දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ඉන්දියාවේ, අහමදාබාද්හි සිදුවූ ගුවන් අනතුරේ ඛේදවාචකය හා සම්බන්ධ සිදුවීම් සහ එම අවාසනාවන්ත අනතුරට මුහුණදුන් පිරිස ගැන ලොවක් සංවේදී වී ඇති අවස්ථාවක ඒ ඔස්සේ බොහෝ නොමග යවන සුළු සටහන් ද සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබෙනු අපට දැක ගන්නට ලැබෙනවා. එලෙසින් හුවමාරු වන වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“සැමට අත වනා යන්නේ අවසන් ගමන බව ඔවුන් දැනසිටියාද” යනුවෙන් සඳහන් කරමින් පසුගියදා ඉන්දියාවේ, අහමදාබාද් හිදී සිදු වූ ගුවන් අනතුරට මුහුණ පෑ ගුවන් කාර්ය මණ්ඩලයේ අවසන් ගුවන් ගමනට පෙර ලබා ගත් වීඩියෝවක් බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පළ වී තිබුණේ මෙලෙසින්.
මෙම වීඩියෝව Youtube ඔස්සේ ද, බහුලව හුවමාරු වී තිබුණා.
මෙම වීඩියෝවේ සිටින්නේ සත්‍ය වශයෙන් ම එම ගුවන් අනතුරට මුහුණ පෑ ගුවන් කාර්ය මණ්ඩලය ද, යන්න අප පරීක්ෂාවක් සිදු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
පසුගිය ජූනි 12 වන දා ඉන්දියාවේ, අහමදාබාද්හි Air India ගුවන් සමාගමට අයත් මගී ප්‍රවාහන ගුවන්යානයක් ගුවන්ගත කර මිනිත්තු කිහිපයකට පසු කඩා වැටීමෙන් සිදු වූ අනතුරේ කාර්ය මණ්ඩලය පිටත් වීමට පෙර ලබා ගත් පවසන ඉහත වීඩියෝව කිසිදු ඉන්දීය ප්‍රධාන මාධ්‍ය ධාරාවක් හෝ ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් විසින් හෝ වාර්තා කර ඇති බව දක්නට නොලැබුණි.
ඒ හේතුවෙන් අප ඉහත වීඩියෝවේ රූප රාමු අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. ඒ අනුව අපට ඉහත වීඩියෝව පටිගත කරන ගුවන් සේවිකාවගේ(Yashasvi Sharma) බවට පැවසිය හැකි Instagram සමාජ මාධ්‍ය ගිණුමේ මෙම වීඩියෝව පසුගිය ජූලි 09 වන දින පළ කර ඇති බව දක්නට ලැබුණා.
එනම් AI171 ගුවන් යානයේ අනතුරු සිදු වූ පසුගිය ජූනි 12 වන දාට පෙර මෙම වීඩියෝව පළ වී තිබූ බැවින් මෙය එදින ලබා ගත් වීඩියෝවක් නොවන බවට පැහැදිලි වේ.
එමෙන් ම මෙම වීඩියෝව සමාජ මාධ්‍ය හරහා අනතුරට පත් ගුවන්සේවා කාර්ය මණ්ඩලය බවට හුවමාරු වීමෙන් පසු ඇයගේ සුවදුක් විමසීමට ඇයව සම්බන්ධ කර ගත් සියල්ලන්ට ස්තූතිය පළ කරමින් පසුගිය 13 වන දා මෙම වීඩියෝවට ඇය ප්‍රතිචාර එක් කර තිබුණා. එමෙන්ම ඇය සඳහන් කරන්නේ මේ වන විට ඇය මුම්බායිහි සිටින බවයි.
තව ද, ඇය විසින් Instagramහි Story ලෙස සටහනක් ද, දක්වා තිබුණේ, ඇයගේ වීඩියෝව ගුවන් අනතුරින් මිය ගිය කාර්ය මණ්ඩලය ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වී ඇති බව ත්, එවැනි පළ කිරීම් දැක්වෙන සමාජ මාධ්‍ය ගිණුම් රිපෝට් කරන ලෙස ත්, ඒවා ඉවත් කරන ලෙසත්ය.
නිසි තොරතුරු නොමැතිව මෙම වීඩියෝව හුවමාරු කර ගැනීම තුළින් මෙම වීඩියෝවේ සිටින කාර්ය මණ්ඩලයේ පවුලේ සාමාජිකයින් පත්වන අපහසුතාවය ද, මෙහි ඇය සඳහන් කර තිබුණේ මෙලෙසින්.
කෙසේ වෙතත් මෙම ගුවන් සේවිකාව ඇතුළු ඉහත වීඩියෝවේ දැක්වෙන අනෙකුත් ගුවන් සේවා කාර්ය මණ්ඩලය ද, Air India ගුවන් සමාගමට අනුයුක්තව සේවය කරන බැවින් එම වීඩියෝව මේ අයුරින් නොමග යවන සුළු ලෙස භාවිත කර ඇති බව ට පැවසිය හැක.
පසුගිය බ්‍රහස්පතින්දා සිදුවූ ගුවන් අනතුරින් මියගිය Air India කාර්ය මණ්ඩල සාමාජිකයින් දස දෙනෙකු සහ ගුවන් නියමුවන් දෙදෙනෙකු සිටි බව ට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා. ඒ සම්බන්ධ වැඩි දුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු කාර්ය මණ්ඩල දස දෙනාගේ නම් මෙසේය.
Sumeet Sabharwal(ගුවන් නියමුවන්), First Officer Clive Kunder(ගුවන් නියමුවන්), Manisha Thapa,Kongbrailatpam Nganthoi Sharma,Maithili Moreshwar Patil,Irfan Shaikh, Shraddha Dhavan, Aparna Mahadik, Deepak Pathak, Roshni Rajendra Songhare, Lamnunthem Singson, Saineeta Chakravarty
ඔවුන්ගේ ඡායාරූප එකතුවක් පහතින්.
ජුනි 12 වන බ්‍රහස්පතින්දා දහවල් අහමදාබාද් සිට ලන්ඩන් බලා ගමන් කරමින් සිටි බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් ගුවන් යානයක් වන එයාර් ඉන්දියා AI 171 යානය මෙලෙසින් අනතුරට පත් වූයේ එහි ගමන් ගත් මගීන් 241 දෙනෙකුට සහ ගුවන් යානය කඩා වැටුණු ගොඩනැගිල්ලේ සිටි කිහිප දෙනෙකුට මරු කැඳවමින්.
අනතුර සිදු වූ ස්ථානයේ සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුවන බැවින් බලධාරීන් විසින් මගීන්ගේ සම්පූර්ණ ලැයිස්තුවක් නිකුත් කර තිබුණා. ඒ පිළිබඳ වාර්තාව මෙතනින්.
Also Read : ඉන්දීය ගුවන් යානා අනතුරට පෙර එහි ඇතුළත ගත් දර්ශන පෙළක් නොවේ!
ගුවන් යානය කඩාවැටුණු ගොඩනැගිල්ලේ සිසුන්, දිවි ගලවගන්න බිමට පනින වීඩියෝවක් ද ?
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok