PP5 සහ ආහාර සුරක්ෂිතතාව නිරුපණය කෙරෙන  සංකේත සහිත බෝතල්  පමණක් පාසල් දරුවන්ට ආරක්ෂිත ද?

Health Insight

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ආහාර ,බිම වර්ග පිලිබදව මෙන්ම ඒවා අසුරන දේ සම්බන්ධයෙන්ද සමාජ ජාලා වල විවිධ ප්‍රචාර පැතිරෙනවා .ඉන් සමහරක් නොමගයන සුලුයි.මේ ,ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක් 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

 “PP5” ප්‍රතිචක්‍රීකරණ සංකේතය සහ වීදුරු සහ ගෑරුප්පු සංකේතය සහිත බෝතල් පමණක් පාසල් ළමුන් සඳහා මිලදී ගත යුතු බව සමාජ මාධ්‍ය වල පළව තිබෙනවා.BPA හා සම්බන්ධ සෞඛ්‍ය අවදානම් මඟහරවා ගැනීම සඳහා මෙම සංකේත සහිත දිවා ආහාර පෙට්ටි සහ බෝතල් තෝරා ගැනීමට ද සමාජ ජාලා සටහන් නිර්දේශ කරයි.මෙම ප්‍රකාශය සිදු කලේ මහජන සෞඛ්‍ය පරික්ෂවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ බවත් මේවායේ සදහන් .

Archived | Facebook  

මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Explainer (කරුණු පැහැදිලි කිරීම) :

අපි මුලින්ම උපුල් රෝහණව සම්බන්ධ කරගත් අතර ඔහුගෙන් විමසා බැලුවේ ඔහු මෙවන් ප්‍රකාශයක් සිදු කරාද යන කාරණයයි.ඔහු පැවසුවේ තමන් මෙය පැවසූ බව සහ ජනතාවගේ සෞඛ්‍ය ගැන සිතා සත්‍ය කරුණු මත පදනම්ව තමන් විසින් මෙය පැවසූ බවයි.

වීදුරු සහ ගෑරුප්පු සංකේතය  :

වීදුරුවක් සහ ගාරුප්පුවකින්  සමන්විත මෙම සංකේතය ජාත්‍යන්තර ආහාර සුරක්ෂිතතා සලකුණකි. එය ආහාර ඇසිරීම හෝ එවැනි ආහාර සම්බන්ධ කටයුතු සදහා ආහාරවල ආරක්ෂිත බව පෙන්නුම් කරයි. මෙම සංකේතය මගින් පෙන්නුම් කරන්නේ ආහාර ඇසිරීම සදහා එම බදුන් /අසුරන ආරක්‍ෂිත බවයි.එනම් ඒවා මත ස්පර්ශ වීමෙන් ආහාරවල ප්‍රමිතියට හානියක් නොවන බවයි හෝ ආහාර මත විෂබීජ තැන්පත් වීමක් සිදු නොවන බවයි.කෙටියෙන්ම පැවසුවහොත් ආහාරවල ආරක්‍ෂිත බවට හානියක් වී භාවිතා කරන අයගේ සෞඛ්‍ය තත්ත්වයන්ට හානිදායක නොවන බවයි.එම නිසා මෙම සංකේතය ආහාර ඇසිරීම සදහා භාවිතා කිරීමට ගන්නා ඇසුරුම් වල යොදාගැනීමට බොහෝ නිෂ්පාදක ආයතන මගින් පියවර ගෙන තිබෙනවා.මේ ,පිළිබද වැඩිදුර විස්තර මෙතනින්  

PP5 සංකේතය:

ප්‍රතිචක්‍රීකරණ ත්‍රිකෝණය ඇතුළත අංක 5 සහිත “PP” සංකේතය පොලිප්‍රොපිලීන්, ශක්තිමත්, කල් පවතින සහ තාපයට ඔරොත්තු දෙන ප්ලාස්ටික් වර්ගයක් වේ. PP5 බොහෝ විට නැවත භාවිතා කළ හැකි බෝතල් ඇතුළු ආහාර ගබඩා බහාලුම් සඳහා භාවිතා කරයි, එය ආහාර ආරක්ෂිත යැයි සලකනු ලැබේ. මීට අමතරව, විශේෂයෙන් ආහාර සමඟ සම්බන්ධ වන විට සෞඛ්‍ය ගැටළු මතු කර ඇති රසායනික ද්‍රව්‍යයක් වන Bisphenol A (BPA) වලින් PP 5 සංකේතය පවතින අසුරණ වල අඩංගු නොවේ .

BPA 

BPA (Bisphenol A) බහුලව දක්නට ලැබෙන්නේ පොලිකාබනේට් ප්ලාස්ටික් වලය (ප්‍රතිචක්‍රීකරණ සංකේතය 7 ලෙස සලකුණු කර ඇත). අධ්‍යයනවලින් පෙන්නුම් කර ඇත්තේ BPA ඇතැම් ප්ලාස්ටික් වලින් ආහාර සහ බීම වලට කාන්දු විය හැකි බවයි, විශේෂයෙන් තාපයට නිරාවරණය වන විට මෙසේ සිදුවන අතර එම තත්ත්වය සෞඛ්‍ය අවදානම් සමඟ සම්බන්ධ වී ඇත. පොලිප්‍රොපිලීන් (PP, 5 ) BPA-වලින් තොර  ලෙස සලකනු ලැබේ, එබැවින් PP  5 වලින් සාදන ලද බෝතල් සාමාන්යයෙන් ළමුන් සඳහා ආරක්ෂිත තේරීමක් ලෙස සැලකේ.ඒ සම්බන්ධ වැඩිදුර විස්තර මෙතනින් 

PP5 සහ වීදුරු/ගෑරුප්පු  සංකේත සහිත බෝතල්වල ආරක්ෂාව:

PP5 ප්‍රතිචක්‍රීකරණ කේතය සහ වීදුරු සහ ගෑරුප්පු සංකේතය යන දෙකම සලකුණු කර ඇති බෝතල් සහ බහාලුම් ආහාර සුරක්ෂිතතාව සඳහා නිර්මාණය කර ඇති අතර, ඒවා ජල බෝතල් සහ ළමුන් සඳහා දිවා ආහාර පෙට්ටි සඳහා සුදුසු වේ. මෙම ද්‍රව්‍යවල BPA අඩංගු නොවන අතර, ළමුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සදහා වඩාත් සුදුසුය .

PP5 සහ ආහාර සුරක්ෂිත සංකේත සහිත ජල බෝතල් සහ ඇසුරුම්  මිලදී ගැනීමට නිර්දේශ කල හැකියි 

මෙම සංකේත සහිත බෝතල් සහ දිවා ආහාර පෙට්ටි මිලදී ගැනීමට නිර්දේශ කිරීම සාධාරණ ය, මෙම සංකේත මඟින් ද්‍රව්‍ය ආහාර-ආරක්ෂිත සහ BPA-නිදහස් බව සහතික කරයි. කෙසේ වෙතත්, මල නොබැඳෙන වානේ සහ ඇතැම් වීදුරු වර්ග වැනි වෙනත් ද්‍රව්‍ය තිබේ, ඒවා ද ආරක්ෂිත වන අතර ළමුන් සදහා වන වතුර  බෝතල් සහ දිවා ආහාර පෙට්ටි සඳහා බහුලව භාවිතා වේ.

PP5 සංකේතය සහිත ප්ලාස්ටික් වර්ගය හැර වෙනත් සංකේත සහිත ප්ලාස්ටික් වර්ගත් නැවත භාවිතා කල හැකි ජල බෝතල් සදහා සුදුසුද ?

ඔව් , PP2 ,PP4 සංකේතය සහිත අසුරණද ,,නැවත නැවත භාවිතා කරන ජල බෝතල/ආහාර අසුරන  සදහා සුදුසුය.එයද BPA අඩංගු නොවන අතර සෞඛ්‍ය ගැන සහ අනෙකුත් සාධක  සලකා බැලීමේදී ජල බෝතල නිෂ්පාදනය සදහා වැදගත්වේ .  ඒ සම්බන්ධ විස්තර කියවිය හැකියි මෙතනින්

එක් වරක් පමණක් භාවිතා කරන ජල බෝතල /සිසිල් බීම බෝතල සාදන්නේ PP1 ප්ලාස්ටික් වලිනි . 

PP1 සිට PP7 දක්වාවූ ප්ලාස්ටික් වර්ග සහ ඒවායේ ප්‍රයෝජනයන් සම්බන්ධ විස්තර මෙතනින් 

BPA සාධකය සලකා බැලීමේදී ඒවා බහුලව අඩංගු වන්නේ PP3, PP7 ප්ලාස්ටික් වලයි.ඒ සම්බන්ධ විස්තර මෙතනින්

මේ පිලිබදව අප සමග අදහස් දැක්වූ ශ්‍රී ලංකා පෝෂනවේදීන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය ආනන්ද චන්ද්‍රසේකර මහතා සදහන් කලේ PP5 හැර වෙනත් ප්ලාස්ටික් වර්ග සමහරක්ද නැවත නැවත භාවිතා කර හැකි ජල බෝතල් ,ආහාර ඇසුරුම්  නිෂ්පාදනයට සුදුසු නිසා  සමාජ ජාලාවල පළවන කරුණුවලට සම්පුර්ණයෙන් එකගවිය නොහැකි බවයි.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:PP5 සහ ආහාර සුරක්ෂිතතාව නිරුපණය කෙරෙන සංකේත සහිත බෝතල් පමණක් පාසල් දරුවන්ට ආරක්ෂිතද?

Written By: Fact Crescendo Team  

Result: Insight


Leave a Reply