දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මවගේ ඡායාරූප, වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ අවධානයක් පසුගිය ජනාධිපතිවරණයේ සිටි යමු වී තිබුණා. මේ අතර ඇය අසනීප තත්ත්වයෙන් පසුවන බව ත්, ඇය බැලීමට ජනාධිපතිවරයා රෝහලට පැමිණීම පිළිබඳවත් කතා බහට ලක් වෙද්දී, ඒ් මව ලංකා හොස්පිට්ල් වෙතට ගුවන් යානයකින් රැගෙන ආ බවට පළ වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
අනුරාධපුර සිට නාරාහේන්පිට දක්වා රෝගියෙකු රැගෙන පැමිණි හෙලිකොප්ටරයේ සිටියේ කවුද.? යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණා.
එමෙන් ම එම වීඩියෝව දක්වමින් ජනාධිපති අනුර කුමාරගේ මව අනුරාධපුරය රෝහලේ සිට නාරහෙන්පිට පිහිටි Lanka Hospital වෙත ගෙන ආ අයුරු බවට දක්වමින් අර්ථකථනය කළ තව ත් සටහනක් පහතින්.
මෙහි නිරවද්‍යතාව සොයා කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට අප කටයුතු කළේ මේ අයුරින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මව අනුරාධපුර රෝහලේ අසනීප තත්ත්වයක් මත නවත්වා තිබීමත්, ජනාධිපති තම මවගේ සුව දුක් විමසීමට ගිය අවස්ථාවක ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක් වුණා. Archived Link
මේ අතර ජනාධිපතිගේ මව Lanka Hospital වෙත ගෙන ආ අයුරු බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝව හොඳින් පරීක්ෂාවට ලක් කළ කිරීමේදී ඉන් රෝගියෙක් ඉවත් කර ගන්නා අයුරු දක්නට නොලැබේ.
හදිසි ගලවා ගැනීමේ ඇඳුම් හැඳ ගත් පිරිසක් සහ කැමරා අතැති කණ්ඩායමක් ද, මෙහි දක්නට ලැබේ. ඒ අනුව කළ සොයා බැලීමේදී මෙම වීඩියෝවේ දැක්වෙන්නේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවීම් සහ ගලවා ගැනීමේ කණ්ඩායම විසින් Lanka Hospital ගොඩනැගිල්ලේ සිදු කළ පෙරහුරුවක් බවට දැක ගන්නට ලැබුණි.
Fire Rescue Team ජීවිත සුරකින ගුවන් විරුවෝ නිල ෆේස්බුක් පිටුවේ මේ සම්බන්ධයෙන් පළ වූ ඒම වීඩියෝව පහතින්.
ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීම් සහ ගලවාගැනීමේ සේවාව විසින් පසුගිය දෙසැම්බර් 16 දින ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් පීඑල්සී නාරාහේන්පිට හිදී Ariel Ladder Platform Operations, Rope Rescue Operations, Breathing Apparatus Operations සහ High-Rise Building Rescue (HRBR) ආදර්ශනය සමග SLAF ඒකාබද්ධ අභ්‍යාසය ප්‍රථම වරට ක්‍රියාත්මක කළ බවට දක්වා තිබුණා.
හදිසි ඉවත් කිරීමේ අභ්‍යාසයේ මූලික අරමුණ වූයේ හදිසි අවස්ථාවකදී ගුවන් හමුදා ගිනි නිවීම් සහ ගලවා ගැනීමේ සේවයේ සහ ලංකා හොස්පිට්ල්ස් කාර්ය මණ්ඩලයේ ප්‍රතිචාර දැක්වීමේ හැකියාවන් ඇගයීම සහ වැඩිදියුණු කිරීම බවට මේ සම්බන්ධයෙන් ගුවන් හමුදා පුවත් හි දක්වා තිබුණේ මෙලෙසින්.
එමෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා ද, මේ සම්බන්ධයෙන් පුවත් පළ කර තිබුණේ මෙලෙසින්.
මෙම පුහුණුව පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ වෙනත් කෝණයකින් පළ වූ තව ත්, වීඩියෝ මෙතනින් සහ මෙතනින්.
ගුවන් හමුදා ගලවා ගැනීමේ කණ්ඩායම
අප මේ පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගලවා ගැනීමේ කණ්ඩායමෙන් විමසීමක් කරනු ලැබුවා.
ඔවුන් සඳහන් කළේ, ලංකාව තුළ ඔ්නෑම වේලාවක ජීවිත අනතරට පත් වුණොත්, ඔ්නෑම අනතුරු අවස්ථාවක ජීවිත බේර ගන්න කණ්ඩායමක් ගුවන් හමුදාව සතුව සිටිනවා බවට පාඨමාලාවක් සිදු කළ බව ත්, එම පාඨමාලාවේ අවසාන ප්‍රායෝගික පුහුණුව පසුගිය 16 වන දා ගුවන් යානා භාවිත කර ගනිමින් රෝගින්ව රෝහල් ගත කරන එකත් රෝහලින් රෝගින්ව ඔ්නෑම ආරක්ෂිත ස්ථානයකට ගෙන යෑමේ හැකියාව පවතින බව ට ගුවන් හමුදාව විසින් සිදු කළ පුහුණුවක් බවයි ඔවුන් පෙන්වා දුන්නේ.
ආරක්ෂක අමාත්‍යාංශය
ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ, මාධ්‍ය හා මාධ්‍ය ප්‍රකාශක කර්නල් එම්. බී. බී. නලින් හේරත් මහතා ද, තහවුරු කළේ, මෙම වීඩියෝවේ දැක්වෙන්නේ, ගුවන් හමුදා ගැලවීමේ කණ්ඩායමක් විසින් සිදුකළ අභ්‍යාස පෙරහුරුවක් බවයි.
කෙසේ වෙතත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මව අනුරාධපුර ශික්ෂණ රෝහලේ මේ වන විට ප්‍රතිකාර ගන්නවාද යන්න එහි අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මව තවම ත්, එම රෝහලේ ප්‍රතිකාර ගන්නා බවයි.
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මව අනුරාධපුර රෝහලේ සිට නාරහෙන්පිට ලංකා හෝස්පිට්ල් දක්වා ගෙන ආ අයුරු බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වීඩියෝව නොමග යවන සුළු වීඩියෝවක් වේ. එම වීඩියෝවේ දැක්වෙන්නේ, ගුවන් හමුදා අභ්‍යාස පෙරහුරුවකි.
