මුරලි කෙරේ ප්‍රේක්ශක ආකර්ශනය පවතින අතරවාරයේ මෑතක සමාජ ජාලා අතර මුරලි විසින් නර්තනයේ යෙදෙන බවක් හඟවමින් හුවමාරු වූ වීඩියෝ පටයක්, දෙස් විදෙස් බොහෝ දෙනා හුවමාරු කරගෙන තිබුනා. මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප විමර්ශනයක් සිදු කළා.

සමාජ මාධ්‍ය සටහන් :

මුත්තයියා මුරලිදරන් බවට හඟවමින්, ඔහු නර්තනයේ යෙදෙන ආකාරයේ වීඩියෝවක් ෆේස්බුක් පරිශීලකයන් හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසින්.

Facebook 1 | Facebook 2

මෙම වීඩියෝව හුවමාරු වී තිබු තවත් අවස්ථා මෙතනින්, මෙතනින්

TikTok ඔස්සේ ද එම සටහන් හුවමාරු වී තිබු අයුරු පහතින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

කිරන් ජෝපාල්ගේ වීඩියෝවක්

මෙම වීඩියෝව අප Invid-WeVerify තාක්ෂණය ඔස්සේ Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහිදී අනාවරණය වුයේ, මෙලෙසින් නර්ථනයේ යෙදෙන්නේ, ඉන්දීය Instagram නර්තන influencer කෙනෙකු වන කිරන් ජෝපාල් විසින් මේ දිනවල ජනප්‍රිය ගීතයක් වන Tauba Tauba නම් හින්දී ගීතයට කරන ලද නර්ථනයක් බවයි.

මුරලිදරන්ගේ හැඩරුවට සමාන මුහුණුවරක් ඇති Kiran Jopale විසින් මෙම වීඩියෝ පටය පළමු වරට ජූලි මස 22 වනදා Instagram වෙත එකතු කර තිබුණේ මෙලෙසින්.

බොහෝ පිරිසක් මෙම වීඩියෝ පටය නරඹා තිබුණු අතර මෙම වීඩියෝව ඔහුගේ YouTube හි පළ කර තිබුණේ මෙලෙසින්.

https://youtu.be/8B4ZAvhncgo?t=1

මුරලිදරන් ගේ යයි හුවමාරු වන නර්තන වීඩියෝව Kiran Jopale නර්තනයේ යෙදෙන වීඩියෝවක් බවට ඉන්දීය මාධ්‍ය වාර්තා දක්වා තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.

මුරලිගේ නර්තන ගැන සමාජ මාධ්‍ය පළකිරීම්

මුරලිදරන් විසින් මේ වන විට පවත්වාගෙන යන ඔහුගේ නිල Facebook හෝ Instagram පි‍ටුවේ මේ ආකාරයේ මෑතක දී සිදුකළ කිසිදු නර්තනයක් දැක ගන්නට ලැබෙන්නේ නැහැ.

කෙසේවෙතත් මීට වසර කිහිපයකට පෙර, IPL තරඟාවලියක් අතරතුර මුරලි Sunrise Hyderabad කණ්ඩායම සමඟ එකතුව සිටිය දී සිදුකළ නතර්තනයක කොටසක් ද පසුගිය දින කිහිපයේ දී නැවත වරක් හුවමාරු වී තිබුණා. මුරලිගේ එම නර්තනය මෙතනින්

Conclusion (අවසාන නිගමනය) :

ඉහත කරුණු සලකා බැලීමේදී අපට තහවුරු කළ හැක්කේ, මුරලි විසින් නර්තනයේ යෙදෙන බව පවසමින් සමාජ මාධ්‍ය තුල හුවමාරු වන වීඩියෝ පටය ඔහු පෙනී සිටින එකක් නොව මුරලිදරන්ට සමාන පෙනුමක් ඇති ඉන්දීය Instagram dancing infulencer කෙනෙකු වන කිරන් ජෝපාල් බවයි.

Avatar

Title:මුරලිදරන් නර්තනයක යෙදෙන අවස්ථාවක් ද?

Fact Check By: Fact Crescendo Team

Result: Misleading