දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ජනාධිපතිවරණය සඳහා දේශපාලන වේදිකා උණුසුම් වනවා සේම සමාජ මාධ්‍ය හරහා ද, නොයෙකුත් උපක්‍රම භාවිතා කරමින් දේශපාලන පක්ෂ අතර තරඟය ත්‍රීව කරමින් නොමග යන සුළු සටහන් පළ කරනු ලබනවා. ඇතැම් අවස්ථා වලදී සත්‍ය හිතාමතා හඟවමින් සමාජය නොමග යවන අන්දමින් නොයෙකුත් මත ද, සමාජ ගත කරනවා. එලෙසින් නොමග යවන සුළු දේශපාලනික සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

වත්කම් බැරකම් ප්‍රකාශ කර තිබෙන්නේ මුළු පාර්ලිමේන්තුවෙන් ම 16 දෙනෙකු බව ත්, ඒ අතර ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකු වත් නොමැති බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ පරිශීලකයින් අතර හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

X ඔස්සේ ද මෙම සටහන් හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

මෙය ඇත්තක් ද යන්න සොයා බැලීමට අප කටයුතු කිරීමට පියවර ගනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

1988 අංක 74 දරන පනතින් සංශෝධිත 1975 අංක 01 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනත මඟින් දක්වා ඇති වත්කම් හා බැරකම් ප්‍රකාශ කළ යුතු නිලධාරීන් සහ පුද්ගල කාණ්ඩවලට අමතරව, 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 80වන වගන්තිය මඟින් තවත් නිලධාරීන් හා පුද්ගල කාණ්ඩ ගණනාවක් විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවය දක්වා තිබෙනවා.

මෙම නව සංශෝධනයට අනුව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් ආණ්ඩුකාරවරුද, පළාත් සභා මන්ත්‍රීවරු සහ පළාත් රාජ්‍ය සේවයේ මාණ්ඩලික නිලධාරීන් ද, ඇතුළත් වනවා.

මේ හේතුවෙන් 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත අනුව වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය (www.ciaboc.gov.lk) මගින් ප්‍රසිද්ධ කර ඇති නිලධාරීන් සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු කළ අතර එහිදී දැක ගන්නට ලැබුණේ, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන අනුර කුමාර දිසානායක, විජිත හේරත්, හරිනි අමරසූරිය විසින් සිය වත්කම් බැරකම් ප්‍රකාශය ඉදිරිපත් කර ඇති බවයි.

එහි දක්වා තිබූ අනුර කුමාර දිසානායක මහතාගේ 2024 වසරේ ඇතුළත් කර ඇති වත්කම් ප්‍රකාශය මෙතනින්.

විජිත හේරත් මහතාගේ 2024 වසරේ ඇතුළත් කර ඇති වත්කම් ප්‍රකාශය මෙතනින්.

හරිනි අමරසූරිය මහත්මියගේ 2024 වසරේ ඇතුළත් කර ඇති වත්කම් ප්‍රකාශය මෙතනින්.

මේ වන විට පනතේ සඳහන් නිලධාරීන් විසින් සිය වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති ප්‍රගතිය මෙතනින්. වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින අවස්ථාවන් ගැන එම වෙබ් අඩවියේ දක්වා තිබුණේ මෙලෙසින්.

කෙසේ වෙතත් ඉහත ඇතැම් මාධ්‍ය සටහන් වල පෙන්වා දී තිබුණේ, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් පළ කර ඇති මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඇතුළත් වෙබ් ලිපිනයක් බව දැක ගන්නට ලැබුණු බැවින් එම ආයතනයේද, මන්ත්‍රීවරුන්ගේ වත්කම් දැක්වීම සිදු කිරීම අනිවාර්යයද යන්න පිළිබඳ අප සොයා බැලුවා.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය

2019 වසරේ සිට වගවීම ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය වෙනුවෙන් සිය වත්කම් හා බැරකම් මහජන දැනගැනීම පිණිස ප්‍රසිද්ධියට පත් කරන ලෙස ත්, ඒ තුලින් විවෘත ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සිය කැපවීම පෙන්වා දෙන ලෙසත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා තිබුණා. මේ ඒ ආයතනයේ පළ වූ වාර්තාවක් මෙතනින්. වෙනත් පුවත් වාර්තාවක් මෙතනින්. මේ වන විට එම ආයතනයට සිය වත්කම් ප්‍රකාශන ලබා දී ඇති මන්ත්‍රීවරුන් ලැයිස්තුව මෙතනින්.

කෙසේ වෙතත් මෙහි ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව ඇතුළත් නොවන බවට දැක ගන්නට ලැබුණා.

මේ පිළිබඳ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පැවසුවේ, මෙහි දක්වා තිබෙන මන්ත්‍රීවරුන්ගේ වත්කම් ප්‍රකාශ ඔවුන්ගේ කැමැත්තෙන් ම පළ කිරීමට අවසර ලබා දී ඇති වත්කම් පමණක් බව ත්, මෙය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මෙන් පනතකින් අනිවාර්ය කරන ලද්දක් නොවන බව ත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය විසින් 2019 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කළ ඉල්ලීමක් අනුව සිදු කරන ලද වත්කම් ප්‍රසිද්ධ කිරීමක් බවයි.

මැතිවරණ අපේක්ෂකයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ 

දූෂණ විරෝධී පනතේ 89 වන වගන්තිය පරිදි සියලු ම මැතිවරණ අපේක්ෂකයන් තම නාමයෝජනාපත්‍ර භාර දෙන අවස්ථාවේ දී තමන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශයන් ද මැතිවරණ කොමසාරිස්වරයා වෙත භාරදිය යුතු වේ. මෙහි දි පනතේ 82 (2) ව්‍යතිරේඛය ප්‍රකාරව, ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශ කරනු ලබන දිනය දක්වා, අදාළ වර්ෂය සඳහා වූ වත්කම් හා බැරකම් ප්‍රකාශ සිදු කළ යුතු වේ.

ඒ අනුව, එළඹෙන ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර දීමට නියමිත 2024 අගෝස්තු මස 15 වන දින අපේක්ෂකයින් විසින් නාමයෝජනා පත්‍ර සමඟ තමන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ද මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දීමෙන් අනතුරුව, අදාළ ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත භාර ගැනීමට කටයුතු කරනු ලැබේ.

අදාළ වත්කම් හා බැරකම් ප්‍රකාශවල සංස්කරණය කරන ලද පිටපත් (දූෂණ විරෝධී පනතේ 88 (1) උපවගන්තියට අනුව, අදාළ ප්‍රකාශවල හෙළි නොකළ යුතු බවට දක්වා ඇති තොරතුරු හැර අනෙකුත් තොරතුරු සහිතව) කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය මගින් ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරනු ලබන බව කොමිෂන් සභාව දන්වා සිටිනවා. මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පළ කර තිබූ වාර්තාව මෙතනින්.

වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනත මඟින් අල්ලස් කොමිසමට වත්කම් හා බැරකම් ප්‍රකාශ කළ යුතු නිලධාරීන් සහ පුද්ගල කාණ්ඩ

මෙම නව සංශෝධනයට අනුව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් ආණ්ඩුකාරවරු, පළාත් සභා මන්ත්‍රීවරු සහ පළාත් රාජ්‍ය සේවයේ මාණ්ඩලික නිලධාරීන්, පළාත් පාලන ආයතනවල තෝරා පත් කර ගනු ලැබූ සභිකයන් සහ මාණ්ඩලික නිලධරයන්, ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන විනිසුරුවරුන් සහ රජයේ නිලධරයන්, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන රජයේ නිලධරයන්, අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පත් කරනු ලබන අධිකරණ නිලධරයන් සහ ලේඛනගත රජයේ නිලධරයන්, අමාත්‍යාංශවල සහ රජයේ දෙපාර්තමේන්තුවල මාණ්ඩලික නිලධරයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41අ(1)(ඉ)ව්‍යවස්ථාව ප්‍රකාරව පත් කරනු ලබන ලද ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ ව්‍යවස්ථාවේ උප ලේඛනයේ නිශ්චිතව දක්වා ඇති කොමිෂන් සභාවල අවස්ථාවෝචිත පරිදි, කොමිෂන් සභාවේ සභාපතිවරුන් හෝ සාමාජිකයන් ලෙස පත් කරනු ලබන තැනැත්තන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ රාජ්‍ය බැංකුවල මාණ්ඩලික නිලධරයන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41අ(1)(ඇ)ව්‍යවස්ථාව යටතේ හෝ යම් ප්‍රඥප්තියක් යටතේ පිහිටුවන ලද ස්වාධීන කොමිෂන් සභාවල මාණ්ඩලික නිලධරයන්, යම් ප්‍රඥප්තියක් මගින් හෝ ඒ යටතේ පිහිටුවන ලද ස්වාධීන නියාමන සහ අධීක්ෂන කොමිෂන් සභාවල හෝ පුද්ගල මණ්ඩලවල සභාපතිවරු, කොමසාරිස්වරු, සාමාජිකයන් සහ මාණ්ඩලික නිලධරයන්, යම් ප්‍රඥප්තියක් මගින් හෝ ඒ යටතේ පිහිටුවන ලද යම් රාජ්‍ය සංස්ථාවක සභාපතිවරු, අධ්‍යක්ෂවරු, මණ්ඩලවල සාමාජිකයන්, විධායක නිලධරයන් සහ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ, පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සහ පළාත් පාලන ආයතනවල සභිකයන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩලවල සාමාජිකයන් මීට අදාළය.

තවද (357 වන අධිකාරිය වූ) යුද්ධ හමුදා පනතේ විධිවිධානවලට අනුකූලව ඇති කොට පවත්වාගෙන යන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධරයන්, (358 වන අධිකාරය වූ) නාවික හමුදා පනතේ විධිවිධානවලට අනුකූලව ඇති කොට පවත්වාගෙන යන ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධරයන්, (359 වන අධිකාරය වූ) ගුවන් හමුදා පනතේ විධිවිධානවලට අනුකුලව ඇති කොට පවත්වාගෙන යන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලලත් නිලධරයන්, 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනත, 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත, 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත, (262 වන අධිකාරය වූ) පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ආඥාපනත හෝ (138 වන අධිකාරය වූ) වෘත්තීය සමිති ආඥාපනතේ කාර්ය සඳහා වන පිළිගත් දේශපාලන පක්ෂවල තනතුරු දරන්නන්, (138 වන අධිකාරය වූ) වෘත්තීය සමිති ලියාපදිංචි වී ඇති වෘත්තීය සමිතිවල විධායක නිලධරයන්, 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනත, 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත, 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත, (262 වන අධිකාරය වූ) පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත යටතේ පවත්වනු ලබන ඡන්ද විමසීමක දී තෝරා පත් කර ගැනීම සඳහා නම් කළ අපේක්ෂකයන්, රජය හෝ රජයේ සංස්ථාවක් විසින් 25%කට නොඅඩු කොටස් දරන්නා වූ 2007 අංක 07 දරණ සමාගම් පනතේ විධිවිධාන යටතේ ලියාපදිංචි කළ සමාගම්වල සභාපතිවරුන්, අධ්‍යක්ෂවරු සහ මාණ්ඩලික නිලධාරියන් මේ පනතේ අර්ථානුකූලව උපලේඛන ගත ආයතන වන්නා වූ මූල්‍ය ආයතනවල කළමනාකරණ හෝ අධීක්ෂණ කටයුතුවල නියැලෙන කාර්ය මණ්ඩලය ද මීට ඇතුළත්ය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය දූත මණ්ඩලවල ප්‍රධානීන්, අමාත්‍ය මණ්ඩලය විසින් ශ්‍රී ලංකා රාජ්‍ය දූත මණ්ඩලවලට පත්කරන ලද නිලධරයන් (180 වන අධිකාරය වු) ප්‍රවෘත්ති පත්‍ර ආඥා පනතේ 2 වන වගන්තිය යටතේ ප්‍රකාශයක් කරනු ලැබ ඇති පුවත්පත්වල හිමිකරුවන්, කර්තෘවරුන් සහ කර්තෘ මණ්ඩලයේ සාමාජිකයන්, 1991 අංක 25 දරණ ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ 17 වන වගන්තිය යටතේ බලපත්‍ර මගින් මාධ්‍ය සමාගම්වල හිමිකරුවන්, කර්තෘවරුන් සහ කර්තෘ මණ්ඩලයේ සාමාජිකයන්, ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 25 දරන ක්‍රීඩා පනත ප්‍රකාරව පිහිටුවනු ලැබු ජාතික ක්‍රීඩා සංගම්වල ධූර දරන නිලධරයන් සහ යම් නිලධරයන් ඔවුන්ට අදාල යම් නිලයන්වල කටයුතු කිරීමේ දී එම වැඩකටයුතුවල ස්වභාවයන් සැලකිල්ලට ගත් විට අල්ලස් හෝ දූෂණවලට පෙළඹීමට ඒ නිලධරයාට ඇති ඉඩකඩ සැලකිල්ලට ගනිමින් අධි අවදානම් කාණ්ඩ ලෙස නියෝග මඟින් නියම කරනු ලැබිය හැකි පරිදි වූ යම් වෙනත් නිලධාරි කාණ්ඩයන් වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවය දක්වා තිබේ. මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය සටහන් වල පෙන්වා දෙන පරිදි, වත්කම් බැරකම් ප්‍රකාශ කර ඇති මන්ත්‍රීවරු අතර ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකු වත් නොමැති බව සඳහන් කරමින් පළ වන සටහන් නොමග යන සුළුයි. වත්කම් සහ බැරකම් ප්‍රකාශ නීතිය යටතේ, චක්‍රලේඛය ප්‍රකාරව වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට මන්ත්‍රීවරුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශන ඉදිරිපත් කළ යුතු අතර ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනාම 2024 වසරේ තම වත්කම් ප්‍රකාශන ඉදිරිපත් කර තිබේ.

Avatar

Title:ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනා වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරලා නැද්ද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading