
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
මේ වන විට රට තුළ උද්ගතවී පවතින ආපදා තත්වය සම්බන්ධයෙන් අසත්‍ය සහ වැරදි සහගත තොරතුරු බහුල වශයෙන් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වනවා. ‘දිට්වා’ සුළි කුණාටුව ලංකාවෙන් ඉවත් වීමත් සමඟ, සමාජය තුළ අනිසි බියක් ඇති කරමින් ඉදිරි දිනවලදී තවත් සුළි කුණාටුවකින් මෙරටට බලපෑම් එල්ල වන බවට සටහන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වුණා. සමාජ මාධ්‍ය තුළ හුවමාරු වුනු අතර අදාල කරුණ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“අනාවැකියේ හැටියට මේක ඇත්තක්. ඊළඟට පීඩන අවපාතයක් එනවා. දරුණු අකුණු කුණාටු සහිත වර්ෂාපතනයක් ” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුණා.

මෙම සටහන් බොහෝ දෙනෙක් හුවමාරු කරගනේ තිබුනේ ද මෙලෙසින්.


මෙම සටහන් මගින් කියවෙන්නේ නැවත වරක් ගිණිකොන පැත්තෙන් තව දවස් කිහිපයකින් මීටත් වඩා දරුණු ලෙස පීඩන අවපාතයක් හටගන්නා බවත්, දරුණු අකුණු සහිතව එමගින් රට වටේම අකුණු අනතුරු සිදුවිය හැකි බවයි. කෙසේනමුත් මෙය ලංකාවට බලපානු ඇතැයි අවිනිශ්චිත බවක් ද එහි පැවසු ව ද ඒ සමගින් ඇතිවිය හැකි ඉදිරි භූකම්පන ඇතුළු බොහෝ සංසිද්ධි ගැන ද සඳහන් කෙරෙනවා.
මෙම සටහන් නිසා සමාජයේ බියක් ඇතිවී තිබු අතර ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාවට තවත් කුණාටුවක බලපෑමක අවදානමක් ඇති වී තිබේ ද යන්න පිළිබඳව විශේෂයෙන්ම තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අප විසින් කරුණු පරීක්ෂාවක් සිදු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
ඒ අනුව අප විසින් කාළගුණ විද්‍යා පාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂා වර්ණසූරිය මහත්මියගෙන් මේ පිළිබඳව විමසීමක් කලා. එහිදී ඇය තහවුරු කර සිටියේ ඉදිරි දින කිහිපය තුළඑවැනි සුළි කුණාටු තත්ත්වයක් පිළිබඳව නිරීක්ෂණය නොවන බවයි. නමුත්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස ශ්‍රී ලංකාවට සුළි කුණාටු වලින් බලපෑම් එල්ල විය හැකි කාල සීමාවක් බව ඇය විසින් ප්‍රකාශ කර සිටියා.
එසේම, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වය පිළිබඳව නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ නිල ෆේස්බුක් පිටුව තුළ පල කර තිබුණා. එහි සඳහන් වන පරිදි,
දෙසැම්බර් මස, ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාව වෙත තවත් සුළිකුණාටුවක බලපෑම එල්ලවන බවට මේ වන විට සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතින තොරතුරු අසත්‍ය බව දෙපාර්තුමේන්තුව විසින් තහවුරු කර තිබෙනවා.
සුළිකුණාටුවක් එක්වරම ඇති නොවන අතර, එය කැළඹීම් ස්වභාවයේ සිට සුළිකුණාටුවක් දක්වා වර්ධනය වීමේදී අඩු පීඩන, පීඩන අවපාතය සහ ගැඹුරු පීඩන අවපාතය යන අවධීන් කිහිපයක් පසු කල යුතු අතර ඒ සඳහා දින ගණනාවක් ගත වන බවත්, ඉදිරි සතිය තුල ශ්‍රී ලංකාව ආසන්නයේ පහල වායු ගෝලයේ කැළඹීම් ස්වභාවයක් වර්ධන වීමක් සම්බන්ධව විශ්ලේෂණ වලදී තවම හඳුනාගෙන නැති බවත් එම පැහැදිලි කිරීමේ දැක්වෙනවා.
තවද, දත්ත විශ්ලේෂණයේදී එවැනි තත්ත්වයක් දින 5 කට පමණ පෙර හඳුනා ගත හැකි හෙයින්, කල් ඇතිව ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ හැකියාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සතු බැවින් අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත්, දෙපාර්තමේන්තුව නිකුත් කරන අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් එම නිවේදනය හරහා ජනතාවට දැනුම් දී තිබෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පළ කරන ලද සම්පූර්ණ නිවේදනය පහතින්.
ප්‍රධාන මාධ්‍ය විසින් ද මේ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරන ලද තොරතුරු පල කර තිබු අතර පිළිබඳ තවත් මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්.
මෙහිදී ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පවසන්නේ ද ඉදිරි දින කිහිපයේ දී මේ ආකාරයේ දරුණු සුළි කුණාටුවක් ඇතිවීමේ අවදානම අවම බවත්, කාලගුණ තත්වය පිලිබඳව දෙපාර්තමේන්තුව නිරන්තරයෙන්ම අවදානයෙන් සිටින බවයි.
“දිත්වා”ලංකාවෙන් බැහැරට
ශ්‍රී ලංකාවට ඉතා දරුණු බලපෑමක් ඇති කර දිවයිනෙන් ඉවතට ගමන් කල “දිට්වා” සුළිකුණාටුවෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ ගොඩ බිම් ප්‍රදේශයේ කාලගුණය කෙරෙහි ඍජු බලපෑමක් නොමැත. එනම් මෙම පද්ධතියේ බලපෑමෙන් තවදුරටත් ශ්‍රී ලංකාවට වර්ෂාව ඇති නොවේ.
කෙසේ වෙතත් තද සුළං තත්ත්වයේ බලපෑම හේතුවෙන් ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශවල තවදුරටත් ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින කරන ලද දැනුම් දීම තවදුරටත් වලංගු වේ.
ශ්‍රී ලංකාව වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතු වල යෙදීම වළක්වමින් නිකුත් කල අනතුරු ඇඟවීම ඉවත් කර ඇත. ඉදිරි සතියේ මුල් දින කිහිපයේදී නිරිත දෙසින් පැමිණෙන සුළං ප්‍රවාහය සමග නිරිතදිග කොටසේ ඇතිවන සුළු වැසි තත්ත්ව සහ සතියේ අවසන් දිනවල ඊසාන සහ නැගෙනහිර දෙසින් පැමිණෙන සුළං ප්‍රවාහය සමග උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල තරමක වැසි තත්ත්වයන් ඇතිවිය හැක.
දෙසැම්බර් මස පළමු සතිය අග වන විට ශ්‍රී ලංකාවට නැගෙනහිර දිශාවෙන් පැමිණෙන සුළං ප්‍රවාහයේ වෙනස්වීමක් මත දිවයිනේ වැසි තත්වයේ යම් වැඩි වීමක් ඇතිවේද යන්න පිළිබඳව මේ දින වල කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩි අවධානයක් යොමුව පවතී.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය):
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඉදිරි දිනවලදී තවත් සුළි කුණාටුවකින් මෙරටට දැනට අත්විඳි තත්වයටත් වඩා ආපදා ඇතිවිය හැකි බවක් පුරෝකථනය කරමින් හුවමාරු වන්නේ නොමඟ යවන සුළු සමාජය බිය ගැන්වීමේ අරමුණින් නිර්මාණය කර ඇති සටහන් පෙළක් බවයි.
කාළගුණ විද්‍යා පාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂා වර්ණසූරිය මහත්මිය තහවුරු කර සිටින්නේ ඉදිරි දින කිහිපය තුළ තදබල සුළි කුණාටු තත්ත්වයක් පිළිබඳව නිරීක්ෂණය නොවන බවයි. නමුත්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස ශ්‍රී ලංකාවට සුළි කුණාටු වලින් බලපෑම් එල්ල විය හැකි කාල සීමාවක් බැවින්, තත්වය නිරන්තරයෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කරමින් සිටින බවත්, නිල දැනුම්දීම් සඳහා සිය නිල දෙපාර්තමේන්තුවේ වෙබ් සහ සමාජ මාධ්‍ය වලට යොමු වන ලෙසයි.
Title:තවත් සුළි කුණාටුවක් එන බවට පලවන සටහන් අසත්‍යයි!
Fact Check By: Pavithra HansaniResult: Misleading


