දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
මේ දිනවල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බොහෝ ජනතාව පීඩාවට පත් වී ඇති අතර ධීවර ප්‍රජාවට ද,ඉන් දැඩි බලපෑම් ඇති වී තිබෙනවා. මේ අතර මෙරටට පැමිණෙන බවට සඳහන් කර තිබූ සෙන්යාර් සුළි කුණාටු තත්ත්වයක් සම්බන්ධ සමාජ මාධ්‍ය සටහන් ද, පළ වී තිබූ අතර මේ පිළිබඳ අප සිදු කරන කරුණු පරික්ෂාවක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
සෙන්යාර් සුළි කුණාටුවේ අවදානම මෙරටට ඉදිරි දින කිහිපයේ පවතින බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.
““සෙන්යාර්” (Senyar) සුළි කුණාටුවේ අවදානම සහ ඉදිරි දින කිහිපය
ශ්රී ලංකාවට ආසන්නව නිර්මාණය වෙමින් පවතින නව වායුගෝලීය කැළඹීමත් සමඟ ඉදිරි දින කිහිපය රටට ඉතා තීරණාත්මක විය හැකි බව කාලගුණ අංශ අනතුරු අඟවයි. විශේෂයෙන්ම බෙංගාල බොක්ක ආශ්රිතව වර්ධනය වන මෙම පද්ධතිය හුදෙක් සාමාන්‍ය වැස්සකට එහා ගිය බලපෑමක් එල්ල කළ හැකි බව ජාත්යන්තර කාලගුණ අංශ පවා තහවුරු කර තිබේ.
සිදුවන්නේ කුමක්ද? කොමරින් මුහුද සහ ශ්රී ලංකාව ආසන්නයේ “INVEST 96B” ලෙස හඳුනාගත් අඩු පීඩන කලාපය මේ වන විට බලවත් වෙමින් පවතී. මෙය ඉදිරියේදී “සෙන්යාර්” (Senyar) ලෙස නම් කිරීමට නියමිත සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ වැඩි ඉඩකඩක් පවතී.
බලපෑම කවදාද? එළඹෙන නොවැම්බර් 28 සහ 29 දෙදින තුළ මෙම පද්ධතිය එහි උපරිම වර්ධනයට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මූලිකව මෙය ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කළද, ශ්රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්රදේශවලට මෙයින් එල්ල විය හැකි බලපෑම සුළුපටු නොවේ.
- ජනතාවට පණිවිඩයක්: දැඩි වර්ෂාපතනය සමඟ ගංවතුර තර්ජන ඇති විය හැකි බැවින් පහත් බිම්වල වෙසෙන ජනතාව සහ ධීවර ප්රජාව මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතුය. නිල කාලගුණ නිවේදන පිළිබඳව අවධානය යොමු කරමින්, අනවශ්‍ය බියක් ඇති කර නොගෙන කල් තියා සූදානම් වීම තුළින් සිදුවිය හැකි හානි අවම කර ගත හැකිය.”
මෙම සටහන්වල නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවේ මේ අයුරින්.
Explainer :
“සෙන්යාර්” යනු මැලක්කා සමුද්‍ර සන්ධිය සහ දකුණු අන්දමන් මුහුද හරහා ගැඹුරු අවපාතයකින් වර්ධනය වන සුළි කුණාටුව තත්ත්වයට ලබා දී ඇති නාමය වේ.
ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD) වාර්තා කර ඇත්තේ ගැඹුරු අවපාතය සෙනියාර් සුළි කුණාටුව දක්වා තීව්‍ර වී ඇති අතර එය බටහිර – වයඹ දෙසට ගමන් කරන විට නිරීක්ෂණය කරනු ලබන බවයි. මේ පිළිබඳ තොරතුරු මෙතනින්.
“Invest 96B” යනු කාලගුණ විද්‍යාඥයින් විසින් නිවර්තන සුළි කුණාටුවක් බවට පත්වීමේ හැකියාවක් තිබේදැයි යන්න නිරීක්ෂණය කරනු ලබන නිවර්තන කැළඹීමක් හඳුනාගෙන, එය නිරීක්ෂණය කිරීමට භාවිතා කරන යෙදුමකි.
මේ අනුව ඉදිරියේ දී ‘සෙන්යාර්’ සුළි කුණාටුවක මඟින් ලංකාවට ඇතිවන බලපෑම ගැන කරුණු තහවුරු කර ගැනීම සඳහා කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්ගෙන් විමසීමක් කළා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අතුල කරුණනායක මහතා සඳහන් කළේ, ‘සෙන්යාර්’ සුළිකුණාටුවේ බලපෑම මෙරටට ඇතිවේද යන්න නිරික්ෂණය කළ ත්, එහි විශාල බැලපෑමක් ලංකාවට නොමැති බවයි.
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ තවදුරටත් ක්‍රමයෙන් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් උතුරට බරව වයඹ දෙසට ගමන් කිරීමට හැකියාවක් පවතින බවත්, මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු වන බව ත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ත්, බොහෝ ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැකි නමුත් තවම මෙරටට oඉතා තදබල සුළිකුණාටු තත්ත්වයක අවධානමක් නොමැති බව ත් සඳහන් කළා.
නමුත් අන්දමන් දූපත් හරහා , ‘සෙන්යාර්’ සුළිකුණාටු තත්ත්වය පවතින බැවින් මෙරට බහුදින යාත්‍රාවල ගමන් කරන ධීවර ප්‍රජාව ප්‍රවේශම් විය යුතු බව ත්, ඉදිරි දින කිහිපයේ ම නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වල මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බැවින් දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි අතර මෙරට ධීවර ජනතාවත් මෙරට මුහුදු සීමාව තුළ ද, ප්‍රවේසම් විය යුතු බව ත්, මුහුදු ගමන් නොයා සිටිනවානම් වඩාත් යෝග්‍ය බව ද, පෙන්වා දුන්නා.
ඒ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල සමාජ මාධ්‍ය ඔස්සේ ද නිරන්තරයෙන්ම දැනුවත් කිරීම් ද සිදුකර තිබු අතර එවැනි නිවේදනයක් පහතින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok| Youtube


