විනාශ වූ පාසල් ගොඩනැංවීමට ජවිපෙ අරමුදලෙන් කෝටි 500 ක් ලබා දුන් බවට පළ වන සටහන් අසත්‍යයි!

False Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

ගංවතුර, නායයෑම් වලින් විනාශ වූ පාසල් ගොඩ නැංවීම සඳහා කටයුතු සිදු වෙද්දී, ජනතා විමුක්ති පෙරමුණෙන් කෝටි 500 මුදල් පරිත්‍යාගයක් කර ඇති බවට පළ වන පුවත් වල නිරවද්‍යතාව සොයා අප කටයුතු කිරීමට පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින්, “ගංවතුරෙන්, නායයාමෙන් විනාශ වූ පාසල් ගොඩනැංවීමට ජවිපෙ අරමුදුලෙන් කෝටි 500 ක්..චන්ද්‍රිකාට එහෙම පුළුවන් නම් අපට කොහොම පුළුවන්ද..?අපි විශාල පක්ෂ අරමුදලක් හැදුවේ අපට සැප විඳින්න නෙවෙයි.. යනුවෙන් ප්‍රකාශයක් කළ බවට දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙම සටහන් වල නිරවද්‍යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් ඉහත සඳහන් ආකාරයේ ප්‍රකාශයක් කර තිබුණේ ද, යන්න අප ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂා කරනු ලැබුවා. නමුත් අපට ඔහු විසින් මෙවැනි ප්‍රකාශයක් කළ බවට කිසිදු පුවතක් වාර්ත කර ඇති බවක් දැක ගන්නට නොලැබුණි.

ඔහු විසින් අද (10) දිනයේ පුවතක් ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබුණු අතර එහි සඳහන් වූයේ ද, දිට්වා සුළිකුණාටුව හේතුවෙන් විපතට පත් වූන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමේ හා මිය ගිය අයට පිං පැමිණවීමේ වැඩසටහනක් අලුත්ගම කන්දේවිහාරයේදී පැවැත්වුණු බව ත්, ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවති බවයි. විපතට පත් ජනතාව වෙනුවෙන් ජනාධිපතිවරයා පොරොන්දු වූ සහන ඒ ආකාරයෙන්ම ලබාදීමට හැකි බව ඔහු එහිදී සඳහන් කර තිබුණා. නමුත් පක්ෂ අරමුදල සම්බන්ධයෙන් එහිදී සඳහනක් කර ඇති බවට දැක ගන්නට නොලැබුණි. ඒ සම්බන්ධයෙන් පළ වන මාධ්‍ය වාර්තා මෙතනින්.

එමෙන් ම කිසිදු වැඩසටහනකදී ටිල්විල් සිල්වා මහතා විසින් මෙවැනි ප්‍රකාශයක් කරන බවට දැක ගන්නට නොලැබුණි.

ජනතා විමුන්කි පෙරමුණේ, මාධ්‍ය අංශය

අප මේ පිළිබඳ වැඩි දුරටත් තහවුරු කර ගැනීම සඳහා ජනතා විමුන්කි පෙරමුණේ, මාධ්‍ය අංශයෙන් විමසීමක් කරනු ලැබුවා.

ඔවුන් සඳහන් කළේ, මෙම පුවත අසත්‍ය බවත්, ටිල්වින් මහතා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වෙන ආකාරයේ ප්‍රකාශයක් කර නොමැති බවයි.

අප ඔවුන්නේ විමසා සිටියේ ජවිපෙ පක්ෂ අරමුදලෙන් විපතට පත් අරමුදලෙන් යම්කිසි මුදලක් ආපදාවන්ට ලක් වූවන් සඳහා වෙන් කර ඇත්ද යන්න පිළිබඳව ද, අප විමසා සිටියා.

ඔවුන් පැවසුවේ, පක්ෂයේ දිස්ත්‍රික්කවල ඔවුන්ගේ පක්ෂ සාමාජිකයන් මැදිහත් වී සියලු කටයුතු දිස්ත්‍රික් මට්ටමින් ඔවුන්ගේ මුදල් වියදම් කරමින් ආපදා ලක්වූවන්ට උපකාර කළ බවයි.

