Dialog පැරණි පාරිභෝගිකයින්ට 5G සිම්පත් සහා ප්‍රසාද දීමනා ලබා දෙන බවට ව්‍යාජ පණිවිඩයක්!

False Scam Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මෙරට දුරකථනයක් භාවිතය තුළින් බොහෝ පිරිස් භාවිතය සිදු කරනු ලබන ඩයලොග් සිම්පත් ම්බන්ධව දීමනා ලබාදෙන බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුල සංසරණය වූ තොරතුරක් පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලදී.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ඩයලොග් සිම්පත දැනට භාවිතා කරනු ලබන සියලුම පැරණි පාරිභෝගිකයින්ට සහ 5G සිම් පාරිභෝගිකයින්ට නොමිලේ දත්ත සහ ගුවන් කාලය පිරිනමයි. මෙම දීමනාව 2025 අගෝස්තු 31 දක්වා වලංගු භවය සඳහන් කරමින් වට්සැප් (whatsapp) සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පණිවුඩයක් හමු විය. 

මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.

Facebook | Archived Link

එහි දැක්වෙන පරිදි මෙම පැරැණි පාරිභෝගිකයින්ට සහ 5G සිම්පතක් භාවිතා කරන පාරිභෝගික ජනතාව සඳහා විවිධ වරප්‍රසාද යටතේ මෙම දීමනාව ලබා දෙන බවයි. මාස හයක් පැරැණි සිම්පතක් සඳහා 5GB, වසරක කාලයක් පැරණි සිම්පතක් සඳහා 10GB ,5G සිම්පත් භාවිතා කරන පාරිභෝගිකයන් සඳහා 20GB ලබාදෙන බවට සඳහන් කර ඇත.

මෙහි දැක්වෙන තොරතුර සත්‍යය ද, යන්න අප පරීක්ෂාවක් සිදු කළේ මෙලෙසින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) 

ඩයලොග් සිම්පත දැනට සියලුම පැරණි පාරිභෝගිකයින්ට සහ 5G සිම් පාරිභෝගිකයින්ට නොමිලේ දත්ත සහ ගුවන් කාලය පිරිනමනවාද යන්න පිළිබඳව අප ප්‍රථමයෙන් ම Dialog ආයතනයේ නිල ෆේස්බුක් ගිණුම සහ  Dialog ආයතනයේ අන්තර්ජාල ගිණුම යන සමාජ මාධ්‍ය ධාරා හරහා Dialog ආයතනය මෙවැනි ආකාරයේ ක්‍රියාකාරකමක් සිදුකරනවා නම් ප්‍රධාන මාධ්‍ය දාලා තුළින් ඔවුන් විසින් වෙළෙඳ දැන්වීමක් තුළින් හෝ මේ පිළිබඳව දැනුවත් කිරීමක් සිදුකරන බැවින් අප විසින් ප්‍රධාන මාධ්‍ය ධාරාද පරීක්ෂා කරන ලදී. නමුත් Dialog ආයතනය එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවට කිසිදු පුවතක් වාර්තා වී තිබුණේ නැහැ.

ඉහත වැඩසටහන් සඳහා ලියාපදිංචි වන ලෙස දක්වා ඇති සබැඳි පරීක්ෂා කිරීමේදී ද, එය එවැනි වැඩසටහනක් සඳහා යොමු කරන ලිපිනයක් නොව ව්‍යාජ සබැඳියක් බව දක්නට ලැබුණි. මෙම සබඳියට පසුව අප පරීක්ෂා කිරීමේ දී එය ඉවත් කළ ඇති ආකාරයද අපට දැක ගැනීමට හැකියාවක් ලැබිණ.

Web Link

මේ හේතුවෙන් අප මේ පිළිබඳ තව දුරටත් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා  DIALOG ආයතනය නිලධාරියෙකු දුරකථනය මගින් සම්බන්ධ කරගත් අතර ඔවුන් තහවුරු කළේ, ඉහත සමාජ මාධ්‍ය සටහන ව්‍යාජ සටහන් බව ත්,  ඩයලොග් සිම්පත දැනට භාවිතා කරන පැරණි පාරිභෝගිකයින්ට සහ 5G සිම්පතක් භාවිතා කරන පාරිභෝගික ජනතාව සඳහා විවිධ වරප්‍රසාද යටතේ මෙම දීමනාව ලබා දෙන බවට සඳහන් වනු ලබන මාස හයක් පැරැණි සිම්පතක් සඳහා 5GB, වසරක කාලයක් පැරණි සිම්පතක් සඳහා 10GB ,5G සිම්පත් භාවිතා කරන පාරිභෝගිකයන් සඳහා 20GB ලබාදෙන ලෙසින් සිදුවන තොරතුරු හුවමාරුව ව්‍යාජ සහගත බවත් ඔවුන් විසින් එවැනි දීමනාවක් ලබාදෙනවා නම් ඩයලොග් ආයතනයෙන් නිල සමාජ මාධ්‍ය ගිණුම්  ඔස්සේ එය ප්‍රචාරය කරන බවත් වැඩි දුරටත් දන්වා සිටියා. ඒ අනුව මෙම සබැඳි තතුබෑම් වංචාවක්(phishing scam) බවට තහවුරු වේ. 

මීට පෙර අවස්ථාවකදී ද රජය මූලික කරගනිමින් මෙවැනි ආකාරයේ දීමනා ලබා දෙන බවට ජනතාව මුළා කරමින් සමාජගත කරන ලද මෙවැනි තතුබෑම් වංචාවක් (phishing scam)  පිළිබඳව Fact Crescendo අප විසින් තොරතුරු වාර්තාකර ඇත. එහිදී එක් අවස්ථාවක ජනාධිපති අනුර කුමාර මහතා ලෝක බැංකුව සමඟ හවුල්කාරිත්වයෙන් රු.10000 ක මුදල් ත්‍යාගයක් අනුමත කර ඇති බවත්, දුප්පත් ශ්‍රී ලාංකික පුරවැසියන්ට රුපියල් 10000 ක මුදල්  ප්‍රදානයක් ලබා දෙන බවට සහ වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන් සඳහා රජයෙන් රුපියල් 100000 සහ 50000 මුදල් ආධාර දෙන බවට ව්‍යාජ සහගත තොරතුරු වල නිවැරදි බව අප විසින් විමර්ශනය කර ඇත.තවත් අවස්ථාවකදී ලංකාවේ අර්බුදයකට මුහුණ දී සිටින පවුල් සහ තරුණයින් සඳහා ජාතික ආධාර අරමුදලක් ලෙස රු. 50,000 ක සහන ප්‍රදාන මුදලක් ශ්‍රී ලංකා රජය විසින් අනුමත කර ඇති අතර ඒ සඳහා අයදුම් කරන ලෙස සඳහන් කර ගනිමින්  සටහනක් පිළිබඳව ද අප විසින් තොරතුරු විමර්ශනය කර ඇත.මෙතැනින්, මෙතැනින්, මෙතැනින්

Phishing Attack යනු කුමක්ද?

තතුබෑම් ප්‍රහාර යනු පරිශීලකයින්ගේ පුද්ගලික තොරතුරු, එනම් මුරපද, ක්‍රෙඩිට් කාඩ්පත් තොරතුරු, බැංකු ගිණුම් අංක වැනි දෑ සොරකම් කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ සිදු කරන වංචනික ක්‍රියාවකි. මෙහිදී ප්‍රහාරකයන් විශ්වාසනීය ආයතනයක් (උදා: බැංකුවක්, සමාජ මාධ්‍ය ජාලයක්, රජයේ ආයතනයක්) ලෙස වෙස්වලා ගනිමින් විද්‍යුත් තැපෑල, කෙටි පණිවිඩ හෝ වෙබ් අඩවි හරහා ඔබව රවටා තොරතුරු ලබා ගැනීමට උත්සාහ කරයි.

සරලවම කිවහොත්, මෙය මසුන් ඇල්ලීමට සමානයි. මසුන් ඇල්ලීමට බිලී කොක්කක් භාවිතා කරන්නා සේම, තතුබෑම් ප්‍රහාරකයාද ව්‍යාජ විද්‍යුත් තැපෑලක් හෝ වෙබ් අඩවියක් භාවිත කර ඔබේ පුද්ගලික තොරතුරු “අල්ලා ගැනීමට” උත්සාහ කරයි.

තතුබෑම් ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග

තතුබෑම් ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා ගත හැකි වැදගත්ම ක්‍රියාමාර්ග කිහිපයක් මෙන්න:

