පාතදුම්බර ප්‍රාදේශීය සභාවට ජාතික ජනබලවේගයෙන් තේරීපත් වූ සභිකයෙක් විපක්ෂයට එක්වෙලා  ද?

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

පළාත් පාලන ඡන්දයට පෙර මෙන් ම ඡන්ද ප්‍රතිඵල පැමිණීමෙන් අනතුරුවත් විවිධ පුද්ගලයින්, පක්ෂ සම්බන්ධයෙන් නොමඟ යවන සුළු තොරතුරු බොහෝ සෙයින් හුවමාරුවිය. 

ඒ අනුව මේ දිනවලත් පාතදුම්බර ප්‍රාදේශීය සභාවට තේරීපත් වූ ජාතික ජනබලවේගයේ අපේක්ෂකයෙක් විපක්ෂය සමඟ එක් වූ බවටත් ඔහුට එරෙහිව විනය පියවර ගන්නා බවටත් තොරතුරු හුවමාරු වී තිබූ බැවින් අප ඒ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media):

‘පාතදුම්බර විපක්ෂයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීට එරෙහිව විනය පරීක්ෂණ’ යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් පළකර තිබුණේ මේ අයුරින්.

Fb|Archive

ඒ අනුව ඉහත සමාජ මාධ්‍ය සටහනේ සඳහන් ආකරයෙන් පාතදුම්බර අපේක්ෂයෙක් විපක්ෂයට එක් වූවාද යන්න සහ ජාතික ජනබලවේගයෙන් ඊට එරෙහිව විනය පියවර ගත්තා ද යන්න අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

පළමුව මෙවැනි පුවතක් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබේද යන්න අප පරීක්ෂා කර බැලූ නමුත් එවැනි පුවතක් ප්‍රධාන මාධ්‍යයේ වාර්තා වී නොතිබුණි.

සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ඡායාරූපයේ සිටින මාලිමාවෙන් තරඟ වැදුණු මෙම අපේක්ෂකයා කවුරුන් ද යන්න අප වැඩිදුරටත් සොයා බැලීමක් කළ අතර ඔහු පාතදුම්බර ලීමගහදෙණිය කොඨාසයෙන් තරඟ වැදුණු තීක්ෂණ අඹගස්පිටිය යන අය බව තහවුරු විය. 

පාතදුම්බර ප්‍රාදේශීය සභාව සඳහා කොට්ඨාස 18ක් අයිතිවන අතර එහි ලීමගහදෙණිය කොට්ඨාසය ජාතික ජනබලවේගය ඡන්ද 745කින් ජයග්‍රහණය කර තිබෙනවා. ඒ අනුව ලීමගහදෙණියෙන් තරඟ වැදුණු තීක්ෂණ බුද්ධි යන අය පාතදුම්බර ප්‍රාදේශීය සභාවට තේරීපත්ව තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ නිල ඡන්ද ප්‍රතිඵල අනුව පාතදුම්බර ප්‍රාදේශීය සභාව සඳහා ජාතික ජන බලවේගයට ආසන 16 සහ විපක්ෂයේ සියලු පක්ෂ සඳහා ආසන 15 වන ලෙස ආසන හිමිව තිබෙනවා.  ඒ අනුව විපක්ෂයට වඩා එක් ආසනයකින් පමණයි ජාතික ජනබලවේගය ඉදිරියෙන් සිටින්නේ. ඒ අනුව මෙම තත්වය මෙවැනි සමාජ මාධ්‍ය සටහනක් නිර්මාණය වීමට හේතු වූ බව සිතිය හැකිය.

ලීමගහදෙණිය කොට්ඨාසයෙන් තරඟ වැදුණු තීක්ෂණ බුද්ධි 

කෙසේ නමුත් මෙම පාතදුම්බර ප්‍රාදේශීය සභාව සදහා ලීමගහදෙණිය කොට්ඨාසයෙන් තරඟ වැදුණු තීක්ෂණ බුද්ධි යන අය ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, ඔහු විපක්ෂය සමඟ එක්වූ බවට පළවන වාර්තා අසත්‍ය බවයි.

ජාතික ජනබලවේග ආණ්ඩුවත්,වැඩපිළිවෙලත්,පුද්ගලිකව තමා පිළිබඳවත් තැබූ විශ්වාසය බිඳකුදු පළුදු නොකරන බවත්,ජනවරම පාවා නොදෙන බවත් ඉතාම විශ්වාසයෙන් ප්‍රකාශ කරන බව ඔහු සඳහන් කර ඇත.

Fb|Archive

ජාතික ජනබලවේගයේ මාධ්‍ය අංශය

ජාතික ජනබලවේගයේ මාධ්‍ය අංශයෙන් ද අප මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර එහිදී ද සඳහන් කළේ මෙම සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවත් පාතදුම්බර ප්‍රාදේශීය සභාව සඳහා තේරීපත් වූ කිසිඳු අයෙක් විපක්ෂය සමඟ එක් වීමක් සිදු නොවූ බවත් එබැවින් විනය පියවර ගැනීමක් සිදුනොවන බවත් ය.

සමගි ජනබලවේගයේ මාධ්‍ය අංශය

සමඟි ජනබලවේගය පාතදුම්බර ප්‍රාදේශීය සභාව සඳහා ඊළඟට වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත් පක්ෂය වන බැවින් පාතදුම්බර ප්‍රාදේශීය සභාවට තේරීපත් වූ තීක්ෂණ බුද්ධි යන අය විපක්ෂය සමඟ එක් වීමක් සිදුව ඇති බවට වන වාර්තා සම්බන්ධයෙන් අප සමගි ජනබලවේගයෙන් කළ විමසීමේදී සඳහන් කළේ, එවැන්නක් සිදුව නොමැති බවයි.

එසේම මෙම පුවත News 19 වෙබ් අඩවියේ පුවත් ඔවුන්ගේ ෆේස්බුක් ගිණුමේ පළකරන ආකෘතියෙන් පළව තිබුණි. ඒ පිළිබඳව අදහස් දක්වමින් News 19 වෙබ් අඩවියේ ප්‍රධාන කතෘ, ඔහුගේ ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ News 19 ආයතනයේ විකෘති කරන ලද Logo එකක් භාවිතා කරමින් සිදුකරන ලද මෙම සටහන අසත්‍ය පලකිරීමක් බවයි. Archive

මීට පෙර ද මෙවැනි ම ආකාරයේ නොමඟ යවනසුළු සටහනක් හුවමාරු වූ අතර අප ඒ සම්බන්ධයෙන් කළ කරුණු විමර්ශණය පහතින්.

Also Read – ජාතික ජනබලවේගයේ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවට තේරීපත් වූ අපේක්ෂකයින් දෙදෙනෙක් විපක්ෂය සමඟ එකතු වුණා ද?

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

පාතදුම්බර ප්‍රාදේශීය සභාව සදහා ලීමගහදෙණිය කොට්ඨාසයෙන් තරඟ වැදුණු තීක්ෂණ බුද්ධි යන අය විපක්ෂය සමඟ එක් වූ බවට වන වාර්තා නොමඟ යවනසුළු වන අතර ඔහුට එරෙහිව පක්ෂයෙන් විනය ක්‍රියාමාර්ගයක් ගැනීමක් සිදුව නොමැත.

Avatar

Title:පාතදුම්බර ප්‍රාදේශීය සභාවට ජාතික ජනබලවේගයෙන් තේරීපත් වූ සභිකයෙක් විපක්ෂයට එක්වෙලා ද?

Written By: Piumika Lakshani 

Result: False


Leave a Reply