දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජනාධිපතිවරයා ලෙස පත්වී ගතවූ පසුගිය මාස කිහිපය පුරාවට ගත් රටවල් රැසකට නව තීරු බදු පැනවීම් ඇතුළු තීරණ මෙන්ම සහ ලොව භූ-දේශපාලනමය ප්‍රශ්නවලට සිදුකළ මදිගත්වීම් ද සමඟ මුළු ලෝකයේම මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද වඩාත් අවධානය දිනාගෙන සිටින ලෝක නායකයා බවට පත්ව සිටී.
මෙවන් පසුබිමක ජනපති ට්‍රම්ප්ට මුහුණ දීමට සිදුවූ පහරදීමක් බව කියමින් සමාජ මාධ්‍යයේ හුවමාරු වීඩියෝවක් පිළිබඳ අප සිදු කළ විමසා බැලීමක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“තම රට තුලත් ජාත්යන්තරය තුලත් ප්රතික්ෂේප වෙන ලේ පිපාසිත යුධ උන්මාදයෙන් පෙලෙන ජනඝාතක යුධ නිර්මාතෘ පිස්සු බල්ලා” යන ශීර්ෂයෙන් තත්පර 23 ක මෙම වීඩියෝව පළ කර ඇත්තේ, පසුගිය ජුනි 30 වැනිදා ය. වීඩියෝ දර්ශනය මත “හරිනේ අමාරුව ඕකයි නැටුවේ” සහ “පොරොවකින් කෙළලා අරින්න” යනුවෙන් ද සඳහන් කර ඇත.
ද්වේශ සහගත වචන ද භාවිත කරමින් පළ කර ඇති මෙම වීඩියෝවට අනුව ජනපති ට්‍රම්ප් වේදිකාවක සිට අදහස් පළ කරමින් සිටින ආකාරයක් දැකගත හැකියි. පසුව අදාළ දර්ශනය තුළ කිසියම් පුද්ගලයෙකු එකවරම පෙනී සිටින ආකාරයක් සහ සැනින් ට්‍රම්ප්ගේ හිස පිටුපස ප්‍රදේශයට අතින් පහරක් එල්ල කර එකවරම ඔහු නොපෙනී යයි.
පසුව ඔහුගේ ආරක්ෂකයින් වහාම ට්‍රම්ප් වට කරගන්නා අතර දැඩි ඝෝෂාකාරී ශබ්ද ද සහිත මෙම වීඩියෝ දර්ශනයට අනුව විශාල ජනතාවක් ද මෙම ස්ථානයේ සිටින ආකාරයක් ද දැකගත හැකියි.
මේ අතර බොහෝ පිරිසක් අතරේ මෙම වීඩියේව හුවමාරු වී තිබෙන ආකාරයක් ද ද දැකගත හැකි විය.
මේ අනුව සැබෑ ලෙසම මෙය අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කිසියම් පුද්ගලයෙකු පහර දෙන වීඩියෝවක් ද යන්න පිළිබඳව අප කරුණු විමසීමක් සිදු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
මේ දිනවල ලෝක දේශපාලනයේ පමණක් නොව රටවල් අභ්‍යන්තර වශයෙන් ද වැඩි වශයෙනම කතා බහ වන දේශපාලන චරිතයක් වන ජනපති ට්‍රම්ප්ට මෙහි සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකාරයේ ප්‍රහාරයක් එල්ල වූයේ, නම් එය ජාත්‍යන්තරයේ පමණක් නොව දේශීය මාධ්‍ය ජාලාවල පවා ප්‍රමුඛතම පුවතක් විය යුතු ය. ඒ අනුව මෑතකාලීනව මෙවැනි පුවතක් වාර්තා කර තිබේ ද යනන් පිළිබඳව අප පිරික්සා බැලී ය. එහෙත් ප්‍රධාන වශයෙන් ට්‍රම්ප් පැනවූ තීරු බදු පිළිබඳ පුවත් හැර මෙහි දැක්වෙන් ආකාරයේ සිදුවීමකට ඔහු මුහුණ දුන් බවට වන පුවතක් දෙස් විදෙස් කිසිදු මාධ්‍යක වාර්තා කර තිබෙනු දැක ගන්නට නොහැකි විය.
මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවේ සැකමුසු තැන් කිහිපයක් අපට නිරීක්ෂණය විය. ඩොනල්ඩ් ට්‍රම්ප්ට පහර දෙන පුද්ගලයා එකවරම පෙනී සිටීම, එසැනින් නොපෙනී යාම, පසුව එකවමර ආරක්ෂකයින් සහ අවට සිටින පිරිස් පෙන්වීම යනාදියේ සහ සම්බන්ධය ප්‍රශ්නාකාරී බවක් පෙන්වයි. තවද එතරම් වේගයෙන් සහ ක්ෂණිකව ට්‍රම්ප් සහ ආරක්ෂකයින් පමණක් සිටින වේදිකාවකට එකවරම පුද්ගලයෙකු නැගී සිටියේ කෙසේ ද යන්න ද ගැටලු සහගතයි. ඒ අනුව සමාජ මාධ්‍යයේ සංසරණය වන මෙම වීඩියෝව පිළිබඳ නිවැරදි තොරතුරක් සොයා ගැනීමේ අපේක්ෂාවෙන් අප මෙහි රූප රාමු Reverse Image සෙවුමක් වෙත යොමු කළේ ය.
වසර 9කට පෙර සිදුවීමක් ව්‍යාජ ලෙස සංස්කරණය කරමින් පලකළ වීඩියෝවක්!
ඒ අනුව මීට වසර 9කට පෙර CNN මාධ්‍ය ආතනය විසින් පළ කරන ලද මෙම සිදුවීමට අදාළ මුල් වීඩියෝව හමු විය. අදාළ CNN වාර්තාවේ දැක්වෙන්නේ, 2016 වසරේ අමෙරිකානු ජානාධිපතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී ඔහියෝහි ඩේටන් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියකදී ට්‍රම්ප් අදහස් දක්වමින් සිටින අතරතුර කිසියම් කලබලකාරී තත්ත්වයක් සිදුව ඇති බවයි.
2016 අමෙරිකානු ජනපතිවරණ ප්‍රචාරණයේදී රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දේශනය සිදු කරන අතරතුර පිටුපසින් සිටි පුද්ගලයෙකු කලහකාරී ලෙස හැසිරීමට උත්සාහ දරා ඇති බවත් ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂකයින් ජනපති අපේක්ෂකයා වටකරගත් බවත් එහි සඳහන් කර තිබේ.
මේ අතර 2016 මාර්තු 12 වනදා NBC පුවත් සේවය ද Archived Link වාර්තා කර තිබුණේ, ඔහියෝහි ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ මැතිවරණ ප්‍රචාරක රැලියකදී ආරක්ෂක බැමි බිඳ දමමින් පුද්ගලයෙකු වේදිකාවට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බවයි. එම ස්ථානයේ ස්ථානගත කර සිටි ආරක්ෂකයින් වහාම ක්‍රියාත්මක වී ඔහු නවතා ඇති බවත් පසුව ට්‍රම්ප් වටා සිටි ආරක්ෂකයින් ජනපති අපේක්ෂක ට්‍රම්ප් වටකරගනිමින් ආරක්ෂාව සැපයීමට ක්‍රියා කර ඇති බවත් එහි සඳහන් ය.
අදාළ පුවත් වාර්තාවේ වැඩිදුරටත් දැක්වන්නේ, අදාළ සැකකාර පුද්ගලයා වේදිකාව දෙසට බෝතලයක් විසි කරන්න ඇති බවටයි. එහෙත් ඒ පිළිබඳව සනාථ කරන ලද වැඩිදුර විස්තර කිසිවක් සඳහන්ව නොමැත. පසුව සිද්ධියට සම්බන්ධ Thomas Dimassimo නමැති 32 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. එම වාර්තාව තුළ අදාළ සිදුවීමේ විඩියෝව ද ඇතුළත්ව තිබේ.
ඒ අනුව සමාජ මාධ්‍යෙය් හුවමාරුවන ආකාරයේ සිදුවීමකට ට්‍රම්ප් මුහුණ දී නොමැති අතර මෙම සිදුවීමේ මුල් වීඩියෝව ගෙන කලබලකාරී අවස්ථාව සංස්කරණය කරමින් සකසන ලද වීඩියෝ කොටසක් බව පැහැදිලි ය.
සංස්කරණය කරන ලද සහ අදාළ මුල් වීඩියෝව රූපරාමු දෙකක් පහතින්
මීට මාස කිහිපයකට පෙර මෙම ව්‍යාජ වීඩියෝ සංස්කරණය පිළිබඳව අප ඉංග්‍රීසි බසින් සිදුකළ කරුණු විමසුම පහතින්.
Altered Video Clip Shows Trump Being Slapped on Stage
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනය අනුව පැහැදිලි වන්නේ, ඇමරිකානු ජනපති මහජන රැළියක් ආමන්ත්‍රණය කරමින් සිටින අතර තුර වේදිකාවට කඩාවදින පුද්ගලයෙකු, ට්‍රම්ට්ට කනේ පහරක් එල්ල කරන බව දැක්වෙන වීඩියෝවක් යනුවෙන් සඳහන් කරමින් ෆේස්බුක් ඔස්සේ සංසරණය වන මෙම දර්ශන පෙළ සත්‍ය සිදුවීමක් නොවන බවයි.
2016 වසරේ ට්‍රම්ප් මැතිවරණ වේදිකාවේ අදහස් පළකරමින් සිටින අවස්ථාවක ඇති වූ කලබලකාරී අවස්ථාවක වීඩියෝවක් ගෙන, කිසියම් පුද්ගලයෙකු ට්‍රම්පට පහර දෙන ආකාරය දැක්වෙන ලෙස සංස්කරණය කර එය සමාජ මාධ්‍යට මුදා හැර ඇති බව අදාළ මුල් දර්ශන සමඟ සැසඳීමේ දී පැහැදිලි වෙනවා.
