ලංකාවේ මහවිරු සැමරුමක ඡායාරූපයක් ලෙස දක්වා ඇත්තේ එක්සත් රාජධානියේ සැමරුමක ඡායාරූපයක්!

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මෙරට ‘මහවිරු සැමරුම’ ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යවන සුළු ඡායාරූප, වීඩියෝ තව දුරටත් හුවමාරු වන අතර එලෙසින් පළ වූ ඡායාරූපයක සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

අවුරුදු 15කට පසු එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ රුව ප්‍රසිද්ධියේ පෙන්වමින් මහවිරු සැමරුමක් සිදු කළ බවට දක්වමින් Twitter ඔස්සේ ඡායාරූප සටහනක් පළ කර තිබුණේ මේ අයුරින්.

 

Archived Link

මෙහි නිරවද්‍යතාව විමසමින් අප වෙත ලැබුණු ඉල්ලීම් ද, මුල් කර ගනිමින් මේ පිළිබඳ පරීක්ෂා කර බැලීමට අප පියවර ගත්තා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

අප ඉහත ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. ඒ අනුව දැක ගන්නට ලැබුණේ, එම ඡායාරූපයේ දැක්වෙන්නේ, මේ වසරේ එක්සත් රාජධානියේ දෙමළ දරුවන් විසින් මෙරට පැවති යුද්ධය අතරතුර ජීවිත පරිත්‍යාග කළ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සාමාජිකයින් අනුස්මරණය කළ අවස්ථාවක ඡායාරූප පෙළකින් එක් ඡායාරූපයක් බවයි.

එම අවස්ථාවේ ඡායාරූප ඇතුළත් පුවත් වාර්තාවක් මෙතනින්. Archived Link

එක්සත් රාජධානියේ Dartford Tamil Knowledge Center හි නම් පාසලක ඉගෙනුම ලබන දමිළ දරුවන් විසින් මෙම අනුස්මරණය සිදු කළ බව ද, එහි වැඩි දුරටත් දැක්වේ.

 

Dartford Tamil Knowledge Center පාසල එක්සත් රාජධානියේ පිහිටි පාසලක් වේ.

අප මේ පිළිබඳව වැඩි දුරටත් කළ පරීක්ෂාවේදී Dartford Tamil Knowledge Center නිල ෆේස්බුක් පිටුවේ ද, මෙම සැමරුමේ ඡායාරූප පළ කර තිබූ සටහනක් ද, දැක ගන්නට ලැබුණා.

Archived Link

ඒ අතර ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ මෙරට පැවැත් වූ මහවිරු සැමරුමක් ලෙස ට දක්වා තිබූ ඡායාරූපය ද මෙම පාසලේ සැමරුමේ ඡායාරූප එකතුවේ දැක ගන්නට ලැබුණේ මෙලෙසින්. එය පසුගිය නොවැම්බර් 23 වන දා පළ කර තිබුණා.

එමෙන් ම එක්සත් රාජධාණියේ පිහිටි එම දමිළ පාසලේ  නිල වෙබ් අඩවියේ ද, මෙම සැමරුමේ තව ත් ඡායාරූප පසුගිය නොවැම්බර් 26 වන දා පළ කර තිබුණේ මෙලෙසින්. 

එම සැමරුමේ වීඩියෝ මෙතනින් සහ මෙතනින්.

මෙරට සැමරුමක් ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයේ පසුබිම සහ එක්සත් රාජධානියේ පාසලක පැවැත්වූ සැමරමේ ඡායාරූපයේ පසුබිම දැක්වෙන ඡායාරූපයක සංසන්දනය පහතින්.

මෙම සැමරුම සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ වෙසෙන පුද්ගලයෙකු විසින් පළ කළ තව ත් සමාජ මාධ්‍ය සටහනක් පහතින්.

Facebook | Archived Link

ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයෙන් දැක්වෙන්නේ මෙරට මහවිරු දින සැමරුමක අවස්ථාවක් නොව එක්සත් රාජධානියේ පැවැත්වූ මහවිරු සැමරුමක අවස්ථාවක් බවට පැහැදිලි වේ.

එමෙන් ම මෙරට උතුරු නැගෙනහිර පළාතේ ප්‍රාදේශීය මාධ්‍යවෙදීන්ගෙන් ද, අප නැවතත් ප්‍රභාකරන් හෝ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පිළිඹිමු කරමින් අනුස්මරණ පැවැත් වුණේද, යන්න විමසීමක් කළ අතර ඔවුන් පැවසුවේ, ඉහත ඡායාරූපයේ දැක්වෙන අයුරින් කිසිදු සැමරුමක් සිදු කළ බව ට දකින්නට නොලැබුණු බවයි.

Also Read :

‘මහවිරු’ දිනය සැමරීම, තවදුරටත් බාධාවක් නොමැති බවට ජනපතිගෙන් ලිපියක්?

යාපනය විශ්ව විද්‍යාලයේ මහවිරු සැමරුම පිළිබඳව පළවන නොමඟ යවන සුළු ඡායාරූප පෙළක්!

මහවිරු සැමරුම්වල LTTE ලාංඡන, කොඩි භාවිත කළ හැකි බවට මහජන ආරක්ෂක අමාත්‍යවරයා කිව්වද ?

ලංකාවේ සිදුකළ මහවිරු සැමරුමක් ලෙස හුවමාරු වන වීඩියෝවේ ඇත්ත කතාව!

ලංකාවේ සිදුවූ ‘මහවිරු සැමරුම්’ වීඩියෝවක් ද?

Update : 12/4/24
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද(04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ, මහවිරු සතිය තුළ උතුරේ සැමරුම් උත්සව 244ක් පැවති බව ත්, ඉන් සැමරුම් උත්සව 10ක පමණක් යම් යම් එල්.ටී.ටී. ඊ සංකේත භාවිත කර තිබූ බව ත්, පොලීසිය මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ බව ත්ය.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්.

 

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ඡායාරූපය රැගත් මෙරට සිදු කරන ලද මහවිරු සැමරුමක් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපය මෙරට ඡායාරූපයක් නොව එක්සත් රාජධානියේ, Dartford Tamil Knowledge Center හි නම් පාසලක පවත්වන ලද මහිවිරු සැමරුමක ඡායාරූපයකි.

 

Avatar

Title:මෙරට මහවිරු සැමරුමක ඡායාරූපයක් ලෙස දක්වා ඇත්තේ එක්සත් රාජධානියේ සැමරුමක ඡායාරූපයක්!

Fact Check By: Pavithra Sandamali 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *