දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
මසා නිම කළ පාසල් නිල ඇඳුම් සිසුන්ට ලබාදීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය තුළ කතාබහක් නිර්මාණය වී තිබෙනවා. එබැවින් අප ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):
එළඹෙන වසරේ සිට එනම් 2025 වසරේ සිට පාසල් නිල ඇඳුම් රෙදි වෙනුවට, මසා නිම කළ ඇඳුම් ලබාදෙන බවට පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ මේ අයුරින්.
තවත් එවැනි පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්.
සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී ඇති මෙම පුවත් වලට අනුව ලබන වසරේ සිට එනම් 2025 වසර සඳහා මසා නිම කළ පාසල් නිල ඇඳුම් සිසුන්ට ලබාදෙනවා ද යන්න අප සොයා බැලීමක් කළේ මේ අයුරින්.
Explainer (කරුණු පැහැදිලි කිරීම) :
රජය විසින් පාසල් සිසුන් සඳහා විවිධ ප්‍රදානයන් සිදුකරමින් පාසල් අධ්‍යාපනයෙ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට උත්සහ කරන අතර පාසල් නිල ඇඳුම් ලබාදීම ද එම ප්‍රදානයන් අතර ප්‍රමුඛ වී තිබෙනවා.ඒ අනුව සෑම වසරම පාසල් සිසුන් සඳහා රජය විසින් පාසල් නිල ඇඳුම් ලබාදීම සිදුකරනවා. එහිදී සාමාන්‍ය ක්‍රමවේදය යටතේ සිදුවූයේ සිසුන්ට පාසල් නිල ඇඳුම් මසා ගැනීම සඳහා අවශ්‍ය රෙදි ලබාදීමයි.
කාලයෙන් කාලයට පත්වන විවිධ ආණ්ඩු විසින් ගන්නා නව තීරණ අනුව මෙම පාසල් නිල ඇඳුම් ලබාදීමේ ක්‍රමවේදයේ වෙනස්කම් සිදු වූ අවස්ථා ද පවතිනවා. එනම් 2019 වසරේ නිල ඇඳුම් මිලදී ගැනීම සඳහා සිසුන්ට තිලිණපත් ලබාදීමක් සිදුවීම එවැනි අවස්ථාවකි. පසුව නැවතත් පාසල් නිල ඇඳුම් සඳහා රෙදි ලබාදීම සිදුවුණා.
ඒ අනුව මේ දිනවල ද පාසල් නිල ඇඳුම් ලබාදීමේ ක්‍රමවේදයේ වෙනසක් සම්බන්ධයෙන්, එනම් මසා නිම කළ පාසල් නිල ඇඳුම් සිසුන්ට ලබාදීමේ ක්‍රමවේදයක් පිළිබඳව පුවත් වාර්තා වී තිබුණේ මේ අයුරින් සහ මේ අයුරින්.
මෙම පුවත් සඳහා පසුබිම් වී ඇත්තේ, නව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පසුගිය 6 වනදින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති, ජාතික අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත සම්මාන ප්‍රදානෝත්සවයේදී සිදුකළ ප්‍රකාශයකි.
මෙම උත්සව සභාව අමතමින් අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ, පාසල් සිසුන් සඳහා ලබාදෙන නිල ඇඳුම් රෙදි මෙවර චීනයෙන් නොමිලේ ලැබුණු බවයි. නමුත් ලබන වසරේ සිට මෙලෙස නිල ඇඳුම් රෙදි පමණක් ලබා නොදී මැසූ නිල ඇඳුම් ලබාදීමට බලාපොරොත්තුවන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරනු ලබනවා. අමත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ, මේ පිළිබඳව පේෂ කර්මාන්ත පර්යේෂණ ආයතනයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන බව සහ ඒ අනුව පේෂ කර්මාන්ත ශිල්ප්පින් ද සහභාගී කරවා ගනිමින් මසා නිම කල පාසල් නිල ඇඳුම් ලබාදීමට බලාපොරොත්තු වන බවයි.
කෙසේ වෙතත් ලබන වසර සඳහා තව ඇත්තේ ඉතා කෙටි කාලයක් බැවින්, පාසල් නිල ඇඳුම්,2025 වසර සඳහා එවැනි ක්‍රියාවලියක් ඔස්සේ ලබාදීම ප්‍රායෝගික නොවන බැවින්, ලබන වසරේ සිට මසා නිම කළ පාසල් නිල ඇඳුම් ලබාදෙන බවට යන ප්‍රකාශයෙන්, අමාත්‍යවරයා අදහස් කරන්නේ, 2025 වසර සඳහා මෙම මැසූ නිල ඇඳුම් ලබාදෙන බවට ද යන්න තහවුරු කර ගැනීම සඳහා අප ඒ පිළිබඳව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගෙන් විමසීමක් කළා.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය අප වෙත පැවසුවේ, මසා නිමකළ පාසල් නිල ඇඳුම් ලබන වසරේ සිට එනම් 2025 වසරේදී ලබාදීමක් සිදු නොවන බවයි.
මසා නිම කළ ඇඳුම් සිසුන්ට ලබාදීමට සැලසුමක් පවතින අතර එය 2026 වසරේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව එම මහත්මිය වැඩිදුරටත් පැවසුවා.
ඒ අනුව මෙම මසා නිම කළ පාසල් නිල ඇඳුම් ලබාදීම 2025 වසර සඳහා ක්‍රියාත්මක නොවන බව පැහැදිලි ය.
පාසල් නිල ඇඳුම් චීනයෙන් නොමිලේ ලබාදීම
2025 වර්ෂය සඳහා පාසල් හා පිරිවෙන් සිසුන් වෙත නොමිලේ නිල ඇඳුම් ලබා දීම සඳහා අවශ්‍ය සම්පූර්ණ රෙදි ප්‍රමාණය නොමිලයේ මෙරටට ලබා දීමට චීන රජය එකඟ වී ඇති බව 2024.11.6 වන දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකදී හිටපු මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළා.
2025 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි මුළු අවශ්‍යතාව රෙදි මීටර මිලියන 11.82ක් පමණවන බවත්,නොවැම්බර් මාසයේ අග වනවිට එහි පළමු තොගය මෙරටට ලැබෙන බවත්, දෙසැම්බර් මාසයේ ඉතිරි තොගය ලැබෙන බවත් ඒ මහතා එම මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළා.
2025 වසර සඳහා පාසල් නිල ඇඳුම් 100%ක් ම චීන ප්‍රදානයක් ලෙස ලැබුණේ තමාගේ මැදිහත්වීමෙන් බව පසුගිය දා හිටපු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා ප්‍රකාශ කරනවා. එම මහතා පෙන්වාදෙන්නේ 2023 වසර සඳහා චීන රජයෙන් 70%කුත්, 2024 වසර සඳහා 80%ක රෙදි ප්‍රදානයකුත් පාසල් නිල ඇඳුම් සඳහා චීන රජයෙන් ලබාදීම සිදු වූ බවයි.
මෙලෙස 2025 වසර සඳහා සම්පූර්ණයෙන් ම චීන රජයෙන් නොමිලේ පාසල් නිල ඇඳුම් ලබාදීමෙන් රුපියල් බිලියන හයක් රජයට ඉතුරු වන බව ද හිටපු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරනු ලැබුවා. එම පුවත මෙතනින්.
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
නිගමනය (Conclution)මසා නිම කළ ඇඳුම් ලබාදීම 2025 වසර සඳහා සිදු නොවන අතර එලෙස නිමි ඇඳුම් ලබාදීම 2026 වසරේ සිට ලබාදීමට සැලසුමක් තිබෙන බවටයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරන්නේ.

Title:මසා නිම කළ පාසල් නිල ඇඳුම් ලබන වසරේ සිට ලැබෙන්නේ නැහැ!
Written By: Fact Crescendo TeamResult: Insight
