දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව බොහෝ කාලයක සිට කතාබහට ලක්වෙන මාතෘකාවක් වුවත් මේ වන තෙක් එය යතාර්ථයක් වී නෑ. පසුගිය රජයේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ද මෙම අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ පිළිබඳව සඳහන් කළ අතර අධ්‍යාපන අමාත්‍යංශයෙන් ද අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කර තිබුණා.
එම අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ 2025 වසරේ සිට ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තුවන බව ද සඳහන් කර තිබුණා. මේ වන විට නව අධ්‍යපාන අමාත්‍යවරිය ලෙස අගමැතිණි හරිනි අමරසූරිය කටයුතු කරන අතර පසුගිය රජයෙන් ඉදිරිපත්ව ඇති අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ යෝජනා පිළිබඳව එතුමිය ගෙන ඇති තීරණයක් බව දක්වමින් සංසරණය වන සමාජ මාධ්‍ය සටහනක් අපට නිරීක්ෂණය වුණා. ඒ අනුව අප ඒ පිළිබඳව විමසා බැලීමක් සිදුකිරීමට පියවර ගනු ලැබුවේ මේ අයුරින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):
සමාජ මාධ්‍ය සටහනක දැක්වුණේ පැවති රජය විසින් යෝජනා කර තිබූ සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් 7ක් දක්වා අඩු කිරීමේ තීරණය 2025 වසරේදී හෝ ඉන් පසුව ක්‍රියාත්මක නොකරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය දැනුම්දී ඇති බවයි.
තවත් එවැනි සමාජ මාධ්‍ය සටහනක් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.
වට්ස් ඇප් ඔස්සේ ද එම සටහන හුවමාරු තිබුණේ මෙලෙසින්.
Fact Check (කරුණු විමර්ශණය)
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර (අ.පො.ස.) සාමාන්‍ය පෙළ (සා.පෙළ) සහ උසස් පෙළ (උ.පෙළ) විභාග ඇතුලු යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිහිපයක් පිළිබඳව මෙම වසරේ එනම් 2024 වසරේ මාර්තු මාසයේදී ප්‍රකාශයට ප්‍රකාශයට පත් කර තිබූ අතර එම අවදියේ ප්‍රවෘත්ති වාර්තා තුළ මේ බව සඳහන්ව තිබුණා. එවක අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ද ඒ බව සඳහන් කිරීම් සිදුකර තිබුණා. විශේෂයෙන් සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබූ ප්‍රතිසංස්කරණ පිළිබඳව බොහෝදෙනාගේ අවදානය යොමුව තිබුණා. එම පුවත් මෙතනින්, මෙතනින් සහ මෙතනින්. BBC සිංහල මඟින් මෙම අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාකරණයක් දක්වා තිබූ අතර එහි සඳහන්ව තිබෙන්නේ, මෙම අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ, 2023 වසරේ දෙසැම්බර් 5 වන දා පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අය-වැය සඳහා 2023 වර්ෂයේ ප්‍රගතිය හා 2024 වර්ෂයේ සැලසුම් ඉදිරිපත් කිරීමේ අවස්ථාවේදී ද සඳහන් කළ බවයි.
ඒ අනුව මෙම සියලු පුවත්වල කරුණු සලකා බැලීමේදී එම අධ්‍යාපනික ප්‍රතිසංස්කරණවල,
- සාමාන්‍ය පෙළ විෂයයන් හතකට සීමා කිරීම.
- එම විෂයයන් 7 තුළ තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණය (ICT), තාක්ෂණික හා වෘත්තීය කුසලතා සහ ආගමික හා සාරධර්ම යන විෂයයන් ත්‍රිත්වය හැදෑරීම අනිවාර්ය කිරීම.
- A, B සහ C ශ්‍රේණි වෙනුවට ශ්‍රේණියේ ලකුණු සාමාන්‍ය (GPA) ලබා දීම සහ කිසිදු සිසුවෙකු විභාගය අසමත් නොවන බව සහතික කිරීම.
- උසස් පෙළ විභාගය සඳහා “අධ්‍යාපනය” නමින් නව විෂයක් හඳුන්වා දීම.
- අඩු ලකුණු ලැබූ සිසුන් සඳහා වෘත්තීය පාඨමාලා පිරිනැමීම.
- උසස් පෙළ විෂය ධාරා සංඛ්‍යාව 8ක් හෝ 9ක් දක්වා වැඩි කිරීම.
- දැනට පාසල්වල ක්‍රියාත්මක 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඇති ශ්‍රේණි ගණන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 12වන ශ්‍රේණිය දක්වා අඩු කිරීම.
- 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පාසල් පාදක ඇගැයීම්වලින් යම් ප්‍රතිශතයක් ද, විභාග මගින් යම් ප්‍රතිශතයක් ද ලෙස ලකුණු ලබා දීම.
යන අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත්ව ඇති බවයි.
මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා පාසල් විෂය ධාරාවෙන් සෞන්දර්ය විෂයයන් ඉවත් කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වන බවට ඇතැම් පාර්ශව චෝදනා කළ නමුත් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව සෞන්දර්ය විෂයයන් සාමාන්‍ය පෙළ අධ්‍යාපනයේ එය අත්‍යවශ්‍ය අංගයක් බව සඳහන් බවයි BBC සිංහල වාර්තා කර තිබුණේ.
එමෙන් ම සාමාන්‍ය පෙළ විභාගයට අදාළ අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ 2025 වසරේ සිට ක්‍රියාත්මක වන අතර 2026 වසරේදි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා මෙම නව වෙනස්කම් ඇතුළත් කර විභාග පවත්වන බවයි පුවත්වල සඳහන්ව ඇත්තේ.
ජාතික අධ්‍යාපන ආයතනය (NIE)
සාමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන ලෙස පසුගිය රජය පැවති අවදියේ ඉදිරිපත් වූ අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ ලබන වසරේ (2025) හෝ ඉන් පසු ක්‍රියාත්මක නොකරන්නේ ද යන්න පිළිබඳව අප, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡාවලට සෘජුවම සම්බන්ධ වන NIE හි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් විමසීමක් සිදුකළ අතර ඔහු සඳහන් කළේ,
පසුගිය රජය විසින් යෝජනා කරන ලද ප්‍රතිසංස්කරණ මේ වන විට නව අදියරකින් සමාලෝචනය වෙමින් පවතින බවයි. ඒ පිළිබඳව සාකච්ඡා සිදුවෙමින් පවතින නමුත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
අධාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්
අධාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්.ජී.එස්.එන් කලුවැව මහතාගෙන් ද අප විමසීමක් කළ අතර ඔහු අප වෙත පැවසුවේ, පෙර රජය සමයේ ඉදිරිපත්ව ඇති අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ යෝජනා ප්‍රතික්ෂේප කර නොමැති අතර එය ඒ ආකාරයෙන් ම ක්‍රියාත්මක කිරීමේ ගැටලු සහ ඒ සම්බන්ධව නැවත සමාලෝචනයක් සිදුකරමින් පවතින බවයි. අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ යෝජනා එකවර ක්‍රියාත්මක කළ නොහැකි දෙයක් වන බැවින් ඉදිරිපත්ව ඇති යෝජනා පිළිබඳව තවදුරටත් සාකච්ඡා මට්ටමේ පවතින බවයි ඔහු පවසන්නෙ.
අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය අංශය
අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය අංශයෙන් ද අප කළ විමසීමේදී සඳහන් කළේ අධ්‍යපනික ප්‍රතිසංස්කරන සිදුකිරීම සඳහා නව සාකච්ඡා වටයක් ක්‍රියාත්මක වන බවයි.
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
නිගමනය (Conclution)
අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ, පසුගිය රජය සමයේ ඉදිරිපත්ව ඇති අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ නව රජය විසින් එලෙසින් ම ක්‍රියාත්මක නොකරන අතර ඒවා සමාලෝචනය කර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් පවතින බවයි.

Title:පසුගිය රජය සමයේ ඉදිරිපත් වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා අගමැති හරිනි අත්හිටවූවා ද?
Written By: Fact Crescendo TeamResult: Insight