  • පණිවිඩවල සත්‍යතාව පරීක්ෂා කරන්න: ඔබට ලැබෙන විද්‍යුත් තැපෑලක් හෝ කෙටි පණිවිඩයක් සැක සහිත නම්, එහි ඇති අක්ෂර වින්‍යාස දෝෂ, ව්‍යාකරණ දෝෂ, සහ පණිවිඩය එවූ විද්‍යුත් තැපැල් ලිපිනය හොඳින් පරීක්ෂා කරන්න. නිවැරදි ලිපිනයක් වෙනුවට අමුතු අකුරු සහ සංකේත ඇතුළත් ලිපිනයක් තිබේ නම් එය වංචනික විය හැකියි.
  • අනාරක්ෂිත සබැඳි (Links) ක්ලික් නොකරන්න: සැක සහිත පණිවිඩයක හෝ වෙබ් අඩවියක ඇති සබැඳි ක්ලික් කිරීමෙන් වළකින්න. සබැඳිය මත මවුස් කර්සරය (mouse cursor) තබා එහි සැබෑ ගමනාන්තය පරීක්ෂා කර බැලීමෙන් එහි සත්‍යතාව තහවුරු කර ගත හැකියි.
  • පුද්ගලික තොරතුරු ලබා නොදෙන්න: දුරකථනයෙන්, විද්‍යුත් තැපෑලෙන් හෝ කෙටි පණිවිඩ මගින් ඔබේ මුරපද, බැංකු ගිණුම් අංක, හෝ ක්‍රෙඩිට් කාඩ්පත් අංක වැනි සංවේදී තොරතුරු කිසිවිටෙක ලබා නොදෙන්න. කිසිදු විශ්වාසනීය ආයතනයක් මේ ආකාරයට ඔබේ පුද්ගලික තොරතුරු ඉල්ලන්නේ නැහැ.
  • වෙබ් අඩවි වල ලිපිනයන් පරීක්ෂා කරන්න: වෙබ් අඩවියක ඔබගේ තොරතුරු ඇතුළත් කිරීමට පෙර එහි ලිපිනය (URL) https:// ලෙස ආරම්භ වන බව සහ අගුළු නිරූපකය (lock icon) ඇති බව තහවුරු කරගන්න. මෙමගින් එම වෙබ් අඩවිය ආරක්ෂිත බවට යම් තරමක විශ්වාසයක් තබා ගත හැකියි.
  • මුරපද කළමනාකරණය: ශක්තිමත් සහ සංකීර්ණ මුරපද භාවිතා කරන්න. හැකි සෑම විටම මුරපද කළමනාකරණ මෘදුකාංගයක් (password manager) භාවිතා කරන්න. එකම මුරපදය විවිධ ගිණුම් සඳහා භාවිතා කිරීමෙන් වළකින්න.
  • ද්වි–සාධක සත්‍යාපනය (Two-Factor Authentication – 2FA) භාවිතා කරන්න: ඔබට හැකි සෑම ගිණුමක් සඳහාම 2FA සක්‍රිය කරන්න. මෙහිදී මුරපදයට අමතරව ඔබගේ දුරකථනයට හෝ විද්‍යුත් තැපෑලට එන කෙටි කේතයක්ද ඇතුළත් කළ යුතු බැවින්, ප්‍රහාරකයන්ට ඔබගේ ගිණුමට ඇතුළු වීමට ඇති අවස්ථාව බෙහෙවින් අඩු වේ.
  • මෘදුකාංග යාවත්කාලීන කරන්න: ඔබගේ පරිගණකයේ, ජංගම දුරකථනයේ සහ අනෙකුත් උපාංගවල මෙහෙයුම් පද්ධති සහ මෘදුකාංග නිතිපතා යාවත්කාලීන කරන්න. මෙම යාවත්කාලීන කිරීම් මගින් ආරක්ෂක දුර්වලතා වළක්වා ගත හැකිය.

මෙම ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් ඔබට තතුබෑම් ප්‍රහාරවලින් ආරක්ෂා වී, ඔබේ පුද්ගලික තොරතුරු සුරක්ෂිතව තබා ගත හැකියි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඩයලොග් සිම්පත දැනට භාවිතා කරන පැරණි පාරිභෝගිකයින්ට සහ 5G සිම්පතක් භාවිතා කරන පාරිභෝගික ජනතාව සඳහා විවිධ වරප්‍රසාද යටතේ මෙම දීමනාව ලබා දෙන බවට සඳහන් වනු ලබන  ව්‍යාජ සහගත බවත් ඔවුන් විසින් එවැනි දීමනාවක් ලබාදෙනවා නම් ඩයලොග් ආයතනයෙන් නිල සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ එය ප්‍රචාරය කරන බව ඩයලොග් ආයතනයෙන් තහවුරු  කරන ලදි. මෙය ව්‍යාජ තතුබෑම් සබැඳියක් වන බැවින් මෙවැනි සබැඳි ක්ලික් කිරීමෙන් වළකින්න.

Avatar

Title:Dialog පැරණි පාරිභෝගිකයින්ට 5G සිම්පත් සහා ප්‍රසාද දීමනා ලබා දෙන බවට ව්‍යාජ පණිවිඩයක්!

Fact Check By: Lakshan 

Result: False


Leave a Reply