2026 අයවැය සර්ව සුබවාදී අයවැයක් පමණක් බවට හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරා ද?

Insight Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

අය වැය විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා විසින් සිදු කළ බවට සඳහන් වන ප්‍රකාශයක් සම්බන්ධව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විශාල සංවාදයක් ඇති වී තිබෙනවා. 2026 අයවැය සම්බන්ධයෙන් මන්ත්‍රී හර්ෂ විසින් විවේචනයක් සිදු කර නොමැති බවක් එම සමාජ මාධ්‍ය සටහන් වල හඟවා තිබූ අතර මේ පිළිබඳව සොයා බැලීමට අප කටයුතු කරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ආණ්ඩුව සාර්ව ආර්ථිකය ස්ථාවර කරලා. හොඳ දේට අපි හොඳයි කියනවා. භාණ්ඩාගාරය උතුරලා ගිහින් අපිට වැරදුණා. යනුවෙන් අය වැය විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා විසින් ප්‍රකාශ කළ බවට සඳහන් කරමින් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද බොහෝ සෙයින් කතාබහට ලක් වූ මෙම ප්‍රකාශය ඉදිරිපත් කර තිබුනේ මෙලෙසින්.

Post Link | Archived Link

සමාජ මාධ්‍ය ඔස්සේ ද මේ සම්බන්ධව හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

මන්ත්‍රීවරයා විසින් සත්‍ය වශයෙන් ම මේ ආකාරයෙන් ප්‍රකාශයක් කර තිබුණේ ද, යන්න පිළිබඳ ඇතැම් පාඨකයන් ද, අපගෙන් විමසීම් කර තිබුණේ මෙලෙසින්.

සැබවින්ම මන්ත්‍රීවරයා අයවැය විවාදයේදී දැක්වූ අදහස් මොනවාද යන්න පිළිබඳ අප පරීක්ෂා කර බැලීමට පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

Explainer (කරුණු පැහැදිලි කිරීම) :

පසුගිය 08 වන දා පැවති 2026 අයවැය සම්බන්ධ විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා විසින් ඉහත දක්වා ඇති ලෙස අයවැය සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් පමණක් දක්වා ඇත් ද යන්න අප පරීක්ෂා කරනු ලැබුවා. 

මේ සඳහා අයවැය විවාදයේදී හර්ෂ ද සිල්වා මහතා විසින් සිදුකළ සම්පූර්ණ කතාව දෙස අපගේ අවධානය යොමු කළ අතර  ඔහුගේ දීර්ඝ සම්පූර්ණ කතාව තුළ විවිධ අවස්ථාවලදී කරන ලද ප්‍රකාශ උපුටා ගනිමින් මන්ත්‍රීවරයා අයවැයට පක්ෂපාතී අදහස් පමණක් දක්වා ඇති බවට හැඟවෙන පරිදි සංස්කරණය කරමින් මෙම සටහන් පළ කර ඇති බවක් දැක ගන්නට ලැබේ.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා විසින් අයවැය විවාදය ආරම්භ කරමින් සිය කතාව ආරම්භ කරන අතර, මන්ත්‍රීවරයා පවසන්නේ, රජය සමස්තයක් වශයෙන් සාර්ව ආර්ථිකය ස්ථාවර කර ඇති බව දැක ගන්නට ලැබෙන අතර ඒ පිළිබඳ කිසිදු පැකිලීමකින් තොරව පිළිගන්නා බව ත් නමුත්, ඒ සඳහා වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නොමැති බවයි. 

එමෙන් ම ජනාධිපතිවරයාගේ දූෂණ විරෝධී උත්සාහයන්ට සම්පූර්ණයෙන්ම සහාය දෙන බව ත්, මෙය දේශපාලන දඩයමක් බවට පත් නොවිය යුතු බව ත් ඒ මහතා පෙන්වා දෙනවා. සීනි වංචාව, ඊ-වීසා ප්‍රසම්පාදනය සහ රතු ලේබල් කරන ලදබහාලුම් 323 ක් පරීක්ෂා නොකර මුදා හැරීම වැනි සිදුවීම් වල විමර්ශනය කරන ලෙස ඉල්ලා ඇති මුත්, ඒ පිළිබඳ කිසිදු විමර්ශනයක් නොමැති බව ත්, ඔහු පෙන්වා දෙනවා.

තවද, Double කැබ් රථ 1,775 ක් සඳහා මුදල් අමාත්‍යාංශයේ කඩිමුඩියේ ටෙන්ඩරයක් දැමූ බව ත්, ප්‍රසම්පාදන නීතිරීතිවලට ලංසු සඳහා දින 42 ක් අවශ්‍ය නමුත් ලංසුකරුවන් එකකට හෝ දෙකකට සීමා කරන පටු කොන්දේසි සහිතව දින 12 ක් පමණක් ලබා දී ඇති නිසා මෙම ටෙන්ඩරය අත්හිටුවා වහාම විමර්ශනය කළ යුතු බව පෙන්වා දෙන අතර එවැනි අක්‍රමිකතා නොසලකා හැරීම සඳහා විපක්ෂය වාහන ලබා දීම වැනි අල්ලස්පිළිගන්නේ නැති බව පවසනවා.

එමෙන් ම බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයට වල කපමින්, ජනතා විමුක්ති පෙරමුණ යටතේ රාජ්‍ය බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය දරන උත්සහය ද, සන්නද්ධ කැරලි හරහා ලබා ගත නොහැකි වූ දේ දැන් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ උත්සාහ කරමින් පවතින බව ත්, සඳහන් කරනවා.

අයවැය යෝජනාවලිය සම්බන්ධ විවාදාත්කම කරුණු ද රැසක් මන්ත්‍රීවරයා විසින් ඉස්මතු කර තිබුණා.

දුප්පතුන්ගෙන්  බදු අය කරගනිමින් අතිරික්තයක් සඟවා ගැනීම, ප්‍රථම වතාවට භාණ්ඩාගාරය උතුරා ගිය බව ත්, භාණ්ඩාගාරය තුළ ආසන්න වශයෙන් රුපියල් ට්‍රිලියනයක අනපේක්ෂිත මුදල් අතිරික්තයක් පවතින අතර, මෙම අනපේක්ෂිත ලාභය ලැබුණේ රජය අපේක්ෂා නොකළ දැවැන්ත වාහන ආනයන බදු මගින් බව ද, සහන සැපයීම සඳහා මෙම රුපියල් ට්‍රිලියන 1 ක අතිරික්තය භාවිතා කිරීම වෙනුවට, රජය බදු බර වැඩි කරමින් සිටින බව ත්, ඔවුන් වැට් බදු සීමාව මසකට රුපියල් මිලියන 5 සිට රුපියල් මිලියන 3.6 දක්වා (දිනකට රුපියල් 100,000 ක් පමණි) අඩු කිරීමෙන් වැට් ජාලය පුළුල් කර ඇති අතර එමඟින් කුඩා ව්‍යාපාරවලට සෘජුවම පහර වැදී ඇති බව පෙන්වා දුන්නාත

2027 පළමු කාර්තුවේදී ක්‍රියාත්මක කෙරෙන නව, පුළුල් පරාසයක දේපල බද්දක් ක්‍රියාත්මක කිරීමට මෙම රජය රහසිගතව එකඟ වී ඇති බවට අනතුරු ඇඟවීමක් මෙන් ම, විහිළු සහගත නිවාස සැලැස්මක්  වර්ග අඩි 100 ක නිවසක් ඉදිකිරීමට පමණක් ප්‍රමාණවත් සඳහා රුපියල් මිලියන 1 ක් ලබා දීම ගැන ද ඔහු පෙන්වා දෙනවා.

අයවැයෙන් නිවාස 7,000 ක් ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 10.2 ක් වෙන් කිරීම, රාජ්‍ය සේවකයින් සඳහා රජයේ “සහන” නිවාස ණය ලබා දීම පිළිබඳව, ණය ගැනීම විවේචනය කළ අයම 2026 දී රුපියල් ට්‍රිලියන 3.8 ක ණය ගැනීමට සැලසුම් කිරීම වැනි කාරණා මන්ත්‍රීවරයා මෙහිදී ඉස්මතු කරනු ලබනවා.

උද්ධමනය 17% සිට 1% දක්වා සහ ඇමරිකානු ඩොලර් 370 සිට 294 දක්වා පහත වැටුණු විට, පෙර රජය විසින් අත්පත් කරගත් ස්ථාවරත්වය සඳහා වත්මන් ආණ්ඩුව ගෞරවය ලබා ගනිමින් සිටීම සහ රුපියල නැවතත් අවප්‍රමාණය වෙමින්, 307 ක් දක්වා ළඟා වෙමින් පැවතීම, තරුණයින් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සම්බන්ධව බදු රහිත ආදායම් සීමාව රුපියල් 200,000 දක්වා වැඩි කිරීමේ පොරොන්දුව කඩ කළ බව ත්, FDI හිමිකම් සහ අපනයන අර්බුදය, ඩොලර් මිලියන 823 ක නව විදේශ සෘජු ආයෝජන (FDI) පිළිබඳ රජයේ ප්‍රකාශයන්, ආර්ථිකයේ ජීවනාලිය වන අපගේ අපනයනකරුවන් අර්බුදයක සිටී. 

පොරොන්දු වූ දින 45 ක මුදල් ආපසු ගෙවීමේ ක්‍රමය ක්‍රියාත්මක නොවන බැවින්, SVAT ඉවත් කිරීම දැඩි මුදල් ප්‍රවාහ ගැටලුවක් නිර්මාණය වීම, RCEP සහ ECTA වැනි තීරණාත්මක වෙළඳ ගනුදෙනු සම්බන්ධයෙන් ද සම්පූර්ණ නිහඬතාවයක් පැවතීම, අයවැය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අසාර්ථක එකක් වන බව, අවිධිමත් අංශය සඳහා විශ්‍රාම වැටුපක් සම්බන්ධයෙන් කිසිදු ප්‍රගතියක් නොමැති බවත් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

මෙම වසර අවසන් වන විට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා පොලී සහනාධාරය නැවැත්වීමට රජය IMF සමඟ රහසිගතව එකඟ වූ බව වැනි විවාදාත්මක කරුණු මන්ත්‍රීවරයා විසින් ඔහුගේ පැයකට ආසන්න කාලයක් පවත්වන ලද සම්පූර්ණ කතාව තුළ ඉදිරිපත් කරනු ලබනවා. සම්පූර්ණ කතාව මෙතනින්.

නමුත් ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම, සමාජ මාධ්‍ය සටහන් ද, මන්ත්‍රීවරයා මෙම විවාදයේදී සිදු කරන පවත්නා ආණ්ඩුවට පක්ෂ පාතීත්වයක් දක්වන කරුණු පමණක් එක් කොට සටහන් පළ කරමින් ආණ්ඩුව විවේචනය නොකර හොඳම පමණක් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා විසින් පැවසූ බව ක් ජනගත කිරීමට උත්සහ දරන බවක් පෙනී යනවා. 

අයවැය සම්බන්ධයෙන් විවාදාත්මක සහ විරුද්ධ මත රැසක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයේ දී හර්ෂ ද සිල්වා සිදු කරන ලද අදහස් දැක්වීම් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුනේ මෙලෙසින්.

ඉස්මතු කළ වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ LinkedIn ගිණුමේ තබා තිබූ සටහනක් මෙතනින්.

