ලුණු ආනයනය සම්බන්ධව පැතිර යන නොමගයවන සුළු සමාජ ජාලා සටහන් 

Misleading Social

Subscribe to our WhatsApp Channel

ලංකාව තුල ඇතිව තිබෙන ලුණු හිගය පිලිබදව මේ වන විට සමාජ ජාලාවල බොහෝ කතාබහ ඇතිව තිබෙනවා.මේ සමහරක් සමාජ ජාලා සටහන් නොමගයවන සුලුයි.අප මේ අවධානය යොමු කරන්නේ එවන් නොමගයවන සුළු සමාජ ජාලා සටහන් පිලිබදව.

සමාජ ජාලා සටහන්  

සමාජ ජාලා සටහන්වල “ටාටා” වෙලද ලකුණ  සහිත ලුණු පැකට්ටුවක් සමග දැක්වෙන්නේ එය ශ්‍රී ලංකා රජය ,මෑතකදී ලුණු පිටරටින් ආනයනය කිරීමට ගත් තීරණයත් අනුව  ආනයනය කල එකක් බවයි.

FB | Archived

මෙවැනි සටහන් සමාජ ජාලාවල බහුලව දක්නට ලැබුණා.

FB | Archived

මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Fact Check සත්‍ය කරුණු විමසා බැලීම 

මෙම සමාජ ජාලා සටහන්වල දැක්වෙන්නේ රජය මගින් පිරටවලින් ලුණු පැකට් / Processed Salt ආනයනය කිරීම ආරම්භ කර ඇති බවත්.එහි ටාටා සෝල්ට් ලයිට් ලුණු පැකට්ටුවක් දැක්වෙන නිසා ඒ පිලිබදව අප මුලින්ම විමසා බැලුවා.

TATA Salt Lite යනු කුමක්ද ?

ටාටා සෝල්ට් ලයිට් ලෙස හැදින්වෙන්නේ සෝඩියම් ක්ලොරයිඩ්  ප්‍රතිශතය සාමාන්‍ය ලුණු වලට වඩා 15% ක් අඩු ලුණු වර්ගයක්.අධි රුධිර පීඩනය ඇති පුද්ගලයන් සදහා භාවිතයට මෙය සකසා තිබෙනවා .නාගරික ප්‍රජාවගෙන් 40% ක් අධි රුධිර පීඩනයෙන් පිඩා විදින බවට පර්යේෂණවලින් අනාවරණය වී ඇති නිසා එයට අනුගතව අඩු ලවණ සාන්ද්‍රණයක් සහිතව මෙය නිෂ්පාදනය කර ඇති බවයි ටාටා වෙබ් අඩවියේ දැක්වෙන්නේ .ඒ සම්බන්ධ තොරතුරු මෙතනින් 

කෙසේ වෙතත් මෙම ලුණු වර්ගය ලංකාවේ සුපිරි වෙලදසල්වල විකිණීමට ඇතිද යන කාරණය කාගිල්ස් සහ කීල්ස් ,සුපිරි වෙළදසැල් කලමනකරවරුන්ගෙන් විමසා සිටියා. ඔවුන් පැවසුවේ එය 2020 ලුණු ආනයන තහනමට පෙරත් ,ඉන් පසුවත් තම වෙලදසල්වල නොපවතින බවයි. 

කෙසේ වෙතත් මෙම ටාටා ලුණු වර්ගය සමහර Online Stores වල විකිණීමට අතර  අතර ඒ මාර්ගයෙන් මෙම ලුණු මෙරටට වුවත් ගෙන්වීමේ හැකියාව පවතිනවා. ඔවුන් වසර ගණනක සිට එය සිදුකෙරෙනවා.එවැනි ඔන්ලයින් ස්ටෝර්ස් එකකට පිවිසිය හැකියි මෙතනින්.

2022 වසරේ සිට විවිධ ටාටා සෝල්ට් වර්ග ඔන්ලයින් ඇණවුම් හරහා ලංකාවට  ආනයනය කරන බවට සබැදියක් මෙතනින්.

මේ පිලිබදව අප රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ආනයන කලමනකාරවරයාගෙන් විමසු අතර ඔහුද සදහන් කර සිටියේ තමන් ටාටා සෝල්ට් ලයිට් ආනයනය නොකරන බව සහ එසේ ආනයනය කරන ආයතන සිටිය හැකි වුවත් එය සාමාන්‍ය සුපර් මාර්කට් වල විකිණීමට අවසර නොමැති බවයි. එය ෆාමසි වල විකිණීමට හැකියාවක් පවතින බවයි.

අප ෆාමසි වලින්ද මේ පිලිබදව විමසා බැලූ අතර ඔවුන් පැවසුවේද ටාටා සෝල්ට් ලයිට් තමන්ගේ ෆාමසිවල විකිණීමට නොමැති බවයි. 

ලුණු ආනයනය 

ලුණු ආනයනය පිලිබදව අප වෙළද  ඇමතිවරයාගේ ලේකම් වරයාගෙන් සිදුකල කරුණු විමසා බැලීමේදී ඔහු සදහන් කලේ රජය ගත් කැබිනට් තීරණ ප්‍රකාර  ලුණු ආනයනය කිරීමක් මෙතෙක් සිදුව නොමැති බවයි.එම නිසා මේ වන විට පිරිපහදු කර ඇති විවිධ මාදිලියේ ලුණු පැකට්  ආනයනය සිදුකර ඇති බවට සමාජ ජාලාවල පලවන සටහන් නොමගයවන සුළු ඒවා වන බවත් ඔහු සදහන් කරා .ඔහු වැඩිදුරත් සදහන් කලේ රජය මගින් ලබාගත් තීරණය සිදු කෙරෙන්නේ අමු අයඩින් එක් නොකළ ලුණු කැට ආනයනය බවයි.

මේ පිලිබදව අප සමග අදහස් දැක්වූ ලංකා සෝල්ට් ආයතනයේ නියෝජය සාමාන්‍යධිකාරී ඉන්දික මහතා සදහන් කලේ ලුණු ආනයනය යනු ලංකාවට අලුත් දෙයක් නොවන බවයි. 2020 වසරේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් සිදුකල ආනයන සීමාවන්ට පෙර ඕනා තරම් ලුණු ආනයනය සිදු කල බවක්ද ඔහු සදහන් කරා .එමෙන්ම බිස්කට් ආදී කර්මාන්ත වල අවශ්‍යතා සදහා සිදුකරන ලද 100 % වැලි රහිත ලුණු ආනයනයද එම තීරණයක් සමග නැවතුන අතර අදාල කර්මාන්තකරුවන් සිය ආයතනයද හා සමග සම්බන්ධවී ඒ සදහා විකල්ප පිරිපහදු ක්‍රම ක්‍රියාත්මක කල බවක්ද ඔහු අවධාරණය කර සිටිය.කෙසේ වෙතත් සමාජ ජාලාවල සදහන් ආකාරයේ ටාටා සෝල්ට් ලංකාවේ සුපිරි වෙලදසල්වල සිල්ලර කඩවල විකිණීමට ඇති බවට වන සටහන් නොමගයවන සුළු හෝ ව්‍යාජ ඒවා විය හැකි බවයි ඔහු සදහන් කර සිටියේ. 

නැචුරල් සෝල්ට් ආයතනයේ කළමනාකරු තිලකරන්න ද අප සමග සදහන් කර සිටියේ ටාටා සෝල්ට් සුපර්මාර්කට් වල විකිණීමට ඇති බවට සදහන් වන සමාජ ජාලා සටහන් නොමගයවන සුළු ඒවා වන අතර එවැනි තත්ත්වයක් ලංකාවේ ලුණු වෙලදපොලේ දක්නට නොමැති බවයි. 

අප මේ පිලිබදව ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශකවරගෙන්ද විමසා බැලුවා.ඔහු සදහන් කර සිටියේ ලුණු ආනයන සීමා තවමත් පවතින බවක් රජය මගින් ගෙන්වීමට තීරණය කල අමු අයඩින් එක් නොකළ ලුණු කැට මෙතෙක් ගෙන්වා නොමැති බවයි. එමෙන්ම ලුණු ආනයනය සම්බන්ධ සීමාවන් මේ වනවිටත් ක්‍රියාත්මක බවත් ඔහු පැවසුවා.මේ පිලිබදව තවදුරටත් කරුණු විමසා බැලීමට අප බලාපොරොත්තු වන අතර එම පැහැදිලි කිරීම සමග මෙම ලිපිය යාවත්කාලින වනු ඇත .

එමෙන්ම අප මේවා සුපිරි වෙළදසැල් ආදියේ සාමාන්‍ය ලෙස විකිණීමට ඇතිද යන්න විමසා බැලූ අතර අපට පැහැදිලි වුවේ එවන් තත්ත්වයක් දක්නට නොලැබෙන බවයි.

කෙසේ වෙතත් 2021 වකවානුවේ අගභාගයේ,ගෝඨාභය රජය සමයේ  පවා මෙම ලුණු ගෙන්වීම ආදිය සම්බන්ධයෙන් සාකච්චා පවත්වා ඇති අතර ගෝඨාභය රජය පැනවූ  විවිධ සීමා මධ්‍යයේ පවා ලංකාවට ලුණු වර්ග ආනයනය කිරීම එවකත් සිදුවී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් එවක කර්මාන්ත අමාත්‍ය විමල්  විරවංශ විසින් සිය ෆේස්බුක් ගිණුමේ තබන ලද සටහනක් පහතින්.  

මෙරටට ලුණු ආනයනයන කල සමාගමක් වන ලින්ක් ඉන්පොර්ට්ස් ඇන්ඩ් එක්ස්පොර්ට්ස් සමාගමෙන් මේ පිලිබදව අප විමසා සිටියා.මේ පිලිබදව එහි කලමනාරවරයා පවසා සිටියේ 2020 වසරේ ලුණු ආනයනය සම්පුර්ණයෙන්ම නතර කිරීමට තහනමක් පැනවූ අතර ඉන් අනතුරුව සාමාන්‍ය මේස ලුණු ආදිය ආනයනය කිරීම නතර කළ බවයි. තම ආයතනය වර්තමානයේ ලුණු ආනයන කටයුතු සිදු නොකරන බවත් ඔහු පැවසුවා. එමෙන්ම 2020 වසරට පෙර තමන් සාමාන්‍ය ලුණු ආදිය ආනයනය කල බවත් ඔහු සදහන් කළා.

කෙසේ වෙතත් 100% purified salt, medical salt ආදිය ලයිසන් මත ආනයනය කිරීමට 2020 දී ,ආනයන සීමාවන් ලිහිල් කරමින් තහනමින් මාස කීපයකට පසු සමහර පර්යේෂණ ආයතන  ආදියට අවසර ලබාදුන් බවත් ඔහු පවසා සිටියා.කෙසේ වෙතත් හොදි වල දමන සාමාන්‍ය  ලුණු ආයනයනය කිරීමට අවසර ලබා නොදුන් බවයි ඔහු පවසා සිටියේ.

එමෙන්ම Analytical Instruments ආයතනයද කලක පටන් පර්යේෂණය අරමුණු සදහා ලුණු ආනයනය කරන ආයතනයක් .ඔවුන් අප සමග පැවසුවේ අගය එකතු කරන ලද ලුණු වර්ග  තමන් ආනයනය කරන බවක් මෙන්ම සාමාන්‍ය ආහාරයට ගන්නා ලුණු වර්ග ආනයනය නොකරන බවක්.ඒ සම්බන්ධයෙන් තමන්ට අවසර පත්‍රයක් ඇති බවත් ඔවුන් පැවසුවා.

මේ පිලිබදව ටාටා සමාගමෙන්ද අප විද්‍යුත් තැපෑලෙන් විමසු අතර ඔවුන් ලබාදෙන තොරතුරු අනුව මෙම සටහන යාවත්කාලින වනු ඇත. 

