‘වටවල තේ’ කෙටි චිත්‍රපටය ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්?

False Political Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

පසුගිය සති කිහිපයේ විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වූ වටවල තේ ප්‍රවර්ධන කෙටි චිත්‍රපයට සම්බන්ධව අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය සිදු කළ බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් පළිබඳ විමසා බැලීමක්. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

වටවල තේ වෙළඳ දැන්වීමෙන් සමාජයක් විදිහට ලොකු පිම්මක් පැන ඇති බව පැහැදිලි වන බවත්,  එවැනි දෙයක් සඳහා එම ආයතනයට ශක්තිය ලැබුණේ වත්මන් පාලනය නිසා බවත්, ආණ්ඩුවේ ඉලක්කවලට එවැනි දේවල් ලොකු ශක්තියක් වන බවත් අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය පැවසු බව සඳහන් කරමින් මෙම ෆේස්බුක් සටහන පළ කර ඇත්තේ, දසත පුවත් තුළින් උපුටා ගත බවට හඟවමිනි. 

Facebook | Archived Link

ඒ අනුව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය වටවල තේ වෙළඳ දැන්වීම සහ එවැනි දේ ආණ්ඩුවේ ඉලක්කවලට ශක්තියක් බව පවසා ඇති බව කියමින් ෆේස්බුක් ඔස්සේ පළ කර ඇති සටහනේ නිර්වද්‍යතාව විමසා බැලීමට මෙලෙස පියවර ගත්තා. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

වටවල තේ වෙළඳ දැන්වීමෙන් සම්බන්ධව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළ බව කියන සමාජ මාධ්‍ය සටහන පළවී ඇත්තේ, එල්ල වූ ඇතැම් මහජන විවේචන හමුවේ වටවල සමාගම සියලු වේදිකාවලින්  Archived Link සිය කෙටි චිත්‍රපටය ඉවත් කරගැනීමට කටයුතු කර තිබූ වටපිටාවක් තුළයි.

 වටවල තේ නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා මෑතකදී  ‘’කොටු වෙන්න එපා වට වෙන්න රාමුවලින් මීදි ජාතියක් ලෙස වටවෙමු’’ යන තේමා පාඨයෙන්  නිකුත් කළ Him, Her and Them කෙටි චිත්‍රපටය LGBTQI තේමාවන් ප්‍රවර්ධනය කළ බවට ඇතැමුන් විවේචන එල්ලකර තිබුණා. කෙටි චිත්‍රපයට සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ පළ වී තිබූ මතභේදාත්මක සටහන් කිහිපයක් පහතින්.

එදිනෙදා පවුල් ජීවිතයේ හැඟීම්, ශක්තිය සහ සංවේදීතාව අතර සමතුලිතතාවක් නිරූපණය කිරීමට අදහස් කළ නමුත් සමාගම කිසිසේත් අදහස් නොකළ ආකාරයෙන් කෙටි චිත්‍රපටය අර්ථකථනය වී ඇති බව එහි සඳහන් ය. තව ද එමගින් ඇතැම් පාරිභෝගිකයන් අපහසුතාවයකට හෝ කනස්සල්ලකට ලක්ව ඇති බව සමාගම අවබෝධකරගෙන ඇති බවත් ඒ පිළිබඳව කනගාටුව පළ කරන බවත් එහි සඳහන් විය. සමාජය තුළ ආන්දෝලනයට තුඩු දුන් අදාළ කෙටි චිත්‍රපටය හරහා දරුවන් වෙනස් නොකර ඔවුන්ට ඔවුන් වීමට ඉඩ දිය යුතු බවට වන පණිවුඩයක් සමාජගත කිරීමට උත්සාහ දරා තිබූ අතර  එහිදී දෙමාපියන් නිසා දරුවා  තමන් නොවන ලෝකෙකට කොටු නොවිය යුතු බවත් කළ යුත්තේ, ඔවුන් ශක්තිමත් කළ යුතු අල්ලා ගැනීම බවත් ප්‍රකාශ කර තිබුණා. 

මේ අතර වටවල සමාගම  සමාගම අගය කරමින් අග්‍රාමාත්‍යවරිය සිදු කළ බව කියන මෙම ප්‍රකාශය දසත ලාංඡනය සමග පළ කර ඇති බැවින් අප දසත ප්‍රවෘත්ති නිල සමාජ මාධ්‍ය ජලා පරීක්ෂා කර බැලූ අතර අතර එම කිසිදු වේදිකාවක ආග්‍රාමාත්‍යවරිය එවැන්නක් ප්‍රකාශ කළ බවට වන සටහනක් පළ කර ඇති බවක් දැකගන්නට නොමැති විය. මේ පිළිබඳ තවදුරටත් කරුණු පරීක්ෂා කිරීමේ අරමුණින් අප මෑතකාලීනව පළ වූ  අනෙකුත් පුවත් වාර්තා ද පරීක්ෂාවට ලක් කළ අතර එකී කිසිදු මාධ්‍යක් ද මෙවැනි පුවතක් වාර්තා කර නොමැති බව තහවුරු විය. 

අග්‍රාමාත්‍යවරියගේ මාධ්‍ය ලේකම් 

මේ අතර අග්‍රාමාත්‍යවරිය සිදු කළ බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන සම්බන්ධව අප අග්‍රාමාත්‍යවරියගේ මාධ්‍ය ලේකම්ගෙන් විමසීමක් සිද කළේ ය. මාධ්‍ය ලේකම් පැවසුවේ, අග්‍රාමාත්‍යවරිය සමාජ මාධ්‍ය ධාරාවල සංසරණය වන  ආකාරයේ ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි. එය ව්‍යාජ සටහනක් බවත් මාධ්‍ය ලේකම්වරයා අවධාරණයෙන් යුතුව කියා සිටියේ ය.  

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයේදී  හෙළිවූයේ, සමාජ මාධ්‍ය සංසරණය වන අයුරින් වටවල තේ වෙළඳ දැන්වීම පිළිබඳව හෝ එවැනි දැන්වීම් ආණ්ඩුවට ශක්තියක් බවට වන කිසිදු ප්‍රකාශයක් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කිසිදු අවස්ථාවක ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි. ඒ අනුව මෙම සමාජ මාධ්‍ය සටහන  සමාජය නොමග යැවීමේ අරමුණින් පළ කරන ලද ව්‍යාජ සටහනක් බව පැහැදිලි වේ.

Avatar

Title:‘වටවල තේ’ කෙටි චිත්‍රපටය ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්?

Fact Check By: Sagarika Chathumali 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *