අවුරුදු 1800ක් ජීවත් වූ පුද්ගලයෙක් ද?

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් සංස්කරණය කරන ලද ඡායාරූප, වීඩියෝ පළ කිරීම ඔස්සේ ඇතමුන් තම ගිණුමේ රීච් වැඩි කර ගැනීමට උත්සහ දරනවා. නමුත් එවැනි ඇතැම් ඡායාරූප, වීඩියෝ, සටහන් තුළින් වැරදි තොරතුරු ග්‍රහණය කර ගැනීම මෙන් ම ඇතැම් විට සමාජය නොමඟ යෑමට ලක් කිරීමක් හෝ කලබලයට පත්වීමක් පවා සිදුවීමේ අවකාශය පවතිනවා. ඒ අනුව වැරදි තොරතුරක් ලෙස හුවමාරු වෙමින් තිබූ ඡායාරූපයක් පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමට අප තීරණය කරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media)

“1800 ආයුෂ ප්‍රමාණය..අනේ වාසනාවකි..හිතා ගන්න බෑ කොයි කාලේ ඉපදෙන්න ඇත් ද?” යනුවෙන් සඳහන් කරමින් සිතා ගැනීමට පවා නොහැකි වර්ෂ ගණනාවක් ජීවත් වූ වයස්ගත පුද්ගලයෙක්ගේ ඡායාරූපයක් හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

Fb|Archive

මෙම ඡායාරූපය සඳහා 1.3K ප්‍රමාණයක් අදහස් දැක්වීම් සිදුකර තිබුණු අතර බොහෝදෙනා හුවමාරු කරගෙන ද තිබුණා. 

Fb|Fb|Fb

එපමණක් නොව මෙම ඡායාරූපය සඳහා දක්වා තිබූ අදහස් අනුව මෙය බොහෝදෙනා විශ්වාස කරන බව ද පෙනී යනවා. 

එබැවින් අප මෙම ඡායාරූපය සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකළේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

Reverse Search Image ඔස්සේ අප මෙම ඡායාරූපය සම්බන්ධයෙන් සෙවීමක් සිදුකළ අතර එහිදී ලොව බොහෝදෙනා සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ඡායාරූපය හුවමාරු කරගෙන ඇති ආකාරය අපට දැකගත හැකි විය.

නමුත් මෙම ඡායාරූපය සම්බන්ධයෙන් නිල තොරතුරක් නිල මූලාශ්‍රයක් අපට සොයාගත නොහැකි විය.

කෙසේ වෙතත් මෙම ඡායාරූපයට ම සමාන නමුත් ඡායාරූපයන්ගේ තරමක වෙනසක් සහිත ඡායාරූප ද අපට දැකගත හැකි වුණේ මේ අයුරින්. එමෙන් ම එම වයස්ගත පුද්ගලයාගේ වයස ද එම ඡායාරූපවල වෙනස් ලෙසයි පවතින්නේ.

Link  Link

අප මෙම ඡායාරූපය කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කළ එකක් ද යන්න පරීක්ෂා කළ අතර මෙය කෘතිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කිරීමේ ඉහළ සම්භාවිතාවක් ඇති ඡායාරූපයක් බව අපට තහවුරු විය.

මීට සමාන ආකාරයෙන් ම නිර්මාණය වී තිබුණු අනෙකුත් ඡායාරූප ද අප පරීක්ෂා කළ අතර ඒවා ද කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඒවා බව පෙනී යනවා.

ඒ අනුව අවුරුදු 1800ක් ජීවත් වූ පුද්ගලයෙක් ලෙස දක්වමින් සංසරණය වන ඡායාරූපය කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද එකක් බව පැහැදිලි වනවා. 

ලොව වයස්ගතම පිරිමි පුද්ගලයා

2025 මාර්තු 6 වන දින වන විට, ලොව වයස්ගතම ජීවමාන මිනිසා වන්නේ බ්‍රසීලයේ ජෝඕ මැරින්හෝ නෙටෝ ය. ඔහුගේ වයස අවුරුදු 112 කි. 1912 මාර්තු 15 වන දින බ්‍රසීලයේ මරන්ගුවාපේ හි උපත ලැබූ නෙටෝ, කෘෂිකර්මාන්තයේ ගැඹුරින් මුල් බැසගත් ජීවිතයක් ගත කර ඇති අතර, ප්‍රධාන වශයෙන් ඌරු ගොවියෙකු ලෙස සේවය කර ඇත.

ඔහුගේ වයස්ගත වුවද, ඔහු සාපේක්ෂව හොඳ සෞඛ්‍ය තත්වයකින් පසුවන බවයි වාර්තාවන්නේ. ඔහු දරුවන් හත් දෙනෙකුට පියෙකු වන අතර, ඔවුන්ගෙන් හය දෙනෙකු තවමත් ජීවතුන් අතර සිටියි. මුණුබුරන් 22 දෙනෙකු, මී මුණුබුරන් 15 දෙනෙකු සහ මී මුණුබුරන් තිදෙනෙකු ඇතුළු විශාල විස්තෘත පවුලක් හිමි පුද්ගලයෙක් වේ.

(මූලාශ්‍ර – මෙතනින්Guiness World Record Entry

ලොව වයස්ගතම කාන්තාව

2025 මාර්තු 6 වන දින වන විට, ලොව වයස්ගතම ජීවමාන පුද්ගලයා ලෙස තහවුරු කර ඇත්තේ, බ්‍රසීලයේ කන්‍යා සොයුරියක් වන ඉනා කැනබාරෝ ලූකස් ය. ඇගේ වයස අවුරුදු 116 කි. 1908 ජුනි 8 වන දින බ්‍රසීලයේ රියෝ ග්‍රෑන්ඩ් ඩෝ සුල් හි සාඕ ෆ්‍රැන්සිස්කෝ ද ඇසිස් හි උපත ලැබූ ඉනා සහෝදරිය 1934 සිට කන්‍යා සොහොයුරියක් වන අතර අධ්‍යාපනය සඳහා වූ කැපවීම සහ පාපන්දු සඳහා ඇති ඇගේ ආශාව නිසා ප්‍රසිද්ධය.

(මූලාශ්‍ර – මෙතනින්) Guiness World Record Entry 

මීට පෙර ද ලොව වයස්ගත ම කාන්තාව ලෙස කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කළ ඡායාරූපයක් සංසරණය වී තිබූ අතර ඒ පිළිබඳව ද අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.

Also Read – අවුරුදු 300ක් වසසැති ලොව වයස්ගතම කාන්තාවගේ ඡායාරූපයේ ඇත්ත කතාව!

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය)

අප කළ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ, අවුරුදු 1800ක් ජීවත් වූ පුද්ගලයෙක් ලෙස දක්වමින් සංසරණය වන ඡායාරූපය කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද එකක් බවයි. ඒ අනුව එම ඡායාරූපයේ දැක්වෙන්නේ, ලොව වයස්ගතම පුද්ගලයා නොවන අතර දැනට ලොව ජීවත්ව සිටින වයස්ගතම පුද්ගලයා වයස අවුරුදු 112 ක් වන  බ්‍රසීලයේ ජෝඕ මැරින්හෝ නෙටෝ ය. වයස්ගතම කාන්තාව ලෙස වාර්තා වන්නේ, වයස අවුරුදු 116 ක් වන බ්‍රසීලයේ කන්‍යා සොයුරියක් වන ඉනා කැනබාරෝ ලූකස් ය. 

Avatar

Title:අවුරුදු 1800ක් ජීවත් වූ පුද්ගලයෙක් ද?

Fact Check By: Piumika Lakshani 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *