දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
රාජ්‍ය මුදල් රුපියල් මිලියන 16කට වැඩි ප්‍රමාණයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ, හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි අතර අද(26) දින පැවති නඩු වාරයේ දී ඔහුට ඇප හිමිවුණා.
කෙසේවෙතත්, නඩු වාරයට මත්තෙන්, ඔහුට සහාය පතා, කොළඹට ඇති විශාල ජනකායක් පැමිණි බව පෙන්වීමට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ නොමග යන සුළු ඡායාරූප පෙළක් පිළිබඳව හා මෙම විරෝධතාකරුවන් හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ කාර්යාලයේ පොලිස් විශේෂ ආරක්ෂාවක් ලබා දුන් බවට පෙන්වීමට පළ කර ඇති ඡායාරූප පිළිබඳ සත්‍ය තොරතුරු සොයා අප සිදු ඛළ සොයා බැලීමක් මේ.
Claim 1:
රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩු වාරය පැවැත්වෙන අද(26) දින වික්‍රමසිංහ මහතා වෙනුවෙන් කොළඹට එක් රොක් වූ ජනතාව ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් පළ වී තිබුණේ මේ අයුරින්.
Fact Check:
මෙතරම් විශාල ජනකායක් අද දින රනිල් වික්‍රසිංහ මහතා වෙනුවෙන් කොළඹට එක් වූ බවට ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් කළ වාර්තා කිරම් වලදී දැක ගන්නට නොලැබුණු බැවින් අප මෙම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. ඒ අනුව අපට දැක ගන්නට ලැබුණේ, එම ඡායාරූපය 2018 ඔක්තෝබර් 30 වන දින රනිල් වික්‍රමසිංහ මහතාගේ X නිල ගිණුමේ පළ කර තිබූ ඡායාරූපයක් බවයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එවකට අගමැති ධුරය දරූ රනිල් වික්‍රමසිංහ මහතාව එම ධුරයෙන් පහ කර, 2018 ඔක්තෝබර් 26 වන දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයට පත් කිරීමෙන් පසු ශ්‍රී ලංකාව ප්‍රධාන ව්‍යවස්ථාමය අර්බුදයකට මුහුණ දුන් අතර, මෙම පියවරට ප්‍රතිචාර වශයෙන්, වික්‍රමසිංහ මහතාගේ ආධාරකරුවන් දහස් ගණනක් 2018 ඔක්තෝබර් 30 වන දින කොළඹදී පෙළ ගැසී මෛත්‍රිපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුව කැඳවා නැවත අගමැති ධුරයට වික්‍රමසිංහ මහතා පත් කරන ලෙස බල කරමින් රැස්වූ අවස්ථාවේ ඡායාරූපයකි, මෙහි දැක්වෙන්නේ. මේ සිදුවීම සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
Claim 2:
එම තේමාවෙන් පළ වූ තව ත් ඡායාරූපයක් පහතින්.
Fact Check:
මෙම ඡායාරූප සටහන ද, අද දිනයේ වික්‍රමසිංහ මහතා වෙනුවෙන් කොළඹට මෙතරම් පිරිසක් රැස්වූවානම් ඒ පිළිබඳ මෙරට ප්‍රධාන මාධ්‍ය වාර්තා කරනු ඇත. නමුත් මේ ආකාරයෙන් අපට ජන ගඟක් මෙම ඡායාරූපයේ දැක්වෙන ලෙස කොළඹ ගාලුමුවදොර පිටියේ දැක ගන්නට නොලැබුණි. මේ හේතුවෙන් අප මෙම ඡායාරූපය ද, Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහිදී අනාවරණය වූයේ මෙම ඡායාරූපය 2022 වසරේ ‘අරගලය’ පැවති සමයේ ලබා ගත් ඡායාරූපයක් බවයි. 2022 වසරේ ජූලි 09 වන දින මෙම ඡායාරූපය පළ වූ තිබූ සමාජ මාධ්‍ය සටහනක් පහතින්.
මෙය ජූලි 9 වන සෙනසුරාදා, ශ්‍රී ලංකාවේ විරෝධතාකරුවන් ඒවකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ නිවසින් එළවා දමමින් දිවයිනේ දරුණුතම ආර්ථික අර්බුදය හෙළා දකිමින් අගනුවර දහස් ගණනක් ජනතාව කොළඹට එක් වූ අවස්ථාවේ ඡායරූපයක් වේ.
එම කාලයේ ලබාගත් මෙම ඡායාරූපය හුවමාරු වූ තව ත් අවස්ථා මෙතනින් සහ මෙතනින්.
Claim 3:
මේ අතර පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ, ප්‍රධාන කාර්යාලයට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් එහි ආරක්ෂාවට යොදවා ඇති බව ට දක්වමින් ද, ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.
Fact Check
ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලට විශේෂ පොලිස් ආරක්ෂාව ලබා දී ඇති බවට කිසිදු මාධ්‍යයක් ද, වාර්තා කර නොතිබුණි. අප මෙම ඡායාරූපය ද, Reverse Image සෙවුමක් සඳහා යොමු කිරීමෙන් අනතුරුව අපට දැක ගන්නට ලැබුණේ ඉහත ඡායාරූපය සංස්කරණය කර නිර්මාණය කර ඇති ඡායාරූපයක් බවයි.
2022 ජූලි 22 වන දින කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට එවකට ශ්‍රී ලංකා ජනාධිපතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විරෝධතා පාගමනකට විරෝධතාකරුවන් සහභාගී වන අතරතුර පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ නිලධාරීන් ආරක්ෂාව සඳහා රැඳී සිටින ආකාරයේ ඡායාරූපයක් ගෙන එය ජවිපෙ පක්ෂ කාර්යාලයේ ඡායාරූපයකට ඉදිරියෙන් තාබා සංස්කරණය ඇති බවයි.
එලෙසින් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සිටි සත්‍ය අවස්ථාවේ ඡායාරූපය gettyimages හි පළ කර තිබුණේ මේ අයුරින්.
සංස්කරණය කරන ලද ඡායාරූපය සහ සත්‍ය ඡායාරූපය අතර ඡායාරූප සංසන්දනය පහතින්.
එමෙන් ම ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය අංශය ද, සඳහන් කළේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත අසත්‍ය බව ත්, ඔවුන්ගේ පක්ෂ කාර්යාලය සඳහා ජනාධිපති ඇතුළු මැති ඇමතිවරු පැමිණෙන තැනක් බැවින් වෙනදා ලබා දී ඇති සාමාන්‍ය ආරක්ෂාව මිසක් විනා ඊයේ දවස තුළ පොලිස් විශේෂ ආරක්ෂාවක් ලබා දී නොමැති බවයි.
අප මේ පිළිබඳව ජවිපෙ පක්ෂ කාර්යාලය පිහිටා ඇත්තේ තලංගම පොලිස් බල ප්‍රදේශයේ බැවින් අප මේ පිළිබඳව තලංගම පොලිස් ස්ථානයෙන් ද, විමසීමක් කළ අතර ඔවුන් පවසා සිටියේ ද, වෙනදා මෙන් දෛනික රාජකාරි කළ බව ත්, විශේෂ පොලිස් ආරක්ෂාව එම පක්ෂ කාර්යාලයට ලබා නොදුන් බවයි.
කෙසේ වෙතත් විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී ඇති බවට තහවුරු කෙරෙන නිල ඡායාරූප හෝ වීඩියෝ ද, ප්‍රධාන මාධ්‍ය හෝ වාර්තා කර නොතිබුණි.
රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට ද සැලකිය යුතු ජනකායක්
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිදහස් කරන ලෙස ඉල්ලා ඔහුගේ ආධාරකරුවන් ඇතුළු පිරිසක් අද (26) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසල විරෝධතා දක්වා තිබුණා.
මේ පිළිබඳ ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.
රක්ෂිත බන්ධනාගාරගත කර මේ වනවිට ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇප මත මුදාහරි ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියම කළා. ඒ ජනාධිපති ධූරය දරු සමයේ රජයේ අරමුදල් පෞද්ගලික සංචාරයකට යෙදවීම සම්බන්ධයෙන් පැවති නඩුව විභාගයට ගැනීමෙන් අනතුරවයි.
රනිල් වික්‍රමසිංහ මහතාගේ වර්තමාන රෝගී තත්ත්වය සලකා බලා වික්‍රමසිංහ මහතා ඇපමත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර නියෝග කළා. එමෙන් ම හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ රු. ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැර ඇති අතර ඔක්තෝබර් 29 වැනිදා යළි නඩුව කැඳවීමටත් නියෝග කර තිබුණා. මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok| Youtube

Title:රනිල් වික්‍රමසිංහගේ ආධාරකරුවන් දැක්වූ විරෝධතාවල ඡායාරූපද?
Fact Check By: Pavithra SandamaliResult: False