එසේමකඩවුණු පොරොන්දු, බොරු කතාමත ඉදිරිපත් කළ අයවැයක් ලෙස, අයවැය විවාදයේ දී හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ඉස්මතු කරන ලද කරුණු දක්වමින් ඉංග්‍රීසි බසින් පළවූ වාර්තාවක් මෙතනින්. 

අයවැය විවාදයනේ පසු පාර්ලිමේන්තුවෙන් පිටතදී මාධ්‍ය වෙත හර්ෂ ද සිල්වා මෙසේ අදහස් දක්වමින් ද අයවැය ඉදිරිපත් කිරීමේ ඇති ගැටළුකාරී තත්වයන් පිළිබඳව ද සඳහන් කරමින් තවදුරටත් කියා සිටින්නේ, වත්මන් රජය ජනතාව මත බදු බව වැඩි කරමින්, සමාජ සුභාශාදනය පිළිබඳව යෝජනා ඉදිරිපත් කර නොමැති බවයි.

ඒ වගේම රූපවාහිනී මාධ්‍ය සකච්ඡාවක් වෙත ඉදිරිපත් වෙමින් ද ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා තවදුරටත් පවසා තිබුනේ “හරිදේට හරි කියන්න මම මැලිවෙන්නෙ නෑ. නමුත්, මම කිව්වේ ජනතාවට බදු ගහලා උතුරන්න සල්ලි හොයලා ජනතාවට සහනයක් දුන්නෙ නෑ කියලයි. ආණ්ඩුව තමන්ට ඕන කෑල්ල විතරයි මගේ කතාවේ පෙන්වන්නේ.” යන තේමාවෙන් තමා අයවැය විවාදයේ දී අයවැය ප්‍රකාශනයේ තිබු ප්‍රශ්නගත සහ ගැටළුකාරී තත්වයන් පිළිබඳව සිදුකළ විමසීම් බොහෝ මාධ්‍ය වෙතින් ඉස්මතු කර තිබුනේ නැති බවයි. ඔහුගේ සම්පුර්ණ සකච්ඡාව මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (නිගමනය):

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා විසින් 2026 අයවැය විවාදයේදී  “ආණ්ඩුව විසින් සාර්ව ආර්ථිකය ස්ථාවර කරලා, භාණ්ඩාගාරය උතුරලා ගිහින්, අපිට වැරදුණා” යනුවෙන් සිදු කල බවට හුවමාරු වන ප්‍රකාශය ගෙන හැර දක්වමින් මන්ත්‍රීවරයා  විසින් පවත්නා ආණ්ඩුවට ප්‍රශංෂා පමණක් සිදු කර ඇති බවට හඟවා ඇති සටහන් නොමග යන සුළු බවයි.

මන්ත්‍රීවරයා පැයක පමණ කාලයක් තුළ අයවැය විවාදදයේදී සිදු කරන ප්‍රකාශයන් වලින් විවිධ අවස්ථාවලදී ආණ්ඩුවේ ධනාත්මක වැඩපිළිවෙළවල් ඇගයීම සිදු කළ ප්‍රකාශ පමණක් උපුටා දක්වමින් මෙම සමාජ මාධ්‍ය සටහන් පළ කර ඇති අතර සත්‍ය වශයෙන් ම මන්ත්‍රීවරයා විසින් මෙම සම්පූර්ණ කතාව තුළ, ඔහු සිදුකළ පැසසුම් මෙන්ම, විවාදාත්මක කරුණු රැසක් ද මතු කරමින්, ආණ්ඩුව විවේචනය කරමින් ද, ප්‍රකාශයන් සිදු කරන අතර එම කාරණා ඉස්මතු නොකොට, ආණ්ඩුවට ප්‍රශංසා පමණක් සිදු කරන බවට මින් හැඟවීමට උත්සහ දරා තිබේ.

Avatar

Title:2026 අයවැය සර්ව සුබවාදී අයවැයක් පමණක් බවට හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරා ද?

Fact Check By: Fact Crescendo Team  

Result: Insight


Leave a Reply