දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
Update:කොලොන්නාව, සාලමුල්ල ප්‍රදේශයේ නිවසක සිටියදී දේශපාලන ක්‍රියාකාරී ඩෑන් ප්‍රියාසාද් ඉලක්ක කර තැබූ වෙඩි තැබීමක් අප්‍රේල් 22 රාත්‍රියේ දී සිදුව තිබු අතර ඒ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ මාධ්‍ය කොට්ඨාශය නිවේදන කිහිපයක්ම නිකුත් කර තිබුණා.
ඊයේ (22) රාත්‍රියේ දී මුලින් නිකුත් කල නිවේදනයේ දී ඩෑන් ප්‍රියාසාද් අදාළ වෙඩි තැබීම හේතුවෙන් මිය ගිය බව සඳහන් කර තිබු අතර පසුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එය නිවැරදි කරමින් ඔහු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ගන්නා බව සඳහන් කළ අතර නැවත වරක් 23(අද) උදෑසන නිකුත් කල නව පොලිස් නිවේදනයේ සඳහන් කර තිබුනේ ඩෑන් ප්‍රියාසාද් ජිවිතක්ෂයට පත්වූ බවයි.
විවිධ ආන්දෝලනාත්මක දේශපාලන කටයුතු සම්බන්ධයෙන් වරින් වර කතාබහට ලක් වූ ඩෑන් ප්‍රියසාද් මිය ගිය බවට ඊයේ (ජනවාරි 29) රාත්‍රියේ සිට සමාජ මාධ්‍යය සටහන් හුවමාරුවනවා. ප්‍රසිද්ධ සහ සමාජයේ කතාබහට ලක්වන පුද්ගලයින් මියගිය බවට අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය හරහා වරින් වර හුවමාරුවන අවස්ථා පවතින බැවින් ඩෑන් ප්‍රියසාද් මියගිය බවට හුවමාරුවන තොරතුරු සත්‍ය ද යන්න පිළිබඳව අප කරුණු විමර්ශණයක් සිදුකරනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media)
“අනතුරක් වෙලාලු” යනුවෙන් සඳහන් කරමින් ඩෑන් ප්‍රියසාද් මියගිය බවට ඇඟවෙන ලෙස සමාජ මාධ්‍ය සටහනක් පළ කර තිබුණේ මේ අයුරින්.
“ඩුබායිහිදී සිදු වූ රිය අනතුරකින් ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට” යනුවෙන් සඳහන් කරමින් රිය අනතුරකට අදාළ ඡායාරූපයක් ද පළ කරමින් ඔහුගේ ඡායාරූප ද සමඟ තවත් සමාජ මාධ්‍ය සටහනක් පළ කර තිබුණේ මේ අයුරින්.
ඩෑන් ප්‍රියසාද් මිය ගිය බවට තවත් සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුණේ මෙසේ ය.
මෙලෙස සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන අයුරින් ඩෑන් ප්‍රියසාද් මියගිහින් ද? අප ඒ පිළිබඳව විමසා බැලීමක් සිදුකළේ මේ අයුරින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
Update :
ඩෑන් ප්‍රියසාද් අද (11) අලුයම 6ට පමණ ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේ දී කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2024 වර්ෂයේ දී නාන්ඒරිය පොලිස් ස්ථානාධිපතිට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට නොගන්නා ලෙසට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඩෑන් ප්‍රියසාද්ට එරෙහිව නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතාගෙන් අප කළ විමසීමේදී කියා සිටියා.
ඊට අදාළව ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඩෑන් ප්‍රියසාද්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන නියෝගයක් ද නිකුත් කර තිබී ඇත.
ඒ අනුව ඩෑන් ප්‍රියසාද්ව නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන ගොස් වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිතයි.
ඒ අනුව මීට ඉහතදී ඩෑන් ප්‍රියසාද් මියගිය බවට පළ වූ සමාජ මාධ්‍ය සටහන් ව්‍යාජ ඒවා බව තහවුරු වනවා.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් ලෙස හඳුන්වන ඩෑන් ප්‍රියසාද් නම් පුද්ගලයා සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇතිවන්නේ, 2022 මැයි 9 වන දින සාමකාමී අරගලයට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි.
2022 ගාලුමුවදොර විරොධයට පහරදීමේ නඩුවේ 06 වැනි සැකකරු ලෙස ඩෑන් ප්‍රියසාද් නම් කරනු ලැබූ අතර රක්ෂිත බන්ධනාගාරගතව ටික කලක් සිට පසුව ඇප මත නිදහස ලැබුවේ විදෙස් ගමන් තහනම ඇතුළු කොන්දේසි කිහිපයක් යටතේය.
ඔහු නිදහස ලද පසුවත් විවිධ ආන්දෝලනාත්මක දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාකාරී වුණා. කෙසේ වෙතත් වන මේ වන විට විදෙස්ගතව සිටින ඩෑන් ප්‍රියසාද් මියගොස් තිබේද යන්න අප පරීක්ෂා කර බැලුවා.
දේශපාලනික වශයෙන් ආන්දෝලනාත්මක සිදුවීම්වලට අදාළව නම සඳහන්වන ඩෑන් ප්‍රියසාද් වැනි පුද්ගලයෙක් මිය ගියේනම් එම පුවත මෙරට ප්‍රධාන මාධ්‍ය තුළ අනිවාර්යෙන් ම පළවන පුවතකි. නමුත් ඊයේ(29) රාත්‍රියේ සිට මේ දක්වා කිසිඳු මාධ්‍යයක් ඩෑන් ප්‍රියසාද් මියගිය බවට පුවත් වාර්තා වී තිබුණේ නෑ.
එබැවින් ඩෑන් ප්‍රියසාද් මියගිය බවට දක්වා ඇති සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන රිය අනතුරක ඡායාරූපය පරීක්ෂා කර බැලුවා. ඒ අනුව එම ඡායාරූපය මීට වසර 7කට පෙර එනම්, 2018 වසරේදී ඩුබායිහිදී සිදුවූ රිය අනතුරකින් දහසය හැවිරිදි දැරියක් මිය යාමේ සිදුවීමකට අදාළ ඡායාරූපයක් බව අපට පැහැදිලි වුණා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය
අප පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් මේ පිළිබඳව තොරතුරු විමසීමක් සිදුකළ අතර එහිදී පොලීසිය පැවසුවේ ඩෑන් ප්‍රියසාද් මිය ගිය බවට කිසිඳු තොරතුරක් මේ වන තෙක් නොලැබුණු බවයි. එවැනි සිදුවීමක් සිදු වී තිබේ ද යන්න පොලීසිය ද සොයා බැලීමක් සිදුකරන බවයි අප වෙත පැවසුවේ.
ඩෑන් ප්‍රියසාද්ගේ පාර්ෂවයන්
ඩෑන් ප්‍රියසාද්ගේ දුරකතන අංකය වෙත අප දුකතන ඇමතුම් ලබාගත් නමුත් එම දුරකතන අංකයෙන් කිසිවෙක් අපට සම්බන්ධ කරගත නොහැකි විය. එම අංකය වෙත වට්ස් ඇප් හරහා අප කළ කෙටි පණිවිඩ ද යොමු කළ, ඒවා ඔහු වෙත ළඟා වුව (Delivered) බවට දැක ගන්නට ලැබුණත්, ඔහු ඊට ප්‍රතිචාර නොදැක්වීය.
ඩෑන් ප්‍රියසාද් සාමාජිකත්වය දැරූ ‘අපේ ජන බල පක්ෂයේ’ දුරකතන අංක වෙත ද අප ඇමතුම් ලබාගත් නමුත් ඔවුන් ද පැවසුවේ ඩෑන් ප්‍රියසාද්ගේ මරණය සම්බන්ධ තොරතුරු තහවුරු කරගෙන අප වෙත පවසන බවයි. නමුත් අප නැවත එම අංක වෙත ඇමතුම් ලබාගෙන තොරතුරු දැනගැනීමට උත්සහ කළ නමුත් එම දුරකතන ඇමතුම් සඳහා ප්‍රතිචාරයක් නොලැබුණි.
ඩෑන් ප්‍රියසාද්ගේ සමීපතමයෙක්ව ද අප සම්බන්ධ කරගත් නමුත් ඔහුට ද ඔහු මිය ගිය බවට තහවුරු කළ තොරතුරක් ලැබී තිබුණේ නෑ.
එමෙන් ම ඔහුගේ ෆේස් බුක් ගිණුමේ ඊයේ දිනයේදිත් වීඩියෝ හුවමාරු කරගෙන තිබූ අතර ඔහු මිය ගිය බවට කිසිවෙක් ඔහුව Tag කරමින් ශෝකය පළකරමින් හෝ කිසිඳු සමාජ මාධ්‍ය සටහනක් පළ කර ඇති ආකාරයක් අපට දැකකගත නොහැකි විය. Archived link
ඒ අනුව ඩෑන් ප්‍රියසාද් මිය ගිය බවට තහවුරු කරන ලද කිසිඳු තොරතුරක් මේ වන තෙක් ලැබී නොමැත.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
