ලෝක රූ රැජින තරඟාවලියේදී අනුදිට මනාප පළ කරන ලෙස ව්‍යාජ සබැඳියක්!

False Online Scam Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

2025 ලෝක රූ රැජින අවසන් මහා තරඟය වටා ලොව පුරා සිටින ජවතාවගේ උද්යෝගය ගොඩනැගෙද්දී, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අවසන් තරඟයේ තරඟ වදින අනුදි ගුණසේකරට සහයෝගය දක්වන සටහන් සමාජ මාධ්‍ය වේදිකා පිරී ඉතිරී ගොස් තිබුණා. මෙම උද්යෝගය මධ්‍යයේ, ඇයට මනාපය ලබා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින සටහන් සහ සබැඳි කිහිපයක් සමාජ මාධ්‍ය හරහා බහුලව හුවමාරු වී තිබුණා. එවැනි සබැඳියක් අනුදිට ලෝක රූ රැජින කිරුළ දිනා ගැනීමට උපකාර කිරීම සඳහා මනාපය පළ කරන මෙන්  ඉල්ලා තිබුණා. ඉතින් මේ සබැඳිය සත්‍ය සබැඳියක් ද, අප මේ පිළිබඳව සොයා බැලීමට කටයුතු කළේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

අනුදිට වෝට් කරන්න. එක්කෙනෙක්ට වෝට් 10ක් ලබාදිය හැකියි. පහළ ලින්ක් එකෙන් ගිහින් වෝට් කරන්න පුලුවන් යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ අද(31)දිනයේ අවිවාහක ලෝක රූ රැජිණ තරඟයට මෙරට නියෝජනය කරමින් අවසන් තරඟයට ඉදිරිපත් වන අනුදි ගුණසේකරට මනාපය(Vote) ප්‍රකාශ කිරීමට සබැඳියක් දක්වමින්.

https://voteyoumissworld.blogspot.com/?m=0

Facebook | Archived Link

මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙහි නිරවද්‍යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

72 වැනි ලෝක රූ රැජින තරගාවලිය අවසන් තරඟය අද(31) දිනයේ පැවැත් වීමට නියමිතයි. කෙසේ වෙතත් අවසන් තරඟාවලියේ මනාප පළ කරමින් ජයග්‍රහකයින් තේරීමේ අවස්ථාවක් අද දිනයේ හිමි වන බවට දැක ගන්නට නොලැබේ.

එමෙන් ම ලෝක රූ රැජිණ තරඟාවලයේදී ඇතැම් තරඟ ඉසව් සඳහා රසිකයින්ට සිය මනාප පළ කිරීමට අවස්ථාව උදා වූයේ, නිල ලෝක රූ රැජින යෙදුමෙන් සහ නිල වෙබ් අඩවිය හරහා පමණී. එමෙන්ම මෙම මනාප දීම ද,  බහුමාධ්‍ය අභියෝගය(Multimedia Challenge) සහ ජනතා තේරීම් සම්මානය (The People’s Choice Award)වැනි තරඟ සඳහා පමණි.  මේ සම්බන්ධයෙන් තොරතුරු මෙතනින්.

එ් අනුව ඉහත ආකාරයේ සබැඳි හෝ වෙනත් සබැඳියක් හරහා මේ සඳහා අවස්ථාව නොවන බැවින් ඉහත සබැඳිය තතුබෑම් වංචාව(Phishing scam) ලෙස ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී පෙනී යයි.

මේ වන විට, 2025 ලෝක රූ රැජින තරඟයේ ජනතා තේරීම් සම්මානයේ නිල ජයග්‍රාහකයා ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කර නොමැති අතර ජනතා තේරීම් සම්මානය සාමාන්‍යයෙන් මහජන ඡන්දයෙන් තීරණය කරනු ලබන අතර අවසන් මහා තරඟයේදී හෙළිදරව් කෙරේ.

බහුමාධ්‍ය අභියෝගය සම්බන්ධයෙන්, එක් එක් මහාද්වීපික කණ්ඩායම සඳහා ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කර ඇති අතර ආසියා සහ ඕෂනියා කාණ්ඩයේ, ජයග්‍රාහකයා තායිලන්තයේ සුචාටා චුවාංශ්‍රී(Suchata Chuangsri) වන අතර, ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර පළමු අනුශූරතාව දිනා ගනු ලැබුවා. මේ සම්බන්ධයෙන් තොරතුරු මෙතනින්.

ඇතැම් වේගවත් ඉසව්වලදී මහජන ඡන්ද භූමිකාවක් ඉටු කළද, ලෝක රූ රැජින තරඟයේ සමස්ත ජයග්‍රාහකයා තීරණය කරනු ලබන්නේ විවිධ අභියෝග සහ සම්මුඛ සාකච්ඡා වල කාර්ය සාධනය ඇතුළුව විවිධ නිර්ණායක මත පදනම්ව විනිශ්චය මණ්ඩලයක් විසිනි.

2025 ලෝක රූ රැජින අවසන් මහා තරඟය 2025 මැයි 31 වන දින ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පිහිටි HITEX ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී සවස 6:30 ට ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකාව ඉන්දියානු සම්මත වේලාවෙන් (IST)  මෙරට සවස 6:30 ට  අවසන් මහා තරඟය ආරම්භ වේ.

නිල ලෝක රූ රැජින www.watchmissworld.com හෝ ඉන්දියාවේ SonyLIV හරහා සජීවී විකාශනය නැරඹිය හැකිය.

 

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar Title:ලෝක රූ රැජින තරඟාවලියේදී අනුදිට මනාප පළ කරන ලෙස ව්‍යාජ සබැඳියක්!? Written By: Pavithra Sandamali   Result: False


Leave a Reply