
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
රටේ පිළිගත් විවිධ ආයතන, සංවිධාන මෙන්ම සමිති සම්මේලනවල ලිපි ශීර්ෂ, නිලධරයන්ගේ නම්, අත්සන් ව්‍යාජව යොදා ගනිමින් සකසන ලද අසත්‍ය ලිපි ලේඛන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බහුලව සංසරණය වන ආකාරයක් දැකගත හැකියි. මේ එලෙස එක්සත් ජාතික පක්ෂයේ නිල ලිපියක් බව හැඟවෙන සමාජ මාධ්‍යයේ සංසරණව වන ලිපියක් පිළිබඳ සිදුකළ විමසා බැලීමක්
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
එක්සත් ජාතික පක්ෂ සමුලුව පැවැත්වීම සම්බන්ධව පළවන අසත්‍යය ප්‍රකාශ නිවැරදි කිරීම සඳහා. යන ශීර්ෂය යටතේ ඉකුත් ඊයේ (03) වජිර අබේවර්ධන මහතා විසින් යොමු කරන ලද ලිපියක් බව හඟවමින් පළ කරන ලද මෙම ලිපිය WhatsApp ඔස්සේ සංසරණය වී තිබුණා.
එහි සඳහන්ව ඇත්තේ, 2025.09.06 වැනිදා පැවැත්වීමට සුදානම් කර තිබූ එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය, එදින නොපැවෙත්වෙන බවට එක්තරා මාධ්‍ය ආයතනයක් විසින් පුවතක් පළ කර ඇති බවත් එය අප පක්ෂය හා සාමාජිකයින් අපහසුතාවට පත්කිරීම අරමුණු කරගෙන පළ කරන ලද්දක් බවත් ය.
කිසිදු හේතුවක් මත පක්ෂයේ සංවත්සරය කල් දැමීමක් සිදු නොවන බවත් එවැනි මඩ අවලාද මගින් අපේ පක්ෂයේ 79 වසරක අභිමානය කෙළෙසීමට නොහැකි බව ත් එහි සඳහන් ය.
තව ද රනිල් වික්‍රමසිංහ මහතා සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බවත් ඔහු එළඹෙන සෙනසුරාදා පක්ෂ සංවත්සරයට සහභාගී වන බව ද එම ලිපියෙන් දැනුම් දී ඇත.
මේ අවස්ථාව සදහා පක්ෂයේ සියලු සමාජිකයන්ට ආරාධනා කරන අතර, සිරිකොත පක්ෂ මූලස්ථානය වෙන එදින උදෑසන 09:00 පෙර පැමිණෙන ලෙස අවධාරණයෙන් යුතුව දැනුම් දී තිබුණේ මෙලෙසිනි.

ෆේස්බුක් ඔස්සේ ද, මෙම ලිපිය පළ වී තිබුණේ මේ අයුරින්.

ඒ අනුව මෙම ලිපිය සත්‍ය ලෙසම එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා විසින් සංවත්සර සැමරුමට අදාළව නිකුත් කරන ලද්දක් ද යන්න සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමට අප මෙලෙස පියවර ගත්තා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
1946 සැප්තැම්බර් 06 වන දා කොළඹ ගිල්ෆ්‍රඩ් චන්ද්‍රවංකයෙහි පිහිටි පාම්කෝට් මන්දිරයේදී මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය ඇරඹිණි. 79 වසරක අභිමානය සමරමින් සැප්තැම්බර් 06 වන දාට යෙදෙන මෙම සැමරුම මෙවර ත් උත්කර්ෂවත් අන්දමින් සැමරීමට කටයුතු යොදා තිබුණා ඒ, ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය(SLECC)යේදී ය.
ඒ සම්බන්ධයෙන් මීට ඉහත ප්‍රචාරය වූ සටහනක් පහතින්. තවත් සටහනක් මෙතනින්.

කෙසේ වෙතත් එජාපයේ 79 වන සංවත්සර උත්සවය කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව පසුගිය 02 වන දා තීරණය කළ බව ත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ද සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ත්, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කර තිබුණා. මේ සම්බන්ධයෙන් තලතා අතුකෝරළ මහත්මියගේ නිල ෆේස්බුක් ගිණුමේ පළ වූ සටහන පහතින්.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන 6 වැනිදා සැලසුම් කර තිබූ සංවත්සර සැමරුම කල් දමා ඇති බවට මාධ්‍ය ධාරා ද වාර්තා කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.
එසේ තීරණය කර තිබියදී නැවතත් එජාපයේ සංවත්සරය පෙර සැලසුස් කළ පරිදි එළැඹෙන 06 වන දා පැවැත් වීමට තීරණය කළ බව දක්වමින් එජාපයේ වජිර අබේවර්ධන මහතා විසින් ලිපියක් යොමු කළ බවට දක්වා තිබුණා.
පරීක්ෂාවේදී එක්සත් ජාතික පක්ෂ සමුලුව පැවැත්වීම සම්බන්ධව පළවන අසත්‍ය ප්‍රකාශ නිවැරදි කිරීම සඳහා. යන ශීර්ෂයෙන් නිකුත් කරන ලද මෙම ලිපියේ ගැටලු සහගත තැන් කිහිපයක් නිරීක්ෂණය විය. එනම් එය කවුරුන් වෙත යොමු කරන ලද ලිපියක් ද යන්න මෙහි සඳහන්ව නොමැත. තවද එක්සත් ජාතික පක්ෂය වැනි පැරණි පිළිගත් දේශපාලන පක්ෂයක සංවත්සර උත්සවයක් පිළිබඳව කිසියම් මාධ්‍ය ආයතනයක් අසත්‍ය පුවතක් වාර්තා කර තිබේ නම්, මූලිකවම කළ යුත්තේ අදාළ මධ්‍ය ආයතනයේ නම ද සඳහන් කරමින් අදාළ පුවත නිවැරදි කරන ලෙස දන්වා දැනුම්දීමක් සිදුකිරීමයි. එහෙත් මෙහි එම කරණු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇති බවක් නොපෙන්වයි.
තව ද මෙහි දෙවැනි ඡේදයේ සඳහන් වන්නේ, එවැනි මඩ අවලාද මගින් අපේ පක්ෂයේ 79 වසරක අභිමානය කෙළෙසීමට නොහැකි බව ත් යනුවෙනි. ලිපියට අනුව සංවත්සර උත්සවය අදාළ දිනයේ නොපැවෙත්වෙන බවට පළ කරන ලද මාධ්‍ය වාර්තාවක් තුළින් පක්ෂයට මඩ ගැසීමක් හෝ අවලාද නැගීමක් සිදුවන්නේ කෙසේ ද යන්න ද ප්‍රශ්නයකි. මේ අතර ලිපිය අවසානයේ වජිර අබේවර්ධන යන නම සඳහන්ව තිබුණ ද වජිර අබේවර්ධන එක්සත් ජාතික පක්ෂයේ කවුරුන් ද යන්න, මෙහි සඳහන්ව නොමැත. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් පළ කර ඇති මෙම ලිපිය සම්බන්ධයෙන් තවදුරටත් පැනනගින්නේ ගැටලුසහගත බවකි.
මේ හේතුවෙන් එජාපයේ සභාපති වජිර අබේවර්ධන මහතාගේ මාධ්‍ය අංශයෙන් මේ පිළිබඳව අප විමසා සිටි අතර ඔවුන් පැවසුවේ, එක්සත් ජාතික පක්ෂයේ ලිපි ශීර්ෂ යොදා ගනිමින් සකස් කරන ලද මෙම ලිපිය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර සැමරුම සැප්තැම්බර් මස 6 වන දින පැවැත්වීමට කටයුතු කර තිබුණත් පසුව එය පක්ෂයේ තීරණයක් මත කල් දැමූ බව ත්, එම සැමරුම පවත්වන දිනය පක්ෂය විසින් පසුව දැනුම් දෙනු ලබන බව ත් සඳහන් කළා.
එජාප සභාපති වජිර අබේවර්ධන මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ ද, මෙම ලිපිය ව්‍යාජ ලිපියක් බවට දක්වා තිබුණා.
තව ද මෙම ලිපිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සිය නිල ෆේස්බුක් පිටුවේ ද සටහනක් පළ කර තිබූ අතර සඳහන් කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් සකස් කරන ලද මෙම ලිපිය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවයි. මෙතැනින් Archived Link
මේ අතර ඊයේ (03) පළ කරන ලද ඇතැම් පුවත් වාර්තාවල දැක්වුණේ, කල් දැමූ සංවත්සර උත්සවය එළඹෙන 21 වනදා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි. මෙතැනින් සහ මෙතැනින්. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය පවසන්නේ තවමත් එජාපයේ සංවත්සරය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් තීරණයක් නොමැති බවයි.
කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ලිපියේ සඳහන් පරිදි එළඹෙන 6 වැනිදා සංවත්සර උත්සවය පැවැත්වෙන බවට කිසිදු පිළිගත් මාධ්‍ය ආයතනයක් වාර්තා කර නොමැති බව දැක ගන්නට ලැබෙනවා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :
ඒ අනුව අපගේ කරුණු විමර්ශනය අනුව පැහැදිලි වන්නේ, එක්සත් ජාතික පක්ෂ සමුලුව පැවැත්වීම සම්බන්ධව පළවන අසත්‍යය ප්‍රකාශ නිවැරදි කිරීම සඳහා. යන මැයෙන් සමාජ මාධ්‍යයේ සංසරණය වන ලිපිය එම පක්ෂය හෝ පක්ෂ සභාපතිවරයා විසින් නිකුත් කරන ලද ලිපියක් නොව ව්‍යාජ ලිපියක් බවයි. තව ද එළඹෙන 06 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ එජාපයේ සංවත්සරය රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් කල්දමා ඇති අතර මෙතෙක් මෙම සැමරුම පැවත්වීමේ දිනයක් පිළිබඳ පක්ෂයෙන් නිල තොරතුරක් පවසා නොමැත.
