දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ජනාධිපති අපේක්ෂකයින් සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු පැතිරවීම මෙම මැතිවරණය සමයේ තීව්‍ර වී ඇති අතර සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු සංසරණය වූ සටහන් කිහිපයක නිරවද්‍යතාවය විමර්ශනය කරමින් අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“සංඝ සමුළුවක් පැවැත් වූ පලියට අප ජාතිවාදීන් හෝ ආගම්වාදීන් නොවේ. මාලිමා රජයකදී කිසිදු ආගමකට ප්‍රමුඛත්වය නොලැබෙන අතර අපගේ ප්‍රතිපත්ති වල කිසිදු වෙනසක් ‍නොමැත. අප පසුගාමී ජාතියක් බවට පත්වීමට ප්‍රධාන හේතුවක් ලෙස ආගම සලකන අතර රාජ්‍ය හා ආගම දුරස්ථව තබා ගැනීම අපගේ ප්‍රධාන ප්‍රතිපත්තිය වේ.”

යනුවෙන් ජාතික ජන බලවේගය විසින් සියලුම මාධ්‍ය ආයතන වලට යැවූ මාධ්‍ය දැන්වීමක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වූවා.

එම මාධ්‍ය නිවේදනය සිරස News1st පුවත් නිල ෆේස්බුක් පිටුවේ පළ වූ සටහනක් ලෙස දක්වා තිබුණා.

Facebook | Archived Link

'X' සහ WhatsApp ඔස්සේ ද මෙම සටහන පළ වූ වී තිබුණේ මෙලෙසින්.

Twitter | Archived Link

එමෙන් ම මීට සමගාමීව ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් “භික්ෂු සමුළුව මාලිමාවේ වැඩක් නොවෙයි, ඒක ජවිපෙ වැඩක්. කිසිසේත්ම මාලිමාව ජාතිවාදී තැනකට තල්ලු වෙන්නේ නැහැ” ප්‍රකාශයක් සඳහන් කළ බව ත්, එය සිරස News1st පුවත් නිල ෆේස්බුක් පිටුවේ පළ වූ පුවතක් ලෙස ට ද, දක්වා තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම සටහන් වල නිරවද්‍යතාව පිළිබඳ විමර්ශනය කිරීමට අප කටයුතු කළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ඉහත දැක්වෙන මාධ්‍ය නිවේදනයත්, අනෙක් සටහනද, සිරස News1st නිල ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණේ ද, යන්න පිළිබඳ අපගේ පරික්ෂාවට ලක් කළ අතර, එවැනි සටහන් එහි පළ වී නොතිබුණු බවට ප්‍රත්‍යක්ෂ විය.

එමෙන් ම කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක් ද, එවැනි පුවත් වාර්තා කර නොතිබුණු බව ද, අපගේ විමර්ශනයේ තහවුරු වුණා.

අප මේ පිළිබඳව එහි පුවත් කළමණාකරවරයෙකුගෙන් ද, විමසීමක් කළ අතර ඔහු තහවුරු කරේද, මෙවැනි නිවේදනයක් පළ කර නොමැති බව ත්, හරිනි අමරසූරිය මහත්මිය සම්බන්ධ එවැනි පුවතක් ද, පළ කර නොමැති බවයි.

ඉන් අනතුරුව අප ප්‍රධාන මාධ්‍ය කිහිපයකගෙන් ද, මෙවැනි නිවේදනයක් ජාතික ජන බලවේගයෙන් පැමිණියේද, යන්න විමසූ අතර ඔවුන් තහවුරු කළේ ද, සමාජ මාධ්‍ය සටහන් වල පෙන්වා දී ඇති පරිදි නිවේදනයක් එම මාධ්‍ය ආයතන වලට යොමු වී නොමැති බවයි.

ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශය

එමෙන් ම අප මේ පිළිබඳව, ජාතික ජන බලවේගයේ මාධ්‍ය සම්බන්ධීකාරකගෙන් ද, මේ සම්බන්ධයෙන් විමිසීමක් කළා. එම අංශය ද, තහවුරු කළේ, “මාලිමා රජයකදී කිසිදු ආගමකට ප්‍රමුඛත්වය නොලැබෙන” බවට සඳහන් කරමින් කිසිදු මාධ්‍ය නිවේදනයක් නිකුත් නොකළ බවත්, එම පුවත අසත්‍ය බවත් මෙය ජනතාව මුලා කිරීමට සිදු කරන ලද සංස්කරණය කරන ලද ව්‍යාජ නිවේදනයක් බවත්, මෙවැනි ආකෘතියක මාධ්‍ය නිවේදනයක් ද. ඔවුන් අනුගමනය නොකරන බවයි.

ආචාර්ය හරිනි අමරසූරිය

ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ඉහත සඳහන් ලෙස සඳහනක් කළ බවට කිසිදු මාධ්‍ය වාර්තාවක් දැක ගන්නට නොලැබුණු බැවින් අප ඉහත ඡායාරූපය වෙත අවධානය යොමු කරනු ලැබුවා.

ඒ අනුව, එම ඡායාරූපය පසුගිය අගෝස්තු 14 වන දා NPP බැංකු සහ මූල්‍ය කාන්තා සංසදය දින ගත් ඡායාරූපයක් වන අතර එය සඟ සමුළුවට කලින් ලබා ගත් ඡායාරූපයක් බවට තහවුරු වේ.

එමෙන් ම හරිනි මහත්මියගෙන් ද, අප මේ පිළිබඳව විමසූ අතර ඇය විසින් ද, සඳහන් කළේ, තමන් කිසිදු අවස්ථාවක එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බව ත්, එය සම්පූර්ණ ව්‍යාජ බවයි.

සඟ සමුළුව

ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය උදෙසා පසුගිය 23 වන දා “සඟරුවනේ මහ පෙළහර” නමින් ජාතික භික්ෂු පෙරමුණේ ආශිර්වාද සිදු කිරීමේ සමුළුවක් කොළඹදී පැවැත්විණි.

එහිදී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වෙනි වගන්තියෙන් දැක්වෙන්නේ ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් පිරිනමන්නේය යන වගන්ති ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තුළ ඉවත් කිරීමට කටයුතු කරන බවට අසත්‍ය ප්‍රචාරයක් සමාජ මාධ්‍ය තුළ ගෙනයන බවයි.

2015-2019 කාලයේ පැවති නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වූ කමිටුවේදී හෝ කිසිවෙක් එම වගන්තිය සංශෝධනය කිරීමට යෝජනා ඉදිරිපත් නොකළ බවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වෙනි වගන්තියෙන් දැක්වෙන වගන්තිය එලෙසම පවතින බවත්, ස්වාමීන් වහන්සේලා ඉදිරිපිට තමන් සහතික වන බවයි එහිදී ඔහු සඳහන් කළේ. එම අවස්ථාවේ අනුර කුමාර දිසානායක මහතාගේ කතාවේ සම්පූර්ණ වීඩියෝවක් මෙතනින්. මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළ අවස්ථාවක් මෙතනින්.

Also read : දියවඩන නිලමේගේ හැසිරීම පිළිකුල් සහගත බවට හරිනි අමරසූරිය ප්‍රකාහ කළා ද?

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්නFacebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:NPP සඟ සමුළුව ඉලක්ක කර ගනිමින් පළවන අසත්‍ය සටහන් පෙළක්!

Fact Check By: Pavithra Sandamali

Result: False