කිරි පිටි මිල රු.200කින් ඉහළ ගියා ද?

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ආනයනික කිරිපිටි මිල, වරින් වර කතාබහට ලක්වන මාතෘකාවක් වන අතර පසුගිය සමයේ ආනයනික කිරිපිටි මිල නොසිතූ ලෙස ඉහළ යාම සහ කිරි පිටි මිලදී ගැනීමට පොලිම්වල සිටීමට ද සිදුවූ වකවානුවක් ද පැවති බව ඔබට මතක ඇති.

කෙසේ වෙතත් මේ දිනවල නැවත සමාජ මාධ්‍ය ඔස්සේ ආනයනික කිරිපිටි මිල සම්බන්ධයෙන් සටහන් හුවමාරු වෙමින් පැවති බැවින් අප ඒ සම්බන්ධයෙන් කරුණු විමර්ශණයක් සිදුකරනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

“එසැණ” පුවත් ඔස්සේ පළ වූ පුවතක් උපුටා දක්වමින් මෙම සමාජ මාධ්‍ය සටහන පළ කර ඇති අතර එම පුවතේ ශීර්ෂ පාඨය ලෙස සඳහන් වන්නේ, ‘කිරිපිටි කිලෝවක් රු.200කින් ඉහළ දැමීමට එකඟතාවක්’ ලෙසයි.

ඒ අනුව එම පුවත උපුටා දක්වමින් එම සටහනේ දක්වා ඇත්තේ, ‘මේවා හරක් දන්නවානම් කිරි දෙන්නෙත් නෑ’ යනුවෙන්.

මෙය අප්‍රේල් 27 වන දින පළකර ඇති අතර මෙම සටහනට දක්වා ඇති අදහස්වලින් පෙනී යන්නේ, ඒ ඔස්සේ සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමඟ ගොස් ඇති බවයි.

https://lh7-rt.googleusercontent.com/docsz/AD_4nXeZ9MWdtoLugu5KcsEaP_f9jp2IXWnfiWvBrA2-7boNpLluXufH-ir-wku8b5uX3tCiupBEiuVKYtn7BfLUOX7UtNdUdasWMDYAEV-bKHhJNjE4Qzh-d3eqSUYThm-o2VH0ecwTPg?key=GFr8ow5yFElUJoc75rNPM_7_

Fb|Archive

ඒ අනුව මෑත කාලීනව රු.200ක් වැනි ඉහළ මුදලකින් කිරිපිටි මිල ඉහළ ගොස් තිබේද යන්න සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකළේ මෙලෙසින්. 

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

‘එසැණ’ පුවත් ඔස්සේ පළකළ පුවතක් උපුටා දක්වා තිබූ බැවින් අප පළමුව ජනවාරි මාසයේ සිට කිරිපිටි මිල රු.200කින් ඉහළ ගිය බවට පුවතක් එසැණ පුවත් ඔස්සේ පළකර තිබේද යන්න සම්බන්ධයෙන් අප ඔවුන්ගේ නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ පරීක්ෂා කරනු ලැබුවා.

ඔවුන්ගේ වෙබ් අඩවියේ පැරණි පුවත් නැරඹීමේ අවස්ථාවක් නොමැති බැවින් ඔවුන්ගේ ෆේස්බුක් පිටුව මෙලෙස අප පරීක්ෂා කිරීමක් සිදුකළා.

ඒ අනුව ඔවුන් අවසන් වරට කිරිපිටි මිල සම්බන්ධයෙන් පුවතක් පළකර තිබුණේ මෙම වසරේ මාර්තු 18 වන දිනයි. එම පුවත මෙතනින්.

https://lh7-rt.googleusercontent.com/docsz/AD_4nXeMO2tvpa90qAowM1MCSxyiI7ypg7xTbNKGdFB-v1rp_4jynFMP3dXfWk7WE6nIBPCbEUh44kA5wcrz3mPy-Ptb5GQa_aec1XQJYRH5lQY6RZN61SNcUJcMKuIZCR8lZAx0y27Zpg?key=GFr8ow5yFElUJoc75rNPM_7_

එම පුවතේ සඳහන් වන්නේ, අප්‍රේල් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල 4.7% කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබෙන බවයි.

ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 50කින් ඉහළ යනු ඇති බව ආනයනකරුවන් සඳහන් කරන බවට වාර්තා කර තිබුණා.

ඒ අනුව එහි සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ආකරයේ ශීර්ෂ පාඨයක් අන්තර්ගතව නොතිබූ අතර එවැනි ශීර්ෂ පාඨයකින් මෙම වසරේ ජනවාරි සිට කිසිඳු පුවතක් වාර්තා කර ඇති ආකාරය ද දැකගත නොහැකිවිය.

පසුගිය වසරේද අවසන්වරට ඔවුන් කිරිපිටි මිල සම්බන්ධයෙන් පුවතක් වාර්තා කර තිබුණේ, 2024 සැප්තැම්බර් 10 වන දිනයි. ඒ මිල්කෝ කිරිපිටි මිල පහළ දැමීමේ පුවතයි.

ඒ අනුව් මෑත කාලීනව ‘කිරිපිටි කිලෝවක් රු.200කින් ඉහළ දැමීමට එකඟතාවක්’ යන ශීර්ෂ පාඨය යටතේ ඔවුන් පුවතක් පළකර නොමැති බව අපට දැකගත හැකිවිය.

එනමුත් අප වැඩිදුරටත් සිදුකළ සොයා බැලීම්වලදී එසැණ පුවත් මඟින් 2021 වසරේදී ඉහත ශීර්ෂ පාඨය සහිතව පළකළ පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතම් පිරිස් උපුටා දක්වා ඇති ආකාරය දැකගත හැකි වුණේ මෙලෙසින් සහ මෙලෙසින්.

https://lh7-rt.googleusercontent.com/docsz/AD_4nXdmkBZpIfU0RRHFDqMKmcDrNpFum6NbXcOumB1FkR8FPEux4N-8bPdcZteMqwuqe7dHhpgJj61DCU5hLLVDunMKWiztx_OZv5Beh3ohfRXZJf4P_Tj74Wfe7UKsIW6v3TJYPskZpg?key=GFr8ow5yFElUJoc75rNPM_7_

https://lh7-rt.googleusercontent.com/docsz/AD_4nXeGWGh0TZQREBtj98TQUHwKTkLoz54p3axQ8iH6RBhHLOzEPmbiY1xN_moEgD9THqT1K8Zal_noxyNDsSvYTrjcEpNBWSQrWSEoPlZC4Ys0RfRAe1Xk7d8yYxcHUU-ZqZqU785saA?key=GFr8ow5yFElUJoc75rNPM_7_

කෙසේ වෙතත් රු.200කින් කිරිපිටි මිල ඉහළ දැමීමක් මෑත කාලීනව සිදුව තිබේද යන්න අප වැඩිදුරටත් පරීක්ෂා කරනු ලැබුවා.

එනමුත්  අප්‍රේල් මස 1 වනදා සිට කිරිපිටි මිල ගණන් සියයට 4.7කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර ඇති බවට වන පුවත හැරුණු විට මෙම වසරේදී කිරිපිටි මිල රු.200කින් ඉහළ දමා ඇති බවට පුවතක් වෙනත් මාධ්‍ය ඔස්සේ ද වාර්තා වී නොතිබුණි.

ඒ සම්බන්ධයෙන් පළ වූ වෙනත් මාධ්‍ය වාර්තා කිහිපයක් මෙතනින් සහ මෙතනින්

එම පුවත්වල වාර්තා කර ඇති ලෙස එම මිල ඉහළ දැමීමත් සමඟ  ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 50 කින් ඉහළ යන බවත් ඒ අනුව රුපියල් 1050 ක්ව පැවැති ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 1,100 ක් දක්වා ඉහළ යන බවත්, කිලෝවක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 125කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 2745ක් වන බවත්, කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දී ඇත.

නවසීලන්ත සහ ඕස්ට්‍රේලියා වෙළෙඳපොලේ කිරිපිටි මිල පසුගිය වසරක පමණ කාලයක සිට සියයට 15 – 25 අතර ප්‍රතිශතයකින් මිල ඉහළ ගිය බවත් එම මිල ඉහළ යෑම අඛණ්ඩව පැවතීම නිසා එසේ මිල ඉහළ දැමීමට පියවර ගත් බවත් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන ලෙස කිරිපිටි කිලොවක මිල රු.200කින් ඉහළ දැමීමට රජය සහ කිරිපිටි ආනයනකරුවන් අතර එකඟතාවයකට පැමිණි බවට කිසිඳු පුවතක්  මෙම වසරේ වාර්තා වී නොමැත.

එනමුත් එවැනි පුවතක් අවසන් වරට වාර්තා වී තිබුණේ 2021 සැප්තැම්බර් 19 වන දිනයි. ඒ සම්බන්ධයෙන් පළකළ පුවතක් මෙතනින් සහ මෙතනින්.

2021 වසරේ පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලෙස ලසන්ත අලගියවන්න කටයුතු කළ අතර එකල කිරිපිටි ආනයන කරුවන් සමඟ සාකච්ඡා කර දෙපාර්ශවයේ ම එකඟතාවය මත මෙවැනි ඉහළ මුදලකින් කිරිපිටි මිල වැඩි කිරීමේ තීරණයකට එළඹ ඇත. 

2021 යනු මෙරට ආර්ථික අර්බුධය දරුණු ලෙස පැවති වකවානුවකි. ඩොලරයේ මිල එකළ ඉහළ යාමත් සමඟ කිරිපිටි ආනයනකරුවන් රු 350කින් මිල ඉහළ දමන බවට පවසා ඇති නමුත් දෙපාර්ශවයේ සාකච්ඡා මත එම මිල රු 200ක් ලෙස එකඟතාවයකට එළඹ ඇත.

ඉන්පසු කිරිපිටි ආනයනකරුවන් අවසාන තීරණයකට එළඹ කිරිපිටි මිල 2021 වසරේ ඔක්තෝම්බර් මාසයේදී කිලෝග්‍රෑමයක් රුපියල් 225කින් ඉහළ දමා ඇති බවට  වාර්තා වනවා.එම පුවත මෙතනින්

අනතුරුව පසුගිය වසරවල කිරිපිටි මිල ඉහළ පහළ යාම් සිදු වූ නමුත් මෙම වසරේ හෝ ජාතික ජනබ්ලවේග ආණ්ඩුව බලයට පත් වූ 2024 සැප්තැම්බර් මාසයේ සිට රු. 200ක මිලකින් ආනයනික කිරිපිටි මිල ඉහළ ගොස් නැත.

එනමුත් මෙම වසරේ අප්‍රේල් පළමු වන දා සිට රු.125කින් කිරිපිටි කිලෝ එකක මිල ඉහළ ගොස් ඇත.

මේ දිනවල ආනයනික කිරිපිටි මිල ගණන්

අප මේ දිනවල කිරිපිටි මිල පරීක්ෂා කළ අතර ඒ අනුව 400g කිරිපිටි පැකට්ටුවක් රු. 1100 සහ 1kg කිරිපිටි පැකට්ටුවක් රු.2750 ක මිලකට වෙළඳපොලේ පවතී. ඒ අනුව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය මාධ්‍ය වෙත පවසා ඇති මිල ගණන් අනුවම අප්‍රේල් 1 වන දා සිට කිරි පිටි මිල ගණන් ඉහළ ගොස් ඇති බව මෙම මිල ගණන් දෙස අවධානය යොමු කිරීමේදී ඔබට පෙනෙනවා ඇති.

https://lh7-rt.googleusercontent.com/docsz/AD_4nXfEeMSD1eeOXHcXH7krhWKWlQoCRsfmieeDhzaRXIQZQRGJ0ODpmYUDEbjnmlmnervt3aPrnHNYckBJpctY6V8vpWCxgIsJ2tCkDpHKoh8hypij0oq3Y93_yR2lZ_Vj29vbwI1q?key=GFr8ow5yFElUJoc75rNPM_7_

`

https://lh7-rt.googleusercontent.com/docsz/AD_4nXc1Q4OOjJCZqgWyPUhgSd83AsgWEb1A50hKQOYvwmneJQfkKpcmh3muy1y7HlQrBQw_v-TnLCNyOR_DjQn290KJz7lNAHwOTFbU6hV3ZiBB17vAInBoJsIhGXNKU3R0BipU2MBZCQ?key=GFr8ow5yFElUJoc75rNPM_7_

https://lh7-rt.googleusercontent.com/docsz/AD_4nXdtS_PL2ao0te0CPyIHOdiz9vEPLCUp9A0o6fTrJJg5yuR_o1dW5_ZGrC_nuEssFJ8O_CPF9AmyZ_xu6rlemfb40ulTLnSm6WEA3gwBMzgr3SoeAJghcvn6TNVLkTxP1uYw85bFGw?key=GFr8ow5yFElUJoc75rNPM_7_

https://lh7-rt.googleusercontent.com/docsz/AD_4nXfyWT4zrp-HNTboCdUe5DNCnQtUMo0K6TkmNZLFmlw7qncV_bRuoTE18tfow03DQMHpg7eS1QgQUdeXYGsCao5yNRsx6t-RxMiCtrqmIKDylxRL85_casO1SFix-oqI6FAE6Idlew?key=GFr8ow5yFElUJoc75rNPM_7_

දේශීය කිරිපිටිවල මිල වැඩි වුණා ද?

