දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ජාතික ජන බලවේග රජය පසුගිය සැප්තැම්බරයේදී බලයට පත්වීමෙන් අනතුරුව ඔවුන් සහ ඔවුන්ගේ තීරණ.ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් බොහෝ සමාජ ජාලා සටහන් පැතිරෙනවා.මින් සමහරක් සත්‍ය කරුණු මත පදනම් වුවත් සමහර සමාජ ජාලා සටහන් අතිශයෝක්ති වන අතර නොමගයවන සුලුයි. මේ එවන් සමාජ ජාලා සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක්.
සමාජ ජාලා සටහන්
සමාජ ජාලා සටහන් වල දැක්වෙන්නේ අවුරුදු 64 කට පසු අම්පාරෙන් සීනි නිෂ්පාදන පැමිණීමට නියමිත බවයි.කර්මාන්තශාලාව වසා දමා වසර 15 කට පසු රජයට කොටස් 51% ක් සහ පුද්ගලික අංශයට කොටස් 49% ක් ලැබෙන ආකාරයට මෙම කර්මාන්තශාලාවේ වැඩ ආරම්භ කරන බවත් එහි සදහන් .
ITN නිව්ස් ස්ටිකරය සදහන් සමාජ ජාලා සටහන්ද පහත ආකාරයට පළව තිබුණා.
මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.
සත්‍ය කරුණු විමසා බැලීම Fact Check
අප මුලින්ම විමසා බැලුවේ මේ සම්බන්ධයෙන් ස්වාධින රුපවාහිනිය විසින් පලකල බවට සමාජ ජාලාවල පලවෙන පුවත පිලිබදවයි.එහිදී අපට දක්නට ලැබුණේ ස්වාධින රුපවාහිනිය සැබවින්ම එවැනි පුවතක් පළකර ඇති බවයි.
ITN වෙබ් අඩවියේද මෙම පුවත විස්තර කර තිබුණා.එයට පිවිසිය හැකියි මෙතනින් . Archived
මෙම කර්මාන්ත ශාලාව දැනට පාලනය කරන ගල්ඔය වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරත් පෙරේරා අප සමග කතාකලා.ඔහු පැවසුවේ 2012 වසරේ සිට කර්මාන්තශාලාව සීනි නිෂ්පාදන කටයතු දිගටම සිදුකරන බවයි.මිට කලකට පෙර ඉදිකිරීම් ආරම්භකරන ලද නවතම කර්මාන්තශාලා ගොඩනැගිල්ලේ වැඩ කටයුතු අවසන්ව ඇති බවත් මේ දිනවල එහි පර්යේෂණ මෙහෙයුම් කටයුතු සිදුවන බවත් ,නුදුරේදීම එය භාවිතයට ගැනීමට හැකිවනු ඇති බවත් ඔහු පැවසුවා. සමාජ ජාලා වල නොමගයවන සුළු ප්‍රචාර පැතිරෙන්නේ මේ නව කර්මාන්තශාළා ගොඩනැගිල්ල ඉදිකිරිම මූලික කරගෙන බවත් ඔහු දන්වා සිටියා.
මේ පිළිබද වැඩිදුර තොරතුරු විමසීම සදහා කර්මාන්තශාලාවේ කලක් සේවය කර දැනට ලේක්හවුස් හිගුරාන වාර්තාකරු ලෙස කටයුතු කරන රවින්ද්‍ර මැදගෙදර ගෙන් මේ පිලිබදව විමසා සිටියා.ඔහු පැවසුවේ කර්මාන්තශාලාව 2012 වසරේ සිට අකණ්ඩව නිෂ්පාදන කටයතු කරන අතර මේ අතර කාලයේදී වසා දැමීමක් සිදුවුවේ නැති බවයි.කර්මාන්තශාලාවේ මේ වන විට ඉදිකර ඇති අලුත් නිෂ්පාදනාගාරයක් මේ වන විට වැඩ නිමව ඇති බවත්, 2022 වසරේදී ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද මෙම ගොඩනැගිල්ල නුදුරු අනාගතයේදී විවෘත කෙරෙනු ඇති බවත් ඔහු පවසා සිටියා. ඔහු වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසුවේ වසරේ මාස 12 න් මාස 10 ක් පමණ මෙහි නිෂ්පාදන කටයුතු කරන අතර මාස දෙකක් පමණ යන්ත්‍ර සුත්‍ර ප්‍රතිසංස්කරණ කටයතු සිදු කරන බවයි.
