නව ශුද්ධෝත්තම “පාප්” පදවිය සඳහා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් තේරීපත් වුණා ද?

False Religious Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ශුද්ධොත්තම පාප් පදවිය සඳහා නව පාප් වහන්සේ තේරීපත් වී ඇති බව ත්, ඒ සඳහා සුදුසුකම් ලැබුවේ, මෙරට අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණ වූ සටහන් වල සත්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

නව ශුද්ධෝත්තම පාප් පදවිය සඳහා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් තේරීපත්වෙයියනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link Facebook | Archived Link

YouTube හි පළ වූ වීඩියෝවක ද, අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පාප් පදවිය සඳහා තේරී පත් වී ඇති බවට සඳහන් කර තිබුණේ මෙලෙසින්.

මෙම සටහන් වල නිරවද්‍යතාවය පිළිබඳ පරීක්ෂා කිරීමට අප පියවර ගත්තේ මේ අයුරින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

පසුගියදා සිදුවූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවය හේතුකොට ගෙන කතෝලික සභාවේ පාප් ධුරය සඳහා නව පාප් වහන්සේ කෙනෙකු තෝරා ගෙන අවසන් ද, යන්න පිළිබඳ අප ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා හරහා මෙන් ම වතිකානු මාධ්‍ය වාර්තා හරහා පරීක්ෂා කරනු ලැබුවා. එලෙසින් කිසිදු වාර්තාවක් සඳහන් වී නොතිබුණි.

එහි නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ, දිනයේ පාප් වහන්සේ කෙනෙකු තෝරා ගැනීමේ නිලවරණය අදින් (මැයි 07) ඇරඹෙන බවයි. ඒ අනුව මෙතෙක් පාප් වහන්සේ ලෙස කිසිදු කාදිනල් හිමිපාණන් කෙනෙකු තේරී පත් වී නොමැති බව තහවුරු වේ.

පාප් වහන්සේ තෝරා ගැනීමේ සම්මේලනය ආරම්භ වීමට පෙර දින, එනම් ඊයේ(06) දින උදෑසන කාදිනල් ඡන්දදායකයින් 130ක් ඇතුළුව, කාර්දිනල්වරුන් 173 දෙනෙකු දොළොස්වන මහා සභාවට සහභාගී වූ බව ශුද්ධාසනයේ මාධ්‍ය කාර්යාලයේ අධ්‍යක්ෂ මැටියෝ බෲනි පවසනවා.

12 වන මහා සභාවේදී අනාගත පාප්වරයෙකු සඳහා අවශ්‍ය ගුණාංග කෙරෙහි අවධානය යොමු කර ඇති අතර දොළොස්වන සහ අවසාන කාදිනල්වරුන්ගේ මහා සභාව නව පාප්වරයෙකුට වැදගත් වන විවිධ ගුණාංග කෙරෙහි අවධානය යොමු කර ඇති බව වතිකානු වෙබ් අඩවියේ දැක්වුණේ මෙලෙසින්.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත සමුළුවට සම්බන්ධ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය රහස්‍යභාවය පිළිබඳ දිවුරුම් දුන් අතර ශුද්ධ රෝම පල්ලියේ කැමර්ලෙන්ගෝ කාදිනල් කෙවින් ජෝසප් ෆැරල් විසින් දිවුරුම් දෙන ලද අතර, සමුළුවට සහභාගී වන සියලුම පුද්ගලයින් පූජක පක්ෂය සහ ගිහියන්  විසින් දිවුරුම් දෙන ලදී. එම අවස්ථාවේ වීඩියෝවක් මෙතනින්.

පාප් වහන්සේ තෝරා ගැනීමේ නිලවරණයේ කාලසටහන

එමෙන් ම ශුද්ධාසනයේ මාධ්‍ය කාර්යාලයේ අධ්‍යක්ෂ විසින් අදින් ඇරඹෙන පාප් වහන්සේ තෝරා ගැනීමේ නිලවරණයේ කාලසටහන පිළිබඳව දක්වා තිබුණා.

ඒ අනුව අද(07) උදෑසන, පාප් වහන්සේ එළිදැක්වීම සඳහා දිව්‍ය පූජාව පැවැත් වේ. හෙට(08) උදෑසන, පෙ.ව. 7:45 ට, කාර්දිනල්වරුන් සැන්ටා මාර්ටා සිට අපෝස්තලික මාළිගාවට පිටත් වන අතර, පෙ.ව. 8:15 ට, පෝලීන් දේවස්ථානයේ දිව්‍ය පූජාව සහ ප්‍රශංසා පවත්වනු ඇත. පසුව, පෙ.ව. 9:15 ට, සිස්ටයින් දේවස්ථානයේ මධ්‍යම රාත්‍රී යාච්ඤාවක් පැවැත්වෙන අතර ඔවුන් ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කරනු ඇත.

නව පාප් වහන්සේ කෙනෙකු තේරීපත් වී ඇත්නම් සුදු දුමාරයක් පිටවිය හැකි ආසන්න වේලාව වශයෙන් පෙ.ව. 10:30 ට පසුව සහ ප.ව. 12:00 ට පසුව විය හැකි බව ඔහු පැහැදිලි කරනු ලැබුවා.

පසුව ප.ව. 12:30 ට ඔවුන් දිවා ආහාරය සඳහා සැන්ටා මාර්ටා වෙත ආපසු පැමිණෙන අතර එදින දහවල්, සවස 3:45 ට, ඔවුන් අපෝස්තලික මාලිගයට ආපසු පැමිණෙන අතර සවස 4:30 ට සිස්ටයින් දේවස්ථානයේ ඡන්දය ප්‍රකාශ කිරීම නැවත ආරම්භ කරනු ඇති.

දහවල් ඡන්ද විමසීම් සඳහා, සුදු දුමාරයක් තිබුනේ නම්, සවස 5:30 න් පසු දුමක් දිස්විය හැකි බවත්, එසේ නොමැති නම් සවස 7:00 ට පමණ දුමක් දිස්විය හැකි බවත් බෲනි සඳහන් කරනවා.

ඡන්ද විමසීම් අවසානයේ, සිස්ටයින් දේවස්ථානයේ සවස යාඥා මෙහෙය පැවැත්වෙන අතර, සවස 7:30 ට ඔවුන් සැන්ටා මාර්තා වෙත නැවත පැමිණෙනු ඇති බවට වතිකානු වෙබ් අඩවියේ මෙලෙසින් දැක්වේ.

නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීම හා සම්බන්ධ “කඳුළු කාමරය” ලෙස හඳුන්වන පාප්වරයා තේරී පත්වීමෙන් පසු පළමු වරට සුදු වස්ත්‍ර තැන්පත් කර ඇති සිස්ටයින් දේවස්ථානයට යාබද කුඩා කාමරයේ ඡායාරූප කිහිපයක් වතිකානු නිල ෆේස්බුක් පිටුව මගින් පළ කර තිබුණු අතර සමාජ මාධ්‍යට මුදාහැර තිබුණේ මෙලෙසින්.

Also Read : පාප් පදවිය සඳහා සුදුසුකම් ඇත්තේ කාදිනල්වරුන් 12 දෙනෙකු පමණක් ද?

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

නව ශුද්ධෝත්තම පාප් පදවිය සඳහා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් තේරීපත් වී ඇති බවට පළ වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය වන අතර මැයි 07 වන අද දිනයේ දී පාප් ධුරය සඳහා තෝරා ගැනීමේ සම්මේලනය ආරම්භ වීමට නියමිත බව වතිකානුව මාධ්‍ය අංශය තහවුරු කරයි.

Avatar

Title:නව ශුද්ධෝත්තම “පාප්” පදවිය සඳහා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් තේරීපත් වුණා ද?

Fact Check By: Pavithra Sandamali 

Result: False


Leave a Reply