ජනපති සමාව හිමි වූ අනුරාධපුර මූල්‍ය වංචාකරුවෙකු සම්බන්ධ සිදු වීම ගැන පැහැදිලි කිරීමක්!

Insight Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

වාර්ශිකව වෙසක් පොහොය, පොසොන් පොහොය ඇතැම් අවස්ථාවල නත්තල යන දවස් වල බන්ධනාගාර ගත වී සිටින තෝරාගත් සිරකරුවන් කිහිප දෙනෙකු සඳහා ජනපති සමාව ලැබෙනවා. ජනපති සමාව ලැබුණු ආන්දෝලනාත්මත පුවත් පසුගිය සමයේ දී වාර්තා වුණත්, ජනාධිපති අනුර කුමාර විසින් එළැබෙන පොසොන් පොහොයට සමගාමීව ජනපති සමාව ලබා දුන් පුද්ගලයන් අතර මූල්‍ය වංචාවලට සම්බන්ධ පුද්ගලයෙකුට ත් ජනපති සමාව ලබා දීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි අවධානයක් හමු වේ. මෙහි සත්‍යතාව සොයා අප කරුණු පැහැදිලි කිරීමට අප පියවර ගත්තා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ලක්ෂ 40ක සල්ලි වංචාවකට දඬුවම් ලැබූ කළමනාකාරුවකුට වෙසක් පෝ දා ජනපති සමාවයනුවෙන් සඳහන් කරමින් සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වුණා.

 

Facebook | Archived Link

ලක්ෂ 40 සල්ලි වංචාවක් සිදු කළ දඬුවම් ලැබුණු පුද්ගලයෙකුට සැබවින් ම මෙලෙසින් ජනපති සමාවක් හිමි වී තිබෙනවාද අප මේ සිදුවීම පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට කටයුතු කළේ මේ අයුරින්.

Explainer (කරුණු පැහැදිලි කිරීම)  :

මේ සම්බන්ධයෙන් අනාවරණය කර තිබුණේ, ඊයේ(06) දින මොනරා පුවත් පතේ පළවූ ලිපියකින් ය.

මෙම ලිපියේ පෙන්වා දෙන පරිදි වෙසක් දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව හිමි වීමට නියමිත පිරිස අතර රුපියල් ලක්ෂ හතළිහක් වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරුකර සිර දඬුවම් නියම කර සිටි සීඩීබි මූල්‍ය ආයතනයේ අනුරාධපුර ශාඛාවේ හිටපු කළමණාකරුවෙකුට ඔහුට එරෙහිව පැවති නඩුවෙන් නිදහස්කර මුදා හරින ලෙස උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනෙවිය නියෝග කර ඇති බවයි.

අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් විසින් ලිඛිත වාර්තාවකින් අනුරාධපුර මහාධිකරණය හමුවේ පවසා තිබුණේ, මෙලෙසින් දඬුවම් නියම කර තිබූ ඩබ්.එම්.අතුල තිලකරත්නට ඉකුත් මැයි 12 වන දාට යෙදුණු වෙසක් පොහොය දින ජනාධිපති සමාව යටතේ එච්සී/69/2018 අංක දරන නඩුවට අදාළව මොහුව නිදහස් කර මුදා හැර ඇති බවටයි. ඒ හේතුවෙන් මෙලෙසින් මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනෙවිය විසින් මෙම නියෝගය දී තිබුණා.

මෙම නඩුව මීට පෙර ඉකුත් මැයි 2 වන දා අනුරාධපුර මහාධිකරණයට හමුවේ කැඳවූ අවස්ථාවේ විත්තිකරුට එරෙහිව තිබූ මූල්‍ය වංචා චෝදනාවට වරදකරු වූ ව එම විනිසුරුතුමිය විසින් ම තීන්දු කර තිබෙනවා.

එමෙන් ම මුදලින් රුපියල් විසිදහක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය ඒ දඩ මුදල විත්තිකරු විසින් නොගෙවන්නේ නම්, විත්තිකරුට මාස හයක(6) බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර ඇති අතර ඊට අමතරව වසර දෙකක(2) බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළාය. ඒ වගේ ම එම දඬුවම වසර පහකට(5) අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

තව ද විත්තිකරු විසින් වින්දිත පාර්ශවය හෙවත් පැමිණිල්ලේ පළමු සාක්ෂිකරුට මුදලින් රුපියල් ලක්ෂ විස්සක වන්දි මුදලක් ගෙවන ලෙසට ද විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය, එකී දඩ මුදල නොගෙවන්නේ නම් විත්තිකරුට මාස හයක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර ඇති අතර එම දඩ මුදල් සහ වන්දි මුදල් ගෙවීම සඳහා එම නඩුව ජූනි 05 වන දා යළි කැඳවීමට ද එදින නියෝග කර තිබුණා.

ඒ අනුව, පසුගිය 04 වන දා මෙම නඩුව අනුරාධපුර මහාධිකරණ හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී බන්ධනාගර නිලධාරීන් විසින් ජනාධිපති සමාව ලැබූ බවට ලිඛිතව දැනුම්දීම මත ‍මෙලෙසින් මහාධිකරණ විනිසුරුවරිය විසින් මෙලෙසින් මෙම විත්තිකරු නිදහස් මුදා හැර තිබුණා.

විත්තිකරු සම්බන්ධයෙන් ලැබ තිබෙන චෝදනා

2014 වසරේ පෙබරවාරි මස 17 වන දා සිට 2014 වසරේ ජූනි මස 9 වන දින අතර කාලය තුළ අනුරාධපුරයේදී කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කර ලාභ ලබා ගැනීම සඳහා අරුණ ඉන්දික සෝමරත්න යන අය විසින් විත්තිකරු වෙත භාර දෙනු ලැබූ හෝ ආධිපත්‍යයක් පවරනු ලැබූ රුපියල් ලක්ෂ හතලිහක් සාපරාධි විශ්වාසය කඩ කරමින් වංචාකර සාවද්‍ය පරිහරණය සිදු කරන ලදැයි ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය යටතේ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණි. එමෙන් ම මොහු සී.ඩී.බී. බැංකුවේ අනුරාධපුර ශාඛාවේ කළමනාකාරවරයාව සිටිමින් මෙම වරද කළ බවට ද, අදාළ නඩු විභාගයේදී පවසා තිබුණි.

මෙලෙසින් ජනාධිපති සමාව යටතේ නිදහස් කර ඇති විත්තිකරුට එරෙහිව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පමණක් නඩු විස්සකට අධික සංඛ්‍යාවක් පවතින අතර අනුරාධපුර මහාධිකරණයේ ද තවත් නඩු කිහිපයක් පවතින අතර, ඒ සියලු නඩු මූල්‍ය වංචා සිද්ධීන්ට අදාළ වේ.

එමෙන් ම එම නඩුවල පැමිණිලිකරුවන් වන්නේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ හිටපු විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ වෛද්‍යවරුන්, නීතිඥවරුන් සහ ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසකි.

දේපල සාපරාධී ලෙස පරිහරණය කිරීම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදකි.

එමෙන් ම මූල්‍ය වංචා සිද්ධියකට මීට පෙර ද අධිකරණයෙන් වරදකරු වී සිර දඬුවම් ලැබූ අයෙක් බව ත්, අප කළ විමසීමේදී අනුරාධපුර අධිකරණ වාර්තාකරු උපාලි ආනන්ද මහතා මෙම තොරතුරු තව දුරටත් තහවුරු කරනු ලැබුවා.

අප මෙම වාර්තාවේ දැක්වෙන තොරතුරු සත්‍ය ද, යන්න පිළිබඳ අධිකරණ අමාත්‍ය ලේකම්වරිය ගෙන් ද, විමසීමක් කළ අතර ඇය තහවුරු කළේ ද, මෙම තොරතුරු සත්‍ය බවයි.

මේ පිළිබඳ ඊයේ(06) දිනයේ නීතීඥ අජිත් පී. පෙරේරා මහතා විසින් පාර්ලිමේන්තුවේදී හෙළි කළේ මෙලෙසින්.

බන්ධනාගාර කොමසාරිස්

බන්දනාගාර කොමසාරිස්,ගාමිණී බී. දිසානායක මහතා මාධ්‍ය නිවේදනයක් යොමු කරමින් තහවුරු කරන්නේ, අනුරාධපුර මහාධිකරණය මගින් විජේකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරත්න යන සිරකරු බන්ධනාගර ගත කර ඇත්තේ ලංකා දණ්ඩනීතී සංග්‍රහයේ 386 වගන්තිය උල්ලංඝනය කිරීම හේතුවෙන් වන අතර ගෙවීමට නියම කර ඇති මුදල වන රුපියල් ලක්ෂ 20ක වන්දි මුදල දඩයක් ලෙස ගෙවන ලෙස අධිකරණය මඟින් නියමකර ඇති අතර එම  දඩය නොගෙවන්නේ නම්  මාස 06ක බරපතල වැඩ සහිතව සිර දඩුවම් නියම කර ඇති බව යි.

කෙසේ වෙතත් පසුගිය වෙසක් පොහොය නිමිතිකොට ගෙන මැයි 05 වන දින වන විට බන්ධනාගාරගතව සිටින රැඳවියන් සඳහා වෙසක් පොදු සමාව පිරිනැමීම කොන්දේසි වලට යටත්ව මෙම සිදුවීමට පාදක වී තිබූ මෙම සිරකරු ද නිදහස ලැබූ බවයි.

ගෙවීමට තිබෙන දඩ මුදල් අහෝසි වීම මත නිදහස් වී ඇති අතර මීට අමතරව පැවති නඩුවට ඇප අත්සන් කළ බවට ලද නියෝගය අනුව ගරු මහාධිකරණයට ඉදිරිපත් කර මුදා හැර තිබේ.

මෙම සමාව කිසිසේත් ම මෙම සිරකරු කේන්ද්‍රකර ගනිමින් සිදු කරන ලද්දක් නොවන අතර පොදුවේ සිරකරුවන් උදෙසා පිරිනැමූවක් පමණක් බව දක්වා තිබිණි.

ජනාධිපති මාධ්‍ය අංශය

2025 වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි ඩබ්.එම්. අතුල තිලකරත්න නමැති අයෙක් නිදහස් කර ඇති බවටත්, එම සිදුවීම පිටුපස බරපතළ අක්‍රමිකතාවක් ඇති බවටත් පළ වෙමින් තිබෙන පුවත් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව ඇති බවට දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශය විසින් මේ පිළිබඳව නිවේදනයක් යොමු කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 34 (1) වගන්තියට අනුව සිරකරුවන්ට පොදු සමාවක් ලබා දීමට ජනාධිපතිවරයාට බලය හිමිව ඇති බැවින් ඒ අනුව බන්ධනාගාර අධිකාරිවරුන් විසින් තෝරා ගන්නා සිරකරුවන්ගේ නාම ලේඛනයක් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කර අතර එම ලේඛනය අධිකරණ අමාත්‍යාංශය මගින් පරීක්ෂා කර බලා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කරනු ලබන අතර ඒ අනුව ජනාධිපතිවරයාගේ අනුමැතිය මත එම සිරකරුවන්ට පොදු සමාව හිමි වේ.

කෙසේ වුවද ඉහත සිදුවීමට අදාළව 2025-05-06 දාතමින් හා 06/01/යෝජිත /ජ.පො.සමා/වාර්:/05-12/2025 අංකයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විසින් ජනාධිපති කාර්යාලය වෙත එවන ලද පොදු සමාව හිමි විය යුතු සිරකරු නාම ලේඛනය නම් 388කින් සමන්විත අතර එම ලේඛනයේ කිසිදු තැනක අනුරාධපුර බන්ධනාගාරයේ මුදල් වංචාවකට අදාළව සිරගතව සිටි පුද්ගලයාගේ නම ඇතුළත් නොවන බව ත්,  එනම් සමාව දීම සඳහා ජනාධිපතිවරයා විසින් අනුමැතිය දෙන ලද නම් 388ට එම පුද්ගලයා කිසිසේත් ඇතුළත්ව නොමැති බවත් එම නිවේදනයෙන් සඳහන් කර තිබුණා.

එමෙන් ම මේ සිදුවීම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඊයේ (06) දින “ජනාධිපති සමාව යටතේ අනුමැතිය නොලැබූ සිරකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධව යන ශීර්ෂය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කර ඇති බව ත්, මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමටත්, වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ත් ඉදිරියේදී කටයුතු කෙරෙනු ඇති බවයි ඉන් පෙන්වා දෙන්නේ.

ජනාධිපති මාධ්‍ය අංශයෙන් මේ පිළිබඳව විමසීමේදී ඔවුන් තහවුරු කළේ ද, ජනාධිපති සමාව ලබා ගැනීම සඳහා යොමු කර නම් ලැයිස්තුව පරීක්ෂා කිරීමේදී මේ පුද්ගලයාගේ නම ඇතුළත් ව නොමැති බවයි. මීට පෙර අවස්ථාවන් වලදී ජනාධිපතිවරුන්ට නම් ජනාධිපති සමාව ලැබෙන නම් ලැයිස්තුවේ නම් පමණක් සඳහන් වන අතර පසුව ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ ජනාපති සමාව සඳහා යොමු කරන ලැයිස්තුවේ පුද්ගල නාමය සමගින් සිදු කළ වැරැද්ද සම්බන්ධයෙන් සඳහන් විය යුතු බවට පවසා ඇති බවයි. කෙසේ වෙතත් මෙම සිදුවමට සම්බන්ධ බන්ධනාගාර නිලධාරීන් ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන බව ත්, ඔවුන් පෙන්වා දුන්නා.

ජනාධිපති සමාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තියේ(1) ශ්‍රී ලංකා ජනරජයේ තවර වූ හෝ අධිකරණයක දී වරදකරු කරන ලද කවර වූ හෝ වරදකරුවකුට ජනාධිපතිවරයාට බලය ඇති බව දැක්වේ.

(අ) සම්පූර්ණ සමාවක් හෝ නීත්‍යානූකූල කොන්දේසි සහිත සමාවක් හෝ දීමට,

(ආ) නියම කරන ලද යම් දඬුවමක් ක්‍රියාත්මක කිරීම කාලසීමාවක් නොමැතිව හෝ සුදුසු යයි ජනාධිපතිවරයා කල්පනා කරන කාලසීමාවක් ඇතිව හෝ කල් තැබීමට

(ඇ) ඒ වරදකරුට නියම කරන ලද දඬුවමක් වෙනුවට ලිහිල් දඬුවමක් නියම කිරීමට හෝ,

(ඈ) නියම කරන ලද දඬුවමක් මුළුමනින් ම නිෂ්ප්‍රභ කිරීමට හෝ ඉන් කොසක් අඩු කිරීමට ද, එකී වරදකරු කළ වරද හේතුකොට ගෙන ඔහුගෙන් ජනරජයට අය විය යුත්තා වූ කොටසක් අඩු කිරීමට ද, එකී වරදකරු කිරීම හේතුකොටගෙන ඔහුට අයත් වස්තුවක් රාජ්‍ය සන්තක විය යුත්තේ වම්, එසේ රාජ්‍ය සන්තක විය යුත්තා වූ වස්තු‍වෙන් කොටසක් පමණක් රජයට ගැන්වීමට හෝ ඒ වස්තුව රාජ්‍ය සන්තක කිරීමට මුළුමනින් ම අත්හිටු වීමට.

එසේ වුවදඑසේ වූ යම් වරදකරුවකුට අධිකරණයකින් මරණ දඬුවම නියම වූ විටක ජනාධිපතිවරයා විසින් ඒ නඩුව විභාග කළ විනිශ්චයකාරවරයාගෙන් වාර්තාවක් ලබා ගැනීමට සැලැස්විය යුත්තේය. එම වාර්තාව ජනාධිපතිවරයා වෙත ලැබුණු විට, ඒ පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් දීමෙන් පසුව නීතිපතිවරයාගේ ඒ උපදෙස් සමග එය අධිකරණ විෂය භාර අමාත්‍යවරයා වෙත යැවිය යුතු බව නියම කොට ජනාධිපතිවරයා විසින් එය නීතිපතිවරයා වෙත යැවිය යුත්තේය. ඉන්පසු ඒ අමාත්‍යවරයා විසින් සිය නිර්දේශ ද සමග එම වාර්තාව ජනාධිපතිවරයා වෙත එවිය යුත්තේ ය.

(2) ජනාධිපතිවරයා විසින්, 89 වන ව්‍යවස්ථාවේ(ඈ), (ඉ), (ඊ), (උ)හෝ (ඌ) ඡේදයේ හෝ 91 වන ව්‍යවස්ථාවේ(1) වන අනුව්‍යවස්ථාව්(උ) ඡේදයෙහි ‍හෝ දැක්වෙන නුසුදුසුකමකට පාත්‍රව සිටින්නා වූ හෝ පාත්‍ර වන්නා වූ හෝ යම්කිසි තැනැත්තකු සම්බන්ධයෙන‍ෙ

(අ) සම්පූර්ණ සමාවක් හෝ නීත්‍යානූකූ කොන්දේසි සහිත සමාවක් හෝ දිය හැක්කේ ය නැතහොත්

(ආ)එම නුසුදුසුකමේ කාලසීමාව අඩු කළ හැක්කේය.

නමුත් ජනාධිපති සමාව ලබාදීමේදී සලකා බැලිය යුතු කරුණු මොනවනාද යන්න මෙහි පැහැදිලිව සඳහන් කර නොමැත.ජනාධිපතිවරයා රටේ සුභසිද්ධිය සහ සාධාරණත්වය වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයෙකු සේ සලකා සිය අභිමතය අනුව ක‍්‍රියා කිරීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති තවත් බලයක් ලෙස මෙය බොහෝ විචාරකයින් පෙන්වා දෙනවා.

ජනාධිපති සමාව ලබා දීමේදී සැලකිය යුතු කරුණු සම්බන්ධයෙන් සම්මත නිර්ණායක මාලාවක් නොමැති අතර බොහෝ අවස්ථා වලදී බරපතළ නොවන වැරදි වලට අයත්, ඇප මුදල් ගෙවීමට නොහැකිව සිටින පිරිස්, සිරගෙදරදී යහපත් කල් ක්‍රියාවෙන් සිටින අය සඳහා මේ සඳහා ඉඩ ලැබෙන බවයි අප කළ විමසීමකදී නීතිඥවරයෙකු අදහස් පළ කළේ.

නමුත් මෙම සීමාවෙන් පිටත ඇතැම් අවස්ථ වලදී මිනිමැරුම් වැනි බරපතළ අපරාධ සිදු කළ පුද්ගලයන්ට ද, ජනපති සමාව ඉතිහාසයේ හිමි වී තිබේ.

ජනපති සමාව අභියෝගයට ලක් වූ අවස්ථා කිහිපයක්

මරණ දණ්ඩනය ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති සමාව ලබා දීම – නමුත් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට සමාව ප්‍රදානය කර ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණය බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය 2024 ජනවාරි මස තීන්දු කරනු ලැබුවා.

රාජගිරිය රෝයල් පාක් මනුෂ්‍ය ඝාතන සිද්ධියේ ජීවිතාන්තය දක්වා සිරදඞුවම් ලබා සිටි ජූඩ් ශ්‍රමන්ත ඇන්තනී හට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති සමාව හිමිවුණා.– ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබුණා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වැනි වගන්තිය අනුව ජනාධිපති ධූරය දරන තැනැත්තා/තැනැත්තියට එරෙහිව කිසිදු ආකාරයක සිවිල් හෝ අපරාධ නඩු පැවරිය නොහැකි ලෙස සඳහන් වී තිබේ. නමුත්, එම ප්‍රතිපාදන සහ මුක්තිය ඉවත් කරමින්, ජනාධිපතිවරයාට එරෙහිව නීතිපතිවරයා වග උත්තරකරු කරමින් මූලික අයිතිවාසිකම් කඩවීමේ නඩු පැවරීමේ හැකියාව 19 වෙනි සංශෝධනයෙන් ලැබී ඇත. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීමෙන් සන්ධ්‍යා එක්නැලිගොඩගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට හැකියාව ලැබී තිබුණා.

යාපනය මිරිසුවිල් ප්‍රදේශයේදී අවුරුදු පහක කුඩා දරුවෙකු ඇතුළු අවතැන්ව සිටි සිවිල් වැසියන් 8 දෙනෙකු කපා කොටා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කරනු ලැබ සිටි යුද්ධ හමුදා සැරයන් සුනිල් රත්නායක ජනාධිපති සමාව මත නිදහස් කිරීම පිළිබඳව අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි නිකුත් කර තිබුණා.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

 

Facebook | Twitter | Instagram | Google News | TikTok


Leave a Reply