නොමගයන සුළු ලෙස පැතිරෙන ලංකා ලුණු සංස්ථා හිටපු  සභාපතිවරයාගේ ප්‍රකාශය

Misleading Social Uncategorized

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ලුණු හිගයක් සහ ලුණු විදෙස් රටවලින් ආනයනය කිරීම සම්බන්ධව සමාජයේ බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා .රජයේ මේ තීරණයක් සමගම බොහෝ නොමගයන සුළු සමාජ ජාලා සටහන් පැතිරෙනවා.මේ , එවන් සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක් .

සමාජ ජාලා සටහන් Social Media Posts 

සමාජ ජාලා සටහන්වල දැක්වෙන්නේ ලංකා ලුණු සංස්ථාවේ හිටපු සභාපතිවරයෙක් වන නිශාන්ත සදබරණ විසින් සිදු කරන ලද ප්‍රකාශයක් ලෙසයි..එහි සදහන් වන්නේ පුවත්පත් වාර්තාවක කොටසක් ලෙසයි.ලංකාවේ ලුණු ඕනා තරම් ඇති බවත් පිටරටින් ලුණු ගෙන්වීමට අවශ්‍ය නොවන බවත් ,ලුණු ගෙන්වන්නේ ඇමති වසන්ත සමරසිංහට කොමිස් ගැනීමට අවැසි නිසා බවට ලංකා ලුණු සංස්ථාවේ හිටපු සභාපතිවරයා පැවසූ බව සමාජ ජාලා සටහන්වල දැක්වෙනවා .

FB | Archived

මෙම සටහන බොහෝසෙයින් සමාජ ජාලාවල පැතිර තිබුණා.

මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කරා.

Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම) 

අප විසින් සොයා බැලුවේ නිශාන්ත සදබරණ විසින් මෙවැනි ප්‍රකාශයක් සිදුකර ඇති බවට යම් පුවත්පතක් වාර්තා කර ඇතිද යන කාරණයයි. එහිදී පට දක්නට ලැබුණේ දිවයින් පුවත්පත මගින් මෙම පුවත මුද්‍රණය කර ඇති බවයි. කෙසේ නමුත් එහි වසන්ත සමරසිංහ අමාත්‍යවරයා විසින් කොමිස් ගන්නා බවට ලුණු සංස්ථාවේ හිටපු සභාපතිවරයා විසින් පවසා ඇති බවක් සදහන් වන්නේ නැහැ .

එම සම්පුර්ණ පුවත එම පුවත්පතේ මුල් පිටුවේ සහ වෙබ් අඩවියේ සදහන් වන්නේ පහත අයුරින්. 



Divaina Web | Archived

මේ පිලිබදව අප දිවයින පුවත්පතේ ප්‍රධාන කතුවරයාගෙන් විමසා සිටි අතර ඔහු සදහන් කලේ තම පුවත්පතේ පළකරන ලද ඉහත පුවත් විකෘතිකර සමාජ ජාලාවල පැතිරෙන බවයි.

ඔහු සදහන් කලේ ඇමති ඇමති වසන්ත සමරසිංහ විසින් කොමිෂන් ගන්නා බවක් තම කිසිලෙසකත් පුවතේ සදහන් නොවන අතර තමන් සමග සංවාදයේ යෙදුනු ලුණු සංස්ථා හිටපු සභාපතිවරයාද එවැන්නක් සදහන් නොකළ බවයි.

කෙසේ වෙතත්, ලංකාවට ලුණු පිටරටින් ගෙන්වීම අවශ්‍ය නොවන බව සහ වසර පුරා ලේවයන්වල ලුණු නිපදවිය හැකි බවට ලුණු සංස්ථාවේ හිටපු සභාපතිවරයා පවසා ඇති නිසා ඒ පිළිබඳවත් අප කරුණු විමසා බැලීමක් සිදු කල.

මේ සම්බන්ධයෙන් අප ලුණු සංස්ථා හිටපු සභාපතිවරයාගේ විමසුවත් ඔහු තවම ඒ පිලිබදව ප්‍රතිචාරයක් දක්වා නැහැ. ඔහු දක්වන ප්‍රතිචාරය අනුව මෙම ලිපිය යාවත්කාලින වනු ඇත. 

මේ පිලිබදව ලුණු කර්මාන්තයේ ප්‍රවිනයන්ගෙන්ද අප විමසා බැලුවා.

අලිමංකඩ නැෂනල් සෝල්ට් ලුණු ලේවායේ කළමණාකාරවරයා

අලිමංකඩ නැෂනල් සෝල්ට් ලුණු ලේවායේ කළමණාකාරවරයා (ගයන්ත තිලකරත්න මහතා ) සදහන් කර සිටියේ වසර පුරා ලුණු නිපදවීම පවතින විපරිත කාලගුණික තත්ත්වයන් /දේශගුණික විපර්යාස හමුවේ නොකළ හැක්කක් බවයි. යල මහා කන්න දෙකේ ලුණු නිපදවීම පවා යම් යම් අර්බුදයන්ට දේශගුණික තත්ත්වයන් නිසා මුහුණදී ඇති බවත් ඔහු සදහන් කර සිටියා.

ලුණු ලේවාවල සිදුවන ජලය වාෂ්පීකරණ ක්‍රියාවලිය සහ ලුණු මිදීමේ ක්‍රියාවලියට මේ වන විට දිවයිනේ ලුණු නිෂ්පාදනය කරන බොහෝ ප්‍රදේශවල දක්නට ලැබෙන අක්‍රමවත් වසර පුරා විටින් විට ලැබෙන වර්ෂාපතන රටාවෙන් බලපෑම් වන බවයි ඔහු සදහන් කර සිටියේ.

වාෂ්පීකරණය නිසා ලුණු සාන්ද්‍රණය වැඩිවී ලුණු ලේවාවල තටාක පතුලේ ලුණු තැන්පත්වීම සදහා අධික වර්ෂාව නිසා තටාක වලට එකතුවන අහිස් දිය/වැසි වැතිර නිසා අහිතකර බලපෑමක් සිදුව ඇති බවත් ඔහු සදහන් කර සිටිය. එම නිසා වසර පුරා ලුණු නිපදවීම කෙසේ වෙතත් යල මහා කන්නවල ලුණු නිපදවීමත් අභියෝගාත්මක තත්ත්වයක් වී ඇති බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම මෙම ගැටලුකාරී තත්ත්වය හමුවේ පවතින ලුණු ලේවයන් උපරිම කාර්යක්ෂමව භාවිතා නොකිරීම මෙන්ම අලුතින් මහා පරිමාන ලුණු ලෙවයන් ආරම්භ නොකිරීමත් ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇතිකර ඇති බවත් ඔහු සදහන් කර සිටිය.

සමහර රටවල පුනර්ජනනීය බලශක්තිය භාවිතා කර කෘතීම ලෙස ලේවායන් උණුසුම්කර ලුණු නිෂ්පාදනය සිදුවුවත් ලංකාවේ එම තාක්ෂණික ක්‍රමවේදයන් සිදු නොවන බවත් ඔහු සදහන් කර සිටියා. අලිමංකඩ ලුණු ලේවායේ ලුණු නිෂ්පාදන කටයුතුවලට මෙම තත්ත්වය එතරම් තදින් දැනී නොමැති නමුත් හම්බන්තොට ආදී ප්‍රදේශවලට ලේවයන්ගේ නිෂ්පාදන කටයුතුවලට මෙම තත්ත්වය දැඩි ලෙස බලපා ඇති බවයි.

ලංකා ලුණු සමාගම

අප සමග කතාබහ කල අවස්ථාවක ලංකා ලුණු සමාගමේ හම්බන්තොට ලුණු ලේවායේ නිෂ්පාදන නියෝජය සාමාන්‍යාධිකාරී ඉන්දික සුරංග මහතා සදහන් කර සිටියේ තම ලේවායේද ලුණු නිෂ්පාදන කටයුතුවලට දැඩි ලෙස වර්ෂාව සහ විපරිත කාලගුණික තත්ත්වයන්ගේ බලපෑම් නිසා නිෂ්පාදනය දැඩි ලෙස පහළගොස් ඇති බවයි.එමෙන්ම ලුණු නිෂ්පාදනය සිදුකරන යල මහා කන්නවල පවා නිෂ්පාදන කටයතු අඩපණව ඇති බවත් වසර පුරා වැසි ඇදහලිම නිසා නිෂ්පාදනය අඩපනව ඇති බව ඔහු සදහන් කර සිටියා.

ලංකා ලුණු සමාගමේ හිටපු සභාපතිවරයා පුවත්පතට කර ඇති ප්‍රකාශයේ කර්මාන්ත සදහා ලුණු ආනයනය සම්බන්ධ කොටසක් අඩංගු නිසා ඒ පිලිබදවත් අප සොයා බැලුවා .

කර්මාන්ත සදහා ලුණු අවශ්‍යතාවය 

ලංකාවේ ලුණු නිෂ්පාදන මුළු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන්  180,000 පමණ වෙනවා.ඉන් 150,000 ක් ම පාරිභෝජනය සදහා අවශ්‍ය සාමාන්‍ය ලුණුයි. ඉතිරිය කර්මාන්ත සදහා අවශ්‍යයි. කර්මාන්ත සදහා අවශ්‍ය ලුණු මේ වන විටත් යම් ප්‍රමාණයක් පිටරටින් ආනයනය කරන අතර යම් ප්‍රමාණයක් පමණක් ලංකාවේ නිෂ්පාදනය කෙරෙනවා.

උදාහරණයක් ලෙස ගත්කල බිස්කට් නිෂ්පාදන කර්මාන්තය සදහා අවශ්‍ය 100% වැලි රහිත පිරිපහදු කරන ලද ලුණු ආදිය ලංකාවේ මේ වන විට නිෂ්පාදනය නොවන නමුත් පිටරටින්ද නොගෙන්වන නිසා යම් දීර්ග ක්‍රියාවලියක් හරහා කර්මාන්ත සදහා සපයා ගන්නා අතර එවැනි කර්මාන්ත සදහා 100% පිරිපහදු ලුණු ආදිය ලබාගත හැක්කේ ආනයණය හරහා බව ලංකා ලුණු ආයතනයේ නියෝජය නිෂ්පාදන සාමාන්‍යධිකාරී ඉන්දික සුරංග පවසා සිටිය. කෙසේ වෙතත් කර්මාන්ත සදහා අවශ්‍ය සමහර ලුණු වර්ග මේ වන විටත් විදේශයන්ගෙන් ආනයනය කරනවා .

Read also : ලුණු ආනයනය සම්බන්ධව පැතිර යන නොමගයවන සුළු සමාජ ජාලා සටහන් 

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

අවසාන නිගමනය 

අප විසින් සිදුකරන ලද කරුණු විමසුමේදී තහවුරු වන්නේ දිවයින පුවත්පතේ පළකරන ලද පුවතක් සංස්කරණය කර ඇමති වසන්ත සමරසිංහ ලුණු ආනයනය හරහා කොමිස් ගන්නා බවට  ලුණු සංස්ථාවේ හිටපු සභාපති නිශාන්ත සදබරණ පැවසූ බවට සමාජ ජාලා හරහා සංසරණය වන බවයි. පුවත්පත් වාර්තාවේ වසන්ත සමරසිංහ පිළිබද කිසිදු සදහනක් නොමැත .

Avatar

Title:නොමගයන සුළු ලෙස පැතිරෙන ලංකා ලුණු සංස්ථා හිටපු සභාපතිවරයාගේ ප්‍රකාශය

Fact Check By: Kalana Krishantha 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *