දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
දේශගුණික විපර්යාස වර්තමාන ලෝකයේ සුලබ දෙයක් බවට පත්වෙමින් තිබෙනවා.මෙවන් පසුබිමක් තුල විවිධ රටවල සිදුවන අසාමාන්‍ය දේශගුණික සිදුවීම් පිලිබද විවිධ පුවත් සමාජ ජාලා තුල පැතිරෙනවා.මින් සමහරක් නිවැරදි තොරතුරු වන අතර තවත් සමහරක් වැරදි සහ නොමගයවන සුළු තොරතුරුයි.අපගේ මේ අවධානය යොමුවන්නේ සවුදි අරාබියේ අල් ජව්ෆ් කාන්තාරය හා සම්බන්ධවෙමින් සමාජ ජාලා තුල පැතිරගිය එවන් නොමගයවන සුළු තොරතුරු සම්බන්ධවයි.
සමාජ මාධ්‍ය සටහන්
සෞදි අරාබියේ අල්-ජාව්ෆ් කාන්තාරය මෑතකදී හිම සහිත භූමියක් බවට පරිවර්තනය වූ බව පෙන්වන ඡායරූප හා වීඩියෝ සමාජ මාධ්‍ය තුල සංසරණය වේ, එහිදී, වැලි කඳු හිම වලින් වැසී ඇති ඡායාරූප සහ වීඩියෝ පෙන්වයි.
මෙම සටහන් ජාත්‍යන්තර වශයෙන්ද ඉංග්‍රීසි බසින් හුවමාරුව තිබුනේ පහත අයුරින්.
සෞදි අරාබිය එහි අධික හිරුඑළිය නිසා ගිනියම් වන ලෙස රත්වූ කාන්තාර සඳහා ප්‍රසිද්ධ බැවින් සමාජ මාධ්‍ය වල දක්නට ලැබෙන හිම සහිත සේයාරූ සමාජ ජාලා පරිශීලකයන් තුල කුතුහලයක් ජනනය කර ඇත. බොහෝ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් , පෘථිවියේ උණුසුම්ම කලාපයක හිම පතිත වීම ගැන විමතියට පත්ව ඇත.
මීට අමතරව, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ද මේ පිළිබඳව අවධානය යොමු කර ඇත.
සත්‍ය වශයෙන්ම සෞදි අරාබියේ අල් ජවාෆ් කාන්තාර ප්‍රදේශයේ සිදුවුවේ කුමක්ද ?ඒ පිලිබදව කරුණු විමසීමක් සිදු කිරීමට අප තීරණය කළා.
Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )
Al-Jawf හි ඇත්තටම සිදු වූයේ කුමක්ද?
උතුරු සෞදි අරාබියේ පිහිටා ඇති Al-Jawf කලාපය ශීත ඍතුවේ දී අසාමාන්ය කාලගුණික සිදුවීම් වලට ආගන්තුක නොවේ. කෙසේ වෙතත්, සාමාන්‍යයෙන් වියළි කාන්තාර දේශගුණය හේතුවෙන් හිම වැටීම ප්‍රදේශයේ අතිශය දුර්ලභ සිදුවීමකි. කාලගුණ විද්‍යා වාර්තාවලට අනුව, හිම සහිත භූ දර්ශනයක් ලෙස දිස් වූයේ ඇත්ත වශයෙන් ම දරුණු Hailstorms වර්ෂාවක ප්‍රතිඵලයකි.
- අරාබි කාන්තාරයේ අයිස් කැට වැසි: ඇතැම් ශීත මාස වලදී, අරාබි අර්ධද්වීපයට, විශේෂයෙන් එහි උතුරු ප්‍රදේශ, උතුරේ සිට පහළට ගමන් කරන සීතල වායු ධාරා හේතුවෙන් දරුණු උෂ්ණත්ව පහත වැටීම් සහ වරින් වර Hailstorms වැස්ස අත්විඳිය හැකිය. මෙම Hailstorms හිම වලට සමාන දෘශ්‍ය ප්‍රයෝගයක් නිර්මාණය කරමින් පොළොව මත එකතු විය හැක. මෙතනින් කියවන්න.
- තෙතමනය සහිත සීතල වාතය සන්කෝචනය වීම:
Hailstorms, hailstones වලින් සෑදෙන අතර ඒවා ගිගුරුම් සහිත වැසි වලදී ඇති වන ඝන අයිස් බෝල හෝ ගැටිති වේ. ජල වාෂ්ප ස්ඵටික බවට පත් වීමෙන් හිම/snow සෑදෙන අතර hail සෑදෙන්නේ ජල බිඳිති අයිස් බෝලවලට කැටි වූ විටය.
ජල බිදු එකට කැටි වීම බොහෝ විට සීතල වායු ස්කන්ධ, තෙත් වාතය (ජල බිදු වලින් සන්තෘප්ත) සමඟ ගැටීම නිසා ඇති වන අතර, එය කාන්තාර ප්‍රදේශවල දැඩි ගිගුරුම් සහිත hail වැසි ඇති කරයි. මෙතනින් කියවන්න
- සෞදි අරාබියේ කාලගුණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශය: සෞදි පුවත්පත් ඒජන්සිය (SPA) පැහැදිලි කළේ අල්-ජව්ෆ් (Al-Jawf) කාන්තාරයට බල පෑ කුණාටුවෙන් ඇති වූයේ හිම නොව සැලකිය යුතු අයිස් කැට (hail) ප්‍රමාණයක් සමග අධික වර්ෂාව බවයි. සිදුවීමේ ඡායාරූප පැහැදිලිව පෙන්නුම් කරන්නේ හිම වල ස්ඵටික ව්‍යුහයට වඩා වෙනස් hail කැටිති තැනී ඇති කුඩා සුදු ගෝලාකාර අයිස් කැට වේ. Read here
ශීත ජල-කැටි ආකාර පතිතවීම් ( Frozen Precipitation) අවබෝධ කර ගැනීම
Hail (අයිස්) කැට, හිම (Snow), හිම කැට (sleet) සහ ග්‍රැපල් (graupel) අතර වෙනස පැහැදිලි වන්නේ ඒවා සැසදීමේදිය
- හිම (Snow): ජලය මිදෙන උෂ්ණත්වයේ (Freezing Temperature) දී ජල වාෂ්ප සෘජුවම අයිස් බවට හැරෙන විට සාදයි. Read here
- Hail: සීතල වායු ස්කන්ධ, තෙත් වාතය (ජල බිදු වලින් සන්තෘප්ත) සමඟ ගැටීම නිසා ඇති වන ජල බිදිති අයිස් බෝල වලට කැටිවිමෙන් මෙය ඇතිවේ .Read here
- Sleet: අයිස් බවට පත් වූ වැහි බිඳු, බිම වැදීමට පෙර නැවත ඝන වීමකට (refreez) ලක්වීම සිදු වේ.
- Graupel: හිම ස්ඵටික මත අධි ශීත වූ ජල බිදිති ගන වීමෙන් සෑදූණු මෘදු අයිස් වේ.
ශීත වර්ෂාපතන ආකාර (වමේ සිට දකුණට): අයිස් කැට (hail), graupel, sleet, හිම. මූලාශ්‍රය:NOAA NSSL
Hail අනෙකුත් frozen precipitations සමඟ සසදන්නේ කෙසේද?
frozen precipitations අතර මූලික වෙනස රදා පවතින්නේ ඒවා වර්ධනය වන ආකාරය සහ එක් එක් අංශුවල උපරිම ප්‍රමානය අනුව වේ.
හිම (Snow) සෑදෙන්නේ ප්‍රධාන වශයෙන් ජල වාෂ්ප ද්‍රව අවධිය හරහා නොගොස් අයිස් බවට හැරෙන විටය. මෙම ක්‍රියාවලිය deposition ලෙස හැඳින්වේ. ස්තර වලාකුළුවල මෘදු updrafts වලදී හෝ ගිගුරුම් සහිත ඉතා සීතල ප්‍රදේශවල ඉහළ උන්නතාංශවල හිම හටගත හැක. අප බොහෝ දෙනා දැකීමට පුරුදු වී ඇති හිම පියලි (Snowflakes) තනි හිම ස්ඵටික නොවේ, නමුත් ඇත්ත වශයෙන්ම ඒවා එකිනෙකට ඇලුන හෝ වෙනත් ආකාරයකින් සම්බන්ධ වූ හිම ස්ඵටිකවල එකතුවකි. තනි හිම ස්ඵටිකවලට සාපේක්ෂව මෙම Snowflakes ඉතා විශාල ප්‍රමාණවලට වර්ධනය විය හැක.
Graupel යනු අධ් සිසිලනයකට භාජනය වූ ජල බිඳිති (32°F/ 0°C ට අඩු උෂ්ණත්වයකදී) හිම ස්ඵටිකයක් මතට කැටි වූ විට සෑදෙන මෘදු, කුඩා පෙති වේ. මෙම ක්‍රියාවලිය riming ලෙස හදුන්වයි. Riming විශේෂයෙන් තීව්‍ර නම්, මෙම හිම ස්ඵටික (rimed snow crystal) සැලකිය යුතු ප්‍රමාණයකට වර්ධනය විය හැකි නමුත් අඟල් 0.2 ට වඩා අඩු මට්ටමක සාමාන්‍යයෙන් පවතී. Graupel අංශු විශේෂයෙන් බිඳෙනසුලු වන අතර සාමාන්‍යයෙන් හසුරුවන විට බිදෙන සුළු බැවින් Graupel, හිම කැට (snow pellets) හෝ මෘදු හිම කැට (soft hail) ලෙසද හැඳින්වේ.
Sleet යනු ද්‍රව ජල බිංදු (වැහි බිඳු වැනි) කැටි වීමෙන් සෑදෙන කුඩා අයිස් අංශු වේ. හිම සුලභ ශීත කුණාටු වලදී පතිත වීම නිසා අතරමග හිම දිය වන අතර, ජලය පොලොවට වැටීමට පෙර බිම් මට්ටමේ දී, නැවත හිම කැට (sleet) බවට පත් වේ. ගිගුරුම් සහිත වැසි වලදී, දියවන මට්ටමට වඩා හිම පතනයක් ඇති විය හැකි අතර එහිදී ජල බිංදු අධි සිසිලනය වන අතර අනෙකුත් වලාකුළු අංශු හෝ දූවිලි අංශු වැනි සුන්බුන් සමඟ සම්බන්ධ වන විට ක්ෂණිකව කැටි විය හැක. Sleet, අයිස් පෙති (ice pellets) ලෙසද හැඳින්වේ.
Hail යනු අයිස් කැට (Hailstone) මතුපිටට කැටි වන ජල එකතුව හරහා ඉතා විශාල ප්‍රමාණවලට වර්ධනය විය හැකි වර්ෂාපතනයකි. අයිස් කැට (Hailstones) ආරම්භ වන්නේ ඉතා කුඩා ප්‍රමාණවලින් වන අතර ඒවාට graupel හෝ sleet ඇතුළත් වන අතර පසුව ප්‍රමාණයෙන් වර්ධනය වේ. Hailstones වලට විවිධ හැඩයන් තිබිය හැකිය . Hailstones අවම වශයෙන් අඟල් 0.2 ප්‍රමාණයෙන් යුතු වේ.
ඒ අනුව, Hailstorms මගින් සැලකිය යුතු අයිස් කැට ප්‍රමාණයක් පොළොව මත ඉතිරි වූ අතර, එය කාන්තාරයේ වැලි මතුපිට හිම පතනයක් ලෙස දෘශ්‍යමාන විය. මෙම දෘශ්‍ය ආචරණය බොහෝ විට වීඩියෝ සහ ඡායාරූපවල මතු කර ඇති අතර, එය සමාජ මාධ්‍යවල පුලුල්ව පැතිරුනු වැරදි අර්ථකථනයට මග පාදන ලදී.
අරාබි අර්ධද්වීපයේ ආන්තික කාලගුණය පිළිබඳ විශ්ලේෂණය
සෞදි අරාබියේ ටබුක් වැනි කඳුකර ප්‍රදේශවලත පතිතවන හිම ගැන අසා තිබුණද, සාමාන්‍ය උෂ්ණත්වය අනුව අල්-ජව්ෆ් වැනි පහත් කාන්තාර ප්‍රදේශවල හිම පතනය දැකිය නොහැකි තරම්ය. කෙසේ වෙතත්, අරාබි අර්ධද්වීපයේ මෑත වසරවලදී දුර්ලභ Hailstorms, අධික වර්ෂාව සහ හදිසි ගංවතුර ඇතුළුව නිතර නිතර ආන්තික කාලගුණික සිදුවීම් අත්විඳිමින් සිටී. ඒ පිළිබද විස්තර මෙතනින් කියවන්න
දේශගුණ විද්‍යාඥයන් යෝජනා කරන්නේ මෙම අසාමාන්‍ය කාලගුණ රටා කලාපීය කාලගුණික රටා වෙනස් වීමට සහ ආන්තික සිදුවීම් සංඛ්‍යාතය වැඩි කිරීමට හේතු වන පුළුල් දේශගුණික විපර්යාස බලපෑම් සමඟ සම්බන්ධ කළ හැකි බවයි.ඒ පිළිබද විස්තර මෙතනින් සහ මෙතනින් කියවන්න
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
නිගමනය
සෞදි අරාබියේ අල්-ජාව්ෆ් කාන්තාරය හිම සහිත ආශ්චර්යමත් දේශයක් බවට පත් වූ බවට අඟවන සටහන් සැබෑ දර්ශන මත පදනම් වූ නමුත් එය හිම බව ප්‍රකාශ කිරීම නොමඟ යවන සුළුය. උතුරු සෞදි අරාබියේ අල්-ජාව්ෆ් ප්‍රදේශය දුර්ලභ කාලගුණික සිදුවීමක් අත්විඳින අතර, එහි කාන්තාර ආවරණය කළේ හිම නොවේ. කලාපය සැලකිය යුතු Hailstorms වර්ෂාවකට ගොදුරු වූ අතර, කාන්තාරයේ සමහර කොටස් හිමෙන් වැසී ඇති බවක් බැලූ බැල්මට පෙනෙන්නට තිබුණි. අයිස් කැට (Hailstones) හා හිම (Snow) වල ඇති කැපී පෙනෙන සමානකම පුලුල්ව පැතිරුනු වැරදි මතයක් ඇති කර ඇත.

Title:සෞදි අරාබියේ අල්-ජව්ෆ් (Al-Jawf) කාන්තාර ප්‍රදේශයට සිදුවූ බව කියූ “හිම පතනය” පිළිබද කරුණු පැහැදිලි කිරීමක් !!
Fact Check By: Rashmitha DiuwyanjaliResult: Misleading
