Seismic Waves CARD ගොනුව විවෘත කිරීමෙන් ඔබේ දුරකතනය හැක් වෙනවා ද?

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

වර්තමානයේ WhatsApp මාධ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීමට සහ අන් අය සමඟ සම්බන්ධ වීමට ජනප්‍රිය වේදිකාවක් බවට පත්ව තිබෙනවා. නමුත් ඒ හරහා වැරදි තොරතුරු පහසුවෙන් පැතිර යා හැකි බැවින්, පණිවිඩ ලැබීමේදී සහ යොමු කිරීමේදී ප්‍රවේශම් වීම වැදගත්වනවා.

මෑතකදී, WhatsApp හි සයිබර් ප්‍රහාරයක් පිළිබඳව පරිශීලකයින්ට අනතුරු අඟවන පණිවිඩයක් සංසරණය වෙමින් පවතිනවා. මෙම පණිවිඩයෙන් කියැවෙන්නේ “Seismic Waves CARD” නම් ගොනුවක් විවෘත කිරීමෙන් තත්පර 10ක් ඇතුළත ඔබගේ දුරකථනය හැක් කිරීමට සිදුවන බවයි. ඒ අනුව අප මෙම තොරතුර පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමක් සිදුකිරීමට තීරණය කරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media)

Update : පසුගියදා මියන්මාරයේ ඇති වූ භූ කම්පනය අලලා ද Seismic Waves Card නම් ව්‍යාජ පණිවිඩය නැවතත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

මීට පෙර සංසරණය වූ පණිවිඩයට සමාන ලෙසම මෙය සංසරණය වෙමින් පවතින බව දැකගත හැකි ය. එම පණිවිඩය මෙසේ ය.

මියන්මාරයේ සහ තායිලන්තයේ භූමිකම්පාවේ ඡායාරූප කිහිපයක් ඔවුන් Whatsapp වෙත උඩුගත කිරීමට යනවා. Seismic Waves CARD කියන ෆයිල් එක, ඕපන් කරන්නවත් බලන්නවත් එපා, තත්පර 10කින් ඔයාගේ ෆෝන් එක හැක් කරනවා, ඒක කිසිම විදිහකින් නවත්තන්න බෑ. ඔබේ පවුලේ අයට සහ මිතුරන්ට තොරතුරු ලබා දෙන්න. එය විවෘත නොකරන්න. එයාලත් TV එකේ කිව්වා”

Fb|Archive

බොහෝ WhatsApp පරිශීලකයින්ට මෑතකදී ලැබී තිබුණු පණිවිඩයක් මෙසේ ය.

“ජපානයේ සහ මොරොක්කෝවේ භූමිකම්පාවේ ඡායාරූප කිහිපයක් ඔවුන් Whatsapp වෙත උඩුගත කිරීමට යනවා. Seismic Waves CARD කියන ෆයිල් එක, ඕපන් කරන්නවත් බලන්නවත් එපා, තත්පර 10කින් ඔයාගේ ෆෝන් එක හැක් කරනවා, ඒක කිසිම විදිහකින් නවත්තන්න බෑ. ඔබේ පවුලේ අයට සහ මිතුරන්ට තොරතුරු ලබා දෙන්න. එය විවෘත නොකරන්න. එයාලත් TV එකේ කිව්වා”

තවද මෙම පණිවිඩය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ද පැතිර යන බව අපට පෙනී ගියා.

Fb|Archive

Fb|Archive

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

Update : මෙම පණිවිඩය මියන්මාර භූ කම්පනයෙන් පසු නැවතත් ලෝකය පුරා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. “Seismic Waves CARD” නම් ගොනුවක් හරහා මියන්මාරයේ සහ තායිලන්තයේ භූ කම්පනයේ ඡායාරූප ඉලක්ක කරගත් බව කියන සයිබර් ප්‍රහාරයක් පිළිබඳව කිසිඳු සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කරන ආයතනයකින් හෝ කිසිඳු අනතුරු ඇඟවීමක් හෝ නිවේදනයක් හෝ නිකුත් කර නොමැත. මෙය බොහෝ කාලයක සිට එකම ආකෘතියකට හුවමාරුවන පණිවිඩයක් බව පෙනී යන අතර කිසිඳු විශ්වාසදායක මූලාශ්‍රයක් ඔස්සේ මෙවැනි අනතුරු ඇඟවීමක් සම්බන්ධව තොරතුරු වාර්තා කර නොමැත.

මියන්මාර සහ තායිලන්ත භූ කම්පනයන්හි ඡායාරූප මුල් කරගනිමින් හුවමාරුවන බව පැවසෙන මෙම “Seismic Waves CARD” නම් ගොනුව ව්‍යාජ එකක් බව කිවහැකි ය. මේ සම්බන්ධයෙන් සිදුකළ කරුණු පරීක්ෂාවක් මෙතනින්.

මීට පෙර මෙම ආකෘතියෙන් ම හුවමාරුවූ පණිවිඩයක් සම්බන්ධයෙන් අප පෙර සිදුකළ කරුණු පරීක්ෂා කිරීම ද ඔබට කියවිය හැකිය.

අප මෙම පණිවිඩය පිළිබඳ සොයා බැලීමක් සිදුකළ අතර  එහිදී අපට ස්නෝප්ස් විසින් ඉදිරිපත් කරන ලද පුළුල් වාර්තාවක් හමු වුණා. එම වාර්තාවට අනුව, වට්ස්ඇප් ඔස්සේ සංසරණය වන මෙම පණිවිඩය පිළිබඳව පැහැදිලිව අදහස් දක්වා තිබුණ අතර එය “අසත්‍ය” බව නිශ්චිතවම කරුණු සහිතව තහවුරු කර තිබුණා. වට්ස්ඇප් වෙතින් ඔවුන් මේ පිළිබඳව විමසා තිබුණු අතර ඒ ඔස්සේ මෙම පණිවිඩය අසත්‍ය බව ද තහවුරු කර තිබුණා.

එමෙන් ම ස්නෝප්ස්ට අනුව, වට්ස් ඇප් ඔස්සේ සංසරණය වන මෙම පණිවිඩය වෙනත් භාෂාවකින් පරිවර්තනය කර ඇති පණිවිඩයක් බවත් පෙනී යනවා. 

Archive

WhatsApp හරහා ලැබෙන සැක සහිත ලිපිගොනු හෝ සබැඳි විවෘත නොකිරීමට නිර්දේශ කරනු ලැබුවත්,  “Seismic Waves CARD” නම් ගොනුවක් හරහා ජපානයේ සහ මොරොක්කෝවේ භූමිකම්පාවේ ඡායාරූප ඉලක්ක කරගත් බව කියන සයිබර් ප්‍රහාරයක් පිළිබඳ පණිවිඩය WhatsApp විසින් සම්පූර්ණයෙන්ම පදනම් විරහිත ලෙස ප්‍රතික්ෂේප කර තිබෙනවා. 

NBC පුවත් වාර්තා කිරීමක් ඔස්සේ WhatsApp විසින් මෙම පණිවිඩය පිළිබඳ සිදුකරන ලද පැහැදිලි කිරීමක් ඔස්සේ මේ බව සඳහන් කර තිබෙනවා.

එහි වැඩිදුරටත් මේ පිළිබඳව පැහැදිලි කරමින් පෙන්වා දෙන්නේ, මෙවැනි පණිවිඩවලට සමාන වංචා කිරීම් මීට පෙර දැක ඇති නමුත්, මෙම අනතුරු ඇඟවීම්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව පරිශීලකයින්ට සහතික කිරීමට අවශ්‍ය බව WhatsApp ප්‍රකාශ කර ඇති බවයි. 

සංසරණය වන පණිවිඩවලට අනුව, හැකර්වරුන් පරිශීලකයින්ගේ උපාංග අවදානමට ලක් කිරීම සඳහා මෙම ගොනුව බෙදා හරිමින් සිටි බව කියනු ලැබෙන නමුත් WhatsApp නියෝජිතයින් අවධාරණය කර ඇත්තේ එවැනි අනතුරක් පිළිබඳව කිසිදු සත්‍යාපනය කළ සාක්ෂියක් නොමැති බවයි. 

වට්ස් ඇප් පණිවිඩයේ දැක්වෙන ලෙස දුරකථනයක් තත්පර 10 කින් හැක් වීමේ තාක්ෂණික හැකියාව :

අනිෂ්ට මෘදුකාංග රූප හෝ ගොනු තුළ සැඟවිය හැකි වුවත් මෙම පණිවිඩයේ කියනු ලබන ප්‍රහාරය ක්‍රියාත්මක වන ආකාරය ප්‍රායෝගික නොවේ. දුරකථනයක් තත්පර 10 කින් හැක් කළ හැකි බවත් එය නතර කිරීමට ක්‍රමයක් නොමැති බවත් කරන ප්‍රකාශය යථාර්ථවාදී නොවේ. ප්‍රායෝගිකව, අනිෂ්ට මෘදුකාංග වලට හානියක් කිරීමට පෙර සබැඳි ක්ලික් කිරීම හෝ අවසර ලබා දීම වැනි නිශ්චිත ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වනවා. ඒ අනුව ගොනුවක් විවෘත කිරීමෙන් පමණක් ම දුරකතනයක් හැක් වනවා යැයි පැවසීම අසත්‍යකි.

නිශ්චිත ගොනුවක් හෝ යෙදුමක් අවශ්‍ය නොවී ඡායාරූප WhatsApp හි කෙලින්ම බෙදා ගත හැකි බව Tech ARP පැහැදිලි කරනවා. රූප මත පදනම් වූ අනිෂ්ට මෘදුකාංග තාක්ෂණිකව කළ හැකි වුවත් එයට පරිශීලක ක්‍රියාව සක්‍රිය කිරීම අවශ්‍ය වන අතර එය ක්‍රියාත්මක වන්නේ මෙම අසත්‍ය පණිවිඩයේ සඳහන් කර ඇති ලෙස තත්පර 10 වැනි නිශ්චිත කාල රාමුවකින් පසුව නොවේ.

වට්ස් ඇප් හරහා මීට පෙර සංසරණය වූ නොමඟ යවන සුළු අනතුරු ඇඟවීම් පණිවිඩ 

WhatsApp පරිශීලකයින් නොමඟ යවන ආරක්ෂක අනතුරු ඇඟවීමක් හමු වූ පළමු අවස්ථාව මෙය නොවේ. 

2020 දීත් “WhatsApp Gold” වෙත උත්ශ්‍රේණි කිරීමට (Upgrade) සබැඳියක් ක්ලික් කිරීමෙන් දුරකතන හැක්වන බවට ප්‍රෝඩාකාරී පණිවිඩයක් සංසරණය වුණා. මෙම පණිවිඩයෙන් පරිශීලකයින්ගෙන් අනතුරු අඟවමින් ඉල්ලා සිටියේ, “Dance of the Pope” හෝ “Martinelli” වැනි අමුතු නම් සහිත වීඩියෝ විවෘත නොකරන ලෙසයි. 

WhatsApp හි වැරදි තොරතුරු පතුරුවා හැරීම සඳහා හදිසි අනතුරු ඇඟවීම් භාවිතා කරමින් ආරක්ෂක දුර්වලතා පිළිබඳ පරිශීලකයින්ගේ බිය ඇති කිරීමේ  මෙම රටාව, සයිබර් අපරාධකරුවන්ගේ උපක්‍රමයකි. එවැනි වංචාවන්, මුලින් හානිකර නොවුව ද  ඒවා පැතිරෙන විට සැබෑ තර්ජන බවට පරිවර්තනය විය හැකි අතර, සයිබර් අපරාධකරුවන් මෙවැනි අනතුරු ඇඟවීම් වලට අනිෂ්ට සබැඳි ඇමිණීමට අවස්ථාව ලබාගනී. (මූලාශ්‍රය: Forbes )

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

නිගමනය (Conclusion)

Seismic Waves CARD ” නම් ගොනුවක් හරහා උඩුගත කරන ලද ජපානයේ සහ මොරොක්කෝවේ භූමිකම්පාවේ ඡායාරූප ඔස්සේ දුරකථන හැක් කළ හැකි බවට පවසන WhatsApp හි සංසරණය වන අනතුරු ඇඟවීමේ කිරීමේ පණිවිඩය අසත්‍යය එකක් බව අපගේ විමර්ශණයෙන් පැහැදිලිවනවා.

එවැනි සයිබර් ප්‍රහාරයක් හෝ හානිකර අන්තර්ගතයන් සහිත ගොනුවක් පැවතීම පිළිබඳ විශ්වාසදායක සාක්ෂි හෝ තහවුරු කරන ලද වාර්තා නොමැත. WhatsApp සමාගම ද මෙම අසත්‍ය තොරතුරු ප්‍රතික්ෂේප කර ඇත.

කෙසේ වෙතත් ඕනෑම අවස්ථාවක, සමාජ මාධ්‍ය පරිශීලකයින් ප්‍රවේශම් විය යුතු බවත්, අන්තර්ජාලය පිරික්සීමේදී ඔවුන්ට හමුවිය හැකි නොදන්නා සබැඳි හෝ ගොනු බාගත කිරීමෙන් වැළකී සිටින ලෙසත් අප ඔබ වෙත පවසා සිටිනවා.

Avatar

Title:Seismic Waves CARD ගොනුව විවෘත කිරීමෙන් ඔබේ දුරකතනය හැක් වෙනවා ද?

Fact Check By: Piumika Lakshani 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *