දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමියන් හදිසි අසනීප තත්වයක් මත රෝහල් ගත කර ඇති බවට වන සටහන් සමාජ මාධ්‍ය තුළ බහුලව හුවමාරු වුනා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ,
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“හදිසි අසනීප තත්වයෙන් රෝහල් ගත කෙරුනු අපේ ස්වාමීන් වහන්සේර ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු…” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ සටහන් පලවී තිබුණා.



සැබෑ ලෙසම පූජ්‍ය කත්නොරුවේ සිරිධම්ම හිමියන් කිසියම් රෝගී තත්වයක් මත රෝහල් ගත කර ඇත් ද යන්න තහවුරු කර ගැනීම සඳහා අප විසින් කරුණු පරීක්ෂාවක් සිදු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
පූජ්‍ය කත්නොරුවේ සිරිධම්ම හිමියන් ධර්ම දේශනාවකට වැඩම වීමෙන් පසු හදිසි රෝගී තත්වය හේතුවෙන් රෝහල්ගත කෙරුණු බවට වූ සටහන් පිළිබඳව සත්‍ය සොයා බැලීම සඳහා අප විසින් කත්නොරුවේ සිරිධම්ම හිමියන්ගේ නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කිරීමට කටයුතු කලා.
සිරිධම්ම හිමියන් ඉතාමත් සුවයෙන් සිටින බවට පෝස්ටුවක් සහ වීඩියෝවක් එම නිල ෆේස්බුක් පිටුවෙහි පල කර තිබුණා.


කත්නොරුවේ සිරිධම්ම හිමියන් විසින් මෙම සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් වීඩියෝවක් ද පල කර තිබෙනවා. කත්නෝරුවේ සිරිධම්ම හිමියන් තිස්සමහාරාමයේ ධර්ම දේශනාවකට වැඩම කළ පසු අසනීප තත්වයක් ඇති වී රෝහල් ගත කළ බවට සමාජ මාධ්‍ය හරහා පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සිරිධම්ම හිමියන් විසින්ම අදාල වීඩියෝවේදී තහවුරු කර සිටිනවා.
තමන් වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරන පිරිස් බොහෝ කම්පාවට පත් වී ඇති බවත්, දෙස් විදෙස් ඇමතුම් බොහොමයක් ලැබෙමින් පවතින බවත්, ස්වාමීන් වහන්සේ විසින් ප්‍රකාශ කර සිටිනවා. කිසිඳු ආකාරයක අසනීප තත්වයක් නොමැති බවත්, තිස්සමහාරාම ප්‍රදේශයේ ධර්ම දේශනයක් අවසන් වී, සිරස නාලිකාවේ ධර්ම දේශනයක් සඳහා ගමන් කරමින් සිටින බවත්, අද දිනයේ තවත් ධර්ම දේශනා දෙකක් සඳහා සහභාගී වීමට නියමිත බවත් ස්වාමීන් වහන්සේ විසින් අදාල වීඩියෝවෙහි ප්‍රකාශ කර සිටිනවා.
එසේම මෙසේ කත්නොරුවේ සිරිධම්ම හිමියන් අසනීප තත්වයේ යනුවෙන් පුවත් හුවමාරු වන්නට හේතු වූයේ සන්නිවේදන ගැටළුවක් හේතුවෙන් සිදුවූ දෙයක් බවත් ඒ පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කරන බවත්, සිරිධම්ම හිමියන් නිරෝගී සුවයෙන් සිටින බවත් යනාදී කරුණු පැහැදිලි කරමින් නෝනාගම සුසිතනන්ද හිමියන් ප්‍රකාශයක් සිදුකර තිබු අයුරු මෙලෙසින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමියන් හදිසි අසනීප තත්වයක් මත රෝහල් ගත කර ඇති බවට වන සමාජ මාධ්‍ය සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. කත්නොරුවේ සිරිධම්ම හිමියන් විසින් සිය නිල ෆේස්බුක් පිටුවෙහි වීඩියෝවක් සහ පෝස්ටුවක් පල කරමින් තමන් වහන්සේ ඉතාමත් සුවයෙන් සිටින බවට තහවුරු කර ඇත.
Title:කත්නෝරුවේ සිරිධම්ම හිමියන් රෝහල් ගත කර ඇති බවට පලවන වාර්තා අසත්‍යයි !
Fact Check By: Pavithra HansaniResult: False


