දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
මෙරට ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම ජාත්‍යන්තර මාධ්‍ය ධාරා වන් ද, ඇතැම් විට කරුණු තහවුරු කර නොගෙන වාර්තා කිරීම තුළින් නොමග යන සුළු සංසරණය වීමට මං පෑදෙනවා. ඒ අයුරුන් පාකිස්ථානය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලබා දුන් ඉහළ ආරක්ෂාවක් ලෙසට පළ වූ වීඩියෝවක් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනයයි මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ඉතිරි එක්දින තරගයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලබා දී ඇති උපරිම ආරක්ෂාව ලෙස සඳහන් කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.


එමෙන් ම ඉන්දීය ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම පාකිස්ථාන මාධ්‍ය වාර්තා ද, මෙම වීඩියෝවේ ඡායාරූප අදාළ පුවතට එක් කර තිබුණේ මෙලෙසින්.


The Times of India | Archived Link


අප මේ පිළිබඳ කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගනු ලැබුවේ මේ අයුරින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
පාකිස්ථාන රජය විසින් මෙරට ක්‍රිකට් කණ්ඩායමට ලබා දුන් ආරක්ෂාව ලෙස දක්වා තිබූ ඉහත වීඩියෝව පිළිබඳ වෙනත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පරීක්ෂා කිරීමේදී මෙම වීඩියෝව පළ කර නොතිබුණු බැවින් අප ඉහත වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.
ඒ අනුව අපට දැක ගන්නට ලැබුණේ, එම වීඩියෝව, 2022 වසරේ, පාකිස්ථානයේ කරච්චි හිදී ආරම්භ වීමට නියමිත පාකිස්ථාන සුපර් ලීග් තරගාවලිය සඳහා ඔවුන්ට ලබා දී ආරක්ෂාව දක්වා තිබූ වීඩියෝවක් බවයි. පාකිස්තානයේ විදේශීය ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ VVIP ප්‍රොටෝකෝලය ලෙස පාකිස්ථාන මාධ්‍ය විසින් ඒ පිළිබඳ වාර්තා කර තිබුණේ මෙලෙසින්.
2023 වසරේ ද, මෙම වීඩියෝවම නේපාල ක්‍රිකට් කණ්ඩායමට ලබා දුන් ආරක්ෂාව ලෙස සඳහන් කරමින් ද, පළ වී තිබුණේ මේ අයුරින්.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථාන සංචාරය අතරතුර නොවැම්බර් 11 වන දා ඉස්ලාමාබාද්හි සිදු වූ මාරාන්තික මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ආරක්ෂක ගැටළු මතුවීමෙන් පසු, පාකිස්තානය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව සඳහා හමුදාව සහ පැරාමිලිටරි හමුදා යොදවා ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සඳහන් කර තිබුණා.
මෙම බෝම්බ ප්‍රහාරය එල්ලවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තර කිරීමට පාකිස්තාන ආරක්ෂක අංශ කටයුතු කළා.
පාකිස්තාන හමුදා ප්‍රධානී අසීම් මුනීර් මහතා ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යවරයාට කණ්ඩායමේ ආරක්ෂාව පිළිබඳව සහතික වූ බව අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි සජීවී රූපවාහිනී විකාශනයකින් පාර්ලිමේන්තුවට පැවසූවා.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරඟය ඊයේ (14) පැවැත්වූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැඩි ආරක්ෂක රැකවල් රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයට ලබා දී තිබුණා. එම අවස්ථාවේ ලබා දුන් ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය වාර්තා කර තිබුණේ මේ අයුරිනි.
තවත් වීඩියෝ මෙතනින්. තව ත් ඡායාරූප ඇතුළත් වාර්තා මෙතනින් සහ මෙතනින්.
ඉස්ලාමාබාද්හි අධිකරණ සංකීර්ණයක් ඉදිරිපිට පසුගිය 11 වන දින දහවල් සිදු වූ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත් බොහෝ දෙනෙකු තුවාල ලැබුවා.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්තානය ඍජුව චෝදනා කර ඇත්තේ ටෙහ්රීක්-ඊ-තලේබාන් පාකිස්තානය (TTP) නම් ත්‍රස්ත කණ්ඩායමටයි.
එමෙන්ම ඔවුන්ට සිය භූමියේ ත්‍රස්ත ක්‍රියා සිදුකිරීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් පාකිස්තානය ඇෆ්ගනිස්තාන රජයට ද චෝදනා කර සිටිනවා.
විදෙස් ක්‍රිකට් කණ්ඩායම් පාකිස්තානයේ සංචාරයක නිතරව සිටියදී අවස්ථා කිහිපයකදී මෙවැනි ත්‍රස්ත ප්‍රහාර සිදුව තිබෙනවා.
2009 දී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ලාහෝර් ප්‍රහාරයෙන් පසු එය දශකයකට ආසන්න කාලයක් පාකිස්තානයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව නතර කර තිබුණා. ප්‍රහාරයෙන් ක්‍රීඩකයින් හය දෙනෙකු තුවාල ලැබූ අතර, වසර ගණනාවක් පාකිස්තානයට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෘහස්ථ තරඟ ක්‍රීඩා කිරීමට සිදුවුණා.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ රාවල්පින්ඩිහිදී ඊයේ (14) පැවැති දෙවැනි තරගයෙන් පාකිස්තානු ක්‍රීඩකයෝ කඩුලු 8 ක ජයක් ලැබීමට සමත් වුණා. පාකිස්තානු පිල මෙම ජයග්‍රහණයත් සමඟ තරගයක් ඉතිරිව තිබියදී 2-0 ක් ලෙස තරගාවලියේ ජය ද හිමිකර ගැනීමට සමත්විය.
ශ්‍රී ලංකාව රාවල්පින්ඩි හිදී එක්දින තරග 3කට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව, පාකිස්තානය හා සිම්බාබ්වේ සහභාගිත්වයෙන් නොවැම්බර් 17 සිට තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, පසුගිය දා එල්ල වූ පාකිස්ථානයට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පසු පාකිස්ථානයේ ආරක්ෂක අංශ විසින් මෙරට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලබා දුන් ඉහළ ආරක්ෂාවක් ලෙසට පෙන්වා දී තිබූ වීඩියෝව 2022 වසරේ වීඩියෝවක් බවයි.
Title:ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්ථානයෙන් VVIP ආරක්ෂාවක් ලබා දුන් බවට පළ වන්නේ පැරණි වීඩියෝවක්!
Fact Check By: Pavithra SandamaliResult: Misleading