ටිල්වින් සිල්වා

අප කළ විමසීමේදී ඒ මහතා සඳහන් කළේ, ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන කිසිදු ප්‍රකාශයක් තමන් සිදු නොකළ බවයි. එමෙන් ම මෙහි සඳහන් කර ඇති ආකාරයේ මුදලක් තම පක්ෂයේ අරමුදලේ ද, නොමැති බව සඳන්ක කළා.

හිටපු ජනපතිනි චන්ද්‍රිකාගෙන් මිලියන 250ක මූල්‍ය පරිත්‍යාගයක්

ඇති වූ හදිසි ආපදා තත්වයෙන් පසු රට යථාතත්ත්වයට පත් කිරීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම මිලියන 250 මුල්‍ය පරිත්‍යාගයක් සිදු කර ඇත.

එම පදනමේ සභාපති හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පිරිසක් විසින් ඊට අදාළ චෙක්පත දෙසැම්බර් 08 දින අග්‍රාමාත්‍ය කාර්‍යාලයේදී මාවෙත ලබා දී තිබුණා.

ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ නිල ෆේස්බුක් පිටුවේද, පළ කර තිබුණේ මෙලෙසින්.

පක්ෂ අරමුදලෙන් උපකාර කරන්න ෂානක්කියන් කියයි

පසුගියදා මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා ආපදාවන්ට ලක් වූවන් සඳහා සහනාධාර ලබා දී ම සඳහා භාණ්ඩාගාරයේ මුදල් නොමැති නිසා තමන්ගේ මන්ත්‍රී වැටුප ද, ලබා දුන් බව පවසමින් මාධ්‍ය වෙත සඳහන් කර කළේ,  ජවිපෙ පක්ෂ අරමුදලේ මුදල් ජනතාව වෙනුවෙන් වෙන් කරන්නැයි ජවිපෙන් ඉල්ලීමක් කරන බවයි. ඒ සම්බන්ධ වීඩියෝව මෙතනින්.

Update : 12/11/25

Claim :

රාජපක්ශවරු කාටත් දෙවෙනි වෙන්නේ නෑ ඩේසි ආච්චි මල්ලෙන් මැණිකක් විකුණා රු මිලියන 50 ක් Rebuild Sri Lanka අරමුදල පරිත්‍යාග කරයි යනුවෙන් සඳහන් කරමින් ද, සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

මෙම සටහන් ද, අසත්‍ය වන අතර මේ පිළිබ කිසිඳු මාධ්‍ය වාර්තාවක් පළ වී නොතිබුණි. අප කළ විමසීමේදී අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරිය ද, තහවුරු කළේ, මෙම සටහන් අසත්‍ය බව ත්, රුපියල් මිලියන 50ක මුදල් පරිත්‍යාගයක් ලෙස නොලැබුණු බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් “ගංවතුරෙන්, නායයාමෙන් විනාශ වූ පාසල් ගොඩනැංවීමට ජවිපෙ අරමුදුලෙන් කෝටි 500 ක්..චන්ද්‍රිකාට එහෙම පුළුවන් නම් අපට කොහොම පුළුවන්ද..?අපි විශාල පක්ෂ අරමුදලක් හැදුවේ අපට සැප විඳින්න නෙවෙයි..” යනුවෙන් ප්‍රකාශයක් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් අසත්‍ය බවයි. ඔහු විසින් එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති අතර ආපදා ලක්වූවන්ට සහන සැලසීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් ඔවුන්ගේ සාමාජිකයන්ගෙන් මුදල් වලින් ආපදාවට ලක්වූවන්ට උපකාර කළ බව ත්, එම පක්ෂය සඳහන් කරනවා.

Avatar

Title:විනාශ වූ පාසල් ගොඩනැංවීමට ජවිපෙ අරමුදලෙන් කෝටි 500 ක් ලබා දුන් බවට පළ වන සටහන් අසත්‍යයි!

Fact Check By: Pavithra Sandamali 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *