සංදර්ශන එපා මහපොළ 15,000ක් කරනු!  අන්තරේ කැඳවුම්කරුගෙන් ප්‍රකාශයක්? 

Education False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එනම් වත්මන් ආණ්ඩුවේ දෙවැනි අයවැය ඊයේ (නොවැම්බර් 07) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ජනාධිපතිවරයා ඉදිරිපත්කරනු ලැබූ අයවැය යෝජනා හා බැඳුණු විවිධ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයක් දක්නට ලැබේ. මේ එලෙස සංසරණය වන සටහනක් පිළිබඳ විමසා බැලීමක්. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“බොරු සංදර්ශන පෙන්නන්න එපා. මහපොළ වාරිකය 15,000ක් කරනු’’ යනුවෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් ඉන්ද්‍රජිත් ප්‍රකාශ කර ඇති බව කියමින් මෙම සමාජ මාධ්‍ය සටහන පළ කර ඇත. 

කෙසේ වෙතත් මෙම සටහන තුළ මධුෂාන් ඉන්ද්‍රජිත්ගේ නම හෝ සඳහන් කර නොමැති අතර සිදු කර ඇති බව කියන ප්‍රකාශයට අදාළ වැඩි විස්තර සඳහා වන සබැඳියක් හෝ එහි නොමැත.  

Facebook | Archived Link

එම සටහනම බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබු තවත් අවස්ථාවක් පහතින්.

Facebook | Archived Link

‘අද දෙරණ’ නිල ලංඡනය ද සහිතව එහි සමාජ මාධ්‍ය සටහන් ස්වරූප අනුගමනය කරමින් තිබු බැවින් ද, මෙම  සටහන සත්‍ය සටහනක් යැයි සිතා, බොහෝ පිරිසක් අදහස් පළ කර තිබූ අතර තවත් පිරිසක් මෙය සත්‍යයක් දැයි විමසා තිබෙනු ද දැකගත හැකි විය. 

ඒ අනුව මෙම සටහනේ නිර්වද්‍යතාව සොයා කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට අප තීරණය කළා. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ජනාධිපතිවරයා විසින් ඊයේ (නොවැම්බර් 07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ 2026 වසර සඳහා වන අයවැය රටේ සමස්ත පොදු ජනතාවගේම අවධානය යොමු වූ ප්‍රමුඛතම සිදුවීම බවට පත්විය. එමෙන්ම මෙරට සියලුම ධාරාවේ මාධ්‍යයන් ද අයවැය කතාව සහ ඊට අදාළ පුවත් සඳහා ඉහළ ප්‍රමුඛත්වයක් ලබා දෙමින් සිය අවකාශයන් වෙන්කර තිබිණ. 

ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය යෝජනා යටතේ විශ්වවිද්‍යාලවල හා උසස් අධ්‍යාපන ආයතනවල පහසුකම් වැඩි දියුණු කිරීම හා පර්යේෂණ කටයුතු සඳහා රුපියල් මිලියන 11,500 ක ප්‍රතිපාදන වෙන් කර  ඇති බවත්  2026 වසරේ දී ද ඉහළ යන ජීවන වියදමට සරිලන පරිදි, විශ්වවිද්‍යාල සිසුන් සඳහා මාසික මහපොළ සහ ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 2,500 කින් ඉහළ දැමීමට යෝජනා කළේ ය.   ඒඅනුව මාසිකව මහපොළ දීමනාව රු. 10,000 ක් දක්වා වැඩි වනු ඇති බව ජනාධිපතිවරයා සිය අයවැය කතාව ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ ය.  අයවැය කතාව මෙතැනින්

News.lk 

ඉහතින් දැක්වුණු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් ඉන්ද්‍රජිත් මහපොළ වාරිකය 15,000ක් දක්වා ඉහළ දමනු යනුවෙන් ප්‍රකාශයක් කළ බව කියන සමාජ මාධ්‍ය සටහන් සමාජ මාධ්‍ය වේදිකාවල සංසරණය වන්නේ මෙවන් පසුබිමක් තුළයි. 

‘අද දෙරණ’ නිල ලාංඡනය ද සහිත එම සටහන බැලූ බැල්මට හැඟී යන්නේ, අද දෙරණ නිල ෆේස්බුක් පිටුවේ පළ කරන ලද්දක් බවයි. ඒ අනුව අප මුලින්ම අද දෙරණ ෆේස්බුක් පිටුව ඇතුළු අද දෙරණ අනෙකුත් සමාජ මාධ්‍ය ජාලාවල මෙවැනි සටහනක් පළ කර තිබේ දැයි පරීක්ෂා කළ අතර එහි කිසිදු ගිණුමක හෝ ‘අද දෙරණ’ වෙබ් අඩවියේ හෝ වෙනත් මාධ්‍යක් හරහා හෝ මෙවන් පුවතක් සඳහා ප්‍රචාරණයක් ලබා දී ඇති බවක් දැකගන්නට නොමැත. 

අන්තර විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පෙර සිටම ඉල්ලීම් කර තිබුනේරු.10,000/- දක්වා ශිෂ්‍යාධාර මාසික වාරිකය ඉහළ දමන ලෙස මිසක් රු.15,000 දක්වා වැඩිකරන ලෙස නොවේ!

අප අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නිල ෆේස්බුක් පිටුව පරීක්ෂාවට ලක් කළ අතර එහිදී මහපොළ සහ ශිෂ්‍යාධාර වාරික 10,000ක් දක්වා ඉහළ දමන ලෙසට ඉල්ලීමක් සිදුකරමින් ද පසුගිය සැප්තැම්බර් 17 වැනිදා ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් පළ කර තිබෙනු දැකගතහැකි විය. ඒ අනුව පැහැදිලි වන්නේ, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේද අරමුණ වී තිබුණේ, මහපොළ වාරිකය 10,000ක් දක්වා ඉහළ නංනවා ගැනීම බවයි. 

Facebook | Archived Link

මේ අනුව  ද පැහැදිලි වන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් පදනම් විරහිත සටහනක් බවයි. 

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් ඉන්ද්‍රජිත්

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන සත්‍ය අසත්‍යතාව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් ඉන්ද්‍රජිත් දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත් අතර ඔහු ප්‍රකාශ කළේ, තමන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනේ සඳහන් ආකාරයේ ප්‍රකාශයක් කිසිදු ස්ථානයකදී සිදු නොකළ බවයි. 

මෙය අසත්‍ය ප්‍රකාශයක් ඇතුළත් කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට මඩ ගැසීමේ අරමුණින් සකසා සමාජ මාධ්‍යට මුදා හැර ඇති සටහනක් බව ද ඔහු කියා සිටියා.   

Also Read : 

පැරණි සහ නව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩල ගැන පැහැදිලි කිරීමක්!

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් මහපොළ වාරිකය 15,000ක් දක්වා වැඩි කරනු යනුවෙන් ප්‍රකාශයක් සිදුකර නෙමැති බව අපගේ කරුණු විමර්ශනය අනුව පැහැදිලි විය. ඊයේ (නොවැම්බර් 07) ඉදිරිපත් කළ අයවැය යටතේ, මහපොළ මාසික දීමනාව රු.2,500කින්, එනම් රු. 10,000ක් දක්වා වැඩි කිරීමට ජනාධිපතිවරයා යෝජනා කළේ ය.    

Avatar

Title:සංදර්ශන එපා මහපොළ 15,000ක් කරනු! අන්තරේ කැඳවුම්කරුගෙන් ප්‍රකාශයක්?

Fact Check By: Sagarika Chathumali 

Result: False


Leave a Reply