දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
කතානායකගේ උපාධි පිලිබඳ මතුවූ ප්‍රශ්නගත තත්වය යටතේ, වත්මන් ආණ්ඩුවේ තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේම උපාධි සහ සුදුසුකම් සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ මේ ගැන සංසරණය වන සටහන් සම්බන්ධයෙන් විමර්ශනය කර තහවුරු කර ගැනූ ලැබූ සහ නිල පාර්ශවයන් ලබාදුන් තොරතුරු සමගින් සැකසූ වාර්තාවක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
නාගරික සංවර්ධන අමාත්‍ය අනුර කරුණාතිලක සිය අමාත්‍යාංශ වෙබ් අඩවියේ සඳහන් කර තිබූ ‘හොර මහාචාර්ය පට්ටම’ දැන් ඉවත් කර ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වී තිබුණා.
මේ අතර අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සම්බන්ධයෙන් ද, තව ත් සටහනක් පළ වෙමින් සඳහන් කර තිබුණේ, ආචාර්ය ලෙසින් සඳහන් කර තිබූ ඔහුගේ නමින් ආචාර්ය ලෙස හැඳින් වූ කොටස ඉවත් කර ඇති බවයි.

එසේම ඉහත නම් කළ අමාත්‍යවරුන්ට අමතරව නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා මෙන් ම, බලශක්ති අමාත්‍ය කුමාර මහතාගේ ද සුදුසුකම් විමසු සටහන් ද, මෙලෙසින් පළ වී තිබුණා.

එමෙන් ම රිස්වි සාලි මහතා විශේෂඥ වෛද්‍යවරයෙක් බවට ඔහු ඇතුලු මාලිමාව ප්‍රවාර්ධනය කළත්, ඔහු සාමාන්‍ය වෛද්‍යවරයෙක් බවට හෙළි වී ඇති බවට දක්වමින් සටහන් ද, සංසරණය වුණේ මෙෙලසින්.

මෙලෙසින් පළ වන සටහන් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කිරීමට අප පියවර ගනු ලැබුවේ මේ අයුරින්.
Explainer (කරුණු පැහැදිලි කිරීම):
පාර්ලිමේන්තු කථානායක අශෝක රන්වල මහතාගේ ආචාර්ය උපාධිය හා ඔහු මොරටුව විශ්වවිද්‍යාලයෙන් ලබා ගත් බවට පැවසූ උපාධියත් සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් පැන නැගීමෙන් පසුව, ආචාර්ය, මහචාර්යය, වෛද්‍ය, ඉංජිනේරු යනාදී සුදුසුකම් යටතේ හැඳින්වූ අනෙකුත් ජාතික ජන බලවේග ආණ්ඩුවේ ආමාත්‍යවරුන් සම්බන්ධයෙන් තොරුතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පළ වීම ආරම්භ විය.
මේ නම් අතර ඇතැම් අමාත්‍යවරුන් සම්බන්ධයෙන් නිල තොරතුරු අදාළ විශ්වවිද්‍යාල වලින් ලබා ගැනීමට අප උත්සහ දැරූ අතර බොහොමයක් විශ්වවිද්‍යාල මෙන් ම ඒ හා සම්බන්ධ නිල ආයතන ද, පුද්ගලයන් ද තොරතුරු ලබා දීමෙන් වැළකී සිටියහ.
ඒ අනුව පහතින් පළ කරන ලද්දේ, මේ වන විට අප වෙත තහවුරු වූ තොරතුරු ලබා ගැනීමට හැකි වූ අමාත්‍යවරුන් සම්බන්ධ තොරතුරු බවට අප පසක් කරන්නෙමු.
නාගරික සංවර්ධන අමාත්‍ය අනුර කරුණාතිලක
නාගරික සංවර්ධන අමාත්‍ය අනුර කරුණාතිලක සම්බන්ධයෙන් නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ සඳහන් කර තිබුණේ, මහචාර්ය ලෙස බව බොහෝ සමාජ මාධ්‍ය සටහන්වලින් පෙන්වා දී තිබු අතර අමාත්‍යවරයා සම්බන්ධ පුවත් ලිපි වල ද, ආචාර්ය අනුර කරුණාතිලක ලෙස හඳුන්වා තිබෙනු දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත් මේ වන විට අමාත්‍යංශ නිල වෙබ් අඩවියේ, අමාත්‍යවරයාගේ නම ඉදිරියෙන්, තනතුරක් නොමැතිව නම පමණක් සඳහන් කර ඇති බව ක් දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත් ජාතික ජන බලවේගයේ වෙබ් අඩවියේ ජාතික ලැයිස්තුවේ ද, ආචාර්ය අනුර කරුණාතිලක ලෙසින් සඳහන් වී තිබු අතර, මෙහිදී කැලණි විශ්වවිද්‍යාලයේ, ගණිතය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලෙසින් ද, සඳහන් කර ඇති බව දක්නට ලැබූ බැවින් අප මේ පිළිබඳව ද, පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා.

