දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
කෘෂි භෝග සඳහා හානි පමුණුවන වන සතුන් කාණ්ඩ 04 ක් පිළිබඳ ජාතික සංගණනය එළඹෙන මාර්තු 15 වනදා සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය දැනුම්දී තිබෙන අතර මේ දිනවල ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළවෙමින් තිබෙනවා.කෙසේ වෙතත් මෙම වන සත්ත්ව සංගණනයට අදාළ සංගණන පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා වැය වූ මුදල සම්බන්ධයෙන් නොමඟ යවන සුළු අදහස් ඉදිරිපත් වී තිබූ බැවින් අප ඒ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media)
කෘෂි භෝග සඳහා හානි පමුණුවන වන සතුන් පිළිබඳ සිදුකරන සංගණනය සම්බන්ධයෙන් විවිධ ගොවි සංවිධාන, විශ්ව විද්‍යාල ආචාර්යවරු අදහස් දක්වන පුවතක් විවිධ මාධ්‍ය නාලිකා ඔස්සේ වාර්තා කර තිබුණු අතර එම පුවතේ, ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් දක්වන අදහසක් ද වාර්තා කර තිබුණා.
එහිදී අනුරාධ තෙන්නකෝන් පවසන්නේ මෙම සංගණනයට අදාළව සංගණන පත්‍රිකා හැත්තෑ තුන් ලක්ෂයක් මුද්‍රණය කර ඇති බව වාර්තා වන බවත්, දළ වශයෙන් එක් පත්‍රිකාවක් මුද්‍රණය කිරීමට පමණක් රු. 10ක් බැගින් හත් කෝටි තිස් ලක්ෂයක් වැය කර ඇති බවත් ය. නමුත් ඔහු කිසිඳු නිල මූලාශ්‍රයක් මෙහිදී උපුටා දක්වන්නේ ද නැත.
හිරු නාලිකාවේ ෆේස්බුක් පිටුවේ මෙම පුවත පළ කර තිබුණේ, “සත්ත්ව සංගණනයට හත් කෝටි තිස් ලක්ෂයක පත්‍රිකා මුද්‍රණය කරලා” යන සටහනත් සමඟින් ය.
ස්වර්ණවාහිනියේ විකාශය වූ එම පුවත ඔවුන්ගේ ෆේස්බුක් පිටුව ඔස්සේ පළ කර තිබුනේ “පත්‍රිකා මුද්‍රණයට ලක්ෂ ගණනක් වියදම් කරලා” යනුවෙන් සඳහන් කරමින් ය.
ඒ අනුව මෙම සංගණනය සඳහා කෝටි හතක් පත්‍රිකා මුද්‍රණයට පමණක් වියදම් කර තිබේ ද යන්න සම්බන්ධයෙන් අප තොරතුරු පරීක්ෂා කර බැලීමක් සිදුකරනු ලැබුවා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මාර්තු 6 වන දින මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් මෙම සංගණන පත්‍රිකා සඳහා වැය කර ඇති මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් කරුණු සඳහන් කරනු ලබන නමුත් එහිදී ඔහු එම ගණනය කිරීම් ලබාගත් මූලාශ්‍රයක් සඳහන් නොකරනු ලබයි.
ඔහු සිදුකළ මාධ්‍ය සාකච්ඡාව මෙතනින්.
ඔහුගේ මෙම ප්‍රකාශය උපුටා දක්වමින් මෙරට ප්‍රධාන මාධ්‍ය ද මෙම සංගණන පත්‍රිකා මුද්‍රණයට අධික මුදලක් වැය වූ බව සඳහන් කර තිබුණා.
කෘෂි කර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ
වගා හානි සිදුකරන සත්ත්ව සංගණනයට අදාළ පත්‍රිකා මුද්‍රණයට වැය වූ මුදල සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශ නිකුත් වීමෙන් අනතුරුව කෘෂි කර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ පසුගිය 10 වන දින සත්ත්ව සංගණනය සඳහා වියදම් වී ඇතැයි පළවන වියදම් වාර්තා සම්බන්ධව මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබුවා.
එහිදී අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මෙම කාර්යය සඳහා අවම වැයවීමක් යටතේ කටයුතු කර ඇති බවත් සේවා සපයන නිලධාරීන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති බවත්ය.
එමෙන් ම මෙම සංගණනය සඳහා බොහෝ වියදමක් සිදුකර ඇතැයි සමාජ මාධ්‍ය මගින් ප්‍රකාශ වන නමුත් මෙම එක් පත්‍රිකාවක් මුද්‍රණය කිරීම සඳහා වැය වී ඇත්තේ, ශත 30ක වැනි මුදලක් බවත්, ප්‍රධාන වශයෙන් වැය බරක් ලෙස පත්‍රිකා මුද්‍රණය පමණක් වෙන අතර ඇතැම් ප්‍රවාහන කටයුතු සඳහා යම් යම් වියදම් හැරුණු කොට වෙනත් කිසිදු වියදමක් ඇතුළත් නොවන බවත් එහිදී ඩී. පී. වික්‍රමසිංහ මහතා පවසනු ලබනවා.
එමෙන්ම බොහෝ කාලයක පටන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සිදුවන සත්ත්ව හානිය පිළිබඳව තොරතුරු වාර්තා වුවද ඒ සඳහා මේ දක්වා නිවැරදි තක්සේරුවක් නොකිරීම මත මෙම සංගණනය ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇතැයිද ඒ තුළින් නිවැරදි තක්සේරුවක් ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන බවත් ඒ මහාතා මෙහිදී පැවසීය.
එමෙන්ම මෙම සංගණනය සඳහා දිස්ත්‍රික් මට්ටමින්, ප්‍රාදේශීය මට්ටමින් මෙන්ම ග්‍රාමීය මට්ටමින් රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කර ඇතැයිද පැවසූ වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ ග්‍රාමීය මට්ටමේදි නිලධාරීන් සිව් දෙනෙකු ග්‍රාම නිලධාරී ප්‍රධානත්වයෙන් මෙම කාර්යය සඳහා දායකත්වය සපයනු ඇති බවත්ය.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය විසින් මෙම අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මඟින් මෙම සංගණන පත්‍රිකා මුද්‍රණය සඳහා වැයවන ඇස්තමේන්තු මුදල සඳහන් කර එවනු ලැබූ ලේඛනය සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යංශය මඟින් ඒ සඳහා වැය කළ මුදල සම්බන්ධ නිල ලේඛන උපුටා දක්වා තිබෙනවා.
ඒ අනුව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යංශය වෙත එවන ලද ඇස්තමේන්තු මුදල් ලේඛනයේ සඳහන් වන්නේ, සංගණන පත්‍රිකාවක් 70 gsm White Printing Paper ඔස්සේ මුද්‍රණය කරන්නේ නම්, එක් පත්‍රිකාවක් මුද්‍රණය සඳහා ශත 45ක් වැය වන බවත්, ඒ අනුව 70 gsm White Printing Paper ඔස්සේ සංගණන පත්‍රිකා 7,000,000 ක් මුද්‍රණය සඳහා 3,150,000ක මුදලක් වැය වන බවත් ඊට 18%ක වැට් බදු ද ඇතුළත්විය යුතු බවත් ය.
මෙම සංගණන පත්‍රිකා 60gsm Bond Paper මඟින් මුද්‍රණය කිරීම සඳහා එක් පත්‍රිකාවකට ශත 30ක් වැය වන බවත් ඒ අනුව 60gsm Bond Paper මඟින් සංගණන පත්‍රිකා 7,000,000 ක් මුද්‍රණය සඳහා 2,100,000ක මුදලක් වැය වන බවත් ඊට 18%ක වැට් බදු ද ඇතුළත්විය යුතු බවත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මඟින් කෘෂිකර්ම අමාත්‍යංශය වෙත යොමු කළ ඇස්තමේන්තු ලේඛනයේ සඳහන්වනවා.
ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යංශය මෙම පත්‍රිකා 7,000,000ක් 60gsm Bond Paper මඟින් මුද්‍රණය කර ඇති අතර 18%ක වැට් බදු ද අන්තර්ගතව ඒ සඳහා රු. 2,478,000ක මුදලක් වැය කර තිබෙනවා. එම ලේඛනය පහතින්,
මෙම පත්‍රිකා දෙකම උපුටා දක්වමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යංශය පවසන්නේ,
කෘෂි භෝග සඳහා හානි කරන වන සත්ත්ව සංගණනයට අදාලව මුද්‍රණය කළ සංගණන පත්‍රිකාවක් මුද්‍රණය කිරීම සඳහා වැය කරනු ලැබුවේ සත 30 ක මුදලක් පමණක් බවත්, එම මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් සිදුකල අතර සංගණන පත්‍රිකා මුද්‍රණ කටයුතු සඳහා වැය වූ සම්පූර්ණ මුදල වැට් සහිතව රු.2,478,000.00ක් බවත්ය.
2025 මාර්තු මස හත්ත වන දින මාධය සාකච්ඡාවක් කැඳවමින් අනුරාධ තෙන්නකෝන් නමැත්තතා විසින් පත්‍රිකාවක් මුද්‍රණය සඳහා ආසන්න වශභයන්ම රු.10.00ක් වැය කර ඇති බවටත් මුද්‍රණය සඳහා මුළු වියදම කෝටි හතකට ආසන්න බවටත් දක්වන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන් අසතයයක් බවත් අදාළ අසත්‍ය පුවත් පලකල මාධ්‍ය ආයතනවලට එය නිවැරදි කිරීමට පියවර ගන්නා ලෙස ද දැනුම්දී තිබෙනවා.
වගා හානි සිදුකරන සතුන්ගේ සංගණනය
වන සතුන් පිළිබඳ ජාතික සංගණනය ලබන මාර්තු 15 වනදා සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරනු ලැබුවා.
කෘෂි භෝග සඳහා හානි පමුණුවන වන සතුන් කාණ්ඩ 04 ක් සම්බන්ධයෙන් මෙම සංගණනය සිදු කෙරෙන අතර එම සතුන්ගේ ප්‍රමාණය තක්සේරු කර ගැනීම මෙම සංගණනයේ ප්‍රධාන අරමුණයි.
වන සත්ත්ව හානිය අවම කිරීම සඳහා ඒ පිළිබඳ පුළුල් දැනුමක් ඇති විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති අතර එම කමිටුවේ උපදෙස් මතයි මෙම සංගණනය සිදු කෙරෙන්නේ.
දීර්ඝ කාලයක සිට වනජීවීන් සිදු කරන බෝග හානි හේතුවෙන් මෙරට කෘෂිකර්මාන්තය දැඩි අභියෝගයකට මුහුණදී සිටින අතර අලි ඇතුන්, වල්ඌරන් ,වදුරන්, රිලවුන්, දඩුලේනන් හා මොණරුන් මෙලෙස බෝගවලට හානි කරන ප්‍රධානතම සත්ත්ව කොට්ඨාස ලෙසයි හදුනාගෙන තිබෙන්නේ.
වසර ගණනාවක් තිස්සේ මෙරට ගොවිජනතාව මෙන්ම සාමාන්‍ය පුරවැසියන්ද මෙම ගැටලුව සමග සටන් කළ ද මේ වන තෙක් ඊට නිසි විසඳුමක් ලබාදීමට කිසිදු පාර්ශ්වයක් සමත් වූයේ නැහැ.
ඒ අනුව වත්මන් රජය විසින් මෙම ගැටලුව සඳහා ඵලදායි විසඳුමක් සෙවීමේ අරමුණින් 2024 වසරේ 12 වෙනි මස 15 වනදා වන සත්ත්ව හානි අවම කිරීම සදහා අදාළ කරුණු සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත් කළා. එම කමිටුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි සංවර්ධන අතිරේක ලේකම් ඩී.එස්. රත්නසිංහ මහත්මියගේ සභාපතිත්වයෙන් පවතින අතර කෘෂිකර්ම අමාත්‍යාංශ අතිරේක ලේකම් පී.එස් ප්‍රනාන්දු මහත්මිය, කෘෂිකර්ම අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල්. ජී.ජී වී ශ්‍යාමලී,පොල්වගාකිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය ජේ.එස්.කේ.ඩී ජයකොඩි , හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ඒ.එල් සන්දික ,ගොවිජන සංවර්ධන සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් කේ.ඒ. සුමිත් චන්දන ඇතුළු සාමාජිකයන් 15 දෙනෙකු මෙම කමිටුව සඳහා ඇතුළත්.
සත්ත්ව සංගණනය සිදුකරන ආකාරය
ගෘහ ආශ්‍රීතව සැරිසරන බෝග හානි සඳහා වගකිව යුතු ප්‍රධාන වන සතුන් ලෙස හදුනාගෙන ඇති වඳුරන්, රිලවුන්, දඬු ලේනුන් හා මොණරුන් ඉලක්ක කරගනිමින් ලබන මාර්තු 15 වන සෙනසුරාදා උදෑසන 8.00 සිට 8.05 දක්වා විනාඩි පහක කාළයක් තුළ මෙම සංගනනය සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍යංශයෙන් පවසනවා.
එම කාල සීමාව තුල තම ගෙවත්ත/වගා බිම/පාසල/පුණ්‍ය භූමි/ හා වෙනත් පොදු ස්ථාන නිරීක්ෂණය කර එම අවස්ථාවේ අදාල පරිශ්‍රයේ සිටින වඳුරන්, රිලවුන්, දඬු ලේනුන් හා මොණරුන් සංඛ්‍යාව ගණන් කර සංගණන පත්‍රිකාවේ සටහන් කිරීම සිදු කළ යුතු වන බව දන්වා තිබෙනවා.
මෙම සංගනනයේ දත්ත පදනම් කරගනිමින් මෙම සතුන් පාලනය සඳහා කළමනාකරන ක්‍රම ඉදිරියේදි සැලසුම් කරන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
මෙම සංගනනය ගෘහ ආශ්‍රීතව පමණක් සිදු වන බවත් නිවැරදි තොරතුරු ලබාදීමෙන් ඒ සඳහා සහයෝගය දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත්, මෙම සංගනන කටයුතු දිවයින පුරා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රදානත්වයෙන් පවත්වන බවත් ග්‍රමසේවා නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් ගම් මට්ටමෙන් තොරතුරු රැස් කරන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
මේ පිළිබඳව දැනුවත් කිරිම, සංගණන පත්‍රිකා නිවෙස් හා අනෙකුත් පරිශ්‍ර වෙත බෙදා දීමසහ සංගණනයෙන් පසු පත්‍රිකා නැවත එකතුකර ගැනීම යන වගකීම් ග්‍රාම නිලධාරි/සමෘද්ධි සංවර්ධන නිලධාරි/ආර්ථික සංවර්ධන නිලධාරි/කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයා වෙත පවරා ඇත.
සත්ත්ව සංගණනය සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ලගේ අදහස් මෙතනින්.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය)
අප කළ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ, ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පවසන ලෙස මෙම සංගණනයට අදාළව සංගණන පත්‍රිකා හැත්තෑ තුන් ලක්ෂයක් මුද්‍රණය කිරීමට හත් කෝටි තිස් ලක්ෂයක් වැය කර ඇති බවට සිදුකළ ප්‍රකාශය අසත්‍ය බවයි.
කෘෂි භෝග සඳහා හානි කරන වන සත්ත්ව සංගණනයට අදාලව මුද්‍රණය කළ සංගණන පත්‍රිකාවක් මුද්‍රණය කිරීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යංශය වැය කර ඇත්තේ, සත 30 ක මුදලක් වන අතර සංගණන පත්‍රිකා 7,000,000ක් මුද්‍රණය සඳහා වැය වූ සම්පූර්ණ මුදල වැට් සහිතව රු.2,478,000.00ක් වේ.

Title:කෘෂිකාර්මික භෝග වලට හානි කරන වන සතුන් සංගණනයට අදාළ සංගණන පත්‍රිකා මුද්‍රණයට කෝටි 7ක් වැය වුණා ද?
Fact Check By: Piumika LakshaniResult: False
