අපගේ WhatsApp නාලිකාවට දායක වන්න

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ළං වෙත්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් දිනෙන් නොමඟ යවන සුළු අන්තර්ගතයන් ප්‍රචාරණය වෙමින් පවතී.මෙම ව්‍යාජ සමාජ ජාලා සටහන් ඔහු කෙරෙහි පවතින ජනමතය වෙනස් කිරීමට හේතුවේ .

සමාජ මාධ්‍ය පළ කිරීම්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාසල් ශාලාවකදී ගුරුවරුන් සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගන්නා අයුරු දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස ප්‍රචලිත වී තිබේ. ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු පාසල තුළ සුබසාධන වැඩසටහනක් පවත්වා මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමක් සිදුකරන බව එම ඡායාරූපය සමඟ පළ කර ඇති පෝස්ට්වල සඳහන් වේ.

https://twitter.com/KaviSenu/status/1817908575127187952

Archived

FB|Archived

ඉහත පෝස්ටුව උපහාසාත්මක ලෙස සදහන් කරන්නේ එය SJB ගුරු සමුළුව බවයි.

මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමක් කිරීමට අප තීරණය කළා.

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )

පසුබිම:

2024 ජූලි 26 වන දින,2024 සැප්තැම්බර් 21 වැනි දින ජනාධිපතිවරණය පැවැත්වෙන බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම නිවේදනය කළේය. මෙම නිවේදනය නිකුත් කළ දිනයේ සිට අපේක්ෂකයින්ට සුබසාධන වැඩසටහන් සංවිධානය කිරීම, භාණ්ඩ බෙදා හැරීම ආදිය මැතිවරණ නීති මගින් තහනම් කර ඇත්තේ එවැනි ක්‍රියාකාරකම් ඡන්දදායකයින්ට බලපෑම් කළ හැකි බැවිනි.

විමර්ශනය:

ප්‍රේමදාස මෙම සුබසාධන වැඩසටහන ජූලි 26 වැනිදායින් පසුව පැවැත්වූ බවත් එමගින් මැතිවරණ නීතිය උල්ලංඝනය කළ බවත් එම සමාජ ජාලා සටහන්වලින් ගම්‍ය වේ. කෙසේ වෙතත්, මෙම සමාජ ජාලා සටහන් නොමඟ යවන සුළු බව අපගේ විමර්ශනයෙන් හෙළි වේ.

ප්‍රශ්නගත උත්සවය ප්‍රේමදාසගේ දිගුකාලීන වැඩසටහනක් වන "සක්වල" වැඩසටහනේ කොටසකි, එය රට පුරා පාසල් සිසුන්ට ඩිජිටල්කරණය කළ පන්ති කාමර, බස්රථ සහ පොත්පත් ලබා දීම කෙරෙහි අවධානය යොමු කරයි. මෙම උත්සවය 2024 ජූලි 24 වැනි දින දොම්පේ මහගමසේකර විද්‍යාලයේ දී මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට පෙර පැවැත්විණි.

මව්රට පුවත්පතේ වෙබ් අඩවියේ විස්තරයක් සමඟ පළ වූ එම සෙල්ෆි ඡායාරූපය මෙතනින් . එම අවස්ථාවේ සජීවි වීඩියෝව මෙතනින්.

එලෙසම සමාජ ජාලාවල වේගයෙන් පැතිර ගිය සෙල්ෆි සේයාරුවේ සිටින ගුරුවරු කණ්ඩායමම වෙනස් කෝණයකින් සිටින අයුරු පහත සේයාරුවේ දැක්වෙනවා.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර ජූලි 24 වැනිදා මහගම්සේකර විද්‍යාලයේදී උත්සවය පැවැත්වූ බව එම අවස්ථාවට සහභාගි වූ ප්‍රාදේශීය දේශපාලනඥයකු වන ජෝර්ජ් පෙරේරා තහවුරු කළේය.

එපමණක් නොව සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඇප මුදල් තැන්පත් කළේ ජූලි 26 වැනිදා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවය.මෙම සිදුවීම ඔහු ජනාධිපතිවරණය සදහා ඇප මුදල් තැන්පත් කිරීමට පෙර සිදුවූවක් බව පැහැදිලියි.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

නිගමනය:(Conclusion)

සමාජ ජාලාවල වේගයෙන් පැතිර ගිය ඡායාරූපය සහ ඒ ආශ්‍රිත සමාජ ජාලා සටහන් යවන සුළුය. ඡායාරූපයේ දැක්වෙන සුබසාධන වැඩසටහන මැතිවරණ ප්‍රකාශය කිරීමටත් මැතිවරණ නීති සක්‍රීය කිරීමටත් පෙර සිදුවූවක්. එබැවින් සජිත් ප්‍රේමදාස එම සේයාරුවට සම්බන්ධ උත්සවයෙන් කිසිදු මැතිවරණ නීතියක් කඩකර නැත.එමෙන්ම ඡායාරුපයෙන් ගුරු සමුළුවක් නිරූපනය නොවේ.එය මහගමසේකර පාසලේ ගුරුවරුන්ගේ ඡායාරූපයකි.

Avatar

Title:සජිත් පාසලක සුබසාධන වැඩසටහනක් පවත්වා මැතිවරණ නීතිය කඩ කළේද?

Fact Check By: Fact Crescendo Team

Result: Misleading