පොදු දෙමළ අපේක්ෂකයා ලෙස නම් කළේ මඩකලපුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.ආරියනේත්‍රන්
දෙමළ ජාතික සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.ආරියනේත්‍රන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා දෙමළ පොදු අපේක්ෂකයා ලෙස දෙමළ පක්ෂ එකතුවක් විසින් නම් කර ඇති බව අද ජනමාධ්‍ය වාර්තා කළා.
ඔහුගේ නම යෝජනා කිරීම සදහා සඳහා සම්බන්ධ වී ඇත්තේ දෙමළ ඊළාම් මහජන විමුක්ති සංවිධානය (ප්ලොට්), දෙමළ ජාතික විමුක්ති සංවිධානය (ටෙලෝ), ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ (ඊපීආර්එල්එෆ්), දෙමළ ජාතික පක්ෂය සහ තමිල් මක්කල් කූටනි නම් පක්ෂය ඇතුළු දෙමළ පක්ෂ 7 ක්.ඊට අමතරව සමහර සිවිල් සංවිධානද සහාය පලකිරීමට එක්ව ඇති බව ජනමාධ්‍ය වාර්තා කළා.
ඔහුගේ නම අද යාපනයේදී පැවති සමුළුවකදී ස්ථිර වී තිබෙනවා.
කෙසේ වෙතත් සියලු දෙමළ පක්ෂ ඔහුගේ අපේක්ෂකත්වයට සහාය පළ කරන්නේ නැහැ .
2019 ජනාධිපතිවරණයට ස්වාධින අපේක්ෂකයෙක් ලෙස හිටපු දෙමළ මන්ත්‍රීවරයෙක් වන එම.කේ .ශිවාජිලිංගම් සහ සුබ්‍රමනියම් ගුණරත්නම් නම් අයෙක් ඉදිරිපත්ව තිබෙන නමුත් දෙමළ සන්ධානයේ හිටපු මන්ත්‍රීවරයෙක් වන එම.කේ ශිවාජිලිංගම් ටද ලංකාවෙන්ම ලබාගත හැකිව ඇත්තේ ඡන්ද 12,000 කට ආසන්න සුළු ප්‍රමාණයක් පමණයි. 2015 ජනාධිපතිවරණය ගත් කල එම මැතිවරණය සදහා සුන්දරම් මහේන්ද්‍රන් නම් දෙමළ ජාතිකයෙක් ඉදිරිපත්ව ඇති අතර ඔහු ලබාගන්නේ ලංකාවෙන්ම ඡන්ද 4047 ක් වැනි ප්‍රමාණයක් .2010 මැතිවරණය සදහා ද එම් කේ ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා ඉදිරිපත්ව තිබුනත් එම මැතිවරණයෙන්ද ඔහුට ලංකාවෙන්ම ලබාගත හැකිව තිබුනේ ඡන්ද 9662 වැනි සුළු ප්‍රමාණයක් පමණයි.
කෙසේ වෙතත් පක්ෂ ගණනාවක් එක්ව පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට මෙවර උත්සාහ කිරීම යම් විශේෂ තත්ත්වයක් .

