10 වන පාර්ලිමේන්තුවේ නව කතානායකවරයා බිමල් රත්නායක ද?

False Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

10 වන පාර්ලිමේන්තුවේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද (21) උදෑසන 10ට රැස් වුණා. එහිදී ප්‍රධාන වශයෙන් කතානායකවරයා, නියෝජ්‍ය කතා නායකවරයා,  නියෝජ්‍ය කාරක සභා සභාපති, සභානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විපක්ෂනායක යන තනතුරු පත් කිරීම සිදුවුණා.  

කෙසේනමුත් මහ මැතිවරණයෙන් අනතුරුව, පසුගිය සතිය පුරාවටම නව පාර්ලිමේන්තුවේ කතා නායක ධූරය සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබූ අතර, එම ධූරය සඳහා බිමල් රත්නායක, නිහාල් ගලප්පත්ති ඇතුළු පාර්ශව පත් කරන බවට විවිධාකාරයේ සමාජ මාධ්‍ය සටහන් හුවමාරු කරගෙන තිබුණා. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):  

10 වන පාර්ලිමේන්තුවේ නව කතා නායකවරයා බිමල් රත්නායක බවට පසු ගිය දිනවල සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුණේ මේ අයුරිනි.

Fb

තවත් එවැනි සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුණේ මේ අයුරිනි.

Fb|Fb|Fb|Fb|Fb|Fb

එසේම, ජාතික ජන බලවේගය රජයේ තේරී පත් වූ කැබිනට් අමාත්‍ය මණ්ඩලයට, අයත් නොවූ ජ්‍යෙෂ්ඨ හිටපු මන්ත්‍රීවරයෙකු බව දක්වමින්, මෙවර මහ මැතිවරණයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා තේරී පත්වූ නිහාල් ගලප්පත්ති මහතා, කතානායක ලෙස තේරී පත්වනු ඇති බවට ද මෙවැනි වාර්තා හුවමාරු විය.

ඇත්තටමමෙවර පාර්ලිමේන්තුවේ නව කතා නායකවරයා ලෙස පත් කරනු ලැබුවේ කවුරුන් ද? අප ඒ පිළිබඳව විමසා බැලීමක් සිදු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

අද (21) දින 10 වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය පැවැත්වුණු අතර එහිදී  කතානායකවරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල්  රංවල මහතා තේරී පත්කෙරුණා.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඒ සඳහා අශෝක රංවල මහතාගේ නම යෝජනා කරනු ලැබූ අතර එම යෝජනාව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ස්ථීර කිරීම මඟින් අශෝක රංවල මහතා නව පාර්ලිමේන්තු කතානායකවරයා වශයෙන් පත් කිරීම සිදුවුණා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙය වාර්තා කර තිබුණේ මෙලෙසින්

කතානායක අශෝක සපුමල්  රංවල

ජාතික ජන බලවේගයේ විධායක සභිකයකු වන අශෝක රන්වල මහතා මෙවර මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කර මනාප ඡන්ද 109,332ක් ලබාගනිමින් ගම්පහ ජාතික ජන බලව්වේග මනාප ලැයිස්තුවේ හයවන ස්ථානයට පත් වෙමින් පාර්ලිමේන්තු වරම් හිමි කරගනු ලැබී ය.

හිටපු බස්නාහිර පළාත් මන්ත්‍රීවරයකු ද වන අශෝක රන්වල මහතා, ජෛව ජනන අර්ථ ශාස්ත්‍ර පර්යේෂණායතනයේ අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.
ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති ලෙස ද කටයුතු කළ අශෝක රන්වල, ජාතික ජන බලවේගය සමඟ ප්‍රබල ක්‍රියාකාරී දේශපාලනයක නිරත වූවෙකි.
ආචාර්ය රන්වල බියගම ආසනය කේන්ද්‍ර කර ගනිමින් සිය දේශපාලන කටයුතු මෙහෙයවමින් ක්‍රියාකාරි දේශපාලනය සිදුකරනු ලැබුවා.

A person in a white shirt

Description automatically generated

අභිනව කතානායකවරයා පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබූ අතර එහිදී ඔහු ජනතාව අපේක්ෂාකරන දේශපාලනික සංස්කෘතිය ඇති කිරීමට පාර්ලිමේන්තුවේ සහය ඉල්ලා සිටියා. එතුමා විසින් පාර්ලිමේන්තුව අමතමින් සිදුකළ කතාව මෙසෙයි.

නියෝජ්‍ය කතානායකවරයා කවු ද?

10 වන පාර්ලිමේන්තුවේ නියෝජය කථා නායකධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් රිස්විසාලී මහතා තේරී පත්වුණා.

ඒ සඳහා නමක් යෝජනා කරන ලෙස කථානායක අශෝක රංවල මහතා විසින් මැතිසබයට දැනුම් දීමෙන්, ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් රිස්විසාලී මහතා යෝජනා කරනු ලැබුවා.එම යෝජනාව ස්ථිර කරනු ලැබුවේ ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින්.

අද දින පැවැත්වුණු 10 වන පාර්ලිමේන්තු සැසිවාරය

දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද (21) පෙරවරු 10ට  ආරම්භ කෙරුණා. මංගල සභාවාරය විවෘත කිරීමේ අවස්ථාව චාම් උත්සවයක් ලෙස පැවැත්වීම ජනාධිපතිවරයාගේ උපදෙස් මත පැවැත්වීම සිදුවිය. ඒ අනුව මෙවර ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි, ජයමංගල ගාථා පැවැත්වුණේ නෑ.

අනතුරුව පාර්ලිමේන්තුවේ මහා ලේකම්වරිය විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ නැවත කැදවීමේ ගැසට් පත්‍ර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුවිය.

අනතුරුව දසවන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා තේරී පත්කෙරුණ අතර දසවන පාර්ලිමේන්තුවේ නියෝජය කථා නායකධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් රිස්විසාලී මහතා තේරී පත්වුණා.

දසවන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති ධූරය සඳහා හේමාලී වීරසේකර මහත්මිය තේරී පත්වුණා.

ඒ සඳහා හේමාලි වීරසේකර මහත්මියව යෝජනා කරනු ලැබුවේ කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා විසින්. එය පාර්ලිමේන්තු මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ මහත්මිය විසින් ස්ථිර කරනු ලැබුවා.

දසවන පාර්ලිමේන්තුවේ සභානායක ධූරය සඳහා අමාත්‍ය බිමල් රත්නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය සඳහා අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුන් පත්කර තිබෙනවා. කථානායක අශෝක රංවල මහතා විසින් මේ බව මැතිසබයට දැනුම් දීම සිදුකරනු ලැබීය.

එමෙන්ම 10 වන පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරයා ලෙස සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පිළිගන්නා බවයි කථානායකවරයා නිවේදනය කළේ.

පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණි ජනාධිපතිවරයාව සාම්ප්‍රදායිනුකූලව කථානායක අශෝක රංවල මහතා විසින් පිළිගනු ලැබූ අතර ජනාධිපතිවරයා තඹ දොරටුවෙන් පිවිස, පැළඳුම් කාමරයේ මිනිත්තු කිහිපයක් ගත කිරීමෙන් අනතුරුව රීදී දොරටුවෙන් කථානායකවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තු පෙරහර සමගින් මැති සභා ගර්භය තුළට පැමිණියා.

අනතුරුව ජනාධිපතිවරයා කථානායකවරයාගේ ආසනයෙහි අසුන් ගත් අතර එහිදී ජනාධිපතිවරයා දස වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආමන්ත්‍රණය කරමින් ප්‍රකාශ කළේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස තනි පක්ෂ පාලනයක් කිසිසේත් අපේක්ෂා නොකරන බවයි.

එමෙන් ම ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුවට සහ මහජනතාවට ඉදිරිපත් කිරීම ද සිදුවිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (අ) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරිමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ආ) අනු ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත්, ජනාධිපතිවරයාට බලතල හිමිවී තිබෙනවා.

සම්පූර්ණ සජීවි පාර්ලිමේන්තු සැසිවාරය මෙතනින්

අද (නොවැම්බර් 21) දින සිදුවීම් පිලිබඳ පාර්ලිමේන්තුවේ නිල නිවේදනය මෙතනින්.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

නිගමනය (Conclusion) :

10 වන පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස අශොක සපුමක් රංවල මහතා පත් කෙරුණු අතර නව පාර්ලිමේන්තුවේ කතානායක ලෙස අමාත්‍ය බිමල් රත්නායක හෝ නිහාල් ගලප්පත්ති පත් වූ බවට පළ වූ සටහන් අසත්‍යයි. නමුත් පාර්ලිමේන්තුවේ සභානායක ධූරය සඳහා පත් වී තිබෙන්නේ අමාත්‍ය බිමල් රත්නායකයි.

Avatar

Title:10 වන පාර්ලිමේන්තුවේ නව කතානායකවරයා බිමල් රත්නායක ද?

Fact Check By: Fact Crescendo Team 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *