ජනාධිපතිවරණ මැතිවරණයකට තරග වදින අපේක්ෂකයන්ගේ වියදම් නියාමනය කිරීමේ අභිප්‍රාය යටතේ, ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා වියදම් කළ හැකි උපරිම මුදලට නීතිමය සීමාවක් පැනවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

මැතිවරණ වියදම් නියාමන පනතට අනුව, එක් ඡන්දදායකයෙකු සඳහා වියදම් කිරීමට අවසර ලත් මුදල, ජනාධිපතිවරණ නාමයෝජනා භාරගැනීමෙන් දින 5ක් ඇතුළත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කළ යුතුව තිබු අතර, අති විශේෂ ගැසට් පත‍්‍රයක් මඟින් කොමිෂන් සභාව සඳහන් කර සිටින්නේ, ජනාධිපති අපේක්ෂකයෙකුට මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා එක් ඡන්දහිමියෙකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බව මැතිවරණ,

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ සියලූ පිළිගත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින්, වෙනත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින් සහ ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරදුන් අපේක්ෂකයින් සමග සාකච්ඡා කර මෙම වියදම් සීමාවන් තීරණය කර ඇති බවයි.

ඒ අනුව, ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි එක් ඡන්දහිමියෙකු වෙනුවෙන් රුපියල් 109කට නොවැඩි මුදලක් එක් අපේක්ෂකයෙකු විසින් සිය මැතිවරණ ප‍්‍රචාරක වියදම් ලෙස වැයකළ හැකි වන අතර, මෙවර සම්පුර්ණ ඡන්ද හිමියන්ගේ සංඛ්‍යාව මිලියන 17.1ක බැවින්, ඒ සියල්ලම වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම සීමාව වන්නේ රුපියල් මිලියන 1,868ක්, නැතහොත් කොටි 186ක් (රු. 1,868,298,586).

ජනාධිපති අපේක්ෂකයෙකුට එම මුදලෙන් 60%ක් හෙවත් රුපියල් කෝටි 112ට ආසන්න (රු.1,120,979,151) මුදලක් සිය ප‍්‍රචාරක වියදම් ලෙස දැරිය හැක. ඊට අමතරව ඉතිරි 40% හෙවත් රුපියල් මිලියන 747 (රු. 747,319,434) අපේක්ෂකයාගේ ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂයක හෝ වෙනත් දේශපාලන පක්ෂයක ලේකම්වරයාට හෝ අපේක්ෂකයෙකු නාමයෝජනා කළ ඡන්දහිමියාට වැයකළ හැකි බව මැතිවරණ කොමිසන් සභාව නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන්.

තවද, ජනාධිපතිවරණ මැතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත්කර දින 21ක් ඇතුළත, මැතිවරණ ප‍්‍රචාරක වියදම් ඇතුළත් වියදම් වාර්තාව, මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදිය යුතු වේ. එම වාර්තාව සැකසීමේ දී ප‍්‍රචාරක වියදම් සඳහා මුදල් ලැබුණු ආකාරය ඒවා වියදම් කළ ආකාරය පිළිබඳ සවිස්තර තොරතුරු ඇතුළත් විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දී තිබේ.

නියමිත දිනයට අදාළ වාර්තාව භාරනොදීම හෝ වාර්තාවල දෝෂ සහිත වීම නීතීවිරෝධී ක‍්‍රියාවක් වන වරදක් සිදුකරන අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම් පනතේ සඳහන් දණ්ඩනයට යටත් විය යුතු බව ද මැතිවරණ කොමිෂන් සභාව සිය ගැසට් නිවේදනය මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ. වැඩිදුර තොරතුරු මෙතැනින්.

ශ‍්‍රී ලංකාවේ මැතිවරණ පනතට අනුව, අපේක්ෂකයෙකුගේ වියදම් සීමා මැතිවරණ කොමිසමේ මූලිකත්වයෙන් නියම කරනු ලබයි. මෙම සීමාවන් අමතරව, අපේක්ෂකයන්ට හෝ ඔවුන්ගේ නියෝජිතයන්ට නීති විරෝධී ලෙස මුදල් භාවිතා කළහොත් ඊට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග යොදා ගැනීමේ හැකියාව ඇත.

මෙහි ප්‍රයෝගික යොදාගැනීම පිළිබඳව බොහෝ පිරිස් විමසිලිමත් වී තිබුණ ද, මැතිවරණ ක‍්‍රියාදාමයේ සාධාරණත්වය පිළිබඳව ප්‍රශ්නාර්ථ රැසක් මතුවන මෙවන් අවධියක, අවිධිමත් මැතිවරණ වියදම් වලින් වැලැක්වීමේ අරමුණින් සඳහා මෙවැනි සීමා පැමිණවීම සහ එම සීමාවන් හා නීති රීති නිවැරදිව අනුගමනය කිරීම මැතිවරණයේ සාධාරණත්වය සහ විනිවිද භාවිතා කිරීමේ අවශ්‍යතාවය ඉටු කිරීම සඳහා අත්‍යාවශ්‍ය වේ.

2019 ජනාධිතිපතිවරණයේ දී මැතිවරණ වියදම් සිදුවුයේ කෙසේ ද ?

මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් විසින් මේ ආකාරයේ මැතිවරණ වියදම් සීමා පැනවීමේ අවශ්‍යතාවය කලක සිට ඉස්ත්මතු කර දී ඇති කරුණකි.

පසුගිය 2019 මැතිවරණ වියදම් අධීක්ෂණය කළ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV) විසින් ඇස්තමේන්තු කර තිබුණේ, එම මැතිවරණයේ දී ප්‍රධාන තරගකරුවන් දෙදෙනා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සජිත් ප්‍රේමදාස නියෝජනය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ විසින් පිළිවෙලින් මිලියන 1,826 සහ 1,737 ලෙසින්, මැතිවරණය වෙනුවෙන් වියදම් සිදුකර තිබු බවයි. මෙම වියදම්වලින් වැඩි කොටසක් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යෝ වියදම් කර තිබුණේ.

2019 ජනතිපතිවරණ අපේක්ෂකයින් සියල්ලේම ඇස්තමේන්තු කර තිබු සම්පුර්ණ වියදම වූ මිලියන 3,796න්, 94% වැනි ඉහළ ප්‍රතිශතයකට, ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගේ මැතිවරණ වියදම් ඇස්තමේන්තුවන්හි එකතුව දායක වී තිබු බව ද එම වාර්තාවට අනුව පෙන්වා දෙනවා. හැබැයි අවසන් ඡන්ද ප්‍රතිඵලයේ දී ද මෙම ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගේ ඡන්ද ප්‍රතිශතයන්හි එකතුව ද 94%ක් වුණා.

එබැවින්, මෙවර ජනාධිපතිවරණ සටනේ දී, ප්‍රධාන අපේක්ෂකයින් කිහිප දෙනෙක්ම ඉස්මතු වී සිටින බැවින්, විශේෂයෙන්ම එම අපේක්ෂකයින් සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව සහ නිර්දේශිත සීමාව තුළ ප්‍රචාරණ වියදම් සීමා කිරීමට හැකිවේ ද යන්න පිළිබඳව බොහෝ දෙනා විමසිල්ලෙන් සිටිනවා.