candidate.npp.lk/national list
අමාත්‍යවරයා ලෙස පත් වීම සිදු කරන අවස්ථාවේදී ද, ඒ මහතා අචාර්ය ලෙසින් හඳුන්වා දී තිබෙනුද, අප ට දක්නට ලැබුණේ මෙලෙසින්.

Facebook | Archived Link Facebook | Archived Link
කැළණි විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ දෙපාර්තමේන්තුව
අමාත්‍ය කරුණාතිලක මහතාට ආචාර්ය උපාධියක් තිබෙනවා ද යන්න සම්බන්ධයෙන් සහ ඒ මහතා ට මහචාර්ය ලෙස හැඳින්වීමක් විශ්වවිද්‍යාලය තුල දී සිදු කරනු ලබනවා ද, යන්න පිළිබඳ විමසීමට අප කැළණි විශ්වවිද්‍යාලයේ, ගණිත අංශයේ දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා.
ඔවුන් පෙන්වා දුන්නේ, අනුර කරුණාතිලක මහතා එම දෙපාර්තමේන්තුවේ සිටි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් බවයි. එමෙන් ම එම මහතාට විශ්වවිද්‍යාලය තුළ දී ද, හැඳින්වූයේ Mr. Anura Karunthailaka යන නමින් බවත්, ශිෂ්‍යයන් විසින් කථිකාචාර්යවරුන් බොහෝ අවස්ථාවල දී ගුරුවරුන් යන අර්ථයෙන් ආචාර්ය ලෙසින් පවසන බවත්, නමුත් විශ්වවිද්‍යාලයේ දී හෝ ආචාර්ය හෝ මහචාර්ය ලෙසින් අනුර කරුණාතිලක මහතා පෙනී නොසිටි බවත් ඔවුන් තහවුරු කර සිටිනවා.
කෙසේ වෙතත් ඒ මහතා සිදුකළ පර්යේෂණයන් පවතින බවත්, ඔහු යටතේ ඉගෙන ගනු ලැබූ ශිෂ්‍යයන්ගේ පර්යේෂණ වාර්තා ද, ඇගයීම් වලට ලක් ව ඇති බව ත්, ඔවුන් පවසනවා. මේ වන විට කැළණි විශ්වවිද්‍යාලයේ, ගණිත අංශයේ, ආචාර්ය(Dr) වරුන් සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයින් පමණක් සිටින බව ත්, මහචාර්යවරුන් (Prof.) නොසිටින බවත්, වැඩි දුරටත් සඳහන් කළා.
ඒ බවට අප එම දෙපාර්තමේන්තුවේ වෙබ්අඩවිය හරහා ද, පරීක්ෂා කිරීමෙන් සනාථ වනවා.
කැළණි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ අමාත්‍යවරයා සම්බන්ධයෙන් දක්වා ඇති තොරතුරු වල මහචාර්ය ලෙසින් සඳහන් වී නොතිබුණු බව ත්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (ශ්‍රේණිය – 1) ලෙසින්, මෙලෙසින් දක්නට ලැබෙනවා.

තව ද, ඔහුගේ ශාස්ත්‍රපති උපාධිය ජර්මනියේ Kaiserslautern විශ්වවිද්‍යාලයෙන් සහ විද්‍යාවේදී උපාධිය කැළණි විශ්වවිද්‍යාලයෙන් හදාරා ඇති බව ද, සඳහන් වේ.
එමෙන් ම, කරුණාතිලක මහතා විසින් සිදු කරන ලද, පර්යේෂණ සහ තෝරාගත් ප්‍රකාශන ද, එහි පළ කර තිබුණෙු දක්නට ලැබුණා.
නමුත්, බොහෝ පිළිගත් පරියේෂණ පත්‍රිකා ඇතුළත් කර ඇති Google Scholar වලද, ඔහු ආචාර්ය ලෙසින් හඳුන්වා දීමක් නොමැති වුවද, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුර කරුණාතිලක මහතාගේ නම සහ පර්යේෂණ පත්‍රිකා දැක ගන්නට ලැබෙනවා.

සම්පූර්ණ පර්යේෂණ පත්‍රිකා වාර්තාව මෙතනින්. Archived Link
මේ අනුව අමාත්‍යවරයා නිබන්ධන, පර්යේෂණ වාර්තා ඉදිරිපත් කර ඇති බැවින්, ආචාර්ය උපාධිය ලබා ගැනීමට සූදානම්වනවා ද, යන්න පිළිබඳ විමසීමට අප අමාත්‍යවරයා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගැනීමට අප උත්සහ කළ ත්, තවමත් අපට ඒ සඳහා ඉඩ ප්‍රස්ථාව නොලැබුණු බැවින් ඔහු පිළිතුරක් ලබා දෙන්නේ නම් ඒ සමගින් මෙම ලිපිය යාවත් කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.
අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර
අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී අමාත්‍යවරුන්ගේ දිවුරුම් දීම් සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනය වෙත අපගේ අවධානය යොමු කරනු ලැබුවා.
එහිදී අධිකරණ සහ ඒකාබද්ධතා අමාත්‍ය ලෙසින් නීතිඥ හර්ෂ නානායක්කාර මහතා පත් කළ බව ට දක්වා තිබුණත්, එහි ආචාර්ය ලෙසින් ඔහු හඳුන්වා දී නොතිබුණු බව දැක ගන්නට ලැබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ ද, පත් වූ අමාත්‍යවරුන් සම්බන්ධයෙන් සටහනක් පළ කර තිබූ අතර අධිකරණ අමාත්‍ය නීතිඥ ලෙස පමණක් සඳහන් කර තිබෙනු දක්නට ලැබේ.

එමෙන් ම අධිකරණ අමාත්‍ය ලෙස අමාත්‍යවරයා දිවුරුම් දීම සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය පුවත් ද වාර්තා කර තිබූ අතර එහිදී ද, අමාත්‍යවරයා ආචාර්ය නොව නීතිඥ ලෙසින් හඳුන්වා දී ඇති බව දැක ගන්නට ලැබෙනවා.
![]()
|
![]()
|
![]()
|
එමෙන් ම අමාත්‍යවරයා එම අමාත්‍යාංශයේ වැඩ භාර ගන්නා අවස්ථාවේ අමාත්‍යාංශය විසින් දක්වා තිබූ ෆේස්බුක් සටහනක ද, අමාත්‍යවරයා නීතිඥ ලෙසින් පමණක් හඳුන්වා දී ඇති බව දක්නට ලැබෙන්නේ මෙලෙසින්.
අධිකරණ අමාත්‍යාංශයේ පළ වූ පුවත් වලද , අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා නීතිඥ ලෙසින් හඳුන්වා තිබෙනු ද, දක්නට ලැබෙන අතර ආචාර්ය ලෙසින් එහිදී ද, සඳහන් වී නොතිබුණි.

එමෙන් ම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත් වීමට පෙර ද, හර්ෂණ නානායක්කාර මහතා විසින් ඔහු නීතිඥ විනා, ආචාර්ය ලෙසින් හැඳින්වීමක් කර නොතිබුණු බවට දක්නට ලැබේ.

මේ හේතුවෙන් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ආචාර්ය ලෙසින් සඳහන් කර තිබීම හේතුවෙන් අප මේ පිළිබදය පාර්ලිමේන්තු මාධ්‍ය අංශයෙන් විමසීමක් කළ අතර, ඔවුන් සඳහන් කළේ, අමාත්‍ය හර්ෂණ නානායක්කාර සම්බන්ධයෙන් ආචාර්ය ලෙසින් පළ කර ඇත්තේ වැරදීමකින් බවයි.
එමෙන් ම තවත් අමාත්‍යවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ සුදුසුකම් පරීක්ෂා කරමින් පාර්ලමේන්තු වෙබ් අඩවිය යාවත්කාලීන කරමින් සිටින බව යි ඔවුන් පැවසුවේ.
මෙලෙසින් මන්ත්‍රීවරුන් අමාත්‍යවරුන් සම්බන්ධයෙන් ඔවුන් විසින් ලබා දී ඇති තොරතුරු මත නොවෙද පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඔවුන් සම්බන්ධ තොරතුරු ඇතුළත් කර ඇත්තේ යන්න පැනයද අප ඔවුන් වෙත යොමු කළ ත්, ඔවුන් පැවසුවේ නැවත එම තොරතුරු පරීක්ෂා කරමින් යාවත්කාලීන කරන බව පමණකි.
මේ ගැන අද(13) දිනයේ පාර්ලිමේන්තු මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සම්බන්ධව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ආචාර්ය ලෙස සඳහන් කර තිබීම අතපසුවීමකින් සිදු වූ බව ත්, අමාත්‍යවරයා විසින් ලබා දුන් තොරතුරු පත්‍රිකාව් ආචාර්ය ලෙසින් සඳහන් වී නොතිබුණු බව ත්ය. එම නිවේදනය පහතින්.

නියෝජ්‍ය කථානායක රිස්වි සාලි
නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ වෛද්‍ය ලෙසින් හඳුන්වා දී තිබෙනවා.

මෙහි දක්වා ඇති පරිදි රිස්වි සාලි මහතා ආචාර්ය ලෙසින් බොහෝ දෙනෙකු උපකල්පනය කර තිබුණ ද, මෙහි දක්වා ඇත්තේ, ඒ මහතා වෛද්‍යවරයෙකු බවයි.
කෙසේ වෙතත් ඔහු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයකුද, යන්න පිළිබඳ අප පරීක්ෂාවට ලක් කළා ඒ අනුව, ඔහු Act 15 යටතේ, ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලයේ MBBS උපාධිධාරියෙක් බව පහත පරිදි දැක ගන්නට ලැබෙනවා.

එමෙන් ම ඔහු විසින් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කරමින් මේ සම්බන්ධයෙන් පැහැදිලි කර තිබුණේ, තමන් 1986 දී සම්පූර්ණ කරන ලද පකිස්ථානයේ මුල්තාන් හි නිෂ්තාර් වෛද්‍ය විද්‍යාලයෙන් MBBS උපාධියක් ද, කොළඹ විශ්ව විද්‍යාලයෙන් Laryngo Otorhinology (DLO) පිළිබඳ ඩිප්ලෝමාවක් ද ලබා ඇති බවයි.
එමෙන් ම තමන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයකු වන අතර වසර 38ක් වෛද්‍ය වෘත්තියේ යෙදී සිටින බව ත්, දක්වා තිබුණේ මෙලෙසින්.

තවද නියෝජ්‍ය කතානායකගේ වෛද්‍ය සුදුසුකම් ගැන තවදුරටත් පැතිරෙමින් තිබු සටහන් ගැන පැහැදිලි කිරීමක් ලබාදෙමින්, විකලාංග ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙකු වන වෛද්‍ය නරේන්ද්‍ර පින්ටෝ පවසා සිටින්නේ, Dr.Rizvie Salih ජාතික රෝහලේ විකලාංග ඒකකයේ 1994 සිට 1998 දක්වා සිය වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමේ වටිනා සාමාජිකයෙක් වූ බවයි.
අනතුරුව වෛද්‍ය රිස්වි කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනය මගින් පවත්වනු ලබන Otolaryngology ඩිප්ලෝමා පාඨමාලාව ලබාගත් බවත්, කෙටි කලකට නුවරඑළිය රෝහලේ වැඩබලන ENT ශල්‍ය වෛද්‍යවරයා ලෙසත් කටයුතු කළ බවත්, පසුව පවුලේ බැඳීම් මත රජයේ සේවයෙන් ඉවත් වීමට සිදු වූ බවත් ඇතුළු විස්තරයක් පළකර තිබුනේ මෙලෙසින්.

එමෙන් ම ඒ මහතා නියෝජ්‍ය කථානායක ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ ද, ඔහු වෛද්‍ය ලෙස පමණක් දක්වා තිබුණා.

එම සම්පූර්ණ නිවේදනය මෙතනින්.
එමෙන් ම පසුගිය නොවැම්බර් මස පාර්ලිමේන්තුව නිල ෆේස්බුක් පිටුව මගින් පළ කරන ලද සටහනින් ද, ඔහු වෛද්‍ය ලෙස හඳුන්වා දී තිබුණා.

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ වදින අවස්ථාවේ ඔහු ඇතැම් සටහන් වල විශේෂඥ වෛද්‍ය ලෙසින් හඳුන්වා දී තිබෙනු මෙලෙසින් දැක ගන්නට ලැබෙනවා.
නමුත් බොහෝ අවස්ථා වල දී ඔහු වෛද්‍ය ලෙසින් හඳුන්වා ඇති බව මෙලෙසින්, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින් දැක ගන්නට ලැබෙනවා.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු විද්‍යා පීඨයේ ඉංජිනේරු විද්‍යාවේදී උපාධි වැඩසටහන පූර්ණ කාලීන නිත්‍ය ශිෂ්‍ය ලෙස සම්පූර්ණ කර ඇති බව සහතික කරමින් එම විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු විද්‍යා පීඨයේ ජේෂ්ඨ සහකාර රෙජිස්ට්‍රාර් විසින් ලිපියක් යොමු කර තිබුණේ මෙලෙසින්.
එමෙන් ම අප කළ විමසීමේදී බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ, තමන් ට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාවේදී උපාධියක් හිමි බව ත්, සමාජ මාධ්‍ය ඔස්සේ තමන් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සංසරණය වන බව ත් ය. අමාත්‍යවරයා අප වෙත ඔහුගේ උපාධි සහතිකයේ පිටපතක් ද, යොමු කරනු ලැබුවේ මෙලෙසින්.
එමෙන් ම අප මේ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් ද, විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ ද, අමාත්‍ය කුමාර ජයකොඩි මහතා එම විශ්විද්‍යාලයේ උපාධිධාරියෙක් බවයි.
Also Read : කථානායක අශෝක රංවලගේ උපාධි / ආචාර්ය උපාධිය පිළිබඳ දැනට ලැබී ඇති තොරතරු මත, කරුණු පැහැදිලි කිරීමක්!
අමාත්‍ය නලින්ද ජයතිස්ස, පශු වෛද්‍යවරයෙක් ද?
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok

Title:තවත් අමාත්‍යවරුන් කිහිපයකගේ උපාධි සම්බන්ධ පැහැදිලි කිරීමක්!
Written By: Pavithra SandamaliResult: Insight
