දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකට සිටි අවස්ථාවක් ලෙස සංස්කරණය කළ ඡායාරුපයක් හුවමාරු වෙමින් තිබු පසුබිමක, ජනාධිපති ට්‍රම්ප් හමුවීමට හැකියාවක් ලැබුනේ, ලංකවේ ජනපතිට ලැබුනේ නැති බව හඟවමින් සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූණා, එහි නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“ඉතිහාසයේ ප්රථම වරට සමුළුව අතරතුර හෝ පසුව ඇමරිකානු ජනාධිපතිවරයා හමුවීමට නොහැකි වූ ලංකාවේ එකම ජනාධිපති අනුර කුමාර” බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහන් සංසරණය වී තිබුණා.

මෙහි දැක්වෙන්නේ සත්‍යයක් ද, යන්න පිළිබඳ අප සොයා බැලීමක් සිදු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා අමෙරිකා එක්සත් ජනපදයට ගිය ද, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී නොමැති ද, යන්න අප ප්‍රධාන මාධ්‍ය හරහා පරීක්ෂා කරනු ලැබුවා.
ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, නිව්යෝර්ක් නුවරට පැමිණ සිටි රාජ්‍ය නායකයන් වෙනුවෙන් ආමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය 23 වෙනි දා Lotte New York Palace හෝටලයේදී පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සහභාගි වූ බවයි.
එහිදී, අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර සුහද කතාබහකින් අනතුරුව රාජ්‍ය නායකයෝ දෙපළ ඡායාරූපයකටද එක් වූ බව ත් ඔවුන් සඳහන් කර තිබුණා. එම අවස්ථාවේ ඡායාරූපයක් ද, ජනාධිපති නිල ෆේබුක් පිටුවේ කර තිබුණේ මෙලෙසින්.
එමෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා ද, ඒ පිළිබඳව වාර්තා කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිල x ගිණුමේ ද, එම අවස්ථාව පිළිබඳව පළ කර තිබුණේ මේ අයුරින්.
ඒ අනුව ඉහත සමාජ මාධ්‍ය සටහනේ පෙන්වා දී ඇති ලෙස වත්මන් ජනාධිපති දිසානායක මහතා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව හමු වී නොමැති බවට පැවසීම අසත්‍ය බව පෙන්වා දිය හැක.
මත්ද්‍රව්‍ය වෙළඳාම සහ ඒ හරහාම ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ ලෝක අර්බුද රැසකට මාර්ගය විවෘත කොට තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක එක්සත් ජාතීන්ගේ 80වන මහ මණ්ඩල රැස්වීම අමතමින් පසුගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා වේලාවෙන් අද (25) පෙ.ව 12.45ට සමුළුව ඇමතීය. ජනාධිපති සිදු කළ සම්පූර්ණ කතාව මෙතනින්.
මේ අතර ඇතැම් සමාජ මාධ්‍ය සටහන් වලින් හැඟවීමට උත්සහ දරා තිබුණේ, ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ සමගින් ලබාගෙන තිබුණේ සත්‍ය ඡායාරූපයක් නොව ඔවුන්ගේ ඡායාරූපයකට ජනාධිපති අනුරගේ ඡායාරූපයක් එක් කළ සංස්කරණය ඇති බවයි.
මේ පිළිබඳව පරීක්ෂා කිරීමට අප ඉහත අවස්ථාවට සහභාගි වූ වෙනත් රාජ්‍ය නායකයින් අමෙරිකානු ජනපති සහ ඔහුගේ බිරිඳ සමගින් ඡායාරූප වලට පෙනී තිබූ අවස්ථා අප පරීක්ෂා කළ අතර එහිදී ද, දැක ගන්නට ලැබුණේ, ජනාධිපති ට්‍රම්ප් බොහෝ අවස්ථාවන් වල එකම අයුරකින් රාජ්‍ය නායකයින් සමග ඡායාරූපයට පෙනී සිට ඇති බවයි. එමෙන් ම ඔහුගේ බිරිඳ සිටින ඉරියව්ව මද වශයෙන් වෙනස් වීම ඇයගේ පසුබිමින් ඇති කොඩිය දෘශ්‍යමාන වන අන්දමින් පැවසිය හැකි අතර ඒ අනුව මෙය පළමුව ඔවුන් දෙදෙනාගේ ඡායාරූපයක් ගෙන පසුව ආදළ රටවල රාජ්‍ය නායකයින්ගේ ඡායාරූප පසුව ඇතුළත් කර සංස්කරණය කර නොමැති බව තහවුරු වේ.
|
|
|
|
|
|
|
|
|
මෙම හමුවට රාජ්‍ය නායකයින් 145 දෙනෙකු සහභාගි වී ඇති අතර ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය ආයතන ද, මේ පිළිබඳ වාර්තා කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.
කෙසේ වෙතත් මෙම අවස්ථාව ආවරණය කිරීමට එරට මාධ්‍ය ආයතන සඳහා හෝ අවසර දී නොමැති බව දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.
Also Read : ජනපති අනුර ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවූ බවට දක්වා ඇති ඡායාරූපය සංස්කරණය කරන ලද ඡායාරූපයක්!
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඉතිහාසයේ ප්රථම වරට සමුළුවක් අතරතුර හෝ පසුව ඇමරිකානු ජනාධිපතිවරයෙකු හමුවීමට නොහැකි වූ ලංකාවේ එකම ජනාධිපති අනුර කුමාර බවට දක්වා තිබූ සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවයි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා අමෙරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 23 වෙනි දා Lotte New York Palace හෝටලයේදී රාජ්‍ය නායකයන් වෙනුවෙන් ආමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි වෙමින් සුහද කතාබහකින් අනතුරුව රාජ්‍ය නායකයෝ දෙපළ ඡායාරූපයකටද එක් වී තිබුණා.
Title:ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වූ ලංකවේ ජනපතිවරයෙකුට, ඇමරිකානු ජනපති හමුවීමේ අවස්ථාවක් නොලැබී පළමු අවස්ථාව ?
Fact Check By: Pavithra SandamaliResult: False



