පැරණි සහ නව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩල ගැන පැහැදිලි කිරීමක්!

Insight Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය නිදහස් අධ්‍යාපනය පිළිබඳ ගැටලු, නිදහස් සෞඛ්‍යය පිළිබඳ ගැටලු, සහ රටේ අනෙක් ගැටලු සම්බන්ධව තම සටන් පාඨ සමඟ පෙරදැරිව ඉදිරියට පැමිණෙන අරගලකාරී ව්‍යාපාරයකි.

ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය සඳහා නායකත්වය ලබා දෙන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ(20)  දවසේ සිට මතභේදාත්මක තත්ත්වයක් ගොඩනැඟී තිබෙන ආකාරය සමාජ මාධ්‍ය තුළ දැක ගන්නට ලැබුණා. ඒ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සසිඳු පෙරේරා සහෝදරයා පත් වූ බවට පළ වූ සමාජ මාධ්‍ය සටහන් නිසාවෙන්. මෙහි සත්‍ය කරුණු සෙවීමට අප පියවර ගනු ලැබුවා.

සමාජ මාධය්‍ය සටහන්:

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සසිඳු පෙරේරා පත්වී ඇති බවට දක්වමින් එම ෆේස්බුක් පිටුවෙන් සටහනක් පළ වී තිබුණේ, මෙලෙසින්.

Facebook | Archived Link

එමෙන් ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මහ ශිෂ්‍ය සංගමය ෆේස්බුක් පිටුවෙන් ද, මෙම සටහන හුවමාරු කර ඇති බව අපට දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

තව ත් සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව හුවමාරු වී තිබුණා.

මෙහි නිර්වද්‍යතාව සෙවීමට අප පියවර ගනු ලැබුවේ මේ අයුරින්.

Explainer (කරුණු පැහැදිලි කිරීම)  : 

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ (IUSF) නව කැඳවුම්කරු ලෙස සසිඳු පෙරේරා පත් වූ බව සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වීමත් සමග බොහෝ දෙනෙකු උපකල්පනය කර තිබුණේ, මේ වන විටත් ක්‍රියාත්මක වන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ පත් වී සිටි කැඳවුම්කරු මදුශාන් චන්ද්‍රජිත් ඉවත් වී නව කැඳවුම්කරු ලෙස සසිඳු පෙරේරා යන විශ්වවිද්‍යාල සිසුවා පත් වී ඇති බවයි.

නමුත් මෙතෙක් පැවති අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ආණ්ඩුව විසින් සිසුන් සහ පොදු ජනතාව ව්‍යාකූල කරමින්, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නාමය, නිල ලාංඡනය සහ ලිපි පවා යොදා ගනිමින් Inter University Students’ Federation(අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය) නමින් ව්‍යාජ ෆේස්බුක් පිටුවක් සකසා ව්‍යාජ සංගමයක් නිර්මාණය කර ඇති බවයි.

Archived Link

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කැඳවුම්කරු මදුශාන් චන්ද්‍රජිත්

අපි මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීමට පෙර සිට ම සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේකැඳවුම්කරු මදුශාන් චන්ද්‍රජිත් සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු මැදිරිගිරියේ ඉස්සරධම්ම ස්වාමීන් වහන්සේ දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කරගනු ලැබුවා. එහි දී ඔවුන් විසින් ප්‍රකාශ කර සිටියේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයකැඳවුම්කරු තවදුරටත් මදුශාන් චන්ද්‍රජිත් වන අතර මෙය නිල නොවන ලෙස ආයතන 14ක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී එකතු වී සිදු කරන ලද පත්කිරීමක් බවත්, මෙයට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කිසිඳු සහභාගීත්වයක් සිදුනොවී ඇති බවත්, මේ සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයනියෝජනය කරමින් කිසිඳු පිරිසක් සහභාගි නොවී ඇති බවයි. 

එමෙන් ම මෙම පත්කිරීම ව්‍යාජ සහගත හා නිල නොවන පත්කිරීමක් බවත් ඔහු විසින් අදහස් ප්‍රකාශ කළ අතර විශේෂයෙන් ම ඔහු සඳහන් කළ සිටියේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයලෙස නිල Facebook ගිණුමට අමතරව තවත් Facebook ගිණුමක් ව්‍යාජ ලෙස පෙනී සිටින අය  ඊයේ  දවසේ අලුතින් සකස් කර ඇති අතර ඒ තුළින් මෙම පණිවිඩය සමාජගත කර ඇති බව යි. තව ද, තමන් තවදුරටත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නිල කැඳවුම්කරු ලෙස කටයුතු කරන බවට යි.

මීට අමතරව මදුශාන් චන්ද්‍රජිත් විසින් සඳහන් කරනු ලැබුවේ මෙය පැහැදිලි වශයෙන් ම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට පක්ෂපාතී අන්දමට අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමේ ක්‍රියාවලිය දිගුවක් ලෙස පවත්වා ගැනීමට සමාජවාදී ශිෂ්‍ය සංගමයට හිතවත් ආයතන කිහිපයක් එකට එකතු වී පිහිටුවා ගත් සංවිධානයක් වන අතර මීට පෙර දී ද මෙවැනි ම සිසු ජන බලවේගය නමින් විවිධ සංවිධාන ජාතික ජන බලවේගය ආණ්ඩුවේ හිතවත්කම හෙවත් ජාතික ජන බලවේගය ආණ්ඩුවේ ඕනෑඑපාකම් මත අධ්‍යාපන පෞද්ගලිකකරණය කිරීමේ ක්‍රියාවලියට සහයෝගය දැක්වීම සඳහා නිර් මාණය කිරීමට කටයුතු කර තිබෙන බවයි. 

තවදුරටත් මේ පිළිබඳව කරුණු විමර්ශනයේදී ඊයේ (20) දිනයේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය නමින් නිල නොවන මට්ටමෙන් නිර් මාණය කළ ෆේස්බුක් ගිණුම මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැකගැනීමට හැකියාවක් නොමැති බව තහවුරු වුනා. එම සබැඳිය මෙතනින්.

නව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලෙස පත් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සසිඳු පෙරේරා

අපි මේ සම්බන්ධව මතභේදාත්මක තත්ත්වයට තුඩු දී ඇති කැඳවුම්කරු ලෙස පත් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සසිඳු පෙරේරා සම්බන්ධ කර ගත්තා. එහි දී ඔහු විසින් ප්‍රකාශ කරන ලද්දේ ශිෂ්‍ය ව්‍යාපාරය තුළ යම්කිසි බෙදීම් සහිත ලකුණු කීපයක් ඇති බැවින් මේ තත්ත්වයන් නිවැරදි කර ගැනීමට සහ ශිෂ්‍යයන් වෙනුවෙන් පෙනී සිටීම උදෙසා මේ සංවිධානය බිහිකරගත් බවත්, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලියාපදිංචි ආයතනයක් නොවන බැවින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයපිහිටුවීමේ අවශ්‍යතාවක් නොමැති බවයි ඔහු පෙන්වා දුන්නේ. ඒත් එක්කම මේ වන විට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයලෙස අලුතින් ගොඩනඟා තිබූ නිල ෆේස්බුක් පිටුව සම්බන්ධව හා ඒ ෆේස්බුක් පිටුව නොමැති වීමට හේතුව කුමක්දැයි ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔහු සඳහන් කළේ මේ ෆේස්බුක් පිටුව මේ වනවිට තාක්ෂණික කාරණා කිහිපයක් මත ඉවත්ව ඇති බවත්, එය ෆේස්බුක් සමාගමත් සමඟ ගනුදෙණු කිරීමෙන් ලබා ගැනීමට සූදානම් වන බවත් ය. 

ඒ සමඟින් ඔවුන්ට විරුද්ධව එල්ල වන ජාතික ජන බලවේගයට සමීප සම්බන්ධතාවය පවත්වන කණ්ඩායමක් ලෙසට ඔවුන්ට එල්ලවන චෝදනා පිළිබඳව ඔහුගෙන් විමසූ විට ඔහු පැවසුවේ ඔවුන් කිසිවිටෙක එසේ නොකරන බවත් එය අසත්‍ය ප්‍රචාරයක් බවයි. 

නව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සමග පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර, කොළඹ, කැළණිය, මොරටුව, ඌව වෙල්ලස්ස සහ වව්නියාව යන විශ්ව විද්‍යාලවල මහා ශිෂ්‍ය සංගම් එක්ව සිටින බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නමින් විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සමග පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවති මාධ්‍ය හමුවක් පවත්වමින් කැඳවුම්කරු සසිදු පෙරේරා සඳහන් කරනවා.

එසේ ම, ශ්‍රී පාලි මණ්ඩපයේ ශිෂ්‍ය සංගමය, මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ආයතන ශිෂ්‍ය සංගමය, අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය, බල මණ්ඩලය, ඉන්ජිනේරු ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව, ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්යායලයීය ආයුර්වේද වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය, අග්නිදිග ඉන්ජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය, දේශීය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය සහ වයඹ කෘෂිකර්ම පීඨ ශිෂ්‍ය සංගමය නව සංවිධානයට සහය පළකරන බව ද පවතින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විවිධ පුද්ගලයන්ගේ න්‍යායපත්‍රවලට අනුව ක්‍රියත්මක වන බවත් ඒ හේතුවෙන් පසුගිය කාලය තුළ එම සංවිධානය ජනතාවගෙන් ඈත්වූ බවත් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණේ මෙලෙසින්.

කෙසේ වෙතත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය යන එකම නාමය යටතේ ශිෂ්‍ය සංවිධාන දෙකක් මේ වනවිට ක්‍රියාත්මක වන අතර මේ සඳහා නෛතිමය බාධාවක් නොමැති වුවද, මෙතෙක් පැවති ක්‍රියාවලියෙන් බැහැරව නව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයක් ආරම්භ කොට කැඳවුම්කරුවෙකු පත් වී තිබුණා. නමුත් ඔවුන් මේ බව දැන්වීමට නිර්මාණය කර තිබූ සටහන් වල නව සංවිධායක වරයෙකු ලෙස පත් කර ඇති බවට සඳහන් කිරීමෙන් අර්ථවත් වන්නේ මෙතෙක් පැවති ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැඳවුම්කරුවෙකු පත් වී ඇති බවයි. මේ සදහා එකම නාමය, එකම ලාංඡනය භාවිත කිරීම මෙලෙසින් නොමග යෑම්වලට හේතු වී තිබුණා. 

මෙතෙක් පැවති ශිෂ්‍ය බල මණ්ඩලය එහි කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්ගේ නායකත්වයෙන් එම සංගමය තව දුරටත් ක්‍රියාත්මක වන අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සසිඳු පෙරේරාගේ කැඳවුම්කාරීත්වයෙන් නව ශිෂ්‍ය බල මණ්ඩලය ද සිය කටයුතු ආරම්භ කර තිබේ.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok| Youtube

Avatar

Title:පැරණි සහ නව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩල ගැන පැහැදිලි කිරීමක්!

Fact Check By: Fact Crescendo Team  

Result: Insight


Leave a Reply