සැබෑ ලෙසම පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇතිවන දරුණු ගැටුමක් ද මේ?

International Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

සමාජ මාධ්‍ය සාක්ෂරතාව යනු  සමාජ මාධ්‍ය අන්තර්ගතයන් හරියට අවබෝධ කර ගැනීම, විමර්ශනශීලිව බලා පණිවුඩය තේරුම් ගැනීම, ඇගයීම පමණක් නොවෙයි, වගකීමෙන් යුතුව අදාළ සමාජ මාධ්‍ය අන්තර්ගතයන් නිර්මාණය කිරීම වගේම  බෙදා ගැනීමත් ඇතුළත්. 

සමාජයට වටිනා බොහෝ දේ පළ කරන බෙදා හරින සාමාජ මාධ්‍ය පරිශීකලයින් වගේම තමන්ගේ ෆේස්බුක් ගිණුමට හෝ පිටුවට වැඩි අවධානයක් ලබා ගැනීම ම පමණක් අරමුණු කර ගනිමින් ඇතැම් විට ආගමික අන්තර්ගතයන් පවා   යොදා ගනිමින් සමාජය නොමග යවන සුළු ආකාරයේ නිර්මාණ සිදුකරන සුළු පිරිසකුත් සමාජයේ දැකගත හැකියි. එලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවක නිර්වද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළා.   

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

සිදුවන දේ හිතාගන්න බෑ…ජීවිතය කියන්නේ ඉක්මනින් වෙනස් වන දෙයක් නොපමා කුසල් රැස් කරගන්න යනුවෙන් සඳහන් කරමින්  පළ කර ඇති මෙම වීඩියෝවට අනුව කිසියම් පුද්ගලයින් දෙදෙනෙකු උස් ස්ථානයකදී ගැටුමක නිරතවන ආකාරයක් පෙන්වන අතර එහිදී එක් පුද්ගලයෙක් අනෙක් පුද්ගලයාට පා පහරක් එල්ල කරන අතර එහිදී ඔහු යම් ස්ථානයක එල්ලී සිටින අතර එහිදී අනෙක් පුද්ගලයා කිසියම් ආයුධයකින් පහරදීමට උත්සාහ කරයි. එම අවස්ථාවේ පහරදීමට උත්සාහ කරන පුද්ගලයා ගිනිගෙන දැවී පහළට ඇද වැටෙන ආකාරයක් පෙන්නුම් කරයි. මෙමගින් කර්මය පල දෙන ආකාරය පිළිබඳ අදහසක් සමාජගත කිරීමට උත්සාහ දරා ඇති බවක් පෙනේ. “බුදු බණ පදයක් සවන වැකේවා… බුදු ගුණ පමණක් සිතට නැගේවා…” යන ගීතයේ කොටසක් ද පසුබිමින් අසෙන්නට සල්වමින් මෙම වීඩියෝව පල කර තිබීම තුළින් ඒ බව තවදුරටත් තහවුරු වේ. 

Facebook 

තවද මෙම වීඩියෝව බොහෝ පිරිසක් අතර හුවමාරු වී තිබූ අතර බොහෝ පිරිසක් මෙහි සත්‍ය සිදුවීමක් නොවන බව පෙන්වමින් ද අදහස් පළ කර තිබෙණු  දැක ගතහැකියි. අප මේ පිළිබඳව කරුණු පරීක්ෂාවක් කිරීමට පියවර ගනු ලැබුවේ මේ අයුරින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

සැබෑ ලෙසම මෙම වීඩියෝව මගින් පෙන්වීමට උත්සාහ කරන පරිදි මෙය කිසියම් පුද්ගලයින් දෙදනෙකු අතර ඇතිවන ගැටුමක වීඩියෝවක් දැයි, අප සොයා බැලුවා. එමෙන්ම දර්ශන පෙළ ජංගම දුරකතනයකින් පටිගත කරන ලද බව ද දැක ගන්නට ලැබේ. 

මෙම විඩියෝව පිළිබඳ අප කරුණු සොයා බැලී සඳහා මෙම වීඩියෝවේ රූපරාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කළා. ඒ අනුව පෙනී ගියේ මෙය අදාළ සමාජ මාධ්‍ය පරිශීලකයා පෙන්වීමට උත්සාහ කරන ආකාරයේ සැබෑ වීඩියෝවක් නොව යුනිවර්සල් ස්ටූඩියෝ theme parks කිහිපයකම ප්‍රදර්ශනය කරන ජනප්‍රිය සංදර්ශනයක් වන Waterworld stunt සංදර්ශනයක කොටසක් බවයි. 

ඒ බවට ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවේ කොටස අයත් සම්පූර්ණ දර්ශනය නිරීක්ෂණය කිරීමේදී තහවුරු වන අතර ඉහත දැක්වෙන වීඩියෝ කොටස මෙම සංදර්ශනයේදී මැනවින් දැක ගැනීමට හැකි වේ.

මෙම සංදර්ශනය 1995 වසරේ තිරගත වූ Kevin Reynolds විසින් අධ්‍යක්ෂණය කරන ලද Waterworld ක්‍රියාදාම චිත්‍රපටය මත පදනම් වූ සංදර්ශනයකි.  හොලිවුඩ්, ජපානය, සිංගප්පූරුව යන යුනිවර්සල් ස්ටූඩියෝවලදී  Waterworld සංදර්ශනය ඉදිරිපත් කරනු ලබයි. Universal Studios Hollywood 1995 වසරේ ආරම්භ වූ අතර Universal Studios Japan සහ Universal Studios Singapore  ආරම්භ කෙරුණේ, 2001 වසරේදීය.

Waterworld stunt සංදර්ශනයේ තවත් නරඹන්නන් විසින් පළ කර තිබූ වීඩියෝ මෙතැන්න සහ මෙතැනින් 

Waterworld stunt සංදර්ශනයේ ඡායාරූප පෙළක් මෙතැනින් 

Universal Studios Hollywood පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතැනින් 

Also Read : පුද්ගලයෙකු විදුලි පුටුවක හිඳවා මරණයට පත් කරන අවස්ථාවක වීඩියෝවක් ද?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) : 

අපගේ කරුණු විමර්ශනය අනුව පැහැදිලි වන්නේ,  නොපමාව කුසල් රැස් කරගන්න  යැයි පවසමින් පළ කර ඇති ජංගම දුරකතනයක් මගින් ගන්නා ලද මෙම දර්ශන පෙළ මෙය සැබෑ සිදුවීමක් මත පදනම් වූ වීඩියෝවක් නොවන බවයි. මෙය ජනප්‍රිය Waterworld stunt සංදර්ශනයක කොටසක් වේ.

Avatar

Title:සැබෑ ලෙසම පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇතිවන දරුණු ගැටුමක් ද මේ?

Fact Check By: Fact Crescendo Team 

Result: Misleading


Leave a Reply