දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
අද වන විට ප්‍රධාන දේශපාලනික ධාරාව තුළ චරිත අළලා ඔවුන් විසින් සිදුකළා යැයි හෝ ප්‍රකාශ නිකුත් කළ යැයි බවට ඒත්තු ගැන්වෙමින් විවිධ අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය වේදිකාව ඔස්සේ ප්‍රචාරය කිරීම වර් තමානයේ සුලභව දැක ගත හැකියි. මේ, එලෙස හුවමාරු වන අසත්‍ය පුවතක් පිළිබඳ සිදුකළ සොයා බැලීමක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
පසුගිය දිනක ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ අගමැතිනි ආචාර්යය හරිනි අමරසූරිය මෙනවියගේ යැයි සැලකෙන තැඹිලි ගෙඩියකින් මදය ආහාරයට ගනිමින් සිටින විඩියෝවක් සමාජ මාධ්‍ය තුළ “අගමැතිතුමියටත් අමාරු කාලයක්” යැයි විවිධ අදහස් පළ කරමින් සංසරණය වූ ආකාරය අපිට දැක බලා ගත හැකි විය.
මෙවැනි වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වීම හරහා එය පරිහරණය කරනු ලබන ග්‍රාහකින් විසින් නොමග යැවීමක් සිදුකිරීමට උත්සාහ කරන බවට අපට පැහැදිලි විය. ඒ අනුව මේ සම්බන්ධව විමර් ශනය කිරීම සඳහා අප විසින් කටයුතු කරන ලදී.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
සමාජ මාධ්‍යයේ හුවමාරු වීමෙන් තිබූ අගමැතිතුමිය විසින් තැඹිලි ගෙඩියක මදය ආහාරයට ගනු ලබන බවට පවසා තිබූ විඩියෝව සම්බන්ධව නිරීක්ෂණය කරගෙන යාමේදී මේ සම්බන්ධව සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් දක්වා තිබූ ප්‍රතිචාරයක ඉහත විඩියෝවේ සිටින සැබෑ කාන්තාව මනෝජා යන කාන්තාවකගේ බව සඳහන් කර තිබුණා.
ඒ අනුව මෙම අදහස තුළින් ඉදිරිපත් කළ ඇති කාන්තාවගේ ෆේස්බුක් ගිණුම අප විසින් පරීක්ෂා කරන ලදී. MANOJA AUTOPLUS නමැති ෆේස්බුක් ගිණුමේ 2025/04/21 වන දිනයේදී මනෝජා සේනානායක යන මෙම කාන්තා ෆේස්බුක් ගිණුම ඔස්සේ තමා විසින් තැඹිලි ගෙඩියකින් මද ආහාරයට ගන්නා වීඩියෝවක් සමාජ මාධ්‍යයට එක් කර ඇති ආකාරය අපට දැක ගැනීමට හැකියාවක් ලැබුණි. එම වීඩියෝ පහත පරිදි පෙන්වා දිය හැකිය.
මේ සම්බන්ධ මනෝජා සේනානායක මහත්මිය එතුමියගේ වීඩියෝවක් අගමැතිතුමියගේ නමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වීම සම්බන්ධව එතුමියගේ ෆේස්බුක් ගිණුම මගින් ව්‍යාජ සහගත බවට හැඟෙන අදහසක් ඉදිරිපත් කර ඇති ආකාරය අපට දැක ගැනීමට හැකි විය.
මේ සම්බන්ධව තවදුරටත් සත්‍යතාවය විමර්ශනය කිරීම සඳහා මෙම වීඩියෝවේ සිටිනා යැයි සැලකෙනෙ මනෝජා සේනානායක මහත්මිය අප විසින් දුරකථනය මගින් සම්බන්ධ කරගන්නා ලදී. එහිදී එතුමිය විසින් ප්‍රකාශ කළ සිටියේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වන එම වීඩියෝව ප්‍රථමයෙන්ම සිය ෆේස්බුක් ගිණුම මගින් ඇය විසින් සමාජගත කළ බවත් මෙම සිදුවීමක් මීට මාස කිහිපයකට පෙරදී රාගම ප්‍රදේශයේදී වූ සිදුවීමක් බව ඇය විසින් සඳහන් කරන ලදී.
එමෙන්ම ඇය ජා ඇල ප්‍රදේශයේ පදිංචි බවත් සිය ව්‍යාපාරික කටයුතු සිදුකෙරෙන බවත් කිසිදු දේශපාලනික වශයෙන්ම අගමැතිතුමියට හෝ වෙනත් කිසිදු පක්ෂයකට සම්බන්ධ නොවන බවත් සදහන් කළ අතර විශේෂයෙන්ම ඇය විසින් ප්‍රකාශ කළ සිටියේ ඇය කිසිදු අවස්ථාවක අගමැතිතුමිය අනුකරණය නොකරන බවයි. සිය විලාසිතාව කාලාන්තරයක් පුරාවටම ඇය විසින් අනුගමනය කරන බවට සඳහන් කරන ලදී.
අවසාන වශයෙන් සඳහන් කළේ මෙම වීඩියෝව සමාජගත කිරීම තුළින් කිසිදු අයෙකුට බාධාවක් සිදු කිරීමට අදහස් නොකළ බවත් ඇයගේ විනෝදය මත මෙය සමාජගත කළ බවත් ඇය සදහන් කරන ලදී.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
ඒ අනුව උක්ත කරුණු අනුව සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ අගමැතිතුමිය තැඹිලි ගෙඩියක මද ආහාරයට ගනු ලබන වීඩියෝව අගමැතිතුමියගේ නොවන අතර එය වෙනත් කාන්තාවකගේ බවට මේ තුළින් අපට විමර් ශනය කරගැනීමට හැකියාව ලැබිණි.
