දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
සමාජ ජාලා පරිශීලකයන් අභ්‍යවකාශය ,ග්‍රහලෝක ආදී කරුණු පිලිබදව ඉමහත් උනන්දුවක් දක්වනවා .නිතර ඒ පිළිබද සමාජ ජාලා සටහන් පලකරන ආකාරයක්ද දක්නට ලැබෙනවා.නමුත් ,මෙම සමහරක් සමාජ ජාලා සටහන් නොමගයවන සුලුයි.මේ ,එවන් නොමග්ය්වනසුලු සමාජ ජාලා සටහන් පෙළක් පිලිබදව කරුණු විමසා බැලීමක්.
සමාජ ජාලා සටහන්
ජනවාරි 25 දින සියලුම ග්‍රහයන් එක පෙලට සිටින බව හගවන සමාජ ජාලා සටහන් සංසරණය වෙනවා.ඒවායේ දැක්වෙන්නේ ජනවාරි 25 න් ආරම්භ වන ඉදිරි පැය 48 ක කාලය තුල සිකුරු,අගහරු ,බ්‍රහස්පති ,සෙනසුරු ,නෙප්චුන් සහ යුරේනස් එක පෙලට දිස්වනු ඇති බවයි. ප්ලුටෝ සූර්ය හන්දියේ සිටිනු ඇති බවක්ද දැක්වෙනවා.
ඉහත දැක්වූ කරුණුවලට අමතරව මේ ග්‍රහලෝක පෙළගැසීම නිසා මහා අධ්‍යාත්මික විප්ලවයක් සිදුවන බවට ආදී නක්ෂත්‍රය හා සම්බන්ධ කරුනුත් මේ සමගම හුවමරුවෙනවා.එවන් කරුණු විමසා බැලීම අපහසු නිසා සහ පුද්ගලබද්ධ විශ්වාස නිසා අප තීරණය කලේ ග්‍රහලෝක එක පෙලට පෙළගැසෙන කාරණය පිළිබද කරුණු විමසා බැලීමටයි.
Fact Check සත්‍ය කරුණු විමසා බැලීම
ජාත්‍යන්තරව පවා සමාජ ජාලාවල වේගයෙන් පැතිරෙන මෙම සටහන් පිලිබදව අවධානය යොමුකරමින් නිවේදනයක් නිකුත් කරන නාසා ආයතනය පවසන්නේ මෙම කරුණුවල ස්වල්ප සත්‍යයක් ඇති නමුත් සමාජ ජාලාවල පැතිරෙන්නේ අතිශයෝක්තියට නගනලද කරුණු වන බවයි.
ග්‍රහලෝක සැබවින්ම පිහිටන්නේ කුමන ආකාරයටද ??
බුධ ග්‍රහලෝකය ජනවාරි මාසයේ බොහෝ දුරට පවතින්නේ උදැසන ආකාශයේ වන අතර එය රාත්‍රී අහසේ පැහැදිලිව දැකගත හැක්කේ පෙබරවාරි මාසයේදීයි. නමුත් එම කාලය වෙනවිට සෙනසුරු සහ නෙප්චුන් ක්ෂිතිජය පහලටම ගමන් කරන අතර පහසුවෙන් දැකගැනීමට අපහසුවනු ඇත.
සමාජ ජාලාවල මිත්‍යා මත පැතිර ගියත් , 2025 ජනවාරි වල රාත්‍රී අහසේ පැහැදිලිව ග්‍රහලෝක 6 ක් දැකගත හැකිවනු ඇත. අගහරු ,බ්‍රහස්පති ,සෙනසුරු සහ සිකුරු ග්‍රහලෝක පියවි ඇසට දැකගත හැකි අතර යුරේනස් සහ නෙප්චුන් දැකගත හැකිවන්නේ දුරදක්න භාවිතයෙන්.
ආතර් සි ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ අප වෙත වෙත අදහස් දක්වමින් පවසන්නේ බොහෝ ග්‍රහලෝක ආයාසයකින් තොරව රාත්‍රී අහසේ දැකගත හැකිවීම ජනවාරිවල විශේෂත්වය බවයි. ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් අදහස් දක්වමින් අවධාරණය යොමු කරන්නේ බොහෝ මාසවල ග්‍රහලෝක දැකගැනීමට විශේෂයෙන් වෙහෙසිය යුතු බවත් ජනවාරි වල එසේ නොවන බවයි. කෙසේ වෙතත් මේ දිනවල ඇති වලාකුලින් බර අහස නිසා ග්‍රහලෝක රාත්‍රී අහසේ දැකගැනීම අපහසු බවත් ඔහු පැවසුවා. ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙය ජනවාරි මාසයේ සහ පෙබරවාරි මැද දක්වා සිදුවන ක්‍රියාවලියක් වන අතර ජනවාරි 25 සුවිශේෂ සිදුවීමක් සිදු නොවන බවයි. මේ ආකාරයේ තත්වයන් දුලබ නොවුනත් දැකබලා ගැනීමට වටින බව තාරකා විද්‍යාඥයන්ගේ මතයයි. මේ පිළිබද විස්තර මෙතනින් .
ග්‍රහලෝකවල චලනයන් තේරුම් ගැනීම
අපේ සෞරග්‍රහ මණ්ඩලය තුල චලනය වන ග්‍රහලෝක සුර්යයා වටා ඉලිප්සීය කක්ෂයන්වලයි. සමහර අවස්ථාවලදී මෙම චලනයන් පෘථිවියේ සිට නිරීක්ෂණය කල විට දක්නට ලැබෙන්නේ එක පෙලට දක්නට ලැබෙන ආකාරයක් .නමුත් එය දෘෂ්ටි ප්‍රයෝගයක් පමණයි.
යුරේනස් සහ නෙප්චුන් වඩාත් ඇතින් දුර්වල ආකාරයෙන් දක්නට ලැබෙන ග්‍රහලෝක ද්විත්වයක් මේ මාසයේදී වඩාත් එක පෙලට පිහිටන ආකාරයකට දැකගත හැකියි.
මේ සම්බන්ධව ඉංග්‍රීසි බසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමක් මෙතනින්
2025 ජනවාරි සහ පෙබරවාරි මාසවල අහසේ දක්නට ලැබෙන ග්‍රහලෝක පෙළගැස්ම සම්බන්ධයෙන් නාසා ආයතනයේ වෙබ් අඩවියේ ඇති කරුණු පැහැදිලි කිරීම මෙතනින්
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අප විසින් සිදුකල කරුණු විමසුමේදී දැකගන්නට ලැබුණේ එක පෙලට ජනවාරි 25 ග්‍රහලෝක පිහිටන බවට සමාජ ජාලාවල පළවන සටහන් නොමගයවන සුළු ඒවා වන බවයි.ජනවාරි මාසයේ මෙන්ම පෙබරවාරි මාසයේ මැද ක් පමණ යනතුරු ග්‍රහලෝක 6 ක් පමණ රාත්‍රී අහසේ දැකගත හැකි අතර ජනවාරි 25 විශේෂ සිදුවීමක් සිදු වන්නේ නැත.කෙසේ වෙතත් ලංකාවේ අහසේ මෙය පැහැදිලිව මේ දිනවලදී දැකගැනීමට අපහසුවන්නේ රාත්‍රී අහස මේ දිනවල වලාකුළුවලින් බරව පැවතීම නිසා ඇතිවන දෘෂ්ටි අපහසුතා නිසාවෙනුයි.

Title:ජනවාරි 25 , සියලු ග්‍රහයන් එක පෙලට ද ?
Fact Check By: Kalana KrishanthaResult: Missing Context

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,