ජනපති අනුර ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවූ බවට දක්වා ඇති ඡායාරූපය සංස්කරණය කරන ලද ඡායාරූපයක්!

Altered Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මේ දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසි වාරයට සහභාගි වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහි ගොස් තිබෙනවා. මෙම සංචාරය සම්බන්ධයෙන් ද, නොමග යන සුළු සංසරණය වන අතර එවැනි සටහනක් පිළිබඳ අප කරුණු පරීක්ෂාවක් සිදු කළා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අතර විශේෂ හමුවක් සිදුවී ඇති බවට සඳහන් කරමින් ජනාධිපතිවරුන් දෙදෙනාගේ එම අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයක් බවට දක්වමින් ඡායාරූප සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම සටහන් යොදා ගනිමින් රාජ්‍ය නායකයින් දෙදෙනා අතර හමුවන අවස්ථාව ගැන මේ ආකාරයට උපහාසාත්මක සටහන් ද නිර්මාණය වී තිබුණා.

මේ අතර ඒ් ආකාරයෙන් තව ත් ඡායාරූපයක් හුවමාරු වී තිබුණා.

Facebook | Archived Link

ඒ අනුව මෙම ඡායාරූපයේ දැක්වෙන හමුව පිළිබඳව අප කරුණු පරීක්ෂාවක් කිරීමට පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ජනාධිපති අනුර කුමාර සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර විශේෂ හමුවක් සිදු වූ බවට ඉහත ඡායාරූපය සමගින් කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක් වාර්තා කර නොතිබුණු බව අප කළ පරීක්ෂාවේදී දැක ගන්නට ලැබිණි.

මේ හේතුවෙන් අප මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය යොමු කර තිබූ මාධ්‍ය නිවේදන පරීක්ෂා කළ අතර එහිදී ජනපති සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිතවරයා අතර හමුවක් සිදු වූ බවත් ඒ එහිදී ලබාගත් ඡායාරුපය පසුබිම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරුපය පසුබිම ට සමාන බවත් දැකගන්නට ලැබුණා.

මේ ගැන ජනපති අනුරගේ නිල X ගිණුමේ ද ඡායාරූප සමගින් පළකර තිබු අයුරු පහතින්.

X

ඒ අනුව ඉහත අවස්ථාවේදී ලබා ගත් සර්ජියෝ ගෝර් මහතා හා ජනාධිපති අනුරගේ ඡායාරූපය මෙලෙසින් අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් සහ මෙරට ජනාධිපති අනුර සමගින් ලබා ගත් ඡායාරූපයක් බවට සංස්කරණය කර ඇති බවට දැක ගන්නට ලැබෙනවා.

සංස්කරණය කරන ලද ඡායාරූපය සහ සත්‍ය ඡායාරූපය අතර සංසන්දනය පහතින්.

ජනාධිපති මාධ්‍ය අංශය

ඉහත හමුව ගැන පැහැදිලි කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය පවසා තිබුනේ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ විශේෂ නියෝජිත, එක්සත් ජනපදය විසින් ඉන්දියාවට නම් කරන ලද තානාපති සහ ධවල මන්දිර ජනාධිපති කාර්ය මණ්ඩල අධ්‍යක්ෂ සර්ජියෝ ගෝර් (Sergio Gor) මහතා අතර හමුවක් පසුගිය සැප්තැම්බර් 23 වන දා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත කාර්යාලයේදී පවත්වා තිබුණා. Facebook 

කෙසේ වෙතත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා අමෙරිකානු ජනාධිපති අතර කිසියම් හෝ ආකාරයේ විශේෂ හමුවුක් සිදුවූවාද යන්න පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා අප ජනාධිපති මාධ්‍ය අංශයෙන් විමසීමක් කරනු ලැබුවා. 

ඔවුන් තහවුරු කළේ, ජනාධිපති හා ට්‍රම්ප් අතර විශේෂ හමුවක් සිදු නොවුණු බව ත්, නමුත් පසුගිය සැප්තැම්බර් 23 වන දා සමුළුවට පැමිණි රාජ්‍ය නායකයින්ට, රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා ඇති බවත් එම අවස්ථාවේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමගින් ජනාධිපති අනුර ද, ඡායාරූප ලබා ගෙන ඇති බව ත්ය. නමුත් එම අවස්ථාවේ නිල ඡායාරූප තවමත් ඔවුන් සතුව නොමැති බැවින් ඒවා ලැබුණු පසු මාධ්‍ය වෙත යොමු කරන බව ත්, පවසා සිටියා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වන ජනපති අනුර

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සැසිවාරයට සහභාගි වීම සඳහා ඇමරිකාවට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෘතුගාල ජනාධිපති හමුවී තිබූ අතර ඕස්ට්‍රේලියා අගමැති අතර ද්වි-පාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබුණා.

එමෙන් ම ජනපති සහ පාකිස්ථාන අගමැති අතර ද්වි-පාර්ශ්වික සාකච්ඡා ද, ජනපති සහ දකුණු අප්‍රිකානු ජනපති අතර හමුවක් ද, ජනපති සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් අතර හමුවක් ද මේ වන විට පවත්වා තිබුණා. මේ සම්බන්ධයෙන් තොරතුරු මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසි වාරයට සහභාගී වීම සඳහා අමෙරිකාවට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී අද (25) දිනයේ ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව 12.45ට සමුළුව ඇමතීය. එම අවස්ථාව මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

ජනාධිපති අනුර කුමාර හා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අතර විශේෂ හමුවක් සිදුවී ඇති බවට සඳහන් එම අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයක් බවට පෙන්වා ඇති ඡායාරූපය සංස්කරණය කර ඇති ඡායාරූපයකි. 

මුල් ඡායාරූපයේ  දැක්වෙන්නේ,  ට්‍රම්ප් ජනපතිගේ විශේෂ නියෝජිත, එක්සත් ජනපදය විසින් ඉන්දියාවට නම් කරන ලද තානාපති සහ ධවල මන්දිර ජනාධිපති කාර්ය මණ්ඩල අධ්‍යක්ෂ සර්ජියෝ ගෝර් (Sergio Gor) මහතා අතර හමුවේ ඡායාරූපකි. 

එමෙන් ම පසුගිය 23 වන සමුළුවට පැමිණි රාජ්‍ය නායකයින්ට, රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා ඇති බවත් එම අවස්ථාවේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමගින් ජනාධිපති අනුර ද, ඡායාරූප ලබා ගෙන ඇති බව ත් තවමත් ඒවා මාධ්‍ය වෙත නිකුත් කර නැති බවත් ජනපති මාධ්‍ය ඒකකය පවසනවා.

Avatar

Title:ජනපති අනුර ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවූ බවට දක්වා ඇති ඡායාරූපය සංස්කරණය කරන ලද ඡායාරූපයක්!

Fact Check By: Pavithra Sandamali  

Result: False


Leave a Reply