Last updated on December 4th, 2022 at 04:13 pm

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.
උසස් පෙළ මෙන්ම සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථමයා යනුවෙන් ද පහත ලිපියේ දැක්වෙන පරිදිම ව්‍යාජ සටහන් පෙළක් නැවත වරක් හුවාම්රු වී තිබු අතර එහි දක්වා තිබුනේ ද මියා කලීෆා ගේ ඡායාරුපයක්. එම සටහන පහතින්.

පහතින් දක්වා ඇත්තේ මේ ආකාරයෙන්ම පසුගිය වසරේ ද ඇයගේ ඡායාරුප හුවමාරු වීමත් සමඟ සිදුකළ කරුණු අනාවරණයක්..
2019 වර්ෂයේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල පසුගිය දෙසැම්බර් මස 27 වන දින නිකුත් කරන ලදී. ප්‍රතිඵල නිකුත් වීමත් සමග සමාජ මාධ්‍ය ජාලා තුල මෙම විභාගයෙන් දක්ෂතා දැක්වූ සිසුන් සිසු සිසුවියන් පිළිබඳ සටහන් ඉදිරිපත් වෙනු දක්නට ලැබුණි.
අ.පො.ස. උසස් පෙළ කලා අංශයේ දිවයිනේ ප්‍රථමයා බවට පත්වූ ෆාතිමා නෆ්ලා නම් දැරියක් බොහොමයක්ම ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ලැබූ ජයග්‍රහණයට උණුසුම් සුභ පැතුම්!! යන කථාංශය ද සේයාරුවේ අන්තර්ගත කර තිබුණේය. මෙම සටහන ප්‍රතිචාර රැසක් සමගින් ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර හුවමාරු වී ආරම්භ වී තිබුණේය.

මෙම සටහනට ලැබුණු ප්‍රතිචාර අතර එම සටහන අසත්‍ය බව දන්වන සටහන් බොහොමයක්ම තිබූණේය. එමෙන්ම පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වූ පසුවද මෙවැනිම ප්රවෘත්ති සටහන් සමාජ මාධ්‍ය ජාලා තුල ඉදිරිපත් වීම හේතුවෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමර්ශනයකදී පැහැදිලි වුයේ එම සටහන් සඳහා යොදාගෙන තිබුණේ අන්තර්ජාලයේ පලව තිබු මියා කලීෆා (Mia Khalifa) හා සබැඳි (මෙමෙ ඡායරූප- Meme) සටහන් බවයි.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
අප මෙම සටහනේ වූ සේයාරුව Google Reverse Image සෙවීමකට යොමු කළෙමු. එම ඡායාරූපය රැගත් සමාජ මාධ්‍ය ජාලා සටහන් රැසක් එහිදී දක්නට ලැබුණු අතර එම සටහන් සියල්ල මෙම ඡායාරූපය ලොව සුප්‍රකට මියා කලිෆා (Mia Khalifa) හා සම්බන්ධ බව පැහැදිලි විය.

අ.පො.ස. උසස් පෙළ විභාගයේ වල පිළිබඳව කරුණු සනාථ කර ගනු වස් අප ප්‍රධාන මාධ්‍ය ජාලා තුල වූ වාර්තා පරීක්ෂාවට ලක් කළෙමු. 2019 දෙසැම්බර් මස 28 දින සියත රූපවාහිණි නාලිකාවේ ප්‍රධාන ප්රවෘත්ති විකාශයේ විභාග ප්‍රතිඵල පිළිබඳව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතාගේ කරුණු පැහැදිලි කිරීමක් නිරීක්ෂණය විය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත සිසුන් දිවයිනේ මට්ටමෙන් ලබා ගත් ස්ථානය පිළිබඳව නිවේදනයක් නිකුත් නොකරන බව ඔහු කරුණු පැහැදිලි කළේය. එහෙත් සිසුවා ලබාගත් ප්‍රතිඵල සටහන තුළ ඔහුගේ දිස්ත්‍රික් මට්ටම සහ දිවයිනේ මට්ටම සඳහන් කර ඇති බවට ඔහු පැහැදිලි කළේය.

දිවයිනේ ප්‍රථම ස්ථාන මෙසේ නිල වශයෙන් දැනුම් දීමක් සිදුනොකළ ද බොහෝ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ එක් එක් අංශයේ ප්‍රථම ස්ථාන ලබා ගත් සිසුන් පිළිබඳ වාර්තා රැසක් පළවී තිබෙනු අපට දැකගන්නට ලැබුණි. පහත දැක්වෙන්නේ දිනමිණ පුවත්පත මඟින් සිදුකරන ලද දිවයිනේ ප්‍රථම ස්ථාන ලබා ගත් සිසුන් පිළිබඳ වාර්තාවක්

මේ අනුව කලා අංශයේ පැරණි සහ නව විෂය දේශයන්හි ප්‍රථම ස්ථාන පිළිවෙලින් නිපුණ විරාජ් හෙට්ටිආරච්චි සහ තෙෂානි මිලින්දි වැලිගමගේ යන සිසුන් හට හිමි වී ඇති බව ද පැහැදිලි විය

අවසාන නිගමනය
අප කළ කරුණු විමර්ශනයෙන් අනාවරණය වූයේ අ.පො.ස. උසස පෙල විභාගයේ ප්‍රතිඵල හි විභාග අපේක්ෂකයාගේ දිවයිනේ ස්ථානය පිළිබඳ නිල ප්‍රකාශයක් නොමැති අතර ඉන්දික බණ්ඩාර නමැත්තා ඉදිරිපත් කර ඇති සටහන සම්පූර්ණයෙන්ම අසත්‍යය සාවද්‍ය සටහනක් වන අතර ඡායාරූපයේ දැක්වෙන්නේ මියා කලීෆා (Mia Khalifa) හා සබැඳි (මෙමෙ ඡායරූප- Meme) සටහනක් බවයි.
Also Read: අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථමයා ලෙස උපහාසත්මක කෝණයකින් පළකරන ලද සටහන් පෙළක්!
