දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
වත්මන් රජය විසින් පසුගිය ජනවාරි 01 වන දා සිට ආරම්භ කළ Clean Sri Lanka වැඩසටහනට සමගාමීව නොයෙකුත් නොමගය යවන සුළු සමාජ මාධ්‍ය සටහන්, ප්‍රධාන මාධ්‍ය වාර්තා පළ වනවා. එලෙසින් පළ වූ පුවත් ලිපියක සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
Clean Sri Lanka වැඩසටහන යටතේ පාරේ කොස් විකුණන් බැහැ යනුවෙන් සඳහන් කරමින් ‘අරුණ පුවත් පතේ’ (03) පුවතක් පළවී තිබුණේ මෙලෙසින්.

එමෙන් ම මෙම පුවත් ලිපිය සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා ද වාර්තා කර තිබුණේ මෙම ව්‍යාපෘතිය යටතේ මහ මාර්ගයේ වෙළඳාම් කිරීමට තහනම් බවට හඟවමින්.

Clean Sri Lanka යටතේ මහ මාර්ගයේ වෙළඳාම් සිදු කිරීමේ දී අත්අඩංගුවට ගනු ලබනවාද යන අප පරීක්ෂාවක් සිදු කළා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
මෙම සිදුවීම පිළිබඳ අදහස් දක්වමින්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ, Clean Sri Lanka වැඩසටහන යටතේ මාර්ග දෙපස ව්‍යාපාර කිරීමට ඉඩ නොමැති බවට පළ වූ මාධ්‍ය වාර්තා අසත්‍ය බවයි.
මෙම වැඩසටහන යටතේ යම් අයෙක් අත්අඩංගුවට ගන්නා ලෙසට හෝ නඩු පවරන ලෙසට උපදෙස් ලබාදී නොමැති බව ත්, ඒ සඳහා වන පනතක් මේ දක්වා පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන නොමැති බව ද පසුගිය 03 වන දා පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළා.
පනාගොඩ කනිෂ්ඨ විද්‍යාලය සහ පනාගොඩ පරාක්‍රම මහ විද්‍යාලයට ආසන්න මාර්ගයේ, කනිෂ්ඨ විද්‍යාලය ඉදිරිපිට ජනතාවට ගමන් කිරීම සඳහා වෙන් කර ඇති පදික වේදිකාව අවහිර කරමින්, පිරිසක් වෙළඳාම් කර තිබෙනවා.
මේ පිළිබඳව ගුරුවරුන් සහ දෙමව්පියන්ගෙන් අතුරුගිරිය පොලීසිය වෙත පැමිණිලි ලැබුණු බව ත්, ඒ පිළිබඳව පරීක්ෂා කිරීමට යෑමේදී ම මැසි මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ද, පැමිණිල්ල සටහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නඩු පැවරීම් කිසිවක් සිදු වී නොමැති බව ත්, අත්අඩංගුවට ගැනීමක් හෝ සිදු වී නොමැති බව ත්, Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ පදිකවේදිකාවේ වෙළඳාම් කරන පිරිසටත් නඩු දැමීම සහ අත්අඩංගුවට ගැනීම සිදු කරන බවට වැඩසටහන සම්බන්ධයෙන් වැරදි මතයක් සමාජගත කිරීමට මෙම පුවත්පතේ අරමුණ බව ත්, අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක
පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. මනතුංග මහතා මේ සම්බන්ධයෙන් පැහැදිලි කළේ, මෙය අසත්‍ය තොරතුරක් බවයි. මේ පුවතේ දක්වා ඇති කාරණය වන්නේ, මාර්ගයේ වෙළඳාම්කර කර සිටි පදික වෙළඳුන්ට පොලිස් නිලධාරීන් මාර්ගයේ වෙළඳාම් කිරීම Clean Sri Lanka වැඩසටහන යටතේ, පැවසීම බවයි.
නමුත් මෙම සිදුවීමේදී ළමුන් 700ක් පමණ ඇති ප්‍රාථමික විද්‍යාලයක වෙළඳාම් සිදු කර තිබෙන මාර්ගයේ ආසන්නමයෙන් ම ඇති බව ත්, එම දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව, ඔවුන්ට මාර්ගයේ ගමන් කිරීමට ඇඩි ඉඩ ඇහිරී තිබීම යන කාරණා හේතුවෙන් ඔවුන් ව පොලිසියට පැමිණීමට පවසා ඒ පිළිබඳ අවබෝධ කර දීම පමණක් සිදු වූ බව ත්, කිසිදු අත්අඩංගුවට ගැනීමක් හෝ නඩු පැවරීමක් සිදු නොවූ බවයි.
Clean Sri Lanka වැඩසටහන යටතේ පොලිසියේ කාර්යයභාරය පිළිබඳ මාධ්‍ය ප්‍රකාශක තුමා සඳහන් කළේ, මෙලෙසින්.
Clean Sri Lanka ව්‍යාපෘතිය
පාරිසරික හා සමාජමය වෙනසක් ඇති කරමින් සදාචාරාත්මකව පිරිසුදු රටක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව අරඹන Clean Sri Lanka වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පසුගිය ජනවාරි 01 වන දා ආරම්භ විය.
පක්ෂ පාට භේදයකින් තොරව පුළුල් ජාතික වැඩසටහන ඔස්සේ ආකල්පමය, හැසිරීමේ සහ ගුණාත්මක වෙනසක් ඇති කර අලුත් වටිනාකමක් සහිත රටක්, ලස්සන ජීවිතයක් සමස්ත පුරවැසියන්ට උරුම කර දීමට මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවට වත්මන් රජය පෙන්වා දෙන්නේ මෙලෙසින්.
මෙම වැඩසටහනේ සාමාජිකයෙකු වන චමින්ද ජයසූරිය මහතා Clean Sri Lanka වැඩසටහන පිළිබඳ කළ පැහැදිලි කිරීම පහතින්.
විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ඉදිරි වසර කිහිපය තුළදී මේ රට අලුත් දිශානතියකට ගෙනඒම සඳහා වූ ප්‍රධාන වැඩපිළිවෙළවල් 03ක් දැනටමත් ප්‍රකාශයට පත්කර ඇති බව ත්, Clean Sri Lanka ව්‍යාපෘතිය , රට ඩිජිටල්කරන ව්‍යාපෘතිය හා ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන එම වැඩපිළිවෙළවල් බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
මෙය තනි අමාත්‍යංශයක් මගින් මෙහෙයවන්නක් නොවන අතර ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් අමාත්‍යංශ ගණනාවක් ඒකාබද්ධව කටයුතු කරන සංයුක්ත වැඩපිළිවෙළක් බව ත්, මෙම ව්‍යාපෘතිය යටතේ මේ සඳහා රාජ්‍ය යාන්ත්‍රණය සමග ඒකාබද්ධව වැඩකරමින් සිටින බවද, රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබාදෙමින් සිටින බවද සමස්තයක් ලෙස රටේම ජනතාව මේ සඳහා දායකත්වය ලබාදෙමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙලෙසින්.
Update :
කෙසේ වෙතත් ‘අරුණ’ පුවත් පත සඳහන් කරන්නේ, පනාගොඩ පදික වෙළඳාමේ යෙදෙන කොස් කපන්නන් ඇතුළු පිරිසක්” අතුරුගිරියේ පොලිස් පිරිසක් විසින් Clean Sri Lanka යටතේ ඉවත් කරන්න යන බවට වාර්තා වූ වහාම එම ලිපිය පළ කළ කතෘ විසින් මේ පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් ලබා ගෙන ඇති බව ත්, එය වාර්තාවක් ලියා ගැනීමට පවා සීමා නොවී පටිගත කිරීමට ත් කටයුතු කර ඇති බව ත්, මේ සම්බන්ධ දර්ශන ඇති බව ත්, එම වෙළඳුන්ට 8 වනදා නඩු පවරන බව ත් එම වෙළඳුන් ප්‍රකාශ කළ අතර ඒ් සම්බන්ධයෙන් පොලිසීයෙන් ද, විමසීමත් සිදු කළ තහවුරු කර ගත් බව ත්, පසුගිය 06 වන දා අරුණ පුවතේ පැහැදිලි කිරීමක් කර තිබුණා.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok

Title:Clean Sri Lanka වැඩසටහන යටතේ පදික වෙළඳුන් අත්අඩංගුවට ගන්නවා ද?
Fact Check By: Pavithra SandamaliResult: Misleading