පසුබිම් කතාව – දේශීය ලුණු නිෂ්පාදකයන්ගේ අදහස් 

ඉන් අනතුරුව අප විමසා බැලුවේ රටේ ලුණු හිගයක් ඇතිවන බවට සිදු කෙරෙන අනතුරු හැගවීම් සහ ඒ සදහා පිලියමක් ලෙස ලුණු ආනයනය කිරීමට රජය ගත් තීරණයක් සම්බන්ධයෙන්.මේ පිලිබදව පසුගියදා දෙරණ රුපවාහිනියේ වැඩසටහනක් පැවති අතර එයට රජයේ වාණිජ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ,රජයට අයත් ලුණු නිෂ්පාදන සමාගමක් වන ලංකා සෝල්ට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ,ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපතිවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියා . 

මෙහිදී අදාල නිලධාරීන්ගේ රටට පසුගිය සමයේ බලපෑ අහිතකර කාලගුණ තත්ත්වය නිසා ලුණු නිෂ්පාදන ක්‍රියාවලියට බලපෑම් සිදුව ඇතී බව පැහැදිලි කරා .ඔවුන් වැඩිදුරටත් සදහන් කලේ එම නිසා අයඩින් එක් නොකළ ලුණු කැට වශයෙන් ගෙන්වා ගැනීම සදහා රජය මගින් පියවර ගනිමින් සිටින බවයි.

ලුණු නිශ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ සදහන් කලේ ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය මගින් ඉල්ලීම සිදුකලේ අදාල ලුණු නිෂ්පාදනය කරන සමාගම්වලටම අමු ලුණු විදෙස් රටවලින් ආනයනය කිරීම සදහා තම සංගමය රජයෙන් ඉල්ලීම සිදුකලත් රජය මගින් අවසර ලබාදීම සිදුකලේ රජයේ වාණිජ නීතිගත සංස්ථාව හරහා ලුණු ගෙන්වාගැනීමට බවත් එම නිසා ඒ සදහා යම් අතිරික්ත කාලයක් වැයවන නිසා යම් අපහසුදායක තත්ත්වයක් සිදුව ඇති බවයි.ලංකා සෝල්ට් ආයතනයේ සභාපති අජිත් සන්මුගනාදන් සදහන් කලේ රටේ මුළු වාර්ෂික ලුණු අවශ්‍යතාව වන මෙට්‍රික් ටොන් 180,000 න් හරි අඩකට වඩා නිපදවන තම ආයතනයේ හම්බන්තොට ලුණු ලේවායේ නිෂ්පාදන ක්‍රියාවලියට අයහපත් කාලගුණ තත්ත්වයන් නිසා දැඩි බලපෑමක් එල්ලවී ඇති බවයි.එම නිසා 2025 මුල් කාර්තුවේදී සැපයිය හැකි ලුණු ප්‍රමාණය ඉතා අවම මට්ටමක පවතින බවක් ඔහු අවධාරණය කරා.

ගණක අමරසිංහ වැඩිදුරටත් සදහන් කලේ දේශගුණ විපර්යාසවල ප්‍රතිඵලයක් ලෙස කර්මාන්තවලට මේ තත්ත්වයන්ට මුහුණදීමට සිදුව ඇති බවයි.

රජයේ වාණිජ නීතිගත සංස්ථාවේ සභාපති රවින්ද්‍ර ප්‍රනාන්දු සදහන් කලේ අයඩින් එක්නොකල අමුලුණු කැට කිලෝ 30,000 ක් ගෙන්වා ලුණු නිෂ්පාදකයන්ට ඒවා ලබාදීම සදහා ටෙන්ඩර් කැදවීම දැන් සිදුකර ඇති බවත් ,එහි ටෙන්ඩර් සදහා ඉල්ලුම් කිරීම සදහා වන අවසාන දිනය ජනවාරි මස 2 වැනිදා බවයි .ඒ අනුව පැහැදිලි වන්නේ රජය විසින් ලබාගත් තීරණයක් අනුව ලුණු ආනයනය සිදුකර ඇති බවට සමාජ ජාලාවල පළවන ප්‍රචාර සාවද්‍ය බවයි. 

දෙරණ රුපවාහිනියේ සිදුවූ අදාළ සංවාදය වෙත පිවිසිය හැකියි පහත වීඩියෝව ඔස්සේ .

ලුණු ආනයනය සදහා වන කැබිනට් අනුමැතිය 

ලුණු ආනයනය සදහා වන කැබිනට් අනුමැතිය පසුගියදා සිදුවූ කැබිනට් මණ්ඩල රැස්වීමකදී සිදුවුණා.

කැබිනට් තීරණය ඉහතින්.

එහි සදහන් වන්නේ අහිතකර කාලගුණයේ ප්‍රතිඵලයක් ලෙස 2025 වසරේදී ලුණු නිෂ්පාදනය කිරීමට ඇති අපසුතාවය නිසා අයඩින් එක් නොකළ අමු ලුණු කැට  ආනයනය කිරීමට සිදුවන බවත් ,මෙම ආනයනය 2025 වසරේ ජනවාරි මස 31 වැනිදාට පෙර සිදුකල යුතු බවක් 

එමෙන්ම ඒ සදහා මේ වන විට ලුණු ආනයනය සදහා පනවා ඇති බදු මුදල් අයකළ යුතු බවක්ද අදාළ කැබිනට තීරණයේ සදහන්.

දේශගුණ විපර්යාස ලුණු නිෂ්පාදන ක්‍රියාවලියට බලපෑම් සිදුකල අයුරු 

මේ පිලිබදව අප සමග අදහස් පළකල ලංකා සෝල්ට් ලිමිටඩ් ආයතනයේ නියෝජය සාමාන්‍යධිකාරී ඉන්දික මහතා සදහන් කලේ දේශගුණ විපර්යාස නිසා සිදුව ඇති අහිතකර තත්ත්වයන් නිසා ලුණු නිෂ්පාදනය යම් අභියෝගාත්මක තත්වයකට පත්ව ඇති බවයි.පසුගිය 2023 වසරේ පතිතවූ අධික වර්ෂාව සහ මේ වසරේත් දිගින් දිගටම දේශගුණයේ සිදුවූ වෙනස්වීම් සහ වසර පුරා වැසි ජලය පත්තවිම නිසා ලුණු හම්බන්තොට ප්‍රදේශයේ ඇති සිය ලුණු ලේවාවල කටයතු අඩපනව ඇති බවයි ඔහු සදහන් කලේ. ලුණු නිෂ්පාදනය සදහා අවශ්‍ය හොදින් සුර්යාලෝකය සහ උෂ්ණත්වය ලැබෙන වාතාවරණය මේ වනවිට හම්බන්තොට ප්‍රදේශය තුල දක්නට නොලැබෙන බවත් දශකයක දෙකක සිට පැහැදිලවම දක්නට ලැබෙන දේශගුණික විපර්යාස තත්වය මේ වන විට වඩාත් උච්ච වී ඇති බවත් ඔහු සදහන් කළා.ලුණු නිෂ්පාදනය බොහෝ කාලයක් ගතවන ද්‍රව වාශ්පිකරණය හා සම්බන්ධ ක්‍රියාවලියක් නිසා මුහුදු ජලයේ ඉතා සුළු ප්‍රමාණයකින් ඇති සෝඩියම් ක්ලෝරයිඩ් වඩාත් සාන්ද්‍ර තත්ත්වයකට පත්කරන මෙම ක්‍රියාවලිය මේ වන විට අහිතකර දේශගුණික සාධකවල ක්‍රියාකාරීත්වය නිසා අඩපනව පවතින බවයි ඔහුගේ අදහස. අප මේ පිලිබදව කර්මාන්ත අමාත්‍යංශයට අයත් ආයතනයක් වන නැෂනල් සෝල්ට් හි එලිෆන්ට්පාස් නිෂ්පාදන ලේවායේ කළමනාකරු වන එම් ජි තිලකරත්න මහතාගෙන්ද අදහස් විමසා සිටියා .ඔහු සදහන් කලේ තම ලේවායට ද දේශගුණික විපර්යාස වලින් බලපෑම් සිදුවුවත් එය නිෂ්පාදන ක්‍රියාවලියට තදින් බලපෑම් ඇති නොකළ බවයි.කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ මන්නාරමේ සහ හම්බන්තොට ප්‍රදේශවල පවතින ලුණු ලෙවයන්ට අහිතකර දේශගුණික තත්ත්ව හමුවේ සිදුව ඇති බලපෑම් නිසා ලුණු නිෂ්පාදනය බරපතල ලෙස අඩුව ඇති බවත් ඔහු සදහන් කළා. 

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (නිගමනය)

අප විසින් සිදුකරන ලද කරුණු විමසුමේදී තහවුරු වුවේ රජය මෑතකදී ගත තීරණයක් අනුව පිටරටින් ලුණු පැකට් (Proceesed Salt) ආනයනය කර ඇති බවට සමාජ ජාලාවල පළවන සටහන් නොමගයවන සුළු ඒවා වන බවයි.රජය මගින් මෙතෙක් එවන් ලුණු ආනයනයන් සිදුකර නොමැති බවයි. රජය මගින් ලුණු ආනයනය ආරම්භ කර ඇති බව ඒත්තු ගැන්වීමට සකස් කෙරුණු සමාජ ජාලා සටහන්වල ටාටා ලයිට් ලුණු පැකට්ටුවක් දක්වුනත් ,එය සාමාන්‍ය සුපිරි වෙලදසල්වල හෝ ෆාමසිවල විකිණීමට නොමැති බව අපට දැකගැනීමට හැකියාව ලැබුණා.රජය මගින් මෑතකදී තීරණයක් ගත්තේ අයඩින් එක්නොකරන ලද අයඩින් ලුණු කැට (අමු ලුණු ) මෙට්‍රික් ටොන් 30,000 ක් ආනයනය කිරීමට වන අතර එහි ටෙන්ඩර් කැදවීම ජනවාරි 2 දක්වා පවති.එම ලුණු ආනයනය මෙතෙක් සිදුව නොමැත. රජය මගින් Processed Salt ආනයනය කිරීමේ තීරණයක් ගෙන නොමැති අතර ආනයනය කරන අමු ලුණු ,දේශීය ලුණු නිෂ්පාදකයන්ට ලබාදීමෙන් අනතුරුව පිරිපහදු කිරීමේ කටයුතු ,අයඩින් එක් කිරීමේ කටයුතු  සිදුවනු ඇත.

2020 දී ලුණු ආනයනය සම්පුර්ණයෙන්ම සීමා කරමින් තහනමක් පැනවුවත් මාස කිහිපයකින් එය ලිහිල් කරමින් විශේෂිත අගය එකතු කරන ලද ලුණු වර්ග ආනයනය කිරීම සදහා අවසර ලබාදී තිබෙනවා.ඒ යටතේ හොදි වලට දමන සාමාන්‍ය මේස ලුණු පැකට්  Processed Salt ලෙස ආනයනය සදහා අවසරයක් මෙතෙක් ලබාදී නැහැ.කෙසේ වෙතත් පර්යේෂණ අරමුණු ආදිය සදහා විශේෂිත අගය එකතු කරන  ලුණු ආනයනය කිරීමට සමහර සමාගම් වලට අවසර ලබාදී ඇති අතර ඔවුන් එම කටයතු වලපසුගිය වසර කිහිපයේ සිටම  නිරතවෙනවා.

Avatar

Title:ලුණු ආනයනය සම්බන්ධව පැතිර යන නොමගයවන සුළු සමාජ ජාලා සටහන්

Fact Check By: Kalana Krishantha 

Result: Misleading


Leave a Reply