හිගුරාන සීනි කර්මාන්ත ශාලාවේ ඉතිහාසය
නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලද ව්‍යපෘති අතර ප්‍රමුඛ ස්ථානයක් කෘෂිකර්මය ආශ්‍රිත ව්‍යපෘති වලට හිමිවෙනවා.ඒ අතරත් ප්‍රධාන ස්ථානයක් හිමි වන්නේ ගල් ඔය නිම්නයේ සංවර්ධන ව්‍යපෘති වලටයි. ඒ අතරිනුත් උක් වගාව සම්බන්ධ ව්‍යපෘති ප්‍රමුඛයි. එයට හේතුව වන්නේ ප්‍රමාණවත් ඉඩ කඩම් පැවතීම , ජලය සපයාගැනීමේ පහසුව සහ වී වගාවේ නිරතවන ගොවින් උක්වගාවට යොමුවුවත් එය එතරම් දැඩි ගැටලුවක් නොවීමයි.අම්පාර නගරයට කිලෝමීටර 12 ක් පමණ ඇතින් මෙම ගල් ඔය නිම්නය සහ සීනි වගා කරන ප්‍රදේශය පිහිටා තිබෙනවා.උක් වගා කටයුතු 1950 දශකයේ ආරම්භවූ අතර 1960 දී සීනි නිෂ්පාදන කර්මාන්තශාලාව ආරම්භ වුණා.1962 වසරේදී ස්කාගාරය ක්ද මෙයට සමගාමීව ආරම්භ වුණා.ගල්ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යපාරය යටතේ මුලින් පැවති මෙය 1966 වසරේදී ශ්‍රී ලංකා සීනි සංස්ථාවට පැවරීම සිදුවුණා.සීනි සංස්ථාව රජය සතු ආයතනයක්. සීනි සංස්ථාව යටතේ කාලයක් පාලනය වූ මෙය 1990 දශකය ආරම්භයේදී පුද්ගලීකරණයට ලක්වුණා.දැන් මෙය පාලනය වන්නේ ගල්ඔය වැවිලි සමාගම යටතේයි. ගල් ඔය වැවිලි සමාගමට මගින් මෙය පාලනය වන්නේ 2009 වසරේ සිටයි. ඒ සම්බන්ධ විස්තර කියවිය හැකියි මෙතනින්
ගල් ඔය වැවිලි සමාගම යටතේ සිදුවන පාලනය
2007 වසරේදී මෙම කර්මාන්තශාලාවේ සහ එයට අයිති ඉඩම්වලින් 49% ක් එවක පැවති රජය මගින් LOLC සමුහයට පවරා තිබෙනවා.රජයට 51 % ක හිමිකාරිත්වයක් දරනවා.මේ දිවිත්ව හිමිකාරිත්වය යටතේ Private Public Partnership ආයතනයක් ලෙස ගල්ඔය වැවිලි සමාගම බිහිවෙනවා. ඒ 2009 වසරේදීයි.එම සමගම යටතේ 2009 සිට මේ වනතෙක් මෙම කර්මාන්තශාලාව පාලනය වෙනවා.කර්මාන්තශාලාව නවීකරණය කිරීමෙන් අනතුරුව 2012 වසරේ සිට මේ දක්වා කර්මාන්තශාලාව අඛණ්ඩව සිය නිෂ්පාදන කටයුතු සිදු කරනවා .කර්මාන්තශාලාවේ වැඩ නවතා දිගුකාලීන වසා දැමීමක් සිදුව නැහැ .
1991 වසරේ සිදුවූ පුද්ගලීකරණය සහ කර්මාන්තශාලාවේ වැඩ නතරවීම
1960 වසරේ ආරම්භ කරන ලද කර්මාන්තශාලාව සහ එහි උක් වගාව 1991 වසර දක්වා සාර්ථකව සිදුවුනා.නමුත් 1991 සිදුවූ පුර්ණ පුද්ගලිකරණය සාර්ථක නොවූ අතර 1994 වසරේදී අදාළ පුද්ගලික ආයතන එම ව්‍යාපෘතිය නවතා දැමුවා. 1997 වසරේදී මෙය සම්පුර්ණයෙන්ම වසා දැමීමට එවකට පැවති රජය කටයුතු කළා.
2006 වසරේ LOLC සමුහයට මෙහි කොටස් වලින් 49% ක් ලබාදීමෙන් පසු ඔවුන් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කල අතර 2012 වසරේදී කර්මාන්තශාලාවේ සීනි නිෂ්පාදන කටයුතු ආරම්භ වන්නේ වසර 15 කට පසුවයි.එනම් 1997 වසරේදී කර්මාන්තශාලාව වසා දමා වසර 15 කට පසුවයි.2012 සිට මේ දක්වා අඛණ්ඩව සීනි නිෂ්පාදන කටයුතු මේ දක්වා සිදුවනවා.ඒ සම්බන්ධ විස්තර කියවිය හැකියි මෙතනින්
එමෙන්ම මේ වන විට කර්මාන්තශාලාව ලාභ ලබන ආයතනයක් බවටද පත්ව තිබෙනවා.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය )
අප විසින් සිදු කරන ලද කරුණු විමසුමේදී තහවුරු වන්නේ හිගුරාන සීනි කර්මාන්තශාලාව දිගු කලක් වසා දමා තිබියදී නැවත ඉදිරි දින කිහිපයේදී ආරම්භ කරන බවට පළවන සමාජ ජාලා සටහන් සාවද්‍ය බවයි..1997 වසරේ වසා දමන ලද කර්මාන්තශාලාව 2012 වසරේදී නැවත නිෂ්පාදන කටයුතු ආරම්භ කල අතර එතැන් සිට මේ දක්වා දිගටම නිෂ්පාදන කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.වසා දැමීමක් සිදුව නැහැ.2022 වසරේ ඉදිකිරීම් ආරම්භ කරන ලද නවීන යන්තෝපකරණ අයත් කර්මාන්තශාලාවේ කොටසක් මේ දිනවල වැඩ නිමව ඇති අතර එය ඉදිරි දින කිහිපයේදී විවෘත කිරීම සිදුවනු ඇත. ඒ අනුව ස්වාධින රුපවාහිනියේ පුවතක් පාදක කරගනිමින් පලවූ සමාජ ජාලා සටහන් නොමගයවන සුළු බව තහවුරු වේ .එමෙන්ම අදාළ සමාජ ජාලා සටහන් පදනම්වූ ස්වාධින රුපවාහිනී පුවතද නොමගයවන සුළු එකකි.

Title:හිගුරාන සීනි කම්හල 2012 වසරේ සිට සක්‍රීයයි.අලුතින් ආරම්භ කල එකක් නොවේ
Fact Check By: Kalana KrishanthaResult: Misleading

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,