දසුන් ශානක LPL අත්හැර, IPL ක්‍රීඩා කර, 2026 T20 ලෝක කුසලානයට යන්න මාන බලනවාද? 

False Sports

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

අනෙකුත් ක්‍රීඩා හා සැසදීමේදී , ක්‍රිකට් ක්‍රීඩාව සහ විශේෂයෙන්ම ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් ගැන ලංකාවේ ප්‍රේක්ෂයින් මහත් උනන්දුවක් දක්වනවා වාගේම සමාජ මාධ්‍ය ඔස්සේ ද නිරතුරුවම කතාබහට ලක්වෙනවා. ඒ අනුව ලංකා කණ්ඩායමේ හිටපු නායක, තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක සත්‍ය අසත්‍යතාව සොයා සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

2026 T20 ලෝක කුසලානයට ඉව අල්ලන දසුන්’ යනුවෙන් සඳහන් කරමින් දසුන් ශානකගේ ඡයාරූපයක් ද සහිතව පළකර ඇති සමාජ මාධ්‍ය සටහනකින් පවසා ඇත්තේ, 2026 T20 ලෝක කුසලානයේ ඉන්දීය තණ තීරු අධ්‍යනයන කරමින් තණතීරුවල හැසිරීම් රටා පිළිබඳ අත්දැකීම් ලබා ගැනීම සඳහා දසුන් ශානක ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියට තරග නොකර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට  ක්‍රීඩා කිරීමට සැලසුම් කරන බවයි.  

Facebook | Archived Link

මෙම සටහන්හි නිරවද්‍යතාව සම්බන්ධයෙන් ලද පාඨකයින් ඉල්ලීම් ද මුල් කර ගනිමින් අප මේ පිළිබඳව කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට මෙලෙස පියවර ගත්තේ ය.   

Fact Check (කරුණු විමර්ශනය කිරීම):

Update: ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මාර්ගෝපදේශයන්ට අනුව ලෝක කුසලානයට සත්කාරකත්වය දරන සියලු ක්‍රීඩාංගණ නිසි කාලසීමාව වනවිට යෝග්‍ය තත්ත්වයෙන් තිබිය යුතු බැවින්, 2026 වසරේ පෙබරවාරි-මාර්තු මාසයන් හි ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන ICC පිරිමි විස්සයි20 ලෝක කුසලානයට සූදානම්වීම සඳහා ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ දී නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (22) නිවේදනය කළේය. සම්පුර්ණ නිවේදනය මෙතනින්.

තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක එළැඹෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියට ක්‍රීඩා නොකරන බවට හෝ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL)  තරගාවලියට තරග කරන බවට හෝ 2026 T20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන් ලංකාවේ තරගාවලියක් මඟහැර ඉන්දියාවේ පුහුණුවීම් සඳහා යන බවට හෝ ප්‍රකාශයක් ඔහු සිදුකර තිබේ දැයි අප මූලිකවම පරීක්ෂා කර බැලී ය. එහෙත් ඔහුගේ කිසිදු නිල  සමාජ මාධ්‍ය ගිණුමක ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ආකාරයේ තොරතුරු කිසිවක් පිළිබඳව ඔහු ප්‍රකාශ සිදු කර නොමැත.   

LPL තරගාවලිය 2025 දෙසැම්බරයේ පවැත්වීමට මුලින් සැලසුම් කර තිබුණු අතර, IPL පැවැත්වෙන්නේ ලබන වසරේ ලෝක කුසලාන තරගාවලියෙනුත් පසුවයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතතනය පසුගිය අගෝස්තු 01 වැනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ, ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය 2025 නොවැම්බර් 27 සිට දෙසැම්බර් 23 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි. පසුව පළවූ මාධ්‍ය වාර්තාවල LPL දෙසැම්බර් පළමු වැනිදා ආරම්භ කෙරෙනු ඇති බවයි දැක්වෙන්නේ. කෙසේනමුත් ඉහත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකළ නිල නිවේදනයට අනුව 2025 වසර සඳහා LPL තරගාවලියක් නොපැවැත්වෙනු ඇති.

2026 T20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුවයි 2026 IPL තරගාවලිය පැවැත්වෙන්නේ!

මේ අතර කණ්ඩායම් 20ක සහභාගීත්වයෙන් ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන 2026 T20 ලෝක කුසලානය 2026 ලෝක කුසලානය  ලබන පෙරවාරි 07 සිට මාර්තු 08 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඉන්දීය ප්‍රිමියර්ලීග් (IPL) තරගාවලිය පැවැත්වෙන්නේ,  2026 T20 ලෝක කුසලානයට පසුවයි. එනම් මාර්තු  15 සහ මැයි 31 අතර කාලයේයි.

කෙසේ තවද, වෙතත් IPL කණ්ඩායම් සඳහා ක්‍රීඩකයින් තෝරා ගන්නා ක්‍රීඩක වෙන්දේසිය පවා මේ වනතෙක් සිදුව නොමැති අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ක්‍රීඩක වෙන්දේසිය මේ වසරේ දෙසැම්බර් දෙවන හෝ තුන්වන සතියේදී  පවත්වනු ඇති බවයි. 

මේ අනුව, LPL, IPL, 2026 T20 තරගාවලි පැවැත්වෙන / පැවැත්වීමට නියමිතව තිබු දින වකවානු සංසන්දනය කිරීමේදී ද සමාජ මාධ්‍ය සටහනේ අන්තර්ගතය පවා නිවැරදි නොවන බව තහවුරු වේ. සමාජ මාධ්‍ය සටහන්හි දැක්වෙන පරිදි, 2026 T20 ලෝක කුසලානයට පෙර IPL තරගාවලිය පැවැත්විය යුතු වුවත්, නිල වාර්තාවල සඳහන් වන්නේ,   IPL තරගාවලියට පෙර   2026 T20 ලෝක කුසලානය පැවැත්වෙන බවයි. 

  1. LPL 2025: දෙසැම්බර් 1 – 23, 2025 (ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කළේ මෙම තරගාවලිය නොපැවැත්වෙන බවයි.)
  2. T20 ලෝක කුසලානය 2026: පෙබරවාරි 7 – මාර්තු 8, 2026
  3. IPL 2026: මාර්තු 15 සිට මැයි 31, 2026 අතර

මේ අනුව, තරගාවලින්හි කාල සීමා සලකා බැලීමේ දී ද අදාළ සමාජ මාධ්‍ය සටහන පදනම් විරහිත එකක් බව තවදුරටත් පැහැදිලි වේ. 

සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බව දසුන්ගේ කළමනාකරු පවසයි

මේ අතර ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක සම්බන්ධව සමාජ මාධ්‍ය වේ පළ වී ඇති සටහන් සහ එහි ඇතුළත් කරුණුවල සත්‍ය අසත්‍යතාව පිළිබඳ අප ඔහුගේ කළමනාකරුගෙන් ද විමසා සිටි අතර කළමනාකාරවරයා පැවසුවේ, එහි ඇතුළත් කරුණු කිසිවක සත්‍යතාවක් නොමැති බවයි. තව ද එම සටහන ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සකසක ලද අසත්‍ය සටහනක් බව ද ඔහු පැවසී ය. 

මේ අතර දසුන් ශානක සම්බන්ධ සම්බන්ධයෙන් පළ වී ඇති ෆේස්බුක් සටහනේ ඇතුළත් තොරුතුරු අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු ප්‍රසන්න රොද්‍රිගු මහතා ද තහවුරු කළේ ය.  

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :ඒ අනුව 2026 T20 ලෝක කුසලානයේ ඉන්දීය තණ තීරු පිළිබඳ අත්දැකීම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක දසුන් ශානක LPL ක්‍රීඩා නොකර, IPL ක්‍රීඩා කිරීමට සැලසුම් කරන බවට හුවමාරු වන්නේ කිසිදු සත්‍යතාවක් නොමැති සටහන් පෙළක් බව තහවුරු කරමින් දසුන්ගේ කළමනාකරු පවසන්නේ මේවා පදනම් විරහිත තොරතුරු ඇතුළත් කරමින් සකසන ලද ව්‍යාජ සටහන් බවයි.

Avatar

Title:දසුන් ශානක LPL අත්හැර IPL ගොස් 2026 T20 ලෝක කුසලානයට යන්න මාන බලනවාද? 

Fact Check By: Sagarika  

Result: False


Leave a Reply