ඩිටර්ජන්ට් සබන් වලින් කෑමට පෙර දෑත් සේදීම විශේෂඥයින් අනුමත කරන්නේ නැහැ!

Health Insight

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ගත කිරීම සෑම දෙනාගේම බලාපොරොත්තුවක්. සමාජ ජාලා පරිශීලකයන් ද ඒ සම්බන්ධ බොහෝ කතාබස්වල නිරතවෙනවා. සබන් අප සියලු දෙනාම නිතර භාවිතා කරනවා. නමුත් මේ සමහර සබන් වර්ගවල සෞඛ්‍යාරක්ෂිත බව පිලිබදව ගැටලුකාරී තත්ත්වයන්ද පැන නගිනවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

සමාජ ජාලා සටහන්වල දක්වෙන්නේ පිඟන් සේදීම සඳහා යොදා ගන්නා සේදුම් කාරක සබන් වර්ග (ඩිෂ් වොෂ් බාර්), කෑමට පෙර දෑත් සේදීම නුසුදුසු  බව සහ ඒවායේ ආමාශයික පිළිකාකාරක අඩංගු බවයි.

FB | Archived

එමෙන් ම මෙම සටහන් 2018 වසරේ සිට සමාජ ජාලාවල හුවමාරුවන සටහනක් බව ද, දැක ගන්නට ලැබුණේ මේ අයුරින්.

FB | Archived 

මේ පිලිබඳව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම):

මොනවාද මේ ඩිෂ් වොෂ් බාර් සබන් ?

ඩිෂ් වොෂ් බාර් ලෙස හැදින්වෙන සබන් කැට වර්ගය ආහාර මෙන් ම පානය කිරීමට ගන්නා පිඟන්, බඳුන්, ඒ ආශ්‍රිත උපකරණ ආදිය පිරිසිදු කිරීමට යොදාගන්නා ඩිටර්ජන්ට් දියරවල ඝන ස්වරුපයක් ලෙස ද හැදින්විය හැකියි. මෙම සබන්වල පිඟන්වල තැවරී ඇති ආහාර අංශු ආදිය බිදහෙලා දැමීමට යොදාගන්නා මේද සහ ලිපිඩමය සංයෝග අඩංගු වේ.

ඩිෂ් වොෂ් සබන් වල ඇති වාසි මොනවා ද ?

ඩිටර්ජන්ට් දියර වර්ගා භාවිතා කිරීමට වඩා මෙම කැට  සබන් වර්ග  භාවිතා කිරීම මූල්‍යමය අතින් වාසිදායකයි. එමෙන්ම පරිසරයට සිදුවන හානියද  ඩිටර්ජන්ට් දියර වර්ග භාවිතා කිරීමට වඩා සාපේක්ෂව අඩු අගයක් ගනී. ඒ බොහෝ අවස්ථාවල සමහර රසායනික ද්‍රව්‍යවල සාන්ද්‍රණය කැට ඩිටර්ජන්ට් දියර වර්ගවලට වඩා අඩු අගයක් ගන්නා නිසා. මේ සම්බන්ධ විස්තර කියවිය හැකියි මෙතනින්

ඩිෂ් වොෂ් සබන්වල අඩංගු සිරුරට විෂදායක සංයෝග 

බොහෝ ඩිෂ් වොෂ් සබන්වල ඇති අමුද්‍රව්‍ය සමහරක් මිනිස් සිරුරුට හානිකර හෝ විෂ සහිත විය හැකිය. එක්සත් ජනපද Environmental Working Group (EWG) නම් සංවිධනය විසින් සිදුකරන ලද පර්යේෂණයකින් හෙළිව ඇති පරිදි සම්ප්‍රදායික ඩිෂ් වොෂ් සබන් වර්ග 65% ක පමණ පිළිකාකාරක ආදී සිරුරට විෂ සහගත සංඝටක අඩංගු බවයි. එසේම පිඟන් සෝදන ඩිටර්ජන්ට් 154 කින් 17% ක් සඳහා ඔවුන් F ශ්‍රේණිගත කිරීමක් ලබාදී තිබෙනවා; මෙයින් අදහස් කරන්නේ ඒවාට විෂ වීම සඳහා ඉහළම විභවයක් ඇති බවයි.

එසේම මිනිසුන්ට හානිකර බව සොයා ගන්නා ලද ඩිෂ් වොෂ් අතර ඇති අමුද්‍රව්‍ය අතර පොස්පේට්, නයිට්‍රිලොට්‍රියාසිටික් අම්ලය (NTA) සහ ඩයිතිලෙනෙට්‍රියමයින් පෙන්ටඇසිටික් අම්ලය (DTPA) ඇතුළත් වේ. ඒවා ජලය මෘදු කිරීමට සහ මතුපිටක ද්‍රව්‍යවල පිරිසිදු කිරීමේ බලය වැඩි දියුණු කිරීමට උපකාරී වන නමුත් මේවා ශරීරගත වුවහොත් විෂ සහිත විය හැකිය.

DEA s , MEA s and TEAs (Ethanolamines) : මෙම සංයෝග ඩිෂ් වොෂ් සබන් වර්ග බොහොමයක ගෝලීය වශයෙන් භාවිතා කරනවා. මේවා සබන් වර්ග නිෂ්පාදනය කිරීමට සහ එමෙන්ම ජලය සමග හොදින් මිශ්‍ර කිරීමට යොදාගන්නා surfactants සංයෝග ලෙසත් භාවිතා කරනවා.  

වර්ණක සංයෝග : සබන් වලට ආකර්ශනිය පෙනුමක් ලබාදීමට වර්ණක භාවිතා කරනවා. බෙන්සිඩන් වැනි ප්‍රකට පිළිකාකාරක වර්ණකද මේවායෙහි භාවිතා කරනවා.

Formaldehyde : ෆොමල්දිහයිඩ් ද සිරුරට විසදායක රසායනික වර්ගයක්. එය සම තුලින් ඇතුල්වී සිරුරට අහිතකර විෂදායක සංයෝගයක් හෝ පිළිකාකාරකයක් ලෙස කටයුතු කල හැකියි.

Phthalates වර්ග : මෙය සිරුරේ සිදුවන එන්සයිම මගින් සිදුවන පරිවෘත්තිය ක්‍රියාවන්ට බාධකයක් ලෙස ක්‍රියා කරනවා. මේ සම්බන්ධ වැඩිදුර විස්තර මෙතනින්

ඒ අනුව පැහැදිලි වන්නේ ඩිෂ් වොෂ් බාර් සබන් වර්ග බොහොමයක සිරුරට අහිතකර රසායනික සංයෝග පවතින බවයි. 

සමාජ ජාලා සටහන්වල දැක්වෙන පරිදි අත්වල තැවරී මෙම සබන් සිරුරට ඇතුළු වුවහොත් කුමන ආකාරයක ප්‍රතිචාරයක් සිදුවිය හැකිද ?

ඔබේ අත්වල සබන් තැවරිමකදී හෝ එසේ නැතහොත් බදුනක සබන් තැවරුනහොත් සෝදන විටක ජලය සමග සම්පුර්ණයෙන්ම ඉවත්ව නොයන බව ප්‍රකට කරුණක්. එසේ ඉවත්ව නොගොස් එය ආහාර සමග සිරුරට ඇතුළු වුවහොත් සිරුරේ සිදුවන වෙනස්කම් ආදිය කෙබඳු ද ? මේ පිලිබදව තොරතුරු පහතින්.

Sodium Laureth Sulfate සහ Sodium Lauryl Sulfate

මෙම සංයෝග දෙක හැදින්වීම සදහා SLS යන කෙටි නම භාවිතා කරයි. මෙය ස්නායු පද්ධතියට, ශ්වසන පද්ධතියට මෙන්ම ආහාර ජීරණ පද්ධතියට බාධාකාරී සිදුකෙරන බව හඳුනාගෙන තිබෙනවා.

යුරෝපීය සංගමය විසින් පිඟන් සෝදන සබන් වල අඩංගු SLS සහ SLES (Sodium laureth sulfate වැනි ඇතැම් ද්‍රව්‍ය සමේ ආසාත්මිකතා ඇති කරන ද්‍රව්‍ය ලෙස වර්ගීකරණය කර ඇත.බොහෝ පර්යේෂකයන් මෙය පිළිකාකාරකයක් නොවන බව සදහන් කරන අතර සමහර පර්යේෂකයන් සදහන් කරන්නේ මෙය සමේ අසාත්මිකතා ඇති කරන පිළිකාකාරකයක් ලෙසයි.මෙය පිළිකාකාරකයක් ලෙස ක්‍රියාකළ හැකි බවට සදහන් කර තිබු පර්යේෂණ පත්‍රිකාවක් මෙතනින්

Dipropylene Glycol 

මෙය සිරුරේ එන්සයිම ක්‍රියාකාරිත්වයට, ජීරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයට, ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරිත්වයට බාධාකාරී ලෙස ක්‍රියාකරයි.

Hydroxypropyl Methylcellulose 

මෙය ආහාර ජීරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයට බාධකයක් ලෙස ක්‍රියා කරයි.

Polysorbate 20 

මෙය සිරුරේ DNA වලට හානිකරන අතර පිළිකාකාරකයක් ලෙසද ක්‍රියා කල හැකි බව ඇතැම් වාර්තාවල දක්වා තිබෙනවා. මේ සම්බන්ධ වැඩිදුර විස්තර කියවිය හැකියි මෙතනින් සහ මෙතනින් . කෙසේ වෙතත් සමහර වාර්තාවල දැක්වෙන්නේ මෙය පිළිකාකාරක නොවන බවයි.ඒ සම්බන්ධ විස්තර කියවිය හැකියි මෙතනින්

කෙසේ වෙතත් ඇතැම් ඩිෂ් වොෂ් නිෂ්පාදකයන් ස්වභාවික අමුද්‍රව්‍ය පමණක් යොදාගනිමින් මේවා නිෂ්පාදනය කරනවා. එම නිසා සෑම ඩිෂ් වොස් සබන් වර්ගයක්ම අහිතකර බව පැවසීම අතිශයෝක්තියක්. නමුත් ඩිෂ් වොෂ් බොහොමයක අහිතකර සංයෝග විවිධ ප්‍රමාණවලින් පවතිනවා.

සෞඛ්‍යයට හානිකර නොවන අයුරින් , විෂ රසායනික අඩුවෙන් යොදා ගනිමින් ඩිෂ් වොෂ් සබන් නිෂ්පාදනය කරන ආකාරයක් දක්වන වීඩියෝවක් පහතින්. 

මේ හේතුවෙන් මෙම පිගන් සේදුම් සබන් වර්ග ගැන අධ්‍යයන කරන පර්යේෂකයින් ද බොහෝ විට පවසන්නේ මෙවැනි සේදුම් සබන් තෝරාගැනීමේදී, හොඳින් සේදීමට පහසු එකක් තෝරා ගැනීම බවයි. එනම් “rinse-free” හෝ “no-residue” වැනි ලේබල සහිත සේදුම් සබන් මඟින් ඔබේ පිඟන් කෝප්පවල සේදීමෙන් පසු ඉතිරි වන ප්‍රමාණය අවම කිරීමට උපකාරී වේ.මේ පිලිබඳ ලිපියක් මෙතනින්.

කාර්මික තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ඉල්මි හේවාජුලි

අප මේ පිලිබදව කාර්මික තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ඉල්මි හේවාජුලිගෙන් විමසු විට ඇය පැවසුවේ ඩිෂ් වොෂ් බාර් පිගන් ආදිය සේදීම සදහා විශේෂිත නිසා ඒවායින් කෑමට පෙර අත් සේදීම නොකළ යුතු බවයි. සිරුරට විෂ සහිත රසායනික සංයෝග සමහර ඩිෂ් වොෂ් සබන් වර්ගවල තිබිය හැකි බවත් ඇය සදහන් කළා.

කෙසේ වෙතත් ඩිෂ් වොෂ් බාර් සහ ඒවායේ රසායනික සංයෝග සම්බන්ධයෙන් පර්යේෂණ පත්‍රිකා බහුලව දක්නට ලැබෙන්නේද නැහැ

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

නිගමනය (Conclusion)

අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වන්නේ ඩිෂ් වොෂ් සබන් පොදුවේ ගත්කල ඒවායේ සිරුරට විෂදායක හානිකර රසායනික සංයෝග තිබෙන අතර ඇතැම්විට පිළිකාකාරක පැවතීමේ සම්භාවිතාවයක් ඇති බවයි. කෙසේ වුවත් සෑම ඩිෂ් වොෂ් සබන් වර්ගයකම මෙම රසායනික සංඝටක නොපවතී. ඒවා එක් එක් නිෂ්පාදකයා මත තීරණයවේ. 

ස්වභාවික සංඝටක වලින් නිෂ්පාදනය කරන සබන් වර්ගවල සන්නාම ගැන දැනුවත්ව ඒවා භාවිත කිරීමේ අවදානම අඩු කර ගත හැක. එම නිසා ඒ පිලිබදව අනිසි බියක් ඇතිකරගත යුතු නොමැති අතර ආහාර ගැනීමට පෙර අත් සෝදා ගැනීමට සාමාන්‍ය අත් සෝදා ගැනීමට භාවිතා කරන සබන් වර්ගයක් භාවිතා කිරීම වඩාත් සුදුසු බව විෂය සම්බන්ධ විශේෂඥයින් පෙන්වා දේ.

Avatar

Title:ඩිටර්ජන්ට් සබන් වලින් කෑමට පෙර දෑත් සේදීම විශේෂඥයින් අනුමත කරන්නේ නැහැ!

Fact Check By: Kalana Krishantha 

Result: Insight


Leave a Reply

Your email address will not be published. Required fields are marked *