
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
සමස්ත ලෝකයේම ජීවිත අස්වසාලිය හැකි පුවතක් පසුගිය දිනක රුසියාවෙන් අසන්නට ලැබුණා. එනම් එරට විද්‍යාඥයින් පිරිසක් පිළිකා ප්‍රතිකාර සඳහා වැඩිදියුණු කරමින් තිබූ එන්නත සාර්ථක වී ඇති බව සහ එය භාවිතයට සූදානම් වන බවට වන නිවේදනය රුසියාව විසින් සිදුකරනු ලැබීමයි. ඉතා සුළු වේලාවක තුළ මුළු ලෝකය පුරා පැතිර ගිය මෙම පුවතට අදාළව මේ වනවිට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ධනාත්මක මෙන්ම සමාජය නෙමග යවන සුළු ආකාරයේ සටහන් ද පළ වෙමින් තිබේ. මේ එලෙස සංසරණය වන සටහනක් පිළිබඳව සිදු කළ විමසා බැලීමක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
පහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන්නේ, පිළිකා එන්නත ලොවටම නොමිලේ ලබාදීමට කටයුතු කරන බවට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ප්‍රකාශ කර ඇති බවයි. කෙසේ වෙතත් ජනාධිපතිපතිවරයා විසින් සිදුකරන ලද බව කියන මෙම ප්‍රකාශයට අදාළව වැඩි විස්තර කිසිවක් මෙහි අන්තර්ගතව නොමැති අතර මෙම ප්‍රකාශය සඳහා පදනම් වී ඇති මූලාශ්‍රය පිළිබඳව හෝ තොරතුරක් හෝ මෙහි නොමැත.

මෙම සටහන සත්‍ය යැයි සිතා අතිවිශාල පරිශීලකයින් සංඛ්‍යාවක් සිය ගිණුම් වෙත ද හුවමාරු කර ගෙන තිබූ අතර තවත් විශාල පිරිසක් එය සත්‍ය යැයි සිතා ප්‍රතිචාර දක්වා තිබුණේ මෙලෙසිනි.

විශාල පිරිසක් සත්‍ය යැයි සිතා අදහස් පළ කර තිබූ සහ හුවමාරු කර ගෙන තිබූ මීට සමානම තවත් ෆේස්බුක් සටහන් පහතින්.

මීට සමාන සටහන් ෆේස්බුක් ඔස්සේ තවදුරටත් සංසරණය වී තිබූ ආකාරය මෙතැනින් සහ මෙතැනින්
ඒ අනුව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉතා ශීඝ්‍රයෙන් හුවමාරු වෙමින් තිබෙන මෙම පුවතේ සත්‍යතාව විමසා අප වෙත ලද ඉල්ලීම් අනුව අප සමාජ මාධ්‍යයේ දැක්වෙන පරිදි සැබෑ ලෙසම තම රටේ නිපදවූ පිළිකාවට එරෙහි එන්නත මුළු ලෝකයට ම නොමිලේ ලබා දෙන බවට රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශයක් කර තිබේ දැයි සොයා බැලීමට පියවර ගත්තේ මෙලෙසිනි.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ලෝකයේම රෝගීන්ට එන්නත නොමිලේ දෙන බව රුසියානු ජනපති ප්‍රකාශ කළා ද?
මෙම පිළිකා එන්නත සම්බන්ධයෙන් අත්හදා බැලීම් සාර්ථක වීමෙන් පසු රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඇතුළු රුසියානු නිලධාරීන් නිවේදනය කළේ එන්නත අනුමත වූ පසු රුසියාවේ පිළිකා රෝගීන්ට නොමිලේ ලබා ගත හැකි බවයි. එමෙන් ම 2025 අග භාගයේදී එය නිකුත් කිරීමට අපේක්ෂා කෙරෙන බවයි. මේ අතර වාර්තා ඇස්තමේන්තු කරන්නේ මාත්‍රාවකට රුබල් 300,000 ක් (ඇමරිකානු ඩොලර් 2,870 ක් පමණ) වන අතර රුසියානු පිළිකා රෝගීන් සඳහා වැය වන පිරිවැය රුසියානු රජය විසින් ආවරණය කරනු ඇත. ඒ සම්බන්ධයෙන් පළ වූ ලිපියක් මෙතනින්.
නමුත්, භාවිතය සඳහා සූදානමින් පසුවන බව කියන මෙම පිළිකා එන්නත මුළු ලෝකයේම සිටින රෝගීන්ට නොමිලේ ලබා දෙන බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ දැයි අප සොයා බැලූ අතර එහෙත් එලෙස ලෝකයේම පිළිකා රෝගීන් වෙනුවෙන් එන්නත නොමිලේ ලබා දෙන බවට කිසිදු පිළිගත හැකි මාධ්‍ය වාර්තා කර නොමැත.
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මෑතකදී Enteromix පිළිකා එන්නත පිළිබඳව කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති අතර ඔහු ඉකුත් වසරේ මොස්කව්හි Future Technologies සමුළුව අමතමින් පිළිකා එන්නත පිළිබඳ අදහස් පළ කර තිබුණා. ජනාධිපතිවරයා එම සමුළුව අමතිමින් පවසා ඇත්තේ, රුසියානු විද්‍යාඥයින් පිළිකා සඳහා එන්නත් නිපදවීමට ඉතා ආසන්නව සිටින බවත්, එය ඉක්මනින් රෝගීන්ට ලබා ගත හැකි බවත් ය.
ඒ අනුව අප මේ පිිළිබඳව තවදුරටත් සමාජ මාධ්‍ය සංසරණය වන සටහන්වල සත්‍යතාව සොයා විමර්ශනය කළ අතර එහිදී රුසියානු සෞඛ්‍ය බලධාරීන් විවිධ අවස්ථාවලදී මෙම එන්නත නොමිලේ ලබා දෙන බවට වන ප්‍රකාශ සිදු කර තිබෙනු නිරීක්ෂණය විය.
රුසියාව විසින් පිළිකාවට එරෙහිව එන්නතක් නිපදවා ඇති බවත් එය පිළිකා රෝගීන් සඳහා නොමිලේ ලබා දෙන බව රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශයේ විකිරණවේද වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ Andrey Kaprin Rossiya ගුවන්විදුලිය වෙත පවසා ඇතැයි, 2024 වසරේ දෙසැම්බර් 15 වැනිදා රුසියානු පුවත් ඒජන්සිය වාර්තා කර තිබිණ. කෙසේ වෙතත් එය ලෝකයේ ම පිළිකා රෝගීන්ට ද යන්න පිළිබඳව එහි සඳහන් නොවී ය.
එන්ටරොමික්ස් (Enteromix) පිළිකා එන්නත යනු කුමක්ද?
ආරක්ෂාව මෙන්ම ඉහළ කාර්යක්ෂමතාවක් පෙන්වා ඇති රුසියාව විසින් වැඩිදියුණු කළ පිළිකා එන්නතෙහි පූර්ව සායනික අත්හදා බැලීම් සාර්ථක බව ඉකුත් සතියේ රුසියාව සිදු කළ නිවේදනය මුළු ලෝකයේම පිළිකා රෝගීන් ඇතුළු ජනතාවට සුබදායි පණිවුඩයක් විය. ඉකුත් 6 වැනිදා රුසියානු පුවත් ඒජන්සිය වාර්තා කර තිබුණේ, මේ වනවිට මෙම එන්නත ආරක්ෂිත සහ ප්‍රබල ලෙස ක්‍රියාකරන බවට පූර්ව සායනික අත්හදාබැලීම්වලින් සනාථ වී ඇති බව එරට ෆෙඩරල් වෛද්‍ය හා ජීව විද්‍යාත්මක ඒජන්සියේ (FMBA) ප්‍රධානී වෙරෝනිකා ස්ක්වෝර්ට්සෝවා නිවේදනය කළ බවයි. ඇය මේ බව නිවේදනය කර තිබුණේ, නැගෙනහිර ආර්ථීක සංසදය (EEF) ආමන්ත්‍රණය කරමිනි.
එන්නතට අදාළ පර්යේෂණ වසර ගණනාවක් තිස්සේ සිදුවූ බවත් ගෙවුණු අවසන් වසර 3දී එන්නතෙහි පූර්ව සායනික අධ්‍යයනයන් සිදු කළ බවත් ඇය පවසා තිබුණා. FMBA ප්‍රධානී වෙරෝනිකා වැඩිදුරටත් පවසා තිබුණේ, එන්නත භාවිතයට සූදානම් බවත් සිය ඒජන්සිය ඒ සඳහා වන නිල අනුමැතිය අපේක්ෂාවෙන් පසුවන බවයි.
කොවිඩ් එන්නතක් ලෙස භාවිත කළ mRNA එන්නතට යොදාගත් තාක්ෂණයම භාවිත කරමින් වැඩිදියුණු කරන ලද මෙම පිළිකා ප්‍රතිකාර එන්නත හඳුන්වනු ලබන්නේ, Enteromix පිළිකා එන්නත ලෙසයි.
එන්ටරොමික්ස් යනු රුසියාවේ සංවර්ධනය වෙමින් පවතින mRNA තාක්ෂණය භාවිතා කරන පුද්ගලාරෝපිත පිළිකා ප්‍රතිකාරයකි. මෙම චිකිත්සාව රෝගියාගේම පිළිකාවෙන් ලබාගත් ජානමය ද්‍රව්‍ය භාවිතයෙන් පිළිකා සෛල හඳුනාගෙන ඊට එරෙහිව ක්‍රියාකිරීමට රෝගියාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කිරීම සඳහා නිර්මාණය කර ඇත.
තව ද ඇය වැඩිදුරටත් පෙන්වා දී තිබුණේ, මෙම එන්නත මගින් පිළිකා ගැටිතිවල ප්‍රමණය අඩුකිරීමටත් එහි වර්ධන වේගය 60% සිට 80%ක් දක්වා අඩාල කිරීමේ හැකියාවක් පවතින බවයි.
මෙම එන්නත ප්‍රධාන වශයෙන් මහා අන්ත්‍ර පිළිකාවට එරෙහිව භාවිතා කිරීම සඳහා අදහස් කරන බවත්, මොළයේ ග්ලියෝබ්ලාස්ටෝමා(glioblastoma) සහ අක්ෂි මෙලනෝමා(ocular melanoma) ඇතුළු මෙලනෝමා (melanoma) වර්ගයේ පිළිකා සඳහා ද එන්නත් සංවර්ධනය වෙමින් පවතින බවත් ඇය පැවසුවාය.
මේ අතර 2025 වසරේදී මෙම පිළිකා එන්නත හඳුන්වා දෙන බවට 2024 වසරේ සිට ඉඟි පළ වී තිබූ අතර FMBA ප්‍රධානි උපුටා දක්වමින් 2024 නොවැම්බර් 25 වනදා රුසියානු පුවත් ඒජන්සිය වාර්තා කර තිබුණේ, මෙම වසරේ මුල් භාගයේදී මෙම පිළිකා එන්නත භාවිතය ආරම්භ කළ හැකි බවටයි. පිළිකා එන්නත මෙම වසරේ භාවිත කළ හැකි බවට වන FMBA ප්‍රධානී වෙරෝනිකා Rossiya-24 TV ප්‍රකාශයක් කරමින් පවසා තිබුණේ, Colorectal පිළිකා සඳහා මෙම වසරේදී භාවිත කිරීමට සූදානමින් පසුවන බවයි.
රුසියානු සංවර්ධකයින්ට අනුව, ඉකොනොමික් ටයිම්ස් වාර්තා කළ පරිදි මෙම එන්නතේ නිෂ්පාදන කාලය මාස ගණනක සිට පැය ගණනකට අඩු කිරීම සඳහා කෘතිම බුද්ධිය යොදනු ලැබේ. රුසියානු විද්‍යා ඇකඩමිය සමඟ හවුල්කාරිත්වයෙන් රුසියාවේ ජාතික වෛද්‍ය පර්යේෂණ විකිරණශීලී මධ්‍යස්ථානය විසින් මෙම ව්‍යාපෘතිය මෙහෙයවනු ලැබේ. මෙය mRNA මත පදනම් වූ පිළිකා ප්‍රතිකාර සඳහා ගෝලීය පර්යේෂණ උත්සාහයන් පිළිබිඹු කරන අතර, Enteromix සංවර්ධනයේ මුල් අවධියේ පවතින බවත් සායනික භාවිතය සඳහා තවමත් ලබා ගත නොහැකි බවත් පෙන්වා දිය හැක.ෙපළමු අදියර සායනික අත්හදා බැලීම පිළිබඳ පෙන්නුම් කරන්නේ එන්නත සම්බන්ධයෙන් මානව පරීක්ෂණ ආරම්භ වී ඇති බවයි, නමුත් පළමු අදියර සාමාන්‍යයෙන් ආරක්ෂාව, මාත්‍රාව ආදිය කෙරෙහි අවධානය යොමු කරන අතර එය මුල් අවධියකි. එයින් අදහස් වන්නේ සාර්ථක පළමු අදියරෙන් පසුව වුවද, සම්පූර්ණ නියාමන අනුමැතිය සහ පුළුල් සායනික යෙදුමට පෙර තවත් අත්හදා බැලීම් (දෙවන අදියර, තුන්වන අදියර) අවශ්‍ය බවයි.
සායනික සාක්ෂි සමඟ ගැටලු
Enteromix සඳහා සාක්ෂි වලට ප්‍රධාන සීමාවන් තිබේ. ඉන්දියන් එක්ස්ප්‍රස් වාර්තා කළේ මෙම අත්හදා බැලීමේදී මහා අන්ත්‍ර පිළිකා ඇති රෝගීන් 48 දෙනෙකු පමණක් ඇතුළත් වූ බවත්, නිසි අදියර II අත්හදා බැලීම් සඳහා සාමාන්‍යයෙන් විවිධ පිළිකා වර්ග සහිත සහභාගිවන්නන් 100-300 ක් අවශ්‍ය බවත්ය. මෙහි ප්‍රතිඵල කිසිදු සමාලෝචනය කරන ලද විද්‍යාත්මක සඟරාවක ප්‍රකාශයට පත් කර නොමැති සංසන්දනය සඳහා අධ්‍යයනය පාලන කණ්ඩායමක් භාවිතා කළේද යන්න පිළිබඳව ගැටලුවක් පවතින අතර, පසු විපරම් කාලය සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව අවශ්‍ය වන අවුරුදු 2-5 ට වඩා බෙහෙවින් කෙටි වී තිබේ. මෙම සැලකිය යුතු අඩුපාඩු විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් 100% කාර්යක්ෂමතාව පිළිබඳ ප්‍රශ්නාර්ථයක් ගෙන දෙයි.
සායනික පිළිකා රෝග විශේෂඥයෙකු සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිකා පර්යේෂණ අංශයේ හිටපු උපදේශකයෙකු වන වෛද්‍ය ධිරේන් භාටියා, India Today වෙත පැහැදිලි කළේ, පළමු අදියර අත්හදා බැලීමකදී “සියයට 100 ක කාර්යක්ෂමතාවයක්” පිළිබඳ ප්‍රකාශයන් ප්‍රවේශමෙන් සැලකිය යුතු බවයි. එන්ටරොමික්ස් අත්හදා බැලීමේදී රෝගීන් 48 දෙනෙකු පමණක් සම්බන්ධ වූ බවත්, එමගින් පුළුල් ජනගහනයක් සම්බන්ධයෙන් නිගමනවලට එළඹීමට තරම් විශාල ප්‍රමාණයන් නොවන බව ත් ඔහු සඳහන් කර තිබුණා. එක්සේම වැදගත් වන්නේ, එම සොයාගැනීම් සමානවෘත්තීන්ගේ සමාලෝචනයට ලක්ව නැති අතර ස්වාධීනව සත්‍යාපන නොකර ඇති බවයි.
මෙම තීරණාත්මක තොරතුරු නොමැතිව, එන්ටරොමික්ස් පිළිකා සුව කිරීමකට තවමත් ඔප්පු කර නොමැති මැදිහත්වීමක් ලෙස සැලකිය යුතු බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
mRNA පිළිකා එන්නත් වැඩසටහන් සහ Enteromix සංසන්දනය
mRNA පිළිකා එන්නත් වැඩසටහන් සමඟ Enteromix සංසන්දනය කිරීමෙන් පර්යේෂණ ගුණාත්මක භාවයේ සැලකිය යුතු වෙනස්කම් අනාවරණය වේ. BioNTech/Pfizer සහ Moderna/Merck විවිධ පිළිකා වර්ගවල රෝගීන් සිය ගණනක් සමඟ විශාල අදියර II අත්හදා බැලීම් සිදු කරන අතර, රුසියාවේ වැඩසටහන මගින් රෝගීන් 48 දෙනෙකු පමණක් පරීක්ෂා කරන ලදී.
BioNTech සහ Pfizer විසින් සාම්පල ප්‍රමාණයන් සිය ගණනකින් යුත් අදියර II අත්හදා බැලීම් කිහිපයක් ක්‍රියාත්මක කරන අතර, ප්‍රතිඵල Nature වැනි ප්‍රමුඛ සඟරාවල ප්‍රකාශයට පත් කර ඇත. Moderna, Merck සමඟ හවුල්කාරිත්වයෙන්, අදියර II මෙලනෝමා අත්හදා බැලීමකදී පුනරාවර්තන අවදානම 40-50% කින් අඩු කර ඇති බව වාර්තා කර ඇති අතර, සොයාගැනීම් සම-සමාලෝචනය කර The Lancet හි ප්‍රකාශයට පත් කර ඇත. මෙම සමාගම් ඔවුන්ගේ ප්‍රගතිය පිළිබඳ විනිවිද පෙනෙන යාවත්කාලීන කිරීම් සපයයි. ඊට වෙනස්ව, රුසියාව එහි කුඩා අත්හදා බැලීමෙන් අවම තොරතුරු බෙදාගෙන ඇති අතර සම-සමාලෝචනය කරන ලද සත්‍යාපනයකින් තොරව සැලකිය යුතු ලෙස ඉහළ සාර්ථකත්ව ලබා ඇති බවට සඳහන් කරයි.
පිළිකා එන්නත් COVID-19 එන්නත් වලින් වෙනස් වන්නේ ඇයි
ඇතැම් සටහන් එන්ටරොමික්ස් සහ COVID-19 mRNA එන්නත් අතර සමානකමක් දක්වයි. එයින් ඇඟවෙන්නේ කොරෝනා වයිරස් එන්නත් සමඟ සාර්ථකත්වය පිළිකා සඳහා සමාන ප්‍රතිඵල සහතික කරන බවයි. එය නිවැරදි නොවේ. COVID-19 එන්නත් අපගේ ශරීරයට පැහැදිලිවම ආගන්තුක බාහිර වෛරස් ඉලක්ක කරන අතර එමඟින් ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඒවා හඳුනා ගැනීම පහසු කරයි.
කෙසේ වෙතත්, පිළිකා අපගේම සෛල වලින් වර්ධනය වන අතර, ප්‍රතිශක්තිකරණ පද්ධතියට නිරෝගී පටක වලට හානි නොකර හඳුනා ගැනීමට සහ ඊට එරෙහි වීමට බෙහෙවින් අපහසු වේ. පිළිකා එන්නත් අද්විතීය අභියෝගවලට මුහුණ දෙන අතර ඒවා ඵලදායී ප්‍රතිකාර ලෙස සැලකිය හැකි වීමට පෙර වඩාත් පුළුල් පරීක්ෂණ, දිගු සංවර්ධන කාල පරිච්ඡේද සහ සම්පූර්ණ ආරක්ෂක තක්සේරු කිරීම් අවශ්‍ය වේ. මේ පිළිබඳ තොරතුරු මෙතනින්.
පිළිකා රෝගීන් සඳහා ලබා දී ඇති බලාපොරොත්තු අවදානම් වේ
නිසි සම වයස් සමාලෝචනයකින් තොරව මුල් පර්යේෂණ ප්‍රතිඵල බෙදා ගැනීමෙන් පවතින ප්‍රතිකාර පිළිබඳව රෝගීන් නොමඟ යැවිය හැකි බව වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවයි. විද්‍යාත්මක සොයාගැනීම් හොඳින් පරීක්ෂා කර නොමැති විට, රෝගීන් යථාර්ථවාදී නොවන ප්‍රතිඵල බලාපොරොත්තු විය හැකි බවත් ඔවුන් පෙන්වා දෙනවා. නව වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ නිවැරදි තොරතුරු මහජනතාවට ලබා දීම සඳහා නිසි විද්‍යාත්මක ක්‍රියා පටිපාටි අනුගමනය කිරීම, විශේෂයෙන් සම – සමාලෝචනය අත්‍යවශ්‍ය බව වෛද්‍යවරු අවධාරණය කරති.
නියාමන තත්ත්වය සහ ආරක්ෂාව පිළිබඳ ගැටළු
රුසියාවේ, එන්ටරොමික්ස් තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින අතර, 2025 අග භාගයේදී දියත් කිරීමට සැලසුම් කර ඇත. ජාත්‍යන්තරව, එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනයට, යුරෝපීය ඖෂධ ඒජන්සියට හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයට මෙතෙක් කිසිදු ඉදිරිපත් කිරීමක් සිදු කර නොමැත. දිගුකාලීන ආරක්ෂාව, ප්‍රතිශක්තිකරණ අන්තර්ක්‍රියා සහ ඖෂධ අන්තර්ක්‍රියා පරීක්ෂාවට ලක් නොවී පවතින අතර, එන්නත මෙතෙක් අත්හදා බලා ඇත්තේ සුළු රෝගී කණ්ඩායමක පමණි. පුළුල් හා දිගු අධ්‍යයනයන් නොමැතිව, එය සායනික භාවිතය සඳහා සූදානම් යැයි සැලකිය නොහැකිය.
මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර
ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් ද විශාල වශයෙන් වාර්තා වන බැවින් රුසියාව පිළිකා රෝගීන් සඳහා භාවිතයට සඳහා අනුමැතිය අපේක්ෂාවෙන් සිටින Enteromix පිළිකා එන්නත පිළිබඳව අප මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතාගෙන් විමසීමක් සිදු කළේ ය. අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, ඒ සම්බන්ධව නිල දැනුම්දීමක් නොමැති බවයි. තවද එන්නත පිළිබඳ දැනුවත් වූයේ, මාධ්‍ය වාර්තාවලින් බව ද අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.
Also Read:
Russia’s Enteromix Cancer Vaccine Has Not Proven 100% Efficacy in Clinical Trials
පිළිකාවට එරෙහිව රුසියාවෙන් නිපදවූ එන්නත !
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :අපගේ කරුණු විමර්ශනය අනුව අනාවරණය වූයේ රුසියාව නිපදවූ Enteromix පිළිකා එන්නත මුළු ලෝකයටම නොමිලේ බෙදා හරින බවට රුසියානු ජනාධිපතිවරයා පවසා ඇති බවට වන සමාජ මාධ්‍ය සටහන්වල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි. 2024 වසරේදී එන්නත පිළිබඳ ප්‍රකාශයක් සිදු කර තිබූ අතර එදා මෙදා තුර ජනාධිපතිවරයා මෙකී එන්නතට අදාළව කිසිදු ප්‍රකාශයක් කළ බවට නිල වාර්තා කිසිවක් නොමැත. එහෙත් රුසියානු සෞඛ්‍ය බලධාරීන් ඇතැම් අවස්ථාවල රෝගීන්ට මෙම එන්නත නොමිලේ දෙන බවට බව ප්‍රකාශ සිදු කර තිබුණ ද ඒවා අවසන් තීරණ වන බව හෝ මුළු ලෝකයේම රෝගීන්ට නොමිලේ බෙදා හරින බවට හෝ කිසිදු සඳහනක් නොවී ය.
 
					  Title:රුසියාව නිපදවූ පිළිකා එන්නත ලෝකයටම නොමිලේ දෙන බවට පුටින් ප්‍රකාශ කර නැහැ!
Fact Check By: SagarikaResult: False



 
	 
						 
						