දේශීය කිරිපිටිවල මිල ගණන් මෙම වසරේදී ඉහළ ගොස් ඇති බවට කිසිඳු ප්‍රධාන මාධ්‍ය වාර්තා කිරීමක් සිදුව නොතිබුණි.

අප වැඩිදුරටත් දේශීය කිරිපිටි මිලත් අප්‍රේල් 1 වන දා සිට ඉහළ යාමක් සිදුව තිබේද යන්න සම්බන්ධයෙන් සහ මෙම වසරේදී දේශීය කිරිපිටි මිල ඉහළ දැමීමක් සිදුවූයේද යන්න තහවුරු කරගැනීම සඳහා Palawatte Dairy Industries Ltd ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සුසන්ත මැල්වත්තගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ මෙම වසරේ දේශීය කිරිපිටි මිල ඉහළ යාමක් සිදු නොවූ බවත්, අප්‍රේල් පළමුවන දා සිට දේශීය කිරිපිටි මිලේ වෙනසක් සිදු නොවූ බවයි.

ඒ අනුව දැනට දේශීය කිරිපිටි නිශ්පාදිත ලෙස පවතින්නේ මිල්කො ආයතනයේ හයිලන්ඩ් කිරිපිටි සහ පැලවත්ත ආයතනයේ පැලවත්ත කිරිපිටි පමණි. 

කෙසේ වෙතත් ඉදිරියේදී දේශීය කිරිපිටි මිල ඉහළ දැමීම කෙරෙහි තීරණයක් ගෙන නොමැති බවත් එම මහතා සඳහන් කළා.

ඒ අනුව පැලවත්ත කිරිපිටි 1kg මිල රු.2600ක මිලකටත් 400g මිල රු.1050ක් ලෙසත් වෙළඳපොලේ පවතින අතර හයිලන්ඩ් කිරිපිටි 400g මිල පවතින්නේ, රු.1050ක් ලෙසයි.

https://lh7-rt.googleusercontent.com/docsz/AD_4nXcgrQNhIRLMPa3YJ1w-BlB8HaMQF5z6IFBhmp100c4sAcWDitSIoT-auzk2p8XO6ahKHMaygWq29dZuFKEXIhvI3cMShgiIvCpVx7Qs4lyUoNbcLP405VKyxfdZWxeMFAHRMY3EHw?key=GFr8ow5yFElUJoc75rNPM_7_

https://lh7-rt.googleusercontent.com/docsz/AD_4nXdzgeCbKqt7Zi6iSvwBPYJdJvVCiry6hvP7bYlbeQDWf5DyyULPCvBM2Hv6XMKM5uFq6nRDlbtNDw-Cplf6DJMc4okiwcySk2pwFb3MueH2fpza0816lX3bw7xB712cK8cB0IJQAA?key=GFr8ow5yFElUJoc75rNPM_7_

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

එසැණ පුවත් ඔස්සේ 2021 වසරේ පළ වූ පුවතක් උපුටා දක්වමින් සමාජ මාධ්‍ය සටහන් පළ කර ඇති බව ඒ අනුව පැහැදිලි වනවා.

ජාතික ජනබලවෙග රජය බලයට පත්වූ 2024 සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා ආනයනික කිරිපිටි මිල රු. 200කින් ඉහළ ගොස් නොමැත.

එනමුත් 2025 අප්‍රේල් පළමුවන දා සිට කිරිපිටි මිල ගණන් සියයට 4.7%කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කිරීම මත මෙම වසරේ අප්‍රේල් මාසයේ සිට කිරිපිටි කිලෝ එකක මිල රු.125කින් ඉහළ ගොස් ඇත.

Avatar

Title:කිරි පිටි මිල රු.200කින් ඉහළ ගියා ද?

Written By: Piumika Lakshani